Featured

“සර්. සර්.” කියු ග්‍රාමසේවකට දැන් මුල අමතක වෙලා.. “මරණ තුනක් ඇති නිකමෙක් ….ලෙවකෑය”

අප  මින් පෙර කිහිපවතාවක් සඳහන් කළ පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විටින් විට ඇතිවන දරුණු පාචන රෝගී තත්වයකින් දැඩි ලෙස පීඩා විඳියි. මේ සඳහා ජනාධිපති සිරිසේන දේශීය සහ විදේශීය වෛද්‍යවරුන් හමුව නොයෙකුත්  වෛද්‍ය ක්‍රමයන් යටතේ ප්‍රතිකාර ලැබුවද තාවකාලික සහනයක් මිස ස්ථිර සුවයක් නොලැබීය.

මින් මාස කිහිපයකට ඉහතදී ද මේ තත්වය උත්සන්න වූ අතර ඒ පිලිබඳ ලිපියක් අපවිසින් එම කාලයේදී මෙම වෙබ් අඩවියේ පලකරනු ලැබීය. අප විසින් එම ලිපියේ දී අනාවරණය කරණ ලද්දේ ජනාධිපති සිරිසේනගේ රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරනු ලබන මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස්, පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය යසන්ත ආරියරත්න, උදර ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය කෙමාල් ඩීන්, උදර රෝග  වෛද්‍ය විශේෂඥ එන්. එම්. එම්. නවරත්න, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් වන යසස් අබේවික්‍රම සහ තුෂාන් බෙනරගම යන මහත්වරුන් ඒ පිළිබඳව විවිධ මත දරන ලද බවයි.

එසේම අප විසින් ඒ ලිපිය අවසානයේ අනාවරණය කළේ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමේ අවසන් තීරණය වූයේ  ජනාධිපති සිරිසේනගේ   වෛද්‍ය වාර්තා, ලේ, මල සහ මුත්‍ර සාම්පල් ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට යවා වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් AC, FRACP, FRS, FAA, DSc යටතේ පරීක්ෂා කරවීම බවයි. වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් මහතා උදරගත ආසාදන පිළිබඳව ලෝක ප්‍රකට විද්වතෙකු වන අතර භෞතවේදය (physiology) පිළිබඳව වසර 2005 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් විසින් සති අටක් පුරා තම සහයක කණ්ඩායම සමග පරීක්ෂණයන් සිදුකළ අතර ඒ වෛද්‍ය වාර්තා ඉහත සඳහන් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය වෙත යොමුකරනු ලැබීය. ඒ සම්පුර්ණ වාර්තාව කියවීමට අපට  අවස්ථාවක් නොලැබුනුමුත් පිටු 12 කින් සමන්විත එහි සංක්ෂිප්තය කියවීමට අපට  අවස්ථාවක් ලැබිණි. නමුත් වගකියයුතු වෙබ් අඩවියක් ලෙස අපට ඒ පිළිබඳව කිසිවක් අනාවරණය කළ නොහැක. මක්නිසාදයත්  රෝගියකුගේ වෛද්‍ය වාර්තා පිළිබඳව අනාවරණය කිරීම අතිශය සදාචාර විරෝධී බැවිනි. අපට ජනාධිපති සිරිසේන සමග වනුයේ දේශපාලන ප්‍රතිවිරෝධයකි. නමුත් ඔහු බරපතළ රෝගී තත්වයකින් පෙලෙනවිට ඒ පිළිබඳව ප්‍රීතියට පත්වීමටවත් ඉක්මණින් ඔහුගේ මරණය සිදුවේවා යැයි ප්‍රර්ථනා කිරීමටවත් අපට නොහැක. ඒ අපේ බොදු හැදියාවයි.

ඉහත වෛද්‍ය වාර්තාව අධ්‍යයනය කළ ජනාධිපති වෛද්‍ය උපදේශක වෛද්‍ය මණ්ඩලයේ පළමු නිර්දේශය වූයේ ජනාධිපති සිරිසේන අනිවාර්යයෙන්ම තමන්ගේ මානසික විවේකය පිලිබඳ දැඩි අවධානය යොමුකළ යුතුය යන්නය. මක්නිසාදයත් මානසික අවිවේකය මේ රෝගී තත්වය තවත් උත්සන්න කරනා බැවිනි. නමුත් ජනාධිපති සිරිසේනට නොමැති ප්‍රධානතම දේ නම් මානසික විවේකයයි.

ජනාධිපති සිරිසේනට අතිශයින් සමීප “රජුට හිතැති මෝඩ වඳුරන් දෙදෙනෙකු” ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක (මේ දෙදෙනා සිතා සිටිනුයේ තමන් කෞටිල්‍ය සහ මැකියාවෙලි බඳු මහා දේශපාලන උපායමාර්ගිකයන් ලෙසය. මෙය රටක අනාගතය කෙරෙහි අතිශය අහිතකර ලෙස බලපාන නමුත් සැමවිටම කුහුඹුවා සිතනුයේ තම මුත්‍රා දහර මහා ගංගාවක් ලෙසය.)  විසින් දෙන “කේවට්ට උපදෙස්” අනුව ජනාධිපති සිරිසේන ක්‍රියාකරමින් ප්‍රශ්ණ නිරාකරණය කිරීම පසෙකලා එක් ප්‍රශ්නයක් වෙනුවට ඒ සම්බන්ධ තවත් ප්‍රශ්ණ ගණනනාවක් ඇතිකර ගනිමින් මහජනතාව ඉදිරියේ විකටයකුගේ තත්වයට ඇදවැටීම මේ මානසික ආතතියට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය. 2016. 07.10 දින පළවූ රාවය පුවත්පතට  වික්ටර් අයිවන් විසින් දීර්ඝ ලිපියක් ලියමින් ඉතා සියුම් ලෙස එජාප දෘෂ්ටිකෝණයෙන්  මේ පිළිබඳව විග්‍රහයක යෙදිනි.

අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම් මාලාව කෙලවර වූයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයෙනි. (අර්ජුන් මහේන්ද්‍රන් නැවත පත් කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කළ අරගලය කෙළවර වූයේද අර්ධ ජයග්‍රහණයකිනි. මක්නිසාද යත් අර්ජුන් මහේන්ද්‍රන් නැවත පත් කිරීම වැලක්වීමට ඔවුන් සමත්වුවත් බැලූ බැල්මටම රටට හිතැති සේ පෙනෙන නව මහ බැංකු අධිපතිවරයකු පත්කරගැනීමට ඔවුන් අපොහොසත් වූ බැවිනි.) තමන් අගමැතිට කීකරු ජනාධිපතිවරයකු බවට සිරිසේන නැවත ඔප්පු කළේය. ඒ සුවච කීකරුකම පිලිබඳව ප්‍රශ්ණ කළ ඒකාබද්ධ විපක්ෂයේ තරුණ දේශපාලනඥයකු විවේචනය කරමින්  එය එසේ නොවන බවටජනාධිපති සිරිසේන කළ කතාව සිරිසේන – වික්‍රමසිංහ ගැටුම තවත් උග්‍ර කළේය. ජනාධිපති සිරිසේනගේ කතාවට අනුව “පෙර සිටි මහරජු” ගෙදර යැව්වේ ඔහුය. මේ කතාව අගමැති වික්‍රමසිංහ ප්‍රකෝප කළේය.

තම අභ්‍යන්තර කවය සමග කළ සංවාදයකදී අගමැති වික්‍රමසිංහ පවසා ඇත්තේ  එසේනම් 2015.01.08 දින සහ ඉන් පෙර පසුගිය ජනාධිපතිවරණ සමයේ තමන්, එජාපය හෝ  පාක්ෂිකයන් කළ කෙන්ගෙඩියක් නොමැති බවයි. එසේම  ඉන් අනතුරුව අගමැති වික්‍රමසිංහ ඉතා හාස්‍යජනකව පවසා සිරිසේන පාර්ලිමේන්තු ආවේ 1989 බවද එවකට ජේෂ්ඨ ඇමතිවරයකු වූ තමන් හට “සර්. සර්.” කියූ ඉන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග රජයේ මුලින්ම නියෝජ්‍ය ඇමතිකමක් ලද පසුවද දෙවනුව ඇමතිකමක් ලද පසුවද පසුගිය ජනාධිපතිවරණ සමයේදී සහ ඉන් පසුව මුල් කාලයේදී “සර්. සර්.” කියුවද දැන් ග්‍රාමසේවකට මුල අමතකව ඇති බවයි.

බොහෝදෙනාට අමතක්ව ඇති දෙයක් ඇත එනම් 1994 දී පිහිටුවන ලද චන්ද්‍රිකා කුමාරතුංග රජයේ පළමු අමාත්‍යමණ්ඩලයට මෛත්‍රීපාල සිරිසේන අයත් නොවූ බවයි. ඔහුට ලැබුනේ නියෝජ්‍ය ඇමැතිකමකි. අප මතකය නිවැරදිනම් චන්ද්‍රිකා කුමාරතුංග රජයේ පළමු අමාත්‍යමණ්ඩලයට අයත් පුද්ගලයන් ලෙස අද පාර්ලිමේන්තුවේ සිටින්නේ මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, මංගල සමරවීර, මෙවර මහා මැතිවරණයෙන් පැරදී ජනාධිපති සිරිසේන විසින් “ජාතික ලැයිස්තු පස්ස දොරෙන්” රිංගවූ  එස්. බී.  දිසානායක සහ එසේම රිංගවූ  ඒ.එච්.එම්. ෆවුසි පමණි. ඒ කැබිනට් මණ්ඩලයේද ඉන් පසු ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන රජයන් යට‍තේ මහින්ද රාජපක්ෂ විසින් පිහිටුවන රජයන්හි  කැබිනට් මණ්ඩල දක්වාද ඇමතිවරයකු වූ අද මෙලෝ රහක් නැති කැබිනට් නොවන රාජ්‍ය ඇමති කට්ටක් අද සූප්පු කරන ෆවුසි මෙන්ම මහින්ද රාජපක්ෂ හැර ඉහත සඳහන් අන් සියලුදෙනාද ඇමතිකම් දරනුයේ තමන්ට 1994 දී එදා  කටපුරා “සර්” කිව් සිරිසේන යටතේය. (අදද ජනාධිපති සිරිසේන මහින්ද රාජපක්ෂ සහ  චන්ද්‍රිකා කුමාරතුංග අමතනුයේ පිලිවෙලින් “සර්” සහ “මැඩම්” යනුවෙනි. ) කොළඹ දැඩි ශ්‍රීලනිප පාක්ෂිකයන් කිහිපදෙනෙකු අප වෙත අනාවරණය කර සිටියේ දැන් ෆවුසි කලිසම් අඳිනුයේ විලිවසා ගැනීමට නොව ඩෙංගු මදුරුවන්ගෙන් බේරීමට බවයි.

නැවත අපි රනිල් වික්‍රමසිංහ තම අභ්‍යන්තර කවය සමග කළ සාකච්චාව වෙත එළඹෙමු. පිරිසේ අදහස වූයේ කෝප නොවී සියුම්ව  ජනාධිපති සිරිසේන උපහාසයට ලක්කරණ කතාබහක අගමැතිවරයා යෙදුනු බවට සති අන්ත පුවත්පත් වල දේශපාලන කොලම් වල පලකළයුතු බවයි. ඒ පුවත වහා නිර්මාණය කෙරුණු අතර බොහෝ සති අන්ත පුවත්පත් විසින් ඒ පලකරනු ලැබීය.

ඒ පුවත අනුව අගමැතිවරයා පවසා ඇත්තේ  නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අතීතයේ සිටම අර්ජුන් මහේන්ද්‍රන්ටත් වඩා තම පවුල සමග දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවයි. මේ දෙදෙනාම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් බවත් ඉතා ඉහල මට්ටමේ  ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් ලද ඔවුන් තම පියවරුන් සේම ජාතික සහ ජාත්‍යන්තර තලයේ විශිෂ්ට අත්දැකීම් ලත් පුද්ගලයන් බවට අවධාරණය කළ අගමැතිවරයා ඊළඟට සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ කුල සම්භවය පිලිබඳවය. ඒ අනුව මේ දෙදෙනාම යාපනයේ වෙල්ලාල කුලයට (සිංහල ගොවිගම කුලයට සමාන දෙමළ කුලයයි.) අයත් කීර්තිමත් ප්‍රභූ පරපුරු වලින් පැවත එන්නන්ය. එසේම අගමැතිවරයා සඳහන් කළේ ප්‍රභාකරන් ඔවුන්ට විරුද්ධව සටන් කළ බවයි. ප්‍රභාකරන් අයත්වනුයේ කරයාර් කුලයටය (සිංහල කරාව  කුලයට සමාන දෙමළ කුලයයි.)  මේ සියලු කරුණු සත්‍ය කාරණාය. මේ සියල්ල මගින් අගමැතිවරයා ඉතා සුක්ෂම ලෙස ජනාධිපති සිරිසේනගේ මෙන්ම අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධ වූ එජාපයේ  කිහිපදෙනකුගේද පහටියට දරුණු පා පහරක් එල්ල කර ඇත. මෙහි යටිපෙළ අවබෝධකරගැනීම ඔබට භාරය. අප කුලවාදීන් නොවන අතර අප විශ්වාස කරණුයේ යමකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වනුයේ උපතින් නොව ක්‍රියාවෙන් බවයි. එසේම අප දන්නා පරිදි නම් උපතින් ජනාධිපති සිරිසේන අයත්වනුයේ ගොවිගම කුලයටය.

මේ ප්‍රහාරයෙන් ජනාධිපති සිරිසේන තුෂ්නිම්භූතවූ අතර අගමැති වික්‍රමසිංහ විසින් තමන් වටා දැලක් එලමින් පවතින බවට ඔහුට හැඟී ගියේ විදේශ ඇමති මංගල සමරවීර පරසක්වල ගසමින් අවධාරණය කරණ හයිබ්‍රිඩ් අධිකරණය පිලිබඳ ප්‍රකාශයන් සමගය. එසේම විමල් වීරවංශ විසින් කල් යල් බලා ඇටුවූ “වැට් නඩු බෝම්බයද” පුපුරා ගියේ “යහපාලනයෙන් සතුටුවන ජනතාව” අමන්දානන්දයට පත්කරමිනි.

මේ සියලු කාරණා මැද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් වන නිෂා බිස්වාල් සහ ටොම් මලිනොස්කි දිවයිනට පැමිණෙන බවට හදිසියේ දැනගත් ජනාධිපති සිරිසේනට දෙලොව රත්විය. (ජනාධිපති සිරිසේන යනු තමන්ගේ රාජ්‍ය නායක දිනපොත තමන් විසින්ම යාවත්කාලීන කරණ ලොව සිටින සහ හිටපු එකම රාජ්‍ය නායකයාය. සාමාන්‍යයෙන් මේ දිනපොත භාරව කටයුතු කළයුත්තේ අවම වශයෙන් අමාත්‍යංශයක අතිරේක ලේකම් වරයකු වැනි ඉතා පළපුරුදු පරිපාලන නිලධාරියකු විසිනි. ඒ අනුව මේ ජනාධිපතිවරයා බොහෝ වැදගත් දේ පුවත්පත් වලින් හෝ හදිසියේ යම් කෙනෙකුගෙන් දැනගැනීම පුදුමයක් නොවේ.) ඒ හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්නේ නැති බවට පසුගිය දින තැන තැන කළ “ගැලරි කතා” හේතුවෙනි. නමුත් ජනාධිපතිවරණයට පෙර ජනාධිපති සිරිසේන “ඊනියා යුධ අපරාධ” හයිබ්‍රිඩ් අධිකරණය සහ ෆෙඩරල් ව්‍යවස්ථාව පිළිබඳව බටහිර සහ ඉන්දියාව සමග ලිඛිත එකඟතාවයකට පැමිණ තිබිණි. මේ සඳහා ඔහු පෞද්ගලිකව කැමති වුවද සියලු සමීක්ෂණ වාර්තා ඔහු වෙත අවධාරණය කර ඇත්තේ එසේ කිරීම යනු ඔහුගේ දේශපාලන මිනීවල හාරා ගැනීමක් බවයි.

නමුත් අනිවාර්යයෙන්ම නිෂා බිස්වාල් සහ ටොම් මලිනොස්කි වෙත දුන් තමන් බලයට පත්කළ අයට පොරොන්දු ඉටුකිරීමේ කාලසටහනක් ලබාදීමට සිදුවන නිසා  දැඩි මානසික ආතතියකට සහ එහි ප්‍රතිපලය ලෙස පාචන රෝගී තත්වයකට  පත් ජනාධිපති සිරිසේන තම කේවට්ට උපදේශකයන් දෙදෙනා වෙතින් උපදෙස් පැතූ විට ලද උපදෙස වූයේ පසුගිය මහා මැතිවරණයේදී මහින්ද භාවිතාකර එජනිස වෙත චන්ද ආකර්ෂණය කරවාගෙන ජාතික ලයිස්තුව මහ දවල්  මංකොල්ල කෑමට සහ පත්වූ විලිලජ්ජාව නොමැති මන්ත්‍රීවරුන්ට වරදාන දී “ඊනියා ජාතික රජයක්” පිහිටුවා ගැනීමට තමන් දුන් උපදෙස් වල මූලිකාංග   මෙහිදීද ක්‍රියාත්මක කරණ ලෙසයි.

එසේම මේ කේවට්ට උපදේශකයන් අවධාරණය කර ඇත්තේ “ඊනියා යුධ අපරාධ” හයිබ්‍රිඩ් අධිකරණය සහ ෆෙඩරල් ව්‍යවස්ථාව පිළිබඳව මූලික කාරණා නිෂා බිස්වාල් සහ ටොම් මලිනොස්කි සමග රනිල්ට සහ මංගලට සපුරාගැනීමට ඉඩහැර ඒ පිළිබඳව  තමන්ගේ පෞද්ගලික කැමැත්ත සඟවාගෙන විදේශ ගතවන ලෙසටය. මක්නිසාදයත් පසුව “මං දැනගත්තෙත් පත්තරෙන්නෙ” යන සුපුරුදු ප්‍රකාශය කරමින් “සුදනා වීමේ න්‍යාය සහ කල්මැරීමේ න්‍යාය” මෙහිදී ද අනුගමනය කරගැනීමට එයින් ඉඩ සැලසෙන බැවිනි.

නමුත් මේ කේවට්ට උපදේශකයන් නොදන්නා කාරණය නම් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ඇතිකරගත් ජාත්‍යන්තර එකඟතා කඩකිරීම ඒ එකඟතා කඩකළ පුද්ගලයා වෙත බොහෝ භයානක ප්‍රතිපල ලඟා කරන්නක් බවය.

මේ ලිපිය අවසානයේ අපි ඔබට ජනකවියක් සිහිපත් කරමු. ඒ මෙසේය.

වනේ ගිජිඳාය දුටුවොත්                    වනසාය

වලේ පනිඳාය වැටුනොත් ඌ                  කාය

අතෙකින් කරවලෙකි අතෙකින් දඬු          බෑය

මරණ තුනක් ඇති මිනිසෙක් පැණි           කෑය

අතීතයේදී  මිනිසෙක් වනාන්තරයක් මැදින් යද්දී වල් ඇතෙකු  විසින් එලවාගෙන යනු ලැබිණි. ඉන් බේරීමට දිව යද්දී වලකට වැටුණු ඔහුගේ අතට අසුවුයේ වල මැදට නෙරාගිය දිරා ගිය අත්තකි. ඒ අත්ත ඔහුගේ අතට අසුවුයේ එහි සිටි විෂඝෝර සර්පයකු වන කරවලෙකු සමගිනි. වල පහළ බැලූ ඔහු දුටුවේ පෙනය ඔසවාගත් නයෙකි. වල ඉහලින් ඔහු සොයන හස්තියාය. දැන් සැබවින්ම ඔහු සිටිනුයේ මරණ තුනක් මැදය. නමුත් ඉන් ඉක්බිතිව ඔහු දුටුවේ දඬුවැල් මැස්සන් විසින් ඒ දිරූ අත්තේ බඳින ලද පැණි වදයකි (මීවද තරම් රසයක් නැති තුන්වෙනි පන්තියේ පැණි වදයකි). දූරදර්ශීව කල්පනා කර නියත මරණයෙන් ගැලවීම වෙනුවට ඔහු කළේ දඬුවැල් බෑයේ පැණි ලෙවකෑමය.

ඒ සිහියට නගාගත් නූතන ජන කවියෙක් ඉහත තත්වයන් තුළ  අද කාලයේ ජනාධිපතිකම යන වැල බෑයේ රසවිඳින ජනාධිපති සිරිසේන පිළිබඳව මෙසේ සිහිපත් කළේය.

පුරේ ජනයාය  දුටුවොත්                                වනසාය

වලේ රනිලාය වැටුනොත් ඌ                        කාය

සුරතේ බටහිරයි වමතේ වැල                         බෑය

මරණ තුනක් ඇති නිකමෙක්                        ලෙවකෑය

 

http://www.lankanewsweb.today/archives/8530

ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි  කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය ලබා දී ඇත. තම පවුලේ සාමාජිකයන්ගේ බලවත් විරෝධය මත වුවද, ජනාධිපති ආරක්ෂාව පිලිබඳ දශක ගණනාවක පළපුරුද්දක් ඇති ජනාධිපති ආරක්ෂක අංශය පවා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ තීරණය එම  බරපතල මානසික පීඩනයේ එක් ප්‍රතිපලයකි. තතු දත් ඇතැම් තොරතුරු මුලාශ්‍රයන් හෙලිකරනුයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පුද්ගලයන් විසින් ජනාධිපතිවරයා සම්බන්ධ සියලු තොරතුරු වික්‍රමසිංහ සහ රාජපක්ෂ මහත්වරුන් වෙත නිරන්තරයෙන් වාර්තා කිරීමද මෙයට හේතුවූ බවයි.

http://www.lankanewsweb.today/archives/5040

Top