Featured

සජින් බේරාගන්න මලික් ගෙන් මෙහෙයුමක්

බොරැල්ලේ පිහිටි කොස්මෝ කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ගිණුම්වලට රුපියල් මිලියන 144ක මුදලක් ලැබීම සම්බන්ධයෙන් අද (08) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණර්ධන අද නිදහස් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ සභාපති මෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මෙහෙයුමක් දියත් කර ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අයථාක්‍රම මගින් වාහන, දේපළ, ඉඩම් සහ ගුවන් යානා අත්පත් කර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය (27) නියෝග කල අතර පසුව යලිත් එම නියෝග 8 වැනිදා දක්වා දිර්ඝ කරනු ලැබුවා.

තර්ජනය කිරීම් හා නීති විරෝධී ක්‍රම මගින් සැකකරු කෝටි 61ක මුදලක් උපයා ගෙන ඇති බවත් එය උපයාගත් ආකාරය හෙළි කර ගැනීම සඳහා මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වන බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියා.

අදාළ රුපියල් මිලියන 144ක මුදල සශී සෙල්වනායගම්ට අයත් සමාගමකට අයත් මුදලක් වන අතර එය හොර රහසේම සජින් ද වාස් ගුණර්ධන සිය කොස්මෝ කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ගිණුම්වලට හරවාගෙන ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් සිදුවු ප්‍රශ්ණ කිරිම් වලදි කරුණු හෙළිකිරිමට ක්‍රිෂ්ණ සෙල්වනාදන් කටයුතු කිරිමත් සමග සජින් ඇයට තර්ජනය කර තිබේ.

පසුව ඇයට තර්ජනය කිරිම පිළිබඳව ක්‍රිෂ්ණ සෙල්වනාදන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන තමන්ගේ සොහොයුරුට  දැනුම් දි ඇති අතර පසුව ඔහුගේ මැදිහත් විම හරහා පසුගියදා සජින් ද වාස් ගුණර්ධන අත් අඩංගුවට ගැනිමට රහස් පොලිසිය කටයුතු කර තිබේ.

මේ අතර පසුගිය මහා මැතිවරණ සමයේ මලික් සමරවික්‍රමට මැතිවරණ ව්‍යාපාරය කරගෙන යෑම සදහා සජින් ද වාස් ගුණර්ධන විසින් මිලියන 500ක මුදලක් ලබාදි ඇති අතර ඒ අනුව මලික් මේ දින කිහිපයේම අදාළ පාර්ශවයන් හමුවි සජින්ට එරෙහිව ඇති තර්ජනය කිරිමේ චොදනාව අසත්‍ය එකක් ලෙස අධිකරණ හමුවේ පිළි ගන්නා ලෙසට බලපෑම් කර තිබේ.ඒ අනුව හෙට දිනයේ අධිකරණය හමුවේ සජින්ට ඇප ලබාදිමට නියමිත අතර පොලිසියට දුන් කට උත්තරය බලපෑම් මත ලබාදුන් එකක් බවට ප්‍රකාශයක් ලබාදිමටද නියමිතයි.

තර්ජනය කිරීම් හා නීති විරෝධී ක්‍රම මගින් සැකකරු කෝටි 61ක මුදලක් උපයා ගෙන ඇති බවත් එය උපයාගත් ආකාරය හෙළි කර ගැනීම සඳහා මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වන බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

තවද මුදල් පොතේ සඳහන් කරුණු හා බැංකුගත ගිණුම්වල පරස්පරතා ඇති බවත් මේ පිළිබඳව සැකකරු හා කොස්මෝ සමාගමේ ගණකාධිකාරවරයා ලබාදෙන ප්‍රකාශ ද එකිනෙකට පරස්පර බවට රහස් පොලිසිය අධිකරණය වෙත පැවසීය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරු තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට නියම කළ ම‍හේස්ත්‍රාත්වරයා සැකකරුට හා ගණකාධිකාරීවරයාට ලබන 7 වන දින රහස් පොලිසියේ එකවර පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දෙන ලෙසට නියෝග කළේය. වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය ඊයේ (05) පැවසුවේ සැකකරු කොස්මෝ කන්ට්‍රක්ෂන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරමින් ගුවන්යානා අයථා දේපළ හා රුපියල් කෝටි 61ක මුදලක් උපයා ඇති බවය.

මෙම ගනුදෙනු පිළිබඳව මුදල් පොතේ සටහන් හා තැන්පතු ගිණුම් අතර පරස්පරතා ඇති බවත් මුදල් පොතේ සඳහන් මුදලට අමතර මුදලක් ගිණුමේ තැන්පත්ව ඇති බවය.

අධිකරණ නියෝග අනුව කොස්මෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනය සෝදිසියකට ලක් කර එහි තිබු ලේඛන පරීක්ෂා කළ බව සඳහන් කළ රහස් පොලිසිය ව්‍යාපාරික ක්‍රිෂ්ණ සෙල්වනාදන් නමැත්තාට තර්ජනය කර සැකකරු මිලියන 8.1ක මුදලක් ලබාගෙන ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වූ බව පැවසීය.

මීට අමතරව සැකකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා ‘මචං’ රෙස්ටුරන්ට් සඳහා ස්ථාන ලබාදෙන බව පවසා මිලියන 16ක මුදලක්ද මෙම ව්‍යාපාරිකයාට තර්ජනය කර ලබාගෙන ඇති බව පැවසීය.

සැකකරු වින්දිත ව්‍යාපාරිකයාට 2016/6/21 වන දින ‘we are also ready’ යනුවෙන් තර්ජනාත්මක කෙටි දුරකථන පණිවිඩයක් යොමු කර තිබෙනවා යැයි පැවසූ රහස් පොලිසිය වින්දිත ව්‍යාපාරිකයා හා ගණකාධිකාරවරයා රහස් පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගත් පසු මෙම දුරකථන පණිවිඩය සැකකරු ව්‍යාපාරිකයා වෙත යොමු කර ඇති බව පැවසීය.

මහේස්ත්‍රාත් – we are also ready යනුවෙන් පැවසීම තර්ජනය වන්නේ කොහොමද?

රහස් පොලිසිය – මෙම සාක්ෂිකරු බියෙන් ඉන්නේ. 2015 අංක 14 අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතේ 8 (4) අ ගැනෙන වරදක් ලෙස සැලකෙනවා. මොහු මුදල් විශුද්ධිකරණ පනතේ 3, 4 වගන්ති සම්බන්ධ වැරදි සිදු කර තිබෙනවා.

මෙහිදී වින්දිත ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර බැද්දේගොඩ මහතා පැවසුවේ 2012 සිට ගිවිසුම් 5ක් සැකකරු සමඟ අත්සන් කර ඇති බවත් ගිවිසුම් ඇති කර ගත් කාලය තුළ දී සැකකරුගේ දේශපාලන තත්ත්වය හේතු කරගෙන බියවීමක් තිබු නමුත් සැකකරු තර්ජනයක් සිදු නොකළ බවට පැවසීය.

මිලියන 8.1ක පාඩුවක් වුවද එය ඉදිරියේදී නීතිමය පියවර මත ලබා ගැනීමට බලාපොරොත්තු වන බවට නීතිඥ මහතා වැඩිදුරටත් පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවසුවේ රහස් පොලිසිය සැකකරු බන්ධනාගාරගත කිරීම සඳහාම වින්දිත පුද්ගලයා අසරණ ද්‍රවිඩ පුද්ග‍ලයෙකු ලෙසට අධිකරණයට හුවා දැක්වීමට කටයුතු කර ඇති බවය.

මොහු වින්දිත ව්‍යාපාරිකයා සිලොන් ජුවලරි සමාගමේ අධ්‍යක්ෂක වරයෙක් මාසික ආදායම බිලියන ගණන් වන බව සඳහන් කළ නීතිඥවරයා එම ලේඛන ද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙළේය.

ලේඛන පරීක්ෂාවට ලක් කළ මහේස්ත්‍රාත්වරයා අපරාධ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත අනුව සැකකරු බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නැති බව සඳහ න් කරමින් සැකකරු බන්ධනාගාරගත කිරීමට ඇති අනෙක් කරුණු මොනවාද යනුවෙන් රහස් පොලිසියෙන් ප්‍රශ්න ක‍ළේය.

මුදල් විශුද්ධිකරණ පනත අනුව ගුවන් යානා, අයථා දේපළ හා කෝටි 61 මුදල ලබා ගත් ආකාරය පිළිබඳව විමර්ශන පවත්වන බව පැවසූ රහස් පොලිසිය කොස්මෝ සමාගමේ ගණකාධිකාරවරයා ඇතුළු විශාල පුද්ගලයින් පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව පැවසීය.

තවද පියවතීට එරෙහි නීතිපති යන නීති වාර්තාවක් උපුටා දැක්වූ රහස් පොලිසිය සැකකරුට ඇප ලබා දුන්නොත් සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති විය හැකි බැවින් ඇප ලබාදීමට විරුද්ධත්වය පළ කළේය.

නැවත වින්දිත ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහු විසින් රහස් පොලිසිය නොමඟ යැවීමට උත්සාහ කර ඇති බවට කරුණු අනාවරණය වන්නේ නම් ඔහුට විරුද්ධව ‍නීතිය ක්‍රියාත්මක කරන ලෙස ‍රහස්පොලිසියට නියෝග කෙළේය.

මහේස්ත්‍රාත් කෝටි 61 හෙවූ ආකාරය පිළිබඳව විමර්ශන ඉදිරියට පවත්වනවද?

කොස්මොස් සමාගම් 21ක ගිණුම් 27ක් පවත්වාගෙන ගිය බව සඳහන් කළ රහස් පොලිසිය ගණකාධිකාරි දිමුතු කුමාර යන අය පවසන තොරතුරු හා සැකකරු ලබාදෙන තොරතුරු එකිනෙකට පරස්පර බව පැවසීය.

තවද මුදල් පොතේ M.D. Cash නමින් සඳහන් කර විශාල වශයෙන් මුදල් සමාගම් ගිණුම්වල තැන්පත් කර ඇති බව පැවසීය.

අදාළ කරුණු සලකා බැලූ ම‍හේස්ත්‍රාත්වරයා සැකකරු හා ගණකාධිකාරවරයා රහස් පොලිසියට කැඳවා එකම ස්ථානයකදී ප්‍රකාශ ලබාගැනීම උචිත බව පවසමින් මේ මස 7 වන දින පෙ.ව. 9.00ට සැකකරු රහස් පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළ මහේස්ත්‍රාත්වරයා ගණකාධිකාරවරයාට එදින පෙ.ව. 9.00ට රහස් පොලිසියේ පෙනී සිටීමට නියම කරමින් සැකකරු තවදුරටත් මේ මස 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

Top