Featured

ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට රහසිගත සැලැස්මක්!

අප රට තුල ඉස්ලාම්කරණයේ ආරම්භක පියවරක් ලෙස ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට රහසිගතව කටයුතු කරන බවත්, ඒ සඳහා ඉතාම ෂුක්ෂම උපායමාර්ග ක්‍රියාත්මක වන බවත් බොදු බල සේනා සංවිධානය මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින් අනාවරණය කර තිබේ.
2015.10.7

මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති,
ජනාධිපති කාර්යාලය
කොළඹ

ගරු ජනාධිපතිතුමනි

ඉස්ලාම්කරණය, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන රහසිගත උපායමාර්ගික ක්‍රමවේද

අප රට තුල ඉස්ලාම්කරණයේ ආරම්භක පියවරක් ලෙස ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට රහසිගතව කටයුතු කරන බවත්, ඒ සඳහා ඉතාම ෂුක්ෂම උපායමාර්ග ක්‍රියාත්මක වන බවත් බොදු බල සේනා විසින් පසුගිය වසර තුන තුල හෙළි කරන ලදී. ඉතා උපායීය ලෙස හලාල් සහතිකකරණය හඳුන්වා දීම, ෂරියා මුල්‍ය ක්‍රම හඳුන්වා දීම, ෂරියා නීතිය ක්‍රියාත්මක වන කලාප ඇති කිරීම ආදී වූ විවිධ උපාය මාර්ග ඔස්සේ මෙම කටයුතු හඳුනවා දෙනු ලබන බව පැහැදිලිය. මේ තත්වය රටේ සාමයට, සමගියට හා සන්හිදියාවට බාධාවක් බවත්, ISIS ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ මේ රට තුල ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයට ඉඩකඩ ඇති බවත් අපගේ මතයයි.

මෙය මුස්ලිම් විරෝධයක් හෝ ජාතිවාදයක් ලෙස හෝ ආගම්වාදයක් ලෙස නොසැලකිය යුතු අතර මෙය ජාතික ආරක්ෂාව, සමානාත්මතාව, ආගමික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ඇතුළු අංශ කිහිපයකට බලපෑම් ඇති කරන ඉතා මෑත අනාගතයේදී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිලිබඳ සාධක ලෙස හඳුන්වාදීමට කැමැත්තෙමු.

මේ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් පහත දැක්වෙන ඉල්ලීම් ඉදිරිපත් කරමු.

1) මෙම විෂය පිලිබඳ පර්යේෂණ හා විමර්ශනයන් සිදු කිරීම
2) මෙම කරුණු පිළිබඳව රජයේ නායකයින්, මන්ත්‍රීවරුන් හා නිලධාරීන් දැනුවත් කිරීම
3) මෙම තර්ජන පිලිබඳ සොයා බැලීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම
4) මෙම තර්ජන පිලිබඳ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය නිරන්තරයෙන් දැනුවත් කිරීම
5) මේ පිළිබඳව සාකච්ජා කිරීමට අප සංවිධානයට අවස්ථාවක් ලබා දීම.

මෙම සාධක ඇමරිකාව, යුරෝපය වැනි රටවලට බලපාන අයුරු පහත දැක්වෙන මුලාශ්‍රයන් ඇසුරෙන් මුලිකව අධ්‍යයනය කල හැක. ඉතා ඉහල බුද්ධි අංශ, ආරක්ෂක හමුදා, නීති ක්‍රම හා රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති රටවලට පවා මෙම සාධක අර්බුධයක් වී ඇති බැවින් මෙය අපේ රටට ඉතාමත් භයානක ලෙස බලපාන බව බව අපගේ පිළිගැනීමයි.

1) https://www.youtube.com/watch?t=1948&v=JcpfZvt7iPY
2) https://www.youtube.com/watch?v=y8Zl7YbA1Hc
3) https://www.youtube.com/watch?v=MNk7yyxE3b8
4) https://www.youtube.com/watch?v=2Hg-Si6Ijrs
5) https://www.youtube.com/watch?v=OUJNxRqrcyQ
6) https://www.youtube.com/watch?v=YJeLM8W3jZ0
7) https://www.youtube.com/watch?v=uDoatx8_LJ0
8) https://www.youtube.com/watch?v=HKoLbgqIQ7Y
9) https://www.youtube.com/watch?v=1XsJXnK33AQ
10) https://www.youtube.com/watch?v=uzjWaiOQfQw
11) https://www.youtube.com/watch?v=2sJ7eMUBBzc
12) https://www.youtube.com/watch?v=UQjL31sdtzo
13) https://www.youtube.com/watch?v=xyEjs9dq0lk
14) https://www.youtube.com/watch?v=lAFDC3ix7Oo
15) https://www.youtube.com/watch?v=mmV3x7jo_QQ
16) https://www.youtube.com/watch?v=eX7oezVO1Bk
17) https://www.youtube.com/watch?v=gKBo5a-wzos
18) https://www.youtube.com/watch?v=ZGMOpb1ngvU
19) https://www.youtube.com/watch?v=xoiCYwoJKrE
20) https://www.youtube.com/watch?v=fys0MxVXGiQ

මෙවැනි මුලාශ්‍රයන් දහස් ගණනක් ඉදිරිපත් කල හැක.

අහිංසක මුස්ලිම් පිරිස් පිළිබඳව වුවද මෙම සාධක නිසා ඔවුන්ගේ අහිංසකත්වය විනාශ වී ප්‍රචණ්ඩත්වය ජය ගැනීමට ඇති ඉඩ කඩ ඉතා පැහැදිලිය.

මෙහිදී අප රටට පැමිණ රැකියා කරන, ව්‍යාපාර කරන පදිංචි වී ඇති විදේශිකයින් පිලිබඳ සොයා බැලීමට විශේෂ ක්‍රම වේදයක් ඇති කල යුතුය

කණගාටුවකට මෙන් බටහිර මාධ්‍ය නිදහස ගැන කතා කරන අපේ රටේ මාධ්‍ය මේ කරුණු කතා කිරීම ජාතිවාදයක් ලෙස දැකීය හැක.

ස්තුතියි,
තෙරුවන් සරණයි
දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී,
බොදු බල සේනා

Top