Featured

සජිත්ගේ මනාපයට කෙලවන්න රහසිගත මෙහෙයුමක්!

පක්ෂ නායකත්වය හොරෙන් ඩැහැගැනිමට මාන බලමින් සිටින ඇතැම් පක්ෂයේ බල ලෝභින් හම්බන්තොට ඉලක්ක කර අසත්‍ය තොරතුරු හා වරාය,ගුවන්තොටුපල සම්බන්ධයෙන් වැරදි චිත්‍ර මවමින් ජනතාව තුල එක්සත් ජාතික පක්ෂය වෛරය ඇතිකරවා හම්බන්තොට තමන්ගේ ඡන්ද පදනමට හානිකිරිමේ උත්සහය යෙදි සිටින බව එක්සත් ජාතික් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීම සඳහා පහසුකම් සොයා බැලීමට වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කලමනාකරු ඩබ්ලිව් එස් තිලකරත්න මහතාට වී අලෙවි මණ්ඩලයේ සභාපති එම් ඩී දිසානායක මහතාගේ අත්සනින් ලිපියක් එවා තිබිම පසුපස පක්ෂ නායකත්වයට කිසිදු ජන පදනමක් නැති අමනයන් සිටින බව තමන් දන්නා බවයි සජිත් පවසා ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇල්ලිමේ මෙහෙයුම සාක්ෂි සහිතයි –රුවන් කපා අකිල එජාප නායකයා කිරිමේ කුමන්ත්‍රණය මෙන්න-වික්‍රමසිංහ – විජේවර්ධන බරපතළ ගැටුම නිසා  වාර්තා එළිදකීද?

2015 අගෝස්තු 15 දාතමින් යුත් මෙම ලිපිය මත්තල ගුවන් තොටුපොළ වෙතද යවා තිබේ.

“මත්තල ගුවන් තොටුපල සහ වරාය දැන් නිර්මාණය කරලා අවසන් අප කලයුත්තේ…මේවා ආයෝජනය කරන එක එහෙම නැතුව ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමමින් ප්‍රකාශ නිකුත් කිරිම හරහා වෙන්නේ මිනිස්සු අපි එක්ක තරහා වෙන එක….” යනුවෙන් සජිත් පවසා තිබේ.

මේ අතර පසුගියදා  එජාප ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමෙන් පසුව සජිත් ප්‍රේමදාස මෙන්ම සුජිව සේමසිංහ ඇතුලු පක්ෂ සමාජිකයන් කිහිප දෙනෙකුටම එරෙහිව රනිල් පාර්ශවයෙන් රහස් මෙහෙයුමක් දියත් කරමින් සිටින බව අප ඔත්තුකරුවන් අනාවරණය කළා.

එජාප ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය හදයි- පලමු විධායක රැස්විම හෙට

එදා ඡායා විධායක සභාවේ ගත් තින්දු බලාපොරොත්තු වෙන්න සිටින්න…..

Top