Featured

රාජිතට,චම්පිකට දින 7න් කාලි මෑණියන්ගෙන් දඩුවම්!-නිශ්ශංක,විජේදාස වැඩේ අරඹයි

අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාඨළි චම්පික රණවක ඇවන්ගාඩ් සමාගමින් කෝටි ගණනින් කප්පම් ගනිමින් පසුව මාධ්‍ය හමුවේ සහ නීතිය හමුවේ නටන නාඩගම ජනතාව හමුවේ වහාම නිරුවත් කරන ලෙසට ඉල්ලා ඇවන්ගාර්ඞ් අධිපති හා ඇමති විජේදාස රාජපක්ෂ පසුගියදා අනුරාධපුරයේ මෑණියෝ නමින් ප‍්‍රසිද්ධ කාලි මෑණි දේවාලයේ විශේෂ පුජාවක් පවත්වා තිබේ.

ඇවන්ගාර්ඞ් අධිපති නිශ්සංක සේනාධිපති හා ඇමැති විජේදාස රාජපක්ෂ හා ඔහුගේ පවුලේ පිරිසක් පසුගිය දිනෙක අනුරාධපුරයේ මෑණියෝ නමින් ප‍්‍රසිද්ධ කාලි මෑණි දේවාලයේ යකැදුරුවරියක් හමුවි මෙම විශේෂ පුජාව පවත්වා තිබේ.

ලංකාවේ ප‍්‍රසිද්ධ දේශපාලනඥයන් හා ප‍්‍රභූ පැලැන්තියේ පිරිස් තමන්ට වන දුක් ගැනවිලි කීම සදහා අනුරාධපුරයේ මෙම කාලි මෑණී දේවාලයේ මෑණියන් නමින් ප‍්‍රසිද්ධ කාන්තාව කියු කෙරු කිසිවක් මේ වනතෙක් වැරදි නැති බවද වාර්තා වේ.

මිට අමතර ඇවන්ගාඩ් සමාගමට විරුද්ධවාදිකම් කරන සියලුම දෙනාවම කාලි මෑණියන්ට භාරකර ඇති අතර අදාළ පුජාවේ ප්‍රථිපල දින හතක් ඇතුලත ලැබෙනු ඇති බවට කාලි මෑණි දේවාලයේ යකැදුරුවරිය සහතික කර තිබේ.

Top