LNN SPY

විධායකය ඉවත් කරන්න මම උත්සහ කළා …. අගමැති ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී වරුන් සහය දුන්නේ නෑ … ජනපතිගෙන් ලිපියක්!

Published on: Sep 12, 2019 – 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිට 2019 වසරේ සැප්තැම්බර් 4 වනදා දක්වාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කලද අගමැති ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී වරුන්ට එය කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොතිබූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිඛිතව කරුණු දක්වා සිටී.

ඉහත කරුණ විස්තර කරමින් ජනාධිපතිවරයා ලිපිය යොමු කර ඇත්තේ නිරවි කරණය සහ සංවර්ධනය පිලිබඳ සංසදයේ සම්බන්ධිකාරක විද්‍යා අබේගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමිනි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා නිරවි කරණය සහ සංවර්ධනය පිලිබඳ සංසදය 2019 වසරේදී ජනපතිට ලිපියක් යොමුකර තිබිණි.

සංසදයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනපති ලිඛිතව සඳහන් කර ඇත්තේ 2015 ජනවාරි 8 වැනිදා සිට මේ දක්වාත් පොදු අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ අවස්ථාවේදී තමා ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලයුතු බව වුවද, දන්නා පරිදි එය ඉටු කළ යුත්ත්තේ පාර්ලිමේන්තුව විසින් බවද, එය අගමැති ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී වරුන් විසින් කළ යුත්තක් බවද  සඳහන් කර තිබේ.

එහෙත් ඒ ගැන ඔවුන්ට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් දැනෙන්නට නැතැයිද ඊට හේතුව 2015 වසරේ සිටම ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති අපේක්ෂාව සහ බලාපොරොත්තුව බවද ජනපති සිය ලිපියෙන් කරුණු දක්වයි.

පාර්ලිමේන්තු කටයුතු මෙහෙය විමට ව්‍යවස්ථානුකුල අයිතියක් තමාට නැති බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා තමාට යොමු කළ ලිපියේ පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද යොමු කිරීම සුදුසු බවත් ජනපති සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.


Top