Featured

සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක්! රනිල් නැවතත් ගේමක් ගැසීමෙ සුදානමක… සල්ලි වලට ගත් කල්ලි සඳුදා අධිකරණයට යයි….

Published on: Mar 14, 2020 – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවිම යටතේ සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

ඒ සදහා රාජපක්ෂලාගේද සහය රනිල්ට ලැබි තිබේන අතර ඒ අනුව ලබන සඳුදා දිනයේ සමඟි ජන බලවේගයට එරෙහිව අධිකරණය හමුවේ තහනම් නියෝගයක් ඉල්ලා පැමිණිල්ලක් සිදුකිරීමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

රනිල්ගේ නියෝගයකට අනුව දිස්ත්‍රික් කිහිපයකින් මුදල් දී ලබාගත් සිවිල් ක්‍රියාකාරින් කිහිප දෙනෙකු හරහා මෙම තහනම නියෝගය අධිකරණය හමුවේ ගොනු කිරිමට නියමිත අතර සමඟි ජන බලවේගය නියම අකාරයට පිහිටුවා නොමැති බව පවසමින් එම සන්ධානයේ නාමයෝජනා ලබා නොගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලිමට සුදානම් කර තිබේ.

කෙසේවෙතත් වික්‍රමසිංහ,රාජපක්ෂලාගේ ඔනෑම අවස්ථාවාදී දේශපාලන උගුලකට එරෙහිව සටන් කිරිමට සුදානම් බව සමඟි ජන බලවේගය මේ වනවිටත් දැනුම් දි තිබේ.

මේ අතර අද මාධ්‍ය හමුවක් කැදවමින් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

“කොරෝනා උවදුර තුළ තමයි මේ සැඟවුණු ඩීල් කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. සමගි ජන බලවේගය කුමන්ත්‍රණකාරීව දේශපාලනයෙන් ඉවත් කරන්න කුමන්ත්‍රණයක්.අපි මේ සන්ධානය ගොඩනැගුවේ අනුමැතියක් ඇතුව.”

“අද වන විට අපේ දේශපාලන බලවේගය මැඩ පවත්වන්න මහා දැවැන්ත කුමන්ත්‍රණයක් පාර්ශ්ව ගණනාවක් එකතුවෙලා, අපිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් ඉවත් කරන්න උත්සහ කරනවා.”  යැයිද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top