Featured

රාජිතට,චම්පිකට කාලි මෑණි හුනියම වැදිලා

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට හදවත් සැත්කම කිරිමට විමත් ඒ හේතුවෙන් තවත් කාලයක් දේශපාලනයෙන් ඉවත් විමට සිදුවිමත් සුව වි පැමිණි පසුව ඉස්සර වගේ කක්කුස්සි කට අරිමින් කෑ ගැසිමට නොහැකි වන ලෙස අසනීප විමටත්  2020 අගමැති හීනය දකිමින් සිටි පාඨළි චම්පික රණවක කොහේවත් යන රිය අනතුරකට මාට්ටු වි අවලාද ලැබිමටත් අනුරාධපුරයේ මෑණියෝ නමින් ප‍්‍රසිද්ධ කාලි මෑණි දේවාලයේ යකැදුරුවරිය කල හුනියම නියමටම පත්තු විම නිසා බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

පසුගිය  දිනක ඇමතිතුමා හමුවෙන්නට ගිය අප විශේෂ වාර්තාකරුවෙකු ඒකාබද්ධ විපක්ෂයේ පොලි ගැසිම ගැන කතා කර ඇති අතර ඒ සමග ඇමතිවරයා මේ කතාව කියා තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාඨළි චම්පික රණවක ඇවන්ගාඩ් සමාගමින් කෝටි ගණනින් කප්පම් ගනිමින් පසුව මාධ්‍ය හමුවේ සහ නීතිය හමුවේ නටන නාඩගම ජනතාව හමුවේ වහාම නිරුවත් කරන ලෙසට ඉල්ලා ඇවන්ගාර්ඞ් අධිපති හා ඇමති විජේදාස රාජපක්ෂ පසුගියදා අනුරාධපුරයේ මෑණියෝ නමින් ප‍්‍රසිද්ධ කාලි මෑණි දේවාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බව අප අනාවරණය කළේ පසුගිය දෙසැම්බර් මාසයේදිය.

එම අනාවරණය කියවන්න –රාජිතට,චම්පිකට දින 7න් කාලි මෑණියන්ගෙන් දඩුවම්!-නිශ්ශංක,විජේදාස වැඩේ අරඹයි

[box type=”success” ]අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාඨළි චම්පික රණවක ඇවන්ගාඩ් සමාගමින් කෝටි ගණනින් කප්පම් ගනිමින් පසුව මාධ්‍ය හමුවේ සහ නීතිය හමුවේ නටන නාඩගම ජනතාව හමුවේ වහාම නිරුවත් කරන ලෙසට ඉල්ලා ඇවන්ගාර්ඞ් අධිපති හා ඇමති විජේදාස රාජපක්ෂ පසුගියදා අනුරාධපුරයේ මෑණියෝ නමින් ප‍්‍රසිද්ධ කාලි මෑණි දේවාලයේ විශේෂ පුජාවක් පවත්වා තිබේ.

ඇවන්ගාර්ඞ් අධිපති නිශ්සංක සේනාධිපති හා ඇමැති විජේදාස රාජපක්ෂ හා ඔහුගේ පවුලේ පිරිසක් පසුගිය දිනෙක අනුරාධපුරයේ මෑණියෝ නමින් ප‍්‍රසිද්ධ කාලි මෑණි දේවාලයේ යකැදුරුවරියක් හමුවි මෙම විශේෂ පුජාව පවත්වා තිබේ. ලංකාවේ ප‍්‍රසිද්ධ දේශපාලනඥයන් හා ප‍්‍රභූ පැලැන්තියේ පිරිස් තමන්ට වන දුක් ගැනවිලි කීම සදහා අනුරාධපුරයේ මෙම කාලි මෑණී දේවාලයේ මෑණියන් නමින් ප‍්‍රසිද්ධ කාන්තාව කියු කෙරු කිසිවක් මේ වනතෙක් වැරදි නැති බවද වාර්තා වේ.

මිට අමතර ඇවන්ගාඩ් සමාගමට විරුද්ධවාදිකම් කරන සියලුම දෙනාවම කාලි මෑණියන්ට භාරකර ඇති අතර අදාළ පුජාවේ ප්‍රථිපල දින හතක් ඇතුලත ලැබෙනු ඇති බවට කාලි මෑණි දේවාලයේ යකැදුරුවරිය සහතික කර තිබේ.[/box]

 

Top