Featured

රාජපක්ෂලාට වැඩක් දෙන්න සිරිසේන දෙවන මෙහෙයුමක- මහින්ද හමුවන අය ගැන බුද්ධි අංශ පස්සෙන් ලු

රාජපක්ෂලා කල්ලිය කොටු කිරිම සදහා තමන්ට වෙනම ව්‍යාපෘතියක් ඇති බවත් ඒ සදහා ඉතා ඉක්මනින්ම පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ සිට සියලුම ඇමතිවරුන්, ලේකම්වරුන් ඇතුලු ව්‍යාපාරිකයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරිම සදහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පිහිටුවීමට තමන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බත් බැලයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.

තමන් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඉදිරි දින කිහිපය තුලදි අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද ජනාධිපතිවරයා සිය බත් බැලයන් සමග පවසා තිබේ.

පසුගියදා තමන් කල ප්‍රකාශය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුලු  ඒකාබද්ධ විපක්ෂය චුන් වු බවත් සියල්ලටම වඩා තමන් ලග ඉදිමින් තමන්ට කෙලවිමට කුමන්ත්‍රණය කරන පුද්ගලයන් හදුනා ගැනිමට තමන්ට හැකි වු බවත් හෙට අනිද්දා ඔහුන්ට පාඩමක් ඉගැන්වීම තමන් කටයුතු කරන් බවද සිරිසේන ජනාධිපතිවරයා පවසා තිබේ.

“සමහරු හිතුවේ ආණ්ඩුව ඉවරයි….කියලා…මගේ ලගම ඉන්න එවුන් අරුන් (මහින්ද ඇතුලු ඒකාබද්ධ කණ්ඩායම) එක්ක කතා කරපු ඒවා ඔක්කෝම මම දන්නවා මම උන්ට දෙනවා හොද වැඩක් ” යනුවෙන් පවසා තිබේ.

තමන් මිට පෙර ශ්‍රිලනීපයේ රහසිගත සාකච්ඡා සදහා කැදවාගත් ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අදින් පසුව එම සාකච්ඡා සදහා සහභාගි කර නොගැනිමට තිරණය කර ඇති බවද ජනපති සිරිසේන පවසා තිබේ.සිරිසේනගේ බත් බැලයන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපතිවරයා සමග රහසිගත සම්බන්ධතාවක් පවත්වන බවත් ඔහුන් කවුරුන්ද,කත කරන්නේ මොනවාද යන්න රාජ්‍ය බුද්ධි අංශ තමන්ට වාර්තාකර තිබේන බවද සිරිසේන සිය බත් බැලයන් හමුවේ අනාවරණය කර තිබේ.

Top