Featured

වෙබ් කාරයෝ කියන්නෙ මහා කරදර කාරයෝ….උන් ඔය ඉන්න තැන්වලම හිටපුදෙන්…රනිල්ගෙන් වෙබ් මාධ්‍යවේදීන්ට සහතිකයක්

වෙබ් කාරයෝ කියන්නෙ මහා කරදර කාරයෝ….උන් ඔය ඉන්න තැන්වලම හිටපුදෙන්…යනුවෙන් මංගල සමරවිරගේ මුණටම එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කලා.ජනපතිට, අගමැතිට වෙබ් අමතක වෙලා ? යනුවෙන් පලකර  මංගලගේ ගොලයා වන රුවන් ෆර්ඩිනැන්ඩස් සිය වෙබ් අඩවියේ පලකල පුවත සම්බන්ධයෙන් සොයා බැලිමේදි මෙම තොරතුරු අනාවරණය වි තිබේ.කියවන්න –යහපාලනයට condom එකක් වු වෙබ් මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා

රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ප්‍රධාන මෙහෙවරක් සිදු කළ වෙබ් අඩවි ප්‍රධානින්ට ඊයේ (18) ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට ආරාධනා ලැබී නොතිබුනු අතර පසුව දුරකථනයෙන් මංගල ඇමතු රුවන් ඒ පිළිබඳවව විමසන ලෙස දන්වා තිබේ.එම මාධ්‍ය හමුවට මංගලද සහභාගි වි සිටියා.පසුව මාධ්‍ය හමුව අවසානයේ මෛත්‍රීපාල සිරිසේනද ඉටින තැන මංගල රනිල්ගෙන් මේ පිළිබඳව විමසා තිබේ.

එවිට ගත් කටටම රනිල් පවසා ඇත්තේ වෙබ් කාරයෝ කියන්නෙ මහා කරදර කාරයෝ….උන් ඔය ඉන්න තැන්වලම හිටපුදෙන්…යනුවෙනී….කිසිවක් නොකියු මංගල කරබාගෙන එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර් පසුපසින් සිටි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුනාතිලක දෙකොනින් සිනාසී..බිම බලාගෙන තිබේ.

Top