Featured

සිරිසේනට මරභිය දැනේ…..ඉන්දිය පුසාරින් ජනාධිපති මන්දිරයේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇති අපල දුරුකරලිම සදහා ජනාධිපති මන්දිරයට වී නේවාසික ව සිටින ඉන්දිය පූසාරින් පිරිසක් පිළිබඳව තොරතුරු අප විශේෂ වාර්තාකරු විසින් අනාවරණය කරගෙන තිබේ.යහපාලන රජයට වසරක් පිරීම නිමිත්තෙන් පසුගිය 18 වැනි දින මාතර පැවැති මහජන රැස්වීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉන්දියාවේ තිරුපති කෝවිලට හදිසියේම ගිය අතර එම සංචාරයෙන් අනතුරුව මෙම පුසාරින් ජනාධිපති මන්දිරයට ගෙන්වා නවාතැන් ලබාදි තිබේ.

අදාළ පුවත අනාවරණය කර ඇත්තේ යහපාලනයෙන් ඉහල තනතුරක් ගත් ජ්‍යොතිෂය ගැන යන්තම් අ..ආ පමණක් දන්නා දෙකටම නැති එකෙක් වන අතර (එකියක්ද දන්නේ නෑ..) ඉස්සර ඔන වෙලාවක් රජ ගෙදර කුස්සියටම ගොස් දංකුඩ්ඩ කෑ (ඇය/ඔහු)ට දැන් ඒ අකාරයට පැමිණිම සම්පූර්ණයෙන් නතර කර දමා තිබේ.

දින 90ක පමණ කාලයක් යාග-හෝම පුජා පැවැත්විමට නියමිතව ඇති බවත් දේශීය ඇදුරන් පසෙක දමා දැන් ජනාධිපති ඉන්දියන් බමුණන්ට වහ වැටී ඇති බැවින් දැන් තමන් ගැන ජනාධිපතිවරායාගේ තිබුනු ආශාව නැතිවි ගොස් ඇති බව සිරිසේනගේ ජ්‍යොතිෂය පිනවන්නිය අප වාර්තාකරු සමග පවසා තිබේ.

රජ කාලේ ටිකිරි රාජසිංහ රජ්ජුරුවන්ද, අරියවේට්ටි කින්ඩු නැමැති පූසාරියන් ලවා පූජාවන් කරගෙන රජකම විතරක් නොව ජීවිතවත් නැති කර ගත් බවද (ඇය/ඔහු) අප වාර්තාකරුට පවසා තිබේ. කෙසේ නමුත් මෙම භාරත පුසාරියන්ට දිනකට රු.250,000 ක වැටුපක්ද ගෙවන බවද තමන්ට දැන ගැනිමට ලැබි ඇති අතර මාස 6කින් මරණයට පත්වන බවට විජිත් රෝහණ කල අනාවරණය හෙතුවෙන් සිරිසේන ජනාධිපතිවරයා දැටමත් බාගේට මැරි අවසන් බවයි.

ජනාධිපතිවරයාට මහානුභාවසම්පන්න මහා භූමි පූජාව සහ පුරුෂ යාගයක් සිදු කිරීමට කටයුතු සූදානම් කර ගෙන ඇති අතර  මහා භූමි පූජාව සඳහා සිවුමහා ගංගාවෝ වන මහවැලි-කැළණි-කළු-වලවේ යන ගංගා ඇරඹෙන සහ අවසාන වන ස්ථාන වලින් පස්ද, ජලයද, රන් කල 08 කට පුරාවා ගෙන මේ වන විට අරලියගහ මන්දිරයට ගෙන්වා ගැනිමට මේ වනවිට කටයුතු කරමින් සිටි.

මහාභූමි පූජාව සමඟ පැවැත්වෙන මහාපුරුෂ යාගය සඳහා යාග ඇදුරන් නම් කල පුරුෂයා සොයා ගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර  අක්බඹරු හිසකෙස් සහිත, පාදයේ ඇඟලි 10 ම පොළවේ වදින,වම් නිකටෙහි උපන් ලපයක් හිමි, තුන්කුළුදුල් යෞවන පුරුෂයෙකු මේ සඳහා අවශ්‍ය  බවද අනාවරණය කර තිබේ.

http://www.lankanewsweb.today/archives/8512

Top