Featured

රට රකින විරුවා කොරෝනා වලට VIP හැන්දෙන් බෙදයි! සාමාන්‍ය පවුල් වල ශිෂ්‍යන් ගනාවක් එංගලන්තයේ සිරකොට VIP ලා විතරක් ගෙන්වයි… සති දෙකක් ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසාදමයි…!

Published on: Mar 17, 2020- එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන කිසිඳු(දෙස්/විදෙස්) ගුවන් මගියෙකුට ඊයේ මධ්‍යම රාත්‍රීයේ ගුවන් පහසුකම් ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා සේවා අධිකාරිය සියළු ගුවන් සේවා ආයතන වෙත පැහැදිලිව උපදෙස් ලබාදී තිබියදි සීමිත ආසන ඉඩ පහසුකම් වලට SriLankan Airlines (UL 504) යානය දේශපාලන ප්‍රබලයන් කිහිපදෙනකුගේ ළමුන් හා හිතවතුන් පමණක් රැගෙන අද පස්වරු 12:40 Colombo (CMB) බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණ තිබේ.

ඒ ඊයේ බ්‍රිතානයේ වේලාවෙන් රාත්‍රී 20:40 London (LHR) SriLankan Airlines (UL 504) යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු සියලු මගීන්ගේ Flight Booking Itinerary අවලංගුකොට එම මගීන්ට Email පණිවිඩ යැවීමට ශ්‍රී ලංකන් ගුවන් සමගම කටයුතු කොට තිබියදිය.එංගලන්තයේ සිට පැමිණි විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් රජයට සම්බන්ධ දේශපාළඥයන්ගේ දරුවන් සහ ව්‍යාපාරිකයන්ගේ දරුවන් සහ ඔවුන්ගේ මිතුරු කණ්ඩායම් කිහිපයක්ද එක්ව තිබේ.ඒ සාමාන්‍ය පවුල් වල ශිෂ්‍යන් ගනාවක් ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ හිර ව සිටියදියි.

ඒ අතර ලක්ෂමන් වසන්ත පෙරේරගේ පුතා, මහින්ද යාපගේ පුතා, මහින්දානන්දගේ පුතා, ධම්මික පෙරේරාගේ දියණිය ඇතුලු ප්‍රභූන් යැයි හඳුන්වන සීමිත පිරිසක් එම ගුවන් ගමනට එක්ව ඇති අතර එම පිරිසට ඇමෙරිකාවේ සිට එංගලන්තයට පැමිණි මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර ද එක්ව තිබේ.

අදාල කණ්ඩායම පසුව දියතලාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇති අතර ඒ සදහා දියතලාවේ පිහිටි යුධහමුදාව සතු නිළධාරී බංගලා කිහිපයක් යොදවාගෙන තිබේ.එය යුද හමුදාපතිවරයාද මෙ වනවිට තහවුරු කර අවසන්.

මේ අතර එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්නකොට සිටින්නේ තමාගේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම් මෙසේ අවලංගු කොට දේශපාලන බලය ඇති පුද්ගලයන්ගේ නෑදෑ හිතවතුන් හා සමීපතයන් රටට ගේනවා ගැනීම කොතරම් සාධාරණද යන්නයි . එසේම නීතිය සැමට එක ලෙස බලනොපාන්නේ මන්දැයි ඔවුන් රජයෙන් ප්‍රශ්න කර සිටිනවා.

මේ අතර අදාළ ගුවන් යානය පැමිණ පැය දෙකක් ඇතුලත අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

Top