Featured

සල්ලි මලු පිටින් උස්සපු සේනරත්ගේ සුදුසුකම් නැති ඥාති පුතා Mobitel ලොකු පුටුවකට! එකම සුදුසුකම බාප්පා අගමැති ලේකම් වීම…. ශ්‍රේණි 4ක් ඉහළට ගිහින් ලක්ෂ 10ක දිමනාවකුත් හදාගෙන!

Published on: May 25, 2020 – ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ට අයත් මොබිටෙල් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී (වැඩබලන ) ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ සහෝදරයෙකු ගේ පුත්‍රයෙකු පත් කිරීම හේතුවෙන් සමාගම් අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ශ්‍රී ලංකා මොබිටෙල් හී ප්‍රධාන අලෙවි විධායක -(වැඩබලන ) වීමට අගමැති ලේකම් ගාමිණී සෙනරත් ගේ සහෝදරයාගේ පුත්‍රයකු වන ශශික සෙනරත් නැමත්තා පත්කර ඇති නමුත් දේශපාලන බලය හැරුනු විට තනතුර සදහා කිසිදු සුදුසුකමක් ඔහු විසින් සපුරා නැති බවයි වෘත්තීය සමිති ඇතුළු විරෝධය දක්වන පිරිස් අනාවරණය කර ඇත්තේ. ශාශික සෙනරත් නැමත්තා ශ්‍රී ලංකා මොබිටෙල් ප්‍රධාන අලෙවි විධායක (වැඩබලන ) ලෙස පත් වීම ලබන්නේ ඔහුට වඩා ඊට සුදුසුකම් ඇති නිලධාරීන් පනහකට වැඩි පිරිසක් සිටිය දී ය. අවුරුදු 15 ට වැඩි කාලයක් අලෙවි අංශයේ විශේෂී පළපුරුදු ඇති එනම් මෙකී පත්වීම වෙනුවෙන් නියමිත පරිසාධන මට්ටමේ සිටින ජේෂ්ඨ නිලධාරීන් සිටියි. ශශික සෙනරත් සතුව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් හී විකුණුම් අංශයේ වසර 5ක පළපුරුද්ද පමණි. ඒ අනුව අතිශය තරගකාරී ක්ශේත්‍රයක් නියෝජනය කරන සමාගමක් සම්බන්ධව මෙකී පත්වීම කොහෙත්ම නොගැලපෙන්නක් අමුතුවෙන් සදහන් කල යුතුව නැත.

මිට අමතරව ශශික සෙනරත් දේශපාලන බලය උපයෝගි කරගෙන එක්වරම ශ්‍රේණි 4ක් ඉහළට ගොස් අදාළ තනතුර ලැබීම පමණක් නොව නව තනතුරේ වැටුපට අමතරව තවත් ලක්ෂ 10ක දීමනාවක් ද සකසා ගෙන තිබේ.

“2020 පාස්කු සතියේ සිකුරාදා තමයි මේ තනතුරට ඇබෑර්තු දක්වලා ආයතන අභ්‍යන්තරයේ නිවේදනයක් ප්‍රසිද්ධ කරන්නේ. සඳුදා වෙනකොට ඒ සඳහා ඉල්ලීම් කිරීමට තිබූ කාලය අවසන් වෙනවා. අවුරුදු 10 – 15 අලෙවි අංශයේ අත්දැකීම් බහුල අය විසිවෙනවා. ඇත්තට ම බාප්පා අගමැති ලේකම් වීම හැර වෙන කිසිම අවස්ථාවක් ශශික සෙනරත් ට නෑ.- වෘත්තීය සමිති නියෝජිතයෙක්

මේ වන විට ටෙලිකොම් සමූහයේ ලාභ දායකත්වයෙන් 50% ක පමණ කොටසක් ශ්‍රී ලංකා මොබිටෙල් දායකත්වයෙන් සැපයෙන බවත් එවැනි පසුබිමක මෙවැනි පලපුරුද්දක් , අත්දැකීම් සහ සුදුසුකම් සැපිරූවන් පසෙක තබා දේශපාලන බලපුළුවන්කාරකම් මත තනතුරු ලබා දීම අවදානම් තත්ත්වයක් බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.සමාගමේ ඉහළ තනතුරු අනවශ්‍ය ලෙස විශේෂයෙන් ම දේශපාලනීකරණය වීම හරහා සමාගමක් ලෙස වර්ධනය වනවා වෙනුවට බොහෝ රාජ්‍ය ආයතන මෙන් මූල්‍යමය වශයෙන් බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බවද ඔහු සදහන් කරනවා.

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම තනතුර සඳහා පුරප්පාඩු කැඳවනවා නම් එය විධිමත් ලෙස සිදුකරන ලෙස සමාගම් පරිපාලනය දැනුවත් කිරීමට ටෙලිකොම් සමූහයේ සේවක පිරිස් සහ වෘත්තිය සමිති කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.මිට අමතරව සාර්ථක ව පවත්වාගෙන යන රාජ්‍ය අනුබද්ධ ආයතන දේශපාලන බලහත්කාරය යොදා අවධානමේ හෙලනා කාරයට තනතුරු පත්කිරීම සම්බන්ධව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් දැනුවත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

Mobitel


Top