Featured

රාජපක්ෂවරුන්ගේ අවසානය සනිටුහන් වනු ඇත

පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට තම කණ්ඩායම සහභාගි වන්නේ රාජපක්ෂවරුන්ගේ අවසානය සනිටුහන් වනු ඇති බවට ඇති විශ්වාසය සමග බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී විමට නියමිත උතුරු පළාත් සභා මන්ත්‍රිනී අනන්දි සසිදරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් සහ පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් සිය අදහස් දක්වමින් පවසා තිබේ.

යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවධාරණය කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරන බවද අදාළ නියෝජිත කණ්ඩායම අවධාරණය කර තිබේ.

මේ අතර දෙමළ ජාති ඝාතනයට යුක්තිය ඉල්ලා සිටිමින් ලබන 21 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පෙළපාලියට සහභාගි වන මෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීනි අනන්දි සසිදරන්, යුරෝපා රටවල ජීවත්වන සියළු දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Top