Anonymous Reporter

සේයා සඳෙව්මි ඝාතන පරික්ෂණයට දේශපාලන බළල් අතක්!

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමකට පැවරීම පසුපස යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

නමුත් අදාළ සැකකාර පවුල වත්මන් ආණ්ඩුව සමග ඇති සමිප සබඳතාවයක් හෙතුවෙන් පොලිසියේ එම පරික්ෂණ වහාම නතර කිරිමට සිදුව තිබේ.ඒ සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසියේ කිහිප දෙනෙකුම සිය අප්‍රසාදය දක්වා තිබේ. අදාළ දේශපාලන බලය භාවිතා කරමින් ඝාතකයා බේරාගැනීම සදහා පසුගියදා සේයා සඳෙව්මිගේ පියා ඝාතනයට සම්බන්ධ බවට වෙබ් අඩවි භාවිතාකරමින් පුවත් පලකිරිමටද අදාල දේශපාලන බලය භාවිතා කර තිබේ.

මේ අතර වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි මහතා අද (18) උදැසන නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පරික්ෂණ පවත්වන බවයි.

මිට අමතරව සේයා සඳෙව්මි දැරියගේ සිද්ධියට 17 හැවිරිදි සිසුවෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වෙමින් තිබේ.

දේශපාලන බලය භාවිතා කරමින් පියා මත වරද පැටවිමට උත්සහ කල අයුරු…

[box type=”warning” ]සේයා දැරිය ඝාතනයට පියාව සැක කරයි මේ වන විට මුළු රටම කම්පා කල සිද්ධියක් වන කොටදෙණියාව සේයා ස‍ඳෙව්මි දැරියගේ ඝාතනය පිළිබඳව මේ වන විට ප්‍රධාන සැකය යොමුවී ඇත්තේ දැරියගේ පියා වෙතය. එය එක්වරම විශ්වාස කල නොහැකි දෙයක් වුවද එම නිවසෙන් සොයා ගත් සමහර භෞතික සාක්ෂි වලින් මේ සම්බන්ධව යම් යම් ඉඟි පළවී තිබිණි.

ඊයේ(14) මෙම ඝාතනයට අදාල පුද්ගලයින්ව වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය ආසන්නයේ උද්ඝෝෂණයකද නිරත වී ඇත. එම දැරියගේ මළ සිරුර නිවෙසට මීටර් 300ක් පමණ දුරින් පිහිටි ඇළක් ආසන්නයෙන් සොයා ගත් අතර ඇයගේ ගෙල සිර කර තිබුණේ ඇය හැඳ සිටි බැනියමෙනි. ඇය හැඳ සිටි ගවුම නිදා සිටි ඇඳ මතම තිබීමත් ඇගේ යට ඇඳුම මෙට්ටය යට තිබී හමුවීමත් ඇයව දූෂණය කරන්නට ඇත්තේ නිවස තුළදීම බවට සැක කිරීමට හමුවූ ප්‍රථම සාක්ෂිය විය. එසේම එම නිවසට ජනේලයෙන් කිසිවෙකු පැන ඇතුළු වූ බවට සාධක නොමැති බව පොලිසිය පවසා ඇත.

එසේම දැරියගේ ඇඳුම ඉව ඇල්ලූ පොලිස් සුනඛයා නිවසේ සිට මීටර් දෙසීයක් පමණ ඈතට ගොස් නැවත නිවසේ පසුපස දොරෙන් නිවසට ඇතුළු වීමත් එම සැකය වැඩි දුරටත් තීව්‍ර කර ඇත. දැරියගේ පියා වන උපුල් ශාන්ත නැමැත්තා මීට ප්‍රථමද ළමා අපචාරයක් සම්බන්ධව සැකකරුවෙකු වී මාස 3ක් රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙකි. කෙසේ වෙතත් පොලිසිය මේ පිළිබඳව සැක හැර කරුණු අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.[/box]

Top