Featured

‘සිංහලේ’ උපන් ගෙයිම ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය හා සිරිසේන- නානසාර ඩීල් එක

තල් අත්තට වැටුනු බෙලි ගෙඩියට බියවූ හාවෙකු ගේ කථාවක් අසා ඇත. ශබ්දයට බියවූ හාවා කලේ දිව යාමය. පිස්සුවෙන් මෙන් දුවන්නේ මන්දැයි අනෙක් සතුන් විමසන විට ඌ කියා සිටියේ ලෝකය පෙරලෙන බවය. තමන් පන බේරා ගැනීමට දිව යන බවය. ඒ කථාව විශ්වාස කල අනෙක් සතුන්ද රැල්ලේ දිවීමට එක් විය. සිංහලේ ආගමනය පිලිබදව අද බොහොමයක් හැසිරෙන්නේ තල් අත්තේ ශබ්දයට මංමුලා වූ සතුන් මෙනි. අගක් මුලක් නොසොයා කරන්නේ සිංහලේට පස් පඩංගුවේ බැන වැදීම, පහර දීම පමනි. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් සිංහලේ තහනම් කල යුතු බව කීවේය. රජයේ කැබිනට් ප්රකාශක රාජිත කුළු හරෙකෙකු මෙන් සිංහලේට පහර දුන්නේය. බත් පැකැට්ටුවට කඩේ යන පුරවැසි බලය හැසිරුනේද ඊට නොදෙවෙනි ආකාරයටය.’සිංහලේ’ උපන් ගෙයිම ඝාතනය කිරිමට පූජකයන් සහ පාලකයන් කුමන්ත්‍රනය කලේය.

තමන් උපන් ජාතියේ නම යොදා සංවිධානයක් පිහිටුවීම වරදක්ද? ජාතියට අනන්‍ය සලකුණක් යෙදීම වරදක්ද ? කොලඹ සිට නුවර ගොස් සාමකාමීව දළදාව වැදීම වරදක්ද ? නොඑසේනම් තහනම් කිරීමට තරම් ‘සිංහලේ’කල වරද කිම? සංවිධානයේ ආරම්භක පියවර තබමින් මැඩිල්ලේ හිමියන් කියා සිටියේ සිංහලේ කොඩිය ඔසවන්නේ ඉන් සියලු ජාතීන්ට සෙවන සැදීමට මිස කිසිවෙකුගේ අගතියට නොවන බවය. මෙකී ව්‍යායාමය ජාතිවාදය ලෙස යමෙක් හදුන්වන්නේ නම් එයද තමන් සතුටින් බාරගන්නා බව වදාලහ . දෙමල ජාතික සංධානය ,මුස්ලිම් කොංග්‍රසය නම් යටතේ සුළුජාතීන්ට කදවුරු බැදිය හැක. බෙදුම්වාදයට කත් ඇදිය හැක.කොටින්ට පහන්දැල්විය හැක. වසර 2500ක උරුමයක් ඇති ජාතියට සිය නම යටතේ සංවිධානය වීම තහනම්ද?

NANASARAසිංහලේ ආගමනයට බිය වූයේ කවුද ? බුද්ධ චීවරේ සිට අසරණ ගොවියාගේ අඹුඩය දක්වා විකුනන් කෑ කෛරාටිකයන්ය. යහපාලනයට මුවා වී බඩ වියත ‍රැක ගන්නා එන්.ජී.ඕ කපුටන්ය.සෝමාරාමගේ සිට නානසාර දක්වා පැතිරුනු දේවදත්ත පරපුරය. රජ ගෙදර අගුපිලේ ලගින කාදිනල් වරුය. රටේ ප්‍රධානතම දේශපාලන බලවේග වන එ.ජා.පයට, මහින්දපෙරමුනට, මුස්ලිම් කොන්ග්‍රසයට හෝ දෙමල සංධානයට සිංහලේ පිලිබද ගැටලුවක් නොවිනි. මීට සති දෙකකට පෙර සිරිසේන , නානසාර හමුවක් පැවති බව අප වාර්තා කලෙමු. සිරිසේන ජනාධිපති වූ පසු තමන් බලයේ පිහි‍ටුවීමට උර දුන් සෝභිත හිමිගේ දුරකථන ඇමතුමකට වත් පිලිතුරු නොදුන් බව ප්‍රකට කරුනකි. එසේනම් සිරිසේන එක පයින්ම නානසාර හමුවූයේ මන්ද?

රනිල්-චන්ද්‍රිකා හවුල නව ව්‍යවස්ථාවක් තැනීමේ යොජනාව පාර්ලීමෙන්තුවට ගෙනආවේ මෙම මස මුලදීය. එම මෙහෙයුමේ එක් කොටසක් වන්නේ සිරිසේනගේ තනතුරට කෙලවීමය.තමාට අත්වන ඉරණම පිලිබද පෙර සූදානමක් සිරිසේන තුල විය. සිය කේවට්ටයා ලෙස පත්කලේ සිරිකොතට ගල්ගසා හිරේ ගිය ලක්තිලකය. පුරෝහිත වූයේ චන්ද්‍රිකාගේ රෙදි ගලවනවා කියූ සුමනවීර බන්ඩා ය. චන්ද්‍රිකා සමග නිදාගත්තා යයි කියන රාජිත කැබිනට් ප්‍රකාශක කලේය . චන්දයෙන් පැරදුනු තිලංග, සොයිසා, එස්.බී,ඩිලාන් මුර බල්ලන් ලෙස ‍රැගෙන ආවේය.සිරිසේන නානසාර හමුවූයේද මෙම ව්‍යාපෘතියේ දිගුවක් ලෙසිනි. සිංහලේ නැගිටීමත් සමග වැලේ වැල් නැතිවූ නානසාරසිටියේ ඕනෑම අලුගුත්තේරු වැඩකට සූදානම් ශරීරයෙනි.චන්ද්‍රිකා හා රනිල් සමග උරණ වූ සිරිසේන සිටියේද එල්ලීමට වැල් නොමැතිවය. ඒ අනුව සිරිසේන- නානසාර ඩීල් එක නැගලා ගියේය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වැඩසටහන කඩා කප්පල් කිරීම වෙන කවරෙකුටත් වඩා අවශ්‍ය වූයේ සිරිසේනටය. සිරිසේන ඒ සදහා භාවිතා කරන්නේ ගරිල්ලා සටන් ක්‍රමයයි.ප්‍රහාරය සදහා යෝජිත කුලී සේනාංකය වූයේ නානසාර ප්‍රමුඛ බො.බ.සේ බලකයයි. සිරිසේන -නානසාර හමුවූයේ මෙම ගනුදෙනුව සදහාය. නානසාර හෝමාගම උසාවියට ගොස් අඩව්වක් ඇල්ලුවේ ප්‍රතිරූපයක් තනා ගැනීමට සහ කොන්ත්‍රාත්තුවට පෙරහුරුවක් ලබා ගැනීමටය. නමුත් සිරිසේන – නානසාර කුමන්ත්‍රනය රනිල්ට රහසක් නොවිනි.නානසාරගේ ගොං පාට් පිලිබදව රනිල් පාර්ලීමේන්තුවේ කථාවක් කලේය. නීතිය ක්‍රියාත්මක විය යුතු බව අවධාරනය කලේය. සිරිසේන – නානසාර ගනුදෙනුව කොට උඩ ගියේය .ඇප නොලැබු නානසාර වැලිකඩ ගියේය.එපමනක් නොව් නානසාරගේ සහචරයන්ද අනතුරේය

අධිකරණයට අපහාස කිරීම අපරාධ වරදකි. නානසාර සිරගත කීරීමට සක්ෂි ඕනෑවටත් වඩා ඇත. දැන් සිරිසේන තම කුක්කා වූ නානසාරට එක්කෝ කොන්ඩම් තියරිය දැමිය යුතුය.එහි ප්‍රතිඵලය නම් අවමය වසර දෙකකවත් සිර දඩුවමකි. නැතහොත් රනිල් පි‍ටුපසගොස් නානසාරට අභය දානය ඉල්ලිය යුතුය. එය සිරිසේනගේ රෙදි ගැලවෙන ජවනිකාවකි. නානසාරගේ ගොංපාට් ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කිරීම තුල ඉහල යන්නේ රනිල්ගේ ප්‍රතිරූපයය. බුද්ධ චීවරය හෑල්ලු වීමේ වාසිය ලබන්නේද රනිල්ය.පරයන්ට රට පාවාදීමට පිටිය සකස් කල හැක.සිරිසේනගේ තත්වය ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තා නසී වැනිය.

නානසාරලා සිරගත විය යුතුව තිබුනේ මීට බොහෝ කලකට පෙරය. පුරාවසර 10ක් තිස්සේ නානසාරලා කල අමන වැඩවල දෝංකාරය තවම පහව ගොස් නොමැත. අද සිංහලේ සංවිධානය දෙස බලන්නේද විවිධාකාරයේ පාට කන්නාඩි තුලිනි. නානසාරලා කල කී දේ පිබදව නිගමනයකට එලබීම පුරවැසියන්ට භාරය. නානසාරගේ මෙන්ම සිංහලේ සංවිධානයේද අගමුල සෙවීමද පුරවැසියන්ට භාරය. මේ ඒ පිලිබදව සටහනකි.

2000 වර්ශයෙදී 6 ශ්‍රී 5444 වාහනය බීමත්ව පදවූ නානසාර පුද්ගලයෙකු යටකරගෙන ගියේය. කොළඹ 12, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංකය 6315/2000 . අවසානයේ චෝදනා 9 කට වරද පිළිගත් ඔහුට රුපියල් 10,000 ක් හෝ 03 මසක බර වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරිණ. අද මොන්ටෙරො වලින් ඉගිලෙන නානසාර එදා පැදවූයේ 6 ශ්‍රී අබලං කාරයකි .රු 10000දඩය ගෙවීමට මාස තුනක් කල් ඉල්ලු ඔහු එය ගෙවා දැමුවේ වාරික තුනකිනි..

යුද විරෝධී පෙරමුණ සහ කුමාර් රූපසිංහගේ එන්.ජී.ඕ රාජධානිය කුඩේ කුඩු කලේ ලියුම්කරු යටතේ ක්‍රියාත්මක වූ විශේෂ ඒකකයකිනි. මේ පිලිබද සම්පූර්න ලිපිය මීට පෙර පල කර ඇත . යුධවිරෝදීන්ගේ පලමු ‍රැලියට ප්‍රහාර එල්ල කිරීමට යොදා ගත් එක් ඉත්තෙකු වූයේ නානසාරය. නානසාර යනු විස්කි බෝතලයක්, සල්ලි මිටියක් සහ ප්‍රසිද්ධිය වෙනුවෙන් ඕනෑම කුප්ප වැඩක් කිරීමට සූදානම් අයෙකි. විහාරමහා දේවී උයනේ පැවති යුදවිරෝදී ‍රැලියට පහර දීමට යැවූ නානසාර හැසිරුනේ රා බුන් ඇතෙක් ලෙසය .

බොදුබල සේනා සංවිධානය පිහි‍ටුවූයේ නෝර්වේ රටෙන් සහ කොටි ඩයස්පෝරාව්වෙන් ලැබූ මුදල්වලිනි. මුදල් ලබා ගැනීමෙදී නානසාරලා එකග වූ කොන්දේසියක් නම් දෙමල ජන්තාවටඑරෙව කිසි විටෙක කථා නොකිරීමය. බොදුබල සේනාවේ ඇබිත්තයා වන ඩිලන්ත විතානගේ අදනකඩයත් විකුනං කන ඩීල් කාරයෙකි. ප්‍රංශයේදී කොටිඩයස්පෝරාව සමග නානසාරලා එකට සිටගත් ඡායා රූප මධ්‍යට නිකුත් විය.

මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් නෝලිමිට් සහ ෆැෂන් බග් වෙළද සැල් වලට ප්‍රහාර එල්ල කලේකප්පම් ගැනීමේ පරමාර්ථයෙනි. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට පහරදෙන විට ශ්‍රියානි සහ තිලකවර්ධන යනව්‍යාපාර නානසාරට ඉන්සෙන්ටිව් ( දිරි දීමනා ) ගෙවූ බව ප්‍රකට කරුනකි. ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාරබ්ලැක් මේල් කොට කප්පම් ගැනීමද නානසාරලාගේ වෘත්තියේ කොටසකි.එක් ව්‍යාපාරයකින් මුදල් ගෙන තවත් ව්‍යාපාරයක් කඩාකප්පල් කරන කොන්ත්‍රාත්තු නානසාර ඉ‍ටුකලේය.

දෙමල ඩයස්පෝරාවේ ඩොලර් වලට නානසාර හීලෑවිය .ඔහු පහර දුන්නේ මුස්ලිම් ප්‍රජාවට පමනි. හලාල් ප්‍රශ්නය ‍රැගෙන ආවේ නානසාරය. මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කැ‍රැල්ලක් ගසා මහින්දට ගෙදර යන තැනට වැඩ කටයුතු කලේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලුවේ දී මුස්ලිම් රාජ්‍ය වල සහාය නැතිකලේ නානසාරය.

නානසාර යනු අරක්ක්කු ස්කාගාර වලින්ද කොමිස් ගත් පුද්ගලයෙකි. රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමෙන් වරෙක ලක්ෂ 30 ක මුදලක් සහ ඊට පසුව කිහිප විටකදී ලක්ෂ 10 බැගින් නානසාර මුදල් ලබාගෙන තිබුනි. නීති විරෝදීව ගෙන්වන එතනෝල් රෙගුවෙන් මුදාහැරීමට සහයෝගය දිම වෙනුවෙන් එම මුදල් ගනුදෙනු සිදුවිය.

දරුවන් සසුන් ගත කිරීම පිලිබද තම ආරාමයේ ඇතිවූ ගැටලුවකදී මැල්ලැව්වේ කල්‍යාණ ධම්ම නම් භික්ෂුවට පහරදුන්නේ දතක් ගැලවී යන පරිදිය. පහර දුන්නා පමනක් නොව මරණ තර්ජන එල්ලකලේය. තම පන්සලේ වැඩවීසූ එම අහිංසක භික්ෂුව පන්නා දැමීය. ඒ පිලිබදව එම භික්ෂුව පොලීසියට පැමිනිලි කර තිබුනි. ජනමාධ්‍ය ඉදිරියේ ද ඒ පිලිබදව හෙලිකර සිටියේය.

බොදු බල සේනා සංවිධානයේ විමර්ශන ප‍්‍රධාන දුරන්ධූර මහමිතව පඤ්ඤාරතන හිමි නානසාර විසින් පැහැරගෙනගොස් තර්ජනය කල සිදුවීමක් වාර්තා විය. එපමනක් නොව කාමරයක සිර කර අඩන්තේට්ටම් කළ බව ද එහිමියන් විසින් හෙළිදරව් කලේය .ඒ සියල්ල සිදුවූයේ නානසාරගේ අවමුදල් භාවිතය පිලිබද නැග ආ කරුනක් නිසාය.images bbs

මචං ඥානසාර යැයි ලිපියක් ලියූ පැපරාසියා ටැබ්ලොයිඩ් පුවත්පතට ප්‍රසිද්ධියේ තර්ජනය කලේය.පවුල් පිටින් ඝාතනය කරන බව නානසාර කියා සිටියේය. නානසරගේ මරණ තර්ජනයට බියවූ සේපාල අමරසිංහ එහි ප්‍රකාෂණය අතහැර දැමීය.

අළුත්ගම ගිනි අවුළා මිනිස් ජීවිත තුනක් සහ කෝටි ගණනක දේපළ හානියක් කලේය .ජාතීන් අතර සංහිඳියාවට ගැඹුරු කැලලක් එක් කලේය.ජාත්‍යන්තරව ලංකාවට කළු පැල්ලමක් එක් කලේය. සිංහලේ නැගිටීමට බියවී සිරිසේන ඩීල් දමන්නේ එෙව් නානසාර සමගය. මාධ්‍ය කරුවන් ‍රැල්ලේ පුම්බන්නේ මෙහෙව් නානසාරය

සිංහලේ සංවිදානයට බැන වදින දේශපාලන බැලයන්ගේ කතා පිලිබදව ජනතාව සිහි බුද්ධියෙන් විමසිය යුතුය. සිංහලේ පිලිබදව මාධ්‍ය වාරනයක් පැනවූ මාධ්‍ය ප්‍රධානීනගේ යටි අරමුන සෙවිය යුතුය. සිංහලේ ආවරණය කිරීමට මැලිවන මධ්‍ය කරුවන් ස්වයං විවෙචනයකට එලඹිය යුතුය.

සිරිසේනට ඩීල් දැමීමට දූෂිත පූජකයන් ඕනෑ තරම් සොයා ගත හැක . නානසාරගේ තැන ගැනීමට බංකොලොත් චීවරධාරින් පෝලිමේ පෙල ගැසී ඇත . සිංහලේ හැදුනුම්පත රදා පවතින්නේ ආමිස මෙහෙයුම් මත නොව ප්‍රතිපත්තීමය මෙහෙයුම් මතය. රටේ ඒකීය භාවය, සංස්කෘතිය , සාරධර්ම ආරක්ෂා කිරීම සිංහලේ ව්‍යවස්ථාවයි. ජාතීන් අතර සංහිදියාවෙන් කටයුතු කිරීම අත්නොහල හැකි වගකීමකි . ආර්ථික සංග්‍රාමය තුල අවතැන්වූ හෙලයන්ට අතදීම එකිනෙකාගේ පරම යුතුකමයි.මැදුම් පිලිවෙත තුලින් සසර තෙර තරණය ඔවුන්ගේ දර්ශනයයි. දර්ශනය කර තියාගෙන යාම නොව පහුරක හිදුවා එතෙරවීම ඔවුන්ගේ ආගමයි.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top