Anonymous Reporter

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණිමට සියල්ල සුදානම්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය මැයි 17 වැනිදා වනවිට විකුණා දැමිම සදහා  සුදානමින් සිටින බව අප අනාවරණය කිරිමත් සමග මැතිවරණයට සිදුවන බලපෑම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ විසින් විසින් නතර කර දැමු අතර මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්දුවක් පිහිටුව හොත් (වෙන්න නැති බව රටම දනී) එයාර් ලංකා සහ මිහින් ලංකා විකුණා දැමිම සදහා සුදානමින් සිටින බව වාර්තා වේ.

මැයි 7 වැනිදා අප කල අනාවරණය –කෝටි 3000 කොමිස් ගසමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දමයි!

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති ලෙස පෙනි සිටිමින් රාජ්‍ය නොවන සංවිධන වල මුදල් වලින් යැපෙන ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී. වැලිඅමුණට රුපියල් කෝටි 23ක් දි සැදු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව සහ ගුවන් සමාගමෙ පාධු පෙන්වා දෙමින් හදිසියේම වාර්තාවක් සකස් කිරිමට හේතුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 3000 කොමිස් වලට විකුණා දැමිමට සුදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රීලංකා එයාර්ලයින් සමාගම හා මිහින් ලංකා සමගම විකුණා දැමීමට කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තාවේ.මැයි  15 වැනිදා අවසන් සාකච්චාව පවත්වා සහ මුලින්ම එමිරේට්ස් සමාගමට මෙම ආයතන දෙකම විකුණා දැමීමට කටයුතු කරනු ඇත.

ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සමාගම මිට පෙරද චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේදී විකුණා දමා තිබු අතර මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ නැවතත් පවරාගනු ලැබිය.

මෙසේ විකුණා දමන ගුවන් සමාගම් දෙකෙහි සේවය කරන 5000කට අධික සේවකයන්ගෙන් 2000ක් ඉවත් කිරීමට තීන්දුන්කර ඇති අතර ශ්‍රීලන්කන් සභාපති අජිත් ඩයස් හට හා ඉහල දේශපාලුවන්ට ලැබෙන රුපියල් කොටි 3000ක කොමිස් මුදලක් ලබා ගැනීම වෙනුවෙන් මෙම ආයතන දෙක විකුණා දැමීමට සැරසෙන බව සේවකයන් විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙහි ඇති විශේසත්වය වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග විසින් මෙම ආයතනය මිට පෙර විකුණා දමන විටද එහි සභාපති වරයා වශයෙන් කටයුතු කරනු ලැබුයේ වත්මන් සභාපතිවරයාමය,රාජ්‍ය දේපළ විකුණා කොමිස් ගසන අතර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් මෙම මුදල ලබා දීමට රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කොට ඇත.

Top