Featured

රනිල් ,මහින්දට කී දෙයින් මෛත්‍රීට වලිප්පුව සැදේ

හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ උපන් දිනයට සුබ පැතීම සඳහා පැමිනි අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුවු බවට කියන සාකච්ඡාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කලබලයට පත්ව සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ උපන් දිනයට සුබ පැතීම සඳහා ජනාධිපතිවරයා පැමිණ නොසිටි අතර ඔහු ඒ වන විටත් ඉතාලීය බලා පිටත්ව ගොස් තිබුනා.

පසුගිය 14 වැනිදා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි සිදුවු මෙම සාකච්ඡාවට අනුව මෛත්‍රී-සජිත් එක්ව සිරස අධිපති කිලී මහරාජා සමග එක්ව සැදිමට මාන බලන අලුත් ආණ්ඩුවට එරෙහිව අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහය ඉල්ලා තිබේ.

විනාධි කිහිපයක් පැවති මෙම සාකච්ඡා පිළිබඳව මෛත්‍රීගේ බත් බැලයෙකු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් රනිල්ට ගේම් එකක් දිමට මේ දිනවල දිය යටින් ගිනි ගෙනයන ශිරාල් ලක්තිලකගේ කණේ තියා ඇති අතර එම අවස්ථාවේම ඔහු අදාළ කතාබහ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගිය (04) පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී පැවති රහසීගත සාකච්ඡාවක්ද පැවති අතර එම සාකච්ඡාව සම්බන්ධයෙන්ද මෛත්‍රීපාල සිරිසේන නැට්ටට ගිනි තබා ගනිමින් එම සාකච්ඡා සම්බන්ධයෙන් සොයන්නට වුනා.

මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන කලබලයට පත්ව සිටින අතර මෛත්‍රීගේ බත් බැලයන් සියලු දෙනා අද සවස කැදවා මෛත්‍රී නිවසේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

පසුගිය මහා මැතිවරණ සමයේද එජාප නායකත්වය ආරක්ෂා කරගැනීමේ දැවැන්ත අභියෝගය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මතුවෙමින් පැවති අතර එවකටද මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සංවාදයක් සිදුවුනා.

Top