Featured

වහල් ජඩ මාධ්‍ය MCC ගැන බොරු කියයි…. සයින්දමර්දු පාර්ට් 2… MCC අත්හිටුවිමේ නාඩගම…. 69 ලක්ෂයක අම්බරුවන් ගොනාට අන්දන බන්දුල නාටකය!

Published on: Feb 29, 2020- ආමාත්‍ය මණ්ඩලයට ඊයේ (27) ඉදිරිපත් කෙරුණු, මිලේනියම් චැලේන්ජ් හෙවත් MCC ගිවිසුමෙහි අයහපත් වගන්ති ඉවත්කොට එම ගිවිසුම යලි සකස් කර අත්සන් කරන බවත් එතෙක් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවූ බවත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (28) පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සදහන් කළේ.

සිංහලේන් රටේ ජනතාව විශේෂයෙන්ම 69 ලක්ෂයක අම්බරුවන් ගොනාට ඇන්දවිමට හැකි බව දන්වා රාජපක්ෂලා බන්දුල ගුණවර්ධන වැනි 2500ට මාසයක් කා ජිවත් වන නිවට නියාළු හිවල් මාධ්‍ය ප්‍රකාශකයා ලවා ජනතාව් වටේ ගෙනගොස් වෙන කතාවක් කියා අවසානයට කරන දේ හරියටම කියා තිබේ.

ඊට අදාළ විඩියෝව පහතින් නරඹන්න…..

එහිදී බන්දුල ගුණවර්ධන මහතා පැවසූවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂණ් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව මගින් පෙන්ව දී ඇති මූලික කරුණු මත එම ගිවිසුම පිළිබඳව නැවත ඇමරිකා එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ය.

උග්‍ර වහල් රාජපක්ෂ ගැති මාධ්‍ය ජනතාව වෙත වැරදි ලෙස පුවත වාර්තා කරමින් සහස්‍ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MCC) අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශය කල බව පවසමින් සම්පූර්ණයෙන් රටේ ජනතාව නොමග යැවිම සදහා කටයුතු කර තිබේ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ඇති කරගන්නා ගිවිසුම නිසා ලංකාව මැදින් ආර්ථික කොරිඩෝරයක් නමින් කොටසක් සකසා විදේශ ආයෝජකයින්ට සින්නක්කර ඉඩම් ලබාදෙන බව පවසමින් ගෝඨාභය සිය ඡන්ද ව්‍යාපාරය මෙහෙය වු අතර එහිදි ඔහු කිය සිටියේ ගිවිසුම හකුළා දමන බවයි. නමුත් ජනාධිපති වු සැනින් ලංකාවට පැමිණී ඇමරිකානු විශේෂ දූත පිරිස ඉදිරියේ ගෝඨාභය ඉල්ලා සිටියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MCC) අත්සන් කිරීමට තමන්ට මහා මැතිවරණ අවසන් වනතෙක් කාලය ලබාදෙන ලෙසයි.

http://lankanewsnetwork.org/archives/20418

http://lankanewsnetwork.org/archives/21203

http://lankanewsnetwork.org/archives/22413

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top