Featured

සීපා ගැන ඇහුවම මෛත්‍රී සිවුපා වෙලා…කැබිනට් මණ්ඩලයටම මුකවාඩම් දමයි…

මින් ඉදිරියට ජනාධිපතිවරයා ලෙස තමන් ගන්නා තීරණ හා තින්දු  මෙන්ම අගමැතිවරයා ගන්නා තින්දු හා හා තීරණ කිසිම ඇමතිවරයෙකුට ප්‍රශ්ණ කිරිමට හැකියාවක් නැති බව විධායක ක්‍රමය අහෝසි කිරිමට ආ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරුන්ට තර්ජනය කර තිබේ.

සීපා ගිවිසුම අත්සන් කිරිම සම්බන්ධයෙන් අප කල අනාවරණයන් හමුවේ පසුගියදා කැබිනට් මණ්ඩල රැස්විමේ මෙන්ම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් රැස්වන විශේෂ ඇමති මණ්ඩල රැස්විමේ අමාත්‍යවරුන් ප්‍රශ්ණ කර තිබේ.

එවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිතුරු දී ඇත්තේ සීපා ගිවිසුමට අත්සන් කලේද? නැද්ද? යන ප්‍රශ්ණය තමාගෙන් හෝ අගමැතිවරයාගෙන් විමසා වැඩක් නැති බවත් මින් ඉදිරියට එ වැනි ප්‍රශ්ණ සදහා පිළිතුරු දෙනු ලබන්නේ කැමතිනම් පමණක් බවයි.

මේ තර කැබිනට් හමුවේ තොරතුරු මාධ්‍යවෙත ලබා දීම නොකර බව පවසමින් අමාත්‍යවරු ප්‍රතිඥාවකට අත්සන් කල යුතු බවට මෛත්‍රී තර්ජනය කර ඇති අතර  පසුගිය බදාදා සවස පැවති කැබිනට් හමුවේ දී මේ සඳහා අත්සන් ගැනිම කර තිබේ.ඇතැම් කැබිනට් ඇමතිවරුන් මේ සදහා අත්සන් තැබිමට මැලිකමක් දක්වා ඇති අතර මෛත්‍රී එම ඇමතිවරුන්ගේ නම් කියාම අසා ඇත්තේ…”මොකද….(නම) අත්සන් කරන්න බැරිද? බැරිනම් කියනවා…. යනුවෙනි…

“කැබිනට් හමුවේ රහස්‍ය භාවය තියෙන්න ඕනෑ. ඒ නිසා කැබිනට් හමුවේ කතා කරන දේවල් මාධ්‍යයට දෙන්න එපා. ලෝකයේ හොඳ රටවල්වල කැබිනට් හමුවේ කතා කරන දේවල් එළියට යන්නේ නැහැ. එළියට දෙන්නෙත් නැහැ…”

හොරෙන් අත්සන් කළ සීපා ගැන කතා එපා…මාධ්‍යට මෛත්‍රීගෙන් මුකවාඩමක්!

Top