Featured

සිරිසේනගේ ලෙඩේ උග්‍ර අතට -යහපලනය අවසන්!

දිනෙන් දින බිඳවැටීමෙන් තිබෙන යහපාලන ආණ්ඩුවේ අවසානය දැන් දැන් සනිටුහන් වෙමින් තිබේන බව තහවුරු වේමින් තිබේ.විශේෂයෙන්ම නිරන්තරයෙන් කේලාම් ඇසිම සහ අප කලින් අනාවරණය කල පරිදි ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය ලබා දී තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පාලිත පැල්පොළ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති සමයේ පෞද්ගලික ලේකම් වූයේ ද අමරතුංග මහතා වන අතර ඉකුත් ජනවාරි මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ සැණින්ම ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්වීම් ලැබුවේ පාලිත පැල්පොළ මහතාය. ඔහු 1994 වසරේදී එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ගාමිණී දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කර තිබේ.

හිස්වූ එම තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු වන ඒ.එන්.ආර් අමරතුංග මහතා පත් කරනු ලැබ ඇතැයිද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Top