Featured

ලංකාවෙන්ම වැඩිම මනාප ගන්නේ මම-අකිලගේ නරිවාදම් සහ කුරුණෑගල තවත් කතා

තමන් මෙවර ලංකාවෙන් වැඩිම මනාප ගන්නා පුද්ගලයා බවත් 18 වෙනිදායින් පසු තමන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යධුරය ලබාගන්නා බවත් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා කුලියාපිටියේ රැස්වීමකදී  පවසා තිබේ.කතාව අවසන් වි නැවතත් අසුන් ගත් අවස්ථාවේ ලගම හිටපු අකිලගේ ගොලබාලයෙකු අසා ඇත්තේ…සර්..අර කිව්ව කතාව ඇත්තද? යනුවෙනි. එයට පිලිතුරු දුන් අකිල පවසා ඇත්තේ “තමුසේ …මගුලක් කියනවා…මම මේ පරදී කියලා බයෙන් ඉන්නවා …..”

මේ අතර එතනට ගොස් සිටි අපගේ උකුස්සාට කුලියාපිටිය නගරාධිපති අදිකාරී මහතා අනේ කැම්පස් වලටත් එහෙනම් දෙයියන්ගේම පිහිටයි යනුවෙන් පවසා තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක කුරුණෑගල අශෝක් අබේසිංහ මහතා තමාට ඡන්ද අඩුවේ යැයි බියෙන් පසුගියදා පැවති රැස්වීමකදී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාට කනට කර තමාද ජාතික ලැයිස්තුවට දමන ලෙස පවසා ඇත. එහිදී අමාත්‍ය ජයවික්‍රම පිස්සුද අශෝකා ඔයාට වඩා අපේ පක්ෂයේ කීදෙනෙක් ඉන්නවද ජාතික ලැයිස්තුවට දාන්න. අනික නායකතුමා කොහොමත් ඒකට කැමතිවෙන්නේ නෑ. එහෙම නෙමෙයි ඔයා තව මිනිස්සුන්ට දැනෙන්න කතාකරන්න. එතකොට මිනිස්සු තව ඔයාට කැමති වෙයි. මම දැකලා තියනවනේ ඔයා රැස්වීම්වල කතාකරන්නේ වැසිකිලි බර වැඩිවෙලා වගේනේ යනුවෙනි….

දයාසිරි ජයසේකර මහතාද තමාගේ ඡන්ද වැඩිකරගැනීම සඳහා ඒ මේ අත දුවයි. පසුගියදා මාවතගම පවතී රැස්වීමකදී අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාටද ඡන්දය දී ඔහුව අගමැති කරවන්න යැයි පවසා ඇත. එහිදී අලවතුවලගේ ආධාරකරුවෙක් පවසා ඇත්තේ සර් මහින්ද අගමැති කරවන්න නෙමෙයි ඔබතුමාත් ආපහු යු එන් පී එකට එන්න . ඔබතුමාගේ අඩුව දැන් හැමොටම දැනිලා තියෙන්නේ. ලඟදි රංජන් ඇමැතිතුමාත් අපි හම්බුනාම කිව්වා පුලුවන්නම් දයාසිරිව ආයෙත් ඇදලා ගන්න බලන්න අර අකිල කියන මිනිහා ගැන හිතන්න එපා පක්ෂේන්ම එයාට කැමති රනිල් විතරයි කියලා ඒ නිසා ආපහු එන්න සර් යනුවෙනි. ඔහු දෙස බලා කටපුරා සිනහවක් පෑ දයාසිරි අමාත්‍යවරයා ඔය අකිල රනිල් කොම්බිනේෂන් එක තියනකන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ මල්ලි යනුවෙන් පවසා ඇත.

Top