Featured

හමුදා සන්නද්ධ බුද්ධි අංශය LTTE යට පාවා දෙයි -පාඨ්ළී,ගඳරුවන්,වෙබ් මාෆියාවේ ගොන් පියවරුන් කුමන්ත්‍රණයක

Published on: Sep 8, 2015- ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරිම හරහා රටේ ව්‍යාකූල තත්ත්වයන් ඇතිකල (ප්‍රා) නායක අමාත්‍ය පාඨ්ළී චම්පික රණවක සමග එක්ව වෙබ් මාෆියාවේ කල්ලි කිහිපයක් ඉන්දිය රෝ සංවිධානයේ සහ දමිළ ඩයස්පොරාවේ කලු සල්ලි මත යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය ඇතුළු හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ රහස්‌ පොලිසිය සිදු කරන පරික්ෂණ් වාර්තා සහ ඔහුන්ගේ පවුලේ තොරතුරු අනාවරණය කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබේ.

Diffusé par Adcashයුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය ඇතුළු හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ රහස්‌ පොලිසිය සිදු කරන සීමාව ඉක්‌මවා ගිය විමර්ශන සහ ප්‍ර්‍රශ්න කිරීම් හේතුවෙන් ජාතික ආරක්‍ෂාවට අදාළ සියලුම බුද්ධි මෙහෙයුම් අඩාල වීමේ තත්ත්වයක්‌ නිර්මාණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් මේ වනවිට රජයට අනතුරු අගවා තිබේ.

ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන රහස්‌ පොලිසිය දැනට යුද හමුදා බුද්ධි නිලධාරීන් පස්‌ දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට ඔවුන්ගේ අනන්‍යතාවද සමගින් වෙබ් අඩවි හරහා අනාවරණය කර තිබේ.

පසුගිය කාලයේ හමුදා බුද්ධි නිලධාරීන් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට දේශීය හා ජාත්‍යන්තර මෙහෙයුම් දියත් කර තිබූ අතර විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ කටයුතු සෙවීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් ගණනාවක්‌ ඒ අතර වන අතර ඇතැම් මෙහෙයුම් දැනටද ක්‍රියාත්මකව ඇත. එහෙත් යම් ලෙසකින් බුද්ධි මෙහෙයුම් අඩපණ වුවහොත් ඒ සියල්ල බිඳ වැටෙන අතර අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම් ප්‍රබලව සිදුවන වර්තමානයේ එවැන්නක්‌ සිදුවීමෙන් රට දැඩි අනතුරකට මුහුණ දෙන බවද වාර්තා වේ.

යුද හමුදා බුද්ධි අංශයේ කීර්තිමත් දක්‍ෂ නිලධාරීන් විසින් කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ රහසිගත මෙහෙයුම් පිළිබඳ තොරතුරු මාධ්‍ය ඔස්‌සේ ප්‍රසිද්ධ කර එම බුද්ධි අංශ නිලධාරීන් පාවා නොදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඉල්ලා සිටි බවද අද දිවයින වාර්තා කර සිටි.

යුද හමුදා බුද්ධි අංශයේ සිටින විවිධ අපරාධවලට සම්බන්ධ දූෂිත නිලධාරීන් කිහිප දෙනකු ආරක්‍ෂා කිරීම සඳහා සමස්‌ත බුද්ධි අංශයම මෙසේ පාවා දීමකට ලක්‌ කිරීම ඉතාම ඛේදනීය තත්ත්වයක්‌ බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු ඔහු එල්ටීටීඊය සමග සම්බන්ධ වී සිටි පුද්ගලයකු බව හෙළි කිරීමට යුද හමුදාව කටයුතු නොකර තිබූ බව පවසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනයේ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එක්‌නැලිගොඩ කොටි ත්‍රස්‌තවාදියකු ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරමින් සිටින බව කියයි.

පසුගිය යුද සමයේදී යුද හමුදා බුද්ධි අංශ විසින් සිදුකළ රහසිගත මෙහෙයුම්වලට අදාළ ඡායාරූප එම මෙහෙයුම්වලට සම්බන්ධවී සිටි ඔත්තුකරුවන් මෙන්ම ඊට සහභාගිවූ පුද්ගලයන්ගේ ඡායාරූප පවා මේ වන විට මාධ්‍ය ඔස්‌සේ ප්‍රසිද්ධ කිරීමට යුද හමුදා බුද්ධි අංශයටම සම්බන්ධ නිලධාරීහු පිරිසක්‌ කටයුතු කරමින් සිටිතියි රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Top