Featured

සජිත්,රවි,මලික් මංගලගේ නිවසේ රහසේම හමුවෙයි…. පිරිත අස්සේ රහසේම සාකච්ඡාවක් … මැතිවරණ සටන මෙහෙයවිම ගැනත් සාකච්ඡා!

Published on: Feb 28, 2020 – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතාගේ මාතර නිවසේ ඊයේ (27) රාත්‍රීයේ පැවැති සර්ව රාත්‍රීක පිරිත් සජ්ජායනය අතරතුර සජිත්,රවී, සහ මංගල අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා. ඊයේ එම අවස්ථාවට රවී කරුනානායක මන්ත්‍රීවරයා රාත්‍රී 11.30ට පමණ පැමිණ ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා පැමිණ ඇත්තේ රාත්‍රී 12ට පමණය.

සිය දෙමාපියන් සිහිකර සැම වසරකම මාර්තු මාසයේ ඔහුගේ නිවසේ දානමය පින්කම් සිදු කෙරෙන නමුත්, මහ මැතිවරණයක් ආසන්නයේ මෙවැනි පිරිත් පින්කමක් පැවැත්වීමත් ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගිවන බවට වාර්තාවීමත් නිසා මෙම පින්කම් කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබුනා.

පසුව සජිත්,රවී,මංගල අතර පැයක පමණ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි නව සන්ධානය සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙන්ම අද සවස රැස්විමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සම්බන්ධයෙන් මෙන්ම සමගි ජන බලවේගය පිහිටුවිමේ නිල උත්සවය පිළිබඳව එහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.පිරිත නිවසේ සාලයේ පැවැත්වෙද්දී මේ තිදෙනා කාමරයකට වි සාකච්ඡා කිරිම සම්බන්ධයෙන් පැමින සිටි සියලුදෙනාගේම අවධානය යොමුව තිබේ.

පිරිත සදහා මලික් සමරවික්‍රම, තලතා අතුකෝරළ සහ ගයන්ත කරුනාතිලක  යන මන්ත්‍රීවරුන්ද එක්ව සිට ඇති අතර ඔහුන් මධ්‍යම රාත්‍රීයට පෙර පිටත්ව ගොස් ඇති අතර පිටත්ව යැමට පෙර ඔහුන් සමගද මංගල සමරවිර මන්ත්‍රීවරයා සාකච්ඡා පවත්වා තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සමගි ජන බලවේගය යටත් නව සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සහ එහි ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණය දැනුම් දිම අද කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විමෙන් පසුව සිදුකිරිමට නියමිත බවද වාර්තා වේ.

කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් සමගි ජන බලවේගය පිහිටුවිමේ නිල උත්සවය ලබන 02 වනදා නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබේ.

රාජපක්ෂවාදි ඇතෑම් චිවරධාරි භික්ෂූන් වහන්සේලා දැඩි ලෙස විවේචනය කිරිම හේතුවෙන් රාජපක්ෂ කදවුරේ රස්තියාදු චිවරධාරින් මංගල මන්ත්‍රීවරයා ඉලක්ක කර පහරදුන් අතර මාතර මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරථාන වලට ඇතුළු වීම තහනම් කරමින් මංගල සමරවීර මහතාට සංඝ ආඥාවක්ද නිකුත් කර තිබුනා.

කෙසේවෙතත් ඊයේ පිරිත සදහා මාතර දිස්ත්‍රික්කයේ ගෞරවණීය මහා සංඝයා වහන්සේලා එක්ව සිටි අතර මංගලගේ කෙලින් කතාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදයද එහිදි පලකර තිබේ.

Top