Featured

ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළ දෙකඩ වේ….

කොළඹ හයිඞ් පිටියේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සහ එම රැළියේදි හිටපු ජනාධිපතිවරයා කල ප්‍රවේගකාරි කතාව හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අලුත් අර්බුදයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගි වූ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනිමට අවශ්‍ය බවත් ඒ සදහා වහාම කටයුතු කරන ලෙස ශ්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක හෙවත් ශ්‍රිලනිප ටොමියාට නියෝග කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට මධ්‍යම කාරක සභාව කැඳවා සාකච්ඡා කිරිමට ටොමියා උත්සහ කලද ශ්‍රිලනිප මෛත්‍රී බත්බැලයන් සිය අප්‍රසාදය පලකර තිබේ.

මේ සම්බන්ධයෙන් මෛත්‍රී පිළ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩවලට කර ගසා සිටින ශ්‍රිලනිපයේ ප්‍රභල අමාත්‍යවරයෙකුගෙන් අප විශේෂ වාර්තාකරු කල ප්‍රශ්ණ කිරිමකදි අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ….”මේ වනවිට රටේ ක්‍රියාත්මක වන්නේ එජාපයේ ජනතා විරෝධී ආර්ථික ප්‍රතිපත්තියක් බවත් එයට සහය දෙමින් කටයුතු ඉරිම තුල ශ්‍රිලනීපය ජනතාව තුල දියකර හැරිම සදහා ඇතැම් පාර්ශවයන් කටයුතු කරන බවත්‍….”

රටේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනිසිටින කණ්ඩායම් මර්දණය කිරිමට උත්සහ කිරිම හරහා එම කණ්ඩායම් තව..තවත් ශක්තිමත් වන බැවින් මර්දණය අතහැර සහයෝගය ඇතිකර ගැනිමට ශ්‍රීලනිපයේ තනතුරු දරන්නන් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.’ඇතැම් තරුණ නායකයන් කටයුතු කරනුයේ ඇගේ හයියට පමණක් බවත්….ඔහුන් බුද්ධියේ මහිමය භාවිතා කිරිමට අසමත් බවත්….ඔනෑම දේයකට Yes Sir  කිම තනතුරක් දැරිමට පමණක් ප්‍රමාණවත් බව දැනගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.’

Top