Featured

සම්බන්ධන්, විග්නේෂ්වරන් ගැටුම උග්‍ර අතට – ඉන්දියාවේ වචනයටත් පයින් ගහයි

Published on: Jan 12, 2016 – උතුරේ දේශපාලන අර්බුදය උග්‍ර අතට හැරිමත් සමග උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් සහ ආර්.සම්බන්ධන් අතර ගැටුම සමථයකට පත්කිරිම සදහා වහාම විග්නේෂ්වරන්ව දිල්ලියට කැඳවා සාකච්ඡා කිරීමට ඉන්දීය රජය තිරණය කර තිබේන බව ඉන්දිය අප වාර්තාකාරිනී අසෝ ඛාන් අනාවරණය කරයි.

විග්නේෂ්වරන්ව කැඳවා බලපෑම් කලයුතු බවට තමිලරසු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් ඉන්දිය රජයට අවධාරණය කර තිබේන අතර ඒ මාර්ගයෙන් දෙමළ ජනතා සංසදයේ කටයුතු නතර කර, තමිලරසු පක්‍ෂය සමග එක්ව යහපාලන රජයට සහයෝගය ලබාදීමේ කටයුත්තට විග්නේෂ්වරන්ව එකඟ කරවීම සඳහා වන උත්සාහයක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් ඉන්දියරජයේ මෙම ඉල්ලිම ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් කමකට ගෙන නැති බවද අනාවරණය වි තිබේ.ඊයේ උතුරු පළාත් සභාවේ පාලක පක්‍ෂයේ මන්ත්‍රීවරු සහ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ඉන්දිය රජයේ බලපෑම අවඥාවට ලක්කරමින් කතා කර තිබේ.

මේ අතර රට තුල එක්සත් රාමුවක් තුල ෆෙඩරල් ක්‍රමය ශක්තිමත් කරන මෙන් මහත්මා ගාන්ධිගේ මුණුබුරා මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරයෙකු ‍වන ගෝබාලක්‍රිෂ්ණ ගාන්ධි යහපාලන රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පදවිප්‍රාප්තියට වසරක් සපීරීම නිමිත්තෙන් කොළඹදී පැවති වැඩසටහනකට සහභාගි වී කතා කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

“ෆෙඩරල් ක්‍රමයට පැරණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධක තිබුණි. ෆෙඩරල් ක්‍රමය ශක්තිමත් කළ යුතුව ඇත. ඒ අතරම, වත්මන් රජයේ කටයුතු මගින් නැවත දෙමළ ජනතාව පීඩාවට පත්නොකරන බව රජය තහවුරු කළ යුතුය” යනුවෙන් ගෝබාලක්‍රිෂ්ණ ගාන්ධි පවසා තිබේ.

Top