Anonymous Reporter

වැඩිහිටි දිමනාවට කෙලවන්න ගිහින් එස්.බි මාට්ටු

ජනතාවගේ ඡන්දයෙන් කූජිත ලෙස පරාජය වි මෛත්‍රීපාල සිරිසේනගේ පිලිකන්නේ ලගිමින් යන්තම් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමට සහ ඇමතිකමකටත් විද්ද  එස්.බී. දිසානායක ඇමතිවරයා අහිංසක වැඩිහිටියන්ට ගෙවීමට යෝජනා වූ රු. 2000/= මාසික දීමනාවෙන් රුපියල් 100 බැගින් කොල්ල කැමේ සිද්ධියක්  අනාවරණය වි තිබේ.

2016 අයවැය යෝජනා මගින් වැඩිහියන්ට ගෙවීමට යෝජනා වූ රු. 2000/= මාසික දීමනාවෙන් එස්.බී. දිසානායක ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් කපාගන්නා ලද රු.100/=ක මුදල නැවත වැඩිහිටියන්ට ගෙවීමට ඇමතිවරයාට නියෝග කර තිබේ.

මාසික ආදායම රු.3000ට අඩු අවු.70ට ඉහළ වැඩිහිටින් සඳහා ජනවාරි සිට මෙම රු.2000 දීමනාව ගෙවීමට යෝජනා වී ඇත. එම මුදල් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ගෙවා ඇති අතර ඇමතිවරයාගේ අමාත්‍යංශය යටතේ ඇති වැඩිහිටි ලේකම් කාර්යාලය මගින් සුභසාධන අරමුදලක් පිහිටුවීමට යැයි පවසමින් මේ අකාරයට මුදල් කපාගෙන ඇති අතර ඒ සඳහා භාණ්ඩාගාරයෙන් අනුමැතියක්ද ලබාගෙන නැත. මේ අයුරින් නොගෙවා ඉතිරි කරගත් මුදල් මසකට රු. 3,86,00,000ක් බවද වාර්තා වේ.

එම නිස මුදල් කපා ගැනීම වහාම නතර කරන ලෙසත් කපාගත් මුදල් නැවත වැඩිහිටියන්ට ගෙවන ලෙසත්  පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත. කෙසේ වෙතත් වැඩිහිටින්ට සුභසාධන අරුමුදලක් පිහිටුවීමට දැනටමත් රු. ලක්ෂ 69ක ස්ථාවර අරමුදලක් තිබෙන නමුත් එවැනි අරමුදලක් පිහිටුවීමට ඇමතිවරයා කටයුතු කර නොමැත.

අදාළ මුදල් කලු සල්ලි සෝදන්නේකුගේ ව්‍යාපාරයක් සදහා යොදවා ගැනිම සදහා කටයුතු කරමින් සිට ඇති බවටද මේ වනවිට තොරතුරු වාර්තා වි තිබේ.

Top