නුවරඑළියේ ආසනයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ මැයි දින රැලියට කිසිදු සාමාජිකයෙකු සහභාගි නොවන බව තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා අවධාරණය කරනවා.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මගින් ගාල්ල නගරයේ පවත්වන මෙවර මැයි දින රැලියට නුවරඑළිය ආසනයෙන් කිසිදු සාමාජිකයෙකු සහභාගි නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය මගින් කිරුළපනේ පවත්වන මැයි දින රැලියට තම නායකත්වය යටතේ සාමාජිකයන් පන්සිය දෙනෙකු සහභාගි වන බවද ඔහු සදහන් කළා.
නුවරඑළිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයා විසින් කටයුතු කළ අමාත්‍ය නවින් දිසානායක මහතා නිදහස් පක්ෂය හැර ගොස් දැනට වසර එකකුත් මාස පහක් ගතවි ඇතත් ඒ වෙනුවෙන් නව සංවිධායකවරයෙකු පත් කිරිමට නිදහස් පක්ෂයේ සභාපතිවරයා හා මහලේකමිවරයා අපොහොසත් වි ඇති බවත් එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නුවරඑළිය ආසනයෙන් නායකත්වය ගැනිමට කිසිවෙකු
නොමැති නිසා තම නායකත්වය යටතේ මෙම පිරිස ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගි වන බවයි.
මෙම රැුස්විමට සහභාගිවන අයහට විනය පරික්ෂණයක් පවත්වනවානමි එයටද තමන් මුහුණ දිමට සුදානමි බවත් එවැනි විනය පරික්ෂණයක් පවත්නවානමි මුලින්ම එම විනය පරික්ෂණය පැවැත්විය යුත්තේ පක්ෂයේ සභාපතිවරයාට හා මහා ලේකමිවරයාට බවයි අශෝක සේපාල මහතා වැඩි දුරටත් පවසා සිටියේ.