Anonymous Reporter

රනිල් මහත්තයාට දිනන්න බෑ මහත්තයෝ….

රනිල් මහත්තයාට දිනන්න බෑ මහත්තයෝ….ඔයලා මෙ රටට වැඩක් කරන්න කවදා හරි දවසක …ඔබතුමාගේ නමවත් ඉතුරු වෙවි….යනුවෙන් ඓතිහාසික උණවටුන වැල්ලේ දේවාල ඇසල මහා පූජෝත්සවයට අනුග්‍රහය දැක්විම සදහා සහ පෙරහැර මංගල්‍ය ආරම්හ කිරීම සදහා දායකත්වය ලබාදිමට එහි ගිය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකට උණවටුන යද්දෙහිමුල්ල අමරසිංහාරාමාධිපති ශාස්ත්‍රපති තල්පෙ ආරියජෝති හිමියන් ගයන්තට පවසා තිබේ.එම අවස්ථාවට එකතු වු අප විශේෂ වාර්තාකරු සදහන් කළේ ගයන්ත කරුණාතිලක එම ප්‍රකාශයට කිසිවක් නොකියා හිස සලා එය අනුමත කල බවයි.

වැල්ලේ දේවාලය පිහිටා ඇත්තේ ගාල්ල මාතර මුහුදුබඩ බස් මාර්ගයට යාබදව උණවටුන නම් ඇති සුන්දර මුහුදු තීරයේ රූමස්සල කන්දේ දකුණු කෙලවර අවසානයේ වෙරලබඩය .මෙම දේවාලය පුරාණයේ සිට මහත්වූ හාස්කම් හා බල සහිත දේවාලයක් බවට ප්‍රසිද්දව ඇති අතර මෙය ශ්‍රී දෙවොල් දෙවියන් උදෙසා ඉදිවූවකි.බැතිමතුන් දෙවොල් දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වා ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමටත් නිරතුරු ආරක්ෂාව සලසා ගැනීමටත් බාර හාර වෙති.වැල්ලේ දේවාලය හා සමව ශ්‍රී දෙවොල් දෙවියන් උදෙසා ඉදිවූ අනෙක් දේවාලය ඓතිහාසික සීනිගම දේවාලය වේ.

 

Top