Featured

සිරාගේ සීරා මාධ්‍ය නිදහස,ජනාධිපති මාධ්‍ය එකකයේ බලපෑමට විමල්ට හිරු වැසේ

හිරු රූපවාහිනිය අද දිනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ සලකුණ දේශපාලන වැඩසටහන ජනාධිපති මාධ්‍ය ඒකකයේ සෘජු තර්ජනය කිරිම නිසා නවතා දමා තිබේ. ඊට සහභාගී වීමට නියමිතව සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතායි.

මාධ්‍යවේදියෙකු අසනීප තත්වයෙන් පසුවන නිසා මෙම තිරණය ගත් බව මාධ්‍ය ආයතනයෙන් මන්ත‍්‍රිවරයාට දන්වා තිබුනද ධර්ම ශ‍්‍රි ඒකනායක, හා නිලේන්ද්‍ර දේශප‍්‍රිය යන ජනාධිපති මාධ්‍ය උපදේශකවරුන් විසින් කරන ලද සාජු තර්ජනය හේතුවෙන් හිරු ආයතනය ටමම තීරණය ගෙන ඇත. ඔවුන් දෙදෙනා සිරස ආයතනයේද සම්පත් දායකයින් දෙදෙනෙකු වන අතර මේ දිනවලට ශ්‍රේනිගත කිරීම්වල අංක ඒකේ පවතින හිරු රූපවාහිනියට බලපෑම් කරමින් දැඩි ලෙස පහල වැටී ඇති සිරස නාලිකාවේ ශ්‍රේණිගත කිරීම් ඉහල නංවා ගැනීමේ අරමුණක්ද මේ අතර ඇති බව පැවසෙයි.

මඩකලපුව මංගලාරාවාධිපති හිමියන් විසින් ජනාධිපතිවරයාගේ නම සඳහන් පුවරුවක් කුළු ගසා බිඳ දමනු මීට පෙර හිරු ප‍්‍රවෘත්ති වලදී පෙන්වීම නිසා කුපිත වූ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ රංග කලංසුරිය සෘජුවම හිරු රූපවාහියේ සභාපතිවරයාට දන්වා ඇත්තේ විකාශන බලපත‍්‍රය අත්හිටුවන බවයි. පෙරේදා දිනයේ සිට හිරු ප‍්‍රවෘත්ති තුලින් හිටපු ජනාධිපතිවරයාට ප‍්‍රචාරය ලැබෙන පුවත් ප‍්‍රචාරය අඩු කර ඇත්තේද මෙම තර්ජනයන්ගේ ප‍්‍රතිඵලයක් අනුවයි.

රේනෝද සිල්වාගේ මාධ්‍ය ජාලය වන හිරු රුපවාහිනිය හා ගුවන් විදුලිය ඉදිරියට දමා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජණාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පහර ගැසිම නිසා හිරු රුපවාහිනියේ ප්‍රවෘත්ති විකාශන බලපත්‍රය අත්හිටුවිමේ අවධානමක් දක්වා ගැටුම උග්‍ර වි ඇති බවත් හිරු රුපවාහිනිය ප්‍රවෘත්ති විකාශනයේ දී ප්‍රචාරය කිරිම හරහා ජනාධිපතිවරයා ඉලක්ක කර මඩ ගැසු බවත් ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් ආරම්භ කර තිබේන බවත් දන්වමින් ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක මහතා හිරු මාධ්‍ය ආයතනයට ලිපියකින් දැනුමි දී තිබේන බවද අප පසුගියදා අනාවරණය කළා.

http://www.lankanewsweb.today/archives/11998

Top