Featured

සිරිසේනගේ බයිලා ITN එකට අරහං

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අද ( 27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හා ප්‍රවෘත්ති කර්තෘවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා .මේ මාධ්‍ය සාකච්ඡාවට ආණ්ඩුවට හැමදාමත් වගේ කඩේ යන අංක එකේ යැයි කියා ගන්නා ස්වාධින රූපවාහිනියේ කිසිදු වගකිව යුතු බළධාරියෙකු සහභාගිවී නෑ .මේ සාකච්ඡාවට සහභාගි වන ලෙසට ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු , ස්වාධින රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අංශයේ සමාන්‍යාධිකාරි ලාල් හේමන්ත මාවලගේ ඇතුළු තිදෙනෙකුට ආරධනා කර තිබුණද ඒ ආරාධනය ස්වාධින රූපවාහිනිය කුණු කූඩයට විසි කර දමා තිබෙනවා .

එයට හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට ස්වාධින රූපවාහිනිය තුළ සම්පූර්ණ බලතල අල්ලා ගැනීමයි .පසුගිය කාලය පූරාවටම රනිල් වික්‍රමසිංහ ස්වාධින රූපවාහිනියට දැනුම්දී තිබුණේ ප්‍රවෘත්ති විකාශය තුළ මහින්ද රාජපක්ෂගේ පුවත් , මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුවත් පල නොකරන ලෙසටයි . රනිල් වික්‍රමසිංහගේ අණට කීකරුවූ මේ මාධ්‍ය ආයතනය එය අකුරටම පිළිගෙන කටයුතු කරමින් සිටී .

රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ස්වාධින රූපවාහිනියේ වගකිව යුතු නිළධාරීන්ට දැනුම්දී ඇත්තේ මේ මොහොතේ රට තුළ පවතින වතාවරණය එක්සත් ජාතික පක්ෂයට සුභවාදි බවයි . බෙදුම්වාදී ජාතිවාදය පැතිරීම එක්සත් ජාතික පක්ෂයට සුභවාදි ලෙස යොදා ගැනීමට හැකියාව පවතින බවත් රට තුළ එවැනි ගැටුම් ඇති වෙත්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිරිහීමත් සමගින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද පිරිහෙන බව ඔහු හොදින්ම දන්නා නිසා එයින් එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත වන ලෙසට පුවත් පල කරන ලෙසට අගමැතිවරයා ස්වාධින රූපවාහිනි පාලනාධිකාරියට දැනුම්දී තිබෙනවා .

රනිල් වික්‍රමසිංහ මේ වන විට ආප්ප සිරා ප්‍රමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටම කෙළවීම ආරම්භ කර ඇත . අලයක් තරම්වත් මොලයක් නැති ආප්ප සිරාට එය තේරුම් ගැනීමට තරම්වත් දැනුමක් නොමැත . ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමගින්ම මෛත්‍රිපාල සිරිසේනටත් පැදුරු කොට්ට අකුලා ගනිමින් නකුට වනා රනිල් වික්‍රමසිංහ ළග ඇද වැටෙන දිනය වැඩි ඈතක නොවේ .

ස්වාධින රූපවාහිනිය තුළ තනිකරම එක්සත් ජාතික පක්ෂ බලයක් දැනට පැතිර ඇති අතරම , ඒ අය මෛත්‍රිපාල සිරිසේනව තබ සතයකට මායිම් නොකරයි . රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගනිමින් සිටී . බොක්කට බොක්ක දෙන්න මෙන් මෛත්‍රි -රනිල් සියළු දෙනා ඉදිරිපිට පෙනී සිටියද රනිල්ගේ පදයටම නටන මෛත්‍රිපාලට උන් හිටි තැන් අහිමි වන දිනය දැනටමත් ආරම්භවී අවසන්.

සන්ධ්‍යා මොල්ලිගොඩ 

Top