Featured

රාජපක්ෂලාගේ ජඩ දේශපාලනය කොරෝනා වලින් වහයි…. රාජපක්ෂලාට සන්ධාන භීතිකාවක්! ශ්‍රිලනිප, පොහොට්ටු අර්බුදය දිග්ගැස්සේයි….

Published on: Mar 17, 2020- පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පැනනැගී තිබේන බරපතල තත්ත්වය හමුවේ රාජපක්ෂලා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව කොරෝනා වෛරස හේතුවෙන් රටතුල ඇතිවි ඇති තත්ත්වය දේශපාලන වාසිය වෙනුවෙන් භාවිතා කිරිම සම්බන්ධයෙන් එහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේන අතර පවතින තත්ත්වය හමුවේ රජයට වාසිදායක තත්ත්වයක් නොමැති විම සම්බන්ධයෙන්ද දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේන බවයි අපගේ දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව වසංගත තත්ත්වය දේශපාලන වාසියක් ලෙස යොදා ගැනිම සදහා 17,18,19 යන දින දෙක වැඩකරන දින ලෙස පවත්වාගෙන ගොස් නාමයෝජනා භාර ගැනිමේ කටයුතු අවසන් කර 19 රාත්‍රියේ සිට හදීසී තත්ත්වයක් ප්‍රකාශයට පත්කර යලිත් ජනතාව රැස්වෙන වැඩසටහන් සියල්ලම් අවලංගු කිරිම ආණ්ඩුවේ මැතිවරණ මෙහෙයුම බවට පත්කරගෙන තිබේ.

විපක්ෂය ඇතුලු සේසු දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රචාරක කටයුතු නෛතික භාවය තුල නතරකරන රාජපක්ෂවරුන් රාජ්‍ය මාධ්‍ය හා ජධ මාධ්‍ය මෙන්ම රාජ්‍ය ආයතන යොදා ගනිමින් සිය මැතිවරණ වයාපාරය සිදුකිරිමට කටයුතු යොදා තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

රාජපක්ෂලාට සන්ධාන භීතිකාවක්!

මේ අතර රාජපක්ෂලාගේ ජාතීකවාදී කඳවුර වෙනම මැතිවරණයට තරග කිරිමත්,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හදිසීයෙම පොහොට්ටුවෙන් ඉවත්ව තනිවම තරග කිරිමේ තත්ත්වයක් මතුවිමත්,ශ්‍රි ලනිපයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතරයක් සජිත්ගේ නායකත්වයෙන් යුත් ජාතික සමගී බලවේගය සමග සන්ධාන ගත විමත් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු බලවේග ජාතික ජන බලවේගයෙන් තරග කිරිමත් හේතුවෙන් විපක්ෂයේ සන්ධානයක් බිහිවිමේ අනතුරක් මතුව ඇති බව මෙම සාකච්ඡාවේදි මතුව තිබේ.

එහිදි බැසිල් රාජපක්ෂ සදහන් කර ඇත්තේ කළුතරට කුමාර වෙල්ගම සජිත් සමග තරග කිරිම බරපතල තත්ත්වයක් නිසා තමන් ශ්‍රිලනිපයට කලුතර ඇතුලු දිස්ත්‍රික් කිහිපයකට වෙන්ම තරග කරන ලෙස දැනුම් දුන් බවයි.මිට අමතරව ඥානසාර හිමි කුරුණෑගලින් මැතිවරණයට ඒමද සaජුවම මහින්දට බලපාන බවත් එහිදි සාකච්ඡා වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ශ්‍රිලනිප, පොහොට්ටු අර්බුදය

මේ අතර නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමයෝජනා පත‍්‍ර අත්සන් නොකර නැවත හැරී පැමිණ තිබේ.

කෙසේවෙතත් අද සවස ශ්‍රිලනිප මුලස්ථානයට පැමිණි පක්ෂ මහාලේකම් දයාසිරි ජයසේකර එම ස්ථානයට පැමිණ සිටි පාක්ෂිකයින්ගෙන් එල්ල වුනු දැඩි පිඩනය හමුවේ ලංකාවටම තනිව තරග කිරිමට ශ්‍රිලනිපය ඉදිරි 24 පැය තුල සාකච්ඡා කිරිමට කටයුතු කරමින් සිටින බවට ප්‍රකාශයක්ද කර තිබේ.නමුත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ හුදෙක් එල්ල වුනු බලපෑම හමුවේ එම ප්‍රකාශය කර දයාසිරි එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි.එම අවස්ථාවට නාමයෝජනා නොලද ජිවන් කුමාරතුංග මහතාද එක්ව තිබේ.

මේ අතර නාම යෝජනා පත‍්‍ර සකස් කිරීමේදී තම පක්‍ෂයට ලැබෙන අවස්ථාවන් අනුව ඉදිරියේදී පක්‍ෂය තනිව තරඟ කරන දිස්ත්‍රික්ක ප‍්‍රමාණය වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ඊයේ රාත්‍රියේ සදහන් කළා.නාම යෝජනා පත‍්‍ර සකස් කිරීමේදී බොහෝ දිස්ත්‍රික්කවලින් තම පක්‍ෂයට ලැබී ඇත්තේ අවම අවස්ථාවන් බැවින් මහ මැතවරණයට තනිව තරග කළ යුතු බවට සංවිධායකයන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවෙන බවයි ඔහු පෙන්වා දි ඇත්තේ.

මහ මැතිවරවරණයේදී කලුතර, නුවරඑළිය, වන්නිය හා යාපනය දිස්ත්‍රික්ක හතරට තරග කිරීමටත් ඉතිරි දිස්ත්‍රික්ක සඳහා සන්ධානයෙන් තරග කරන්නේද නැද්ද යන්න හෙට (17) දහවල් පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමට නියමිතයි.

Top