Featured

වැඩබැරි ගෝඨාගේ ඇනගැනිල්ල ඉවරයක් නෑ… 19ය ජනමතවිචරනයකින් ජනතාව අනුමත කර නෑ… පාර්ලිමේන්තුව විසිරවිමේ ගැසට් පත්‍රය නිත්‍යානුකුල නෑ…

Published on: Mar 16, 2020 –ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කර නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතමත පදනම්ව සිදු කල පාර්ලිමේන්තුව විසිරවිමේ ගැසට් පත්‍රය නිත්‍යානුකුල නැති බව හර්ෂ කුමාර් සුරියආරච්චි මහතා පෙන්වා දෙනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව 2002 දී සත් දෙනෙකුගෙන් සැදි ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් තීරණය කරන ලදී.

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවීමට තිබෙන බලය වසර 3 කට වඩා කාලයකට අහිමි කිරීම 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද එම තීරණයේ සදහන් විය.

එසේම මෙම උල්ලංඝනය සිදු නොවන ආකාරයට තවදුරටත් සංශෝධනය කළහොත් ජනමත විචාරණයක් නොපවත්වා 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කල හැකි බවද එහිම දැක්විය.

පාර්ලිමේන්තුව ඒ අනුව යයි පවසා යම් වෙනස් කම් කර 19 වන සංශෝධනය නැවත 2015 දී ඉදිරිපත් කරන ලදී. මෙහිදී තුන් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් කරුණු 16ක් ගැන තම තීරණය දුන් අතර එම කරුණු 16 ට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලතල අහිමි කිරීම අඩංගු නොවිණි.

ඒ අනුව 2002දී එම කරුණ සම්බන්ධයෙන් සත් දෙනෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් දුන් තීරණය නිශේධනය කර නොතිබුණි. තුන් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලකට සත් දෙනෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් දුන් තීරණය අභිභවා යෑමටද නොහැකිය.තවදුරටත්,ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් නොතිබුණද 83 වන ව්‍යවස්ථාවට අනුව 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වේ.

නමුත් පාර්ලිමේන්තුව වැරදි උපකල්පන රැසක් කරමින් 2002තීරණයට ද,83 වන ව්‍යවස්ථාවට ද පටහැනිව යමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති බලය වසර 3කට වඩා කාලයකට අහිමි වන සේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන19වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතඉදිරිපත් කර,එනමුත් ජනමතවිචාරණයක් නොපවත්වා,ව්‍යවස්ථා විරෝධී ලෙස  79 ව්‍යවස්ථාවඋල්ලංඝනයවන සේ කතානායක සහතික කර එය ව්‍යවස්ථානුකුලව සම්මත කිරීමේ ඉතිරි පියවරගැනීමෙන් වැලකි සිටි.(2015 තීරණයට පසුද පාර්ලිමේන්තුව තුල 19 කෙටුම්පතටතවත් වෙනස් කම් ඇතුලත් කරන ලදී).

පාර්ලිමේන්තුවේ උපකල්පන වැරදි බව 2018 දී සත් මඩුල්ලක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි විය. එම තීන්දුවට අනුව කථානායක විසින් අත්සන් තබා ඇති 19 වන සංශෝධනයෙන් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබු 3 වන ව්‍යවස්ථා උල්ලංගනය ඉවත් වී නැති බව පැහැදිලි විය. එනම් ජනාධිපති තුමාට වසර 3කට පසුවත් පාර්ලිමේන්තුව විසිරවීමට නොහැකි බව තීන්දු කරන ලදී.

එසේනම්, 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අරභයා ජනමත විචාරණයක් නොපවත්වා එය සම්මත යැයි කථානායක තැබූ සහතිකය 79 වන ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි කරගෙන එම අවස්ථාවේ සිටින කථානායක වහාම නිවැරදි සහතිකයට අත්සන් තැබිය යුතුව තිබුණි.එසේ නොකරන කථානායක තුමාට එසේ කරන ලෙස ඉතිරි මන්ත්‍රී වරු 224 දෙනාගෙන් ඕනෑම එක්කෙනුකු යෝජනාවක් ගෙන ආ යුතුව තිබුණි. නමුත් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත් ඒ අනුව කටයුතු කරන බවටත් ප්‍රතිඥා දුන් කථානායක ඇතුළු මන්ත්‍රීවරු 225 දෙනාම එසේ නොකොට 2018 දෙසැම්බරයේ සිට දැන දැන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටි.ඔවුන්තමන් පත් වීමේදී දුන් ප්‍රතිඥාව කඩකර සිටි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මිස වෙනත් ආකාරයකින් පනතක් සම්මත කල නොහැකි යැයි දක්වා ඇති 123 වන ව්‍යවස්ථාවත්,ජනමතවිචාරණයකින් තොරව 3 වන ව්‍යවස්ථාවට බලපෑමක් වන ලෙස පනතක් සම්මත කල නොහැකියැයි දක්වා ඇති 83 වන ව්‍යවස්ථාවත්අනුව දෙආකාරයකින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 19 සම්මත කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතුය.එතෙක් එය සම්මත වන්නේ නැත. එම නිසා 19 සශෝධනය තවම් බල රහිතය.ඒ මත පිහිටා පල කල පාර්ලිමේන්තුව විසිරවිමේ ගැසට් පත්‍රයද බල රහිතය.

හර්ෂ කුමාර් සුරියආරච්චි

harshakumarsuri@hotmail.com

19th amendment to the constitution

Top