Featured

රනිල්,සජිත්ගේ කණට ගසා හරින් ගොනාට අන්දවයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය වෙනතකට යොමු කිරිම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පිළ අලුත්ම මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව එජාප අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා. ඒ අනුව ඉතාමත් ඉක්මනින්ම සජිත් පිළ නැවතත් එජාප නාකත්වය අල්ලා ගැනිම සදහා සටන ආරම්භ කරනු ඇති බවත් ඉදිරි වසරක කාලය තුල එජාප ආණ්ඩුවේ කඩා වැටිමත් සමග සජිත් පිළ සටන ආරම්භ කරනු ඇති බවත් රනිල් වාදින් පක්ෂ නායකත්වයට අනතුරු අගවා තිබේ.

රනිල් එලවන සටන පසුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක නමැත්තා සිටින අතර එම නිසා වහාම ශිරාල් ඉලක්ක කර මඩ ප්‍රහාරයක් දියත් කිරිමටද උපදෙස් ලබාදි තිබේ.

ඒ අනුව සජිත් පිලේ උපක්‍රම වෙනතකට යැවිම සදහා 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස හරේන් ප්‍රනාන්දු ඉදිරිපත් කරන බවට මතයක් සාදමෛන් සිටින අතර ඒ සදහා හරින්වද මේ වනවිය ගොනාට අන්දවා ඇති අතර ඒ වෙනුවෙන් රනිල්ගේ උපදෙස් මත ව්‍යාපාරිකයන් රැසක් හරින්ට මුදල් ලබාදිමට කටයුතු කර ඇති අතර එම මුදල් යොදවා හරේන් ප්‍රනාන්දු මෙහෙය වන සමාජ මාධ්‍යකරුවන් පිරිස ජනමතයක් නිර්මාණය කිරීම සුදානම් කර තිබේන බවද අනාවරණය වි තිබේ.ඒ අනුව ඉදිරි කාලයේ සජිත්ට එරෙහි ඉත්තා බවට හරින් පත්කිරිම රනිල් වාදින්ගේ මෙහෙයුම වි තිබේ.

සිරිකොත කුමන්ත්‍රණයේ ප්‍රධානියෙකු වන රනිල්ගේ නිල නොලත් කොලුවා වන සුදත් චන්ද්‍රසේකර පසුගියදා මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුම කැදවා ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටිමට නම් එජාප ප්‍රචාරක කටයුතු සදහා මුදල් යෙදවිමට කටයුතු කරන ලෙසට දැනුම් දි ඇති අතර ඒ අනුව මේ ව්නවිට සමාජ ජාලා මඩ ප්‍රචාරයන් සහ හරින් ගොනාට ඇන්දවිමේ ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් යොදවා තිබේ.

 

Top