Featured

රූපවාහිනීය හොම්බෙන් යයි….! නිකමුන්ට පඩි ගෙවන්න මාසිකව ජනතා මුදල් කෝටි 10ක්! රාජ්‍ය මාධ්‍ය ආයතන කළු මාධ්‍යයට යටවෙයි!

Published on: Mar 2, 2020- රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් 48,000,000 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා අනුමැතිය ඉල්ලා තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති සහ උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර රූපවාහිනි සංස්ථාව මුල්‍යමය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් රජයේ වැඩසටහන් ප්‍රචාරය කිරිම වෙනුවෙන් නොමිලේ දෙන ගුවන් කාලයේ වටිනාකම ද සැළකිල්ලට ගෙන මෙම මුදල ලබා දෙන්නැයි අමාත්‍යාංශය ඉල්ලා ඇත්තේ.

රූපවාහිනි සංස්ථෘවේ සේවකයන් ගණන 930 ක් පමණ වන අතර ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 5 ක් වැයවනු ඇති අතර අනෙකුත් දීමනා ආදිය සඳහා තවත් රුපියල් කෝටි 4 ක පමණ මුදලක් ආසන්න වශයෙන් වැය වන බවද වාර්තා වේ.

රූපවාහිනි සංස්ථාව 2017 වසරේදී රුපියල් කෝටි 40 ක පමණ 2018 වසරේදී රුපියල් කෝටි 44 ක පමණ ද වටිනා ගුවන් කාලයක් රජයේ වැඩසටහන විකාශය සඳහා කිසිදු අයකිරිමකින් හෝ අනුග්‍රාහකත්වයකින් තොරව ලබාදී තිබේ.

මින් ඉදිරියට රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යෑම සදහා මහා භාණ්ඩාගාරයෙන් හෝ රජයේ වෙනත් කිසිමආයතනයකින් මුදල් ලබාදිමට තමන් සුදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය මාධ්‍ය ආයතන සභාපතිවරුන්ට සaජුවම දැනුම් දි තිබේන බව අප පසුගිය පෙබරවාරි 8 වැනිදා අනාවරනය කළා.

http://lankanewsnetwork.org/archives/22842

රාජපක්ෂ පාලනය ආරම්භ වු සැනින් ජාතික රූපවාහිනී සංස්ථාවට නව අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල (Ajith Naragala) නැමැත්තා පත්කල අතර ඔහුගේ අත්තනෝමතික සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් එකී සංස්ථාව මුහුණදී ඇති මූල්‍ය අර්බුදය තවත් ඔඩු දුවන තත්ත්වයක් මතුව ඇති බව අප පසුගියදා වාර්තා කළා.

http://lankanewsnetwork.org/archives/22953

Top