Featured

හිරු නීකර් ගැන නීතිපතිවරයා අගමැතිගෙන් අහයි

තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය මත චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ඇතුලු ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නීතිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් විමසිමක් කර තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ඔනෑම අයෙකුට නීතිය ක්‍රියාත්මක කිරිමට පෙර ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් විමසන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයාට උපදෙස් දි තිබේන අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සියලු වැඩකටයුතු සම්පූර්ණයෙන් නිරික්ෂණය කරනු ලබන්නේද අගමැතිවරයා විසිනි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අදාළ සැකකරුවන් සමග ඒ මොහොතේ සිටි බවටත් තරුණයාට අඩතෙට්ටම් කිරිමට හිරුණිකා කටයුතු කර ඇති බවටත් සාක්ෂි මේ වනවිට සම්පූර්ණයෙන් ලැබී තිබුනද පොලිසියට එල්ලවන බලපෑම් හේතුවෙන් හිරුණිකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට අවස්ථාව තවමත් ලැබී නෑ.ඒ අනුව පොලිස්‍ය හිරුණිකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම සදහා නීතිපති උපදෙස් ඉල්ලා තිබෙනවා.

ඇවන්ට් ගාඩ් ආරක්ෂණ සමාගම හා කේපී සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමේදී නීතිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බෙදීමක් දක්නට ලැබුනු අතර මේ වනවිට ප්‍රසිද්ධ රහසක්ව පවතින සිරිසේන සහ චමිලා අනියම් සබඳතාවයටද නීතිපතිවරයා හරස්ව සිටි.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා නමැති කාන්තාවක අතර සම්බන්ධයක් ගැන ව්‍යාජ පුවතක් නිර්මාණය කල බවට යහපාලක මෛත්‍රීපාල සිරිසේන ජනපති වු සැනින් ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදළියගොඩ ඇතුලු තවත් දෙදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරමින් නඩුවක් පැවරු අතර පසුව මිට මාස 2කට පමණ පෙර ගංගොඩවිල අධිකරණයේ අදාළ නඩුවට පෙනී සිටිමින් චමිලා නමැති කාන්තාව මෙම ප්‍රකාශය අසත්‍ය බව පවසමින් එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

එහිදි විනිසුරුවරයා මෙම නඩුවේ ජනාධිපතිවරයාද සිටින බැවින් නීතිපතිවරයාගෙන් ඒ සදහා උපදෙස් පතා ඇති අතර එම අවස්ථාවේම නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් 11 දෙනෙකු පැමිණ නඩුව තවදුරටත් ඉදිරියට රැගෙන යන ලෙසට උපදෙස් ලබාදි තිබේ.

Top