Featured

ළමා ආරක්ෂක අධිකාරිය නින්දෙන් ඇහැරේ…. දැරියට අතවර කල පාපතරයන් සොයා මෙහෙයුම් ඇරඹෙයි…  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම්… ප්‍රියාන් මැණික් තම රහස් අවයව පෙන්විමට උත්සහ කළේ ඇයි!

Published on: Mar 3, 2020- දිගින් දිගටම කල අනාවරණයන් සහ සමාජයේ සිවිල් ක්‍රියාකාරින්ගේ දැඩි බලපෑම හමුවේ වයස අවුරුදු 6 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයේ සිටින අපයෝජකයන්ගේ කටහඬ පරීක්ෂාවට ලක් කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.

හඬ පරීක්ෂාවට ලක් කිරීම සඳහා බාගත කළ එම වීඩියෝ පටය රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදුන් බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අද (2) මාධ්‍යයට පවසා තිබේ.ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට මේ වනවිට හඳුනාගෙන සිටින පුද්ගලයන්ගේ සහ වීඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගේ හඬ සැසඳීමට නියමිතයි.

මේ වන විට මෙම වීඩියෝ පටය පිළිබඳව විද්වතුන්, නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවත් සමාජ මාධ්‍ය හරහා අධිකාරියට මෙන්ම ආණ්ඩුවටද දැඩි බලපෑම් එල්ල වන් බවද සභාපතිවරයා පිළිගෙන තිබේ.

“අවුරුදු 06ක දැරියක්ව ලිංගික අපයෝජනයට ලක් කරපු පුද්ගලයෙක් අල්ල ගන්න බැරුව ‌පොලීසිය අසරණ ‌වෙලා ඉන්න ‌කොට, එම පුද්ගලයා ජනාධිපති, අගමැති එක්ක ඉඳලා Photo ගහලා සමාජජාලාවලටත් දානවා… ”

වසන්ත සමරසිංහ කල අනාවරණය…පහතින් බලන්න 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම්

ළමා ආරක්ෂක අධිකාරිය සිදුකරන පරීක්ෂණයට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර ඉහලින් එල්ල වන ඇතැම් දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින්ගේන් කල විමසීමේදී ඔහුන් එය ප්‍රතිකේෂ්ප නොකල අතර ඒ අනුව පැහැදිලිවම දේශපාලන බලපෑමක් මේ පසුපස තිබේන බව තහවුරු වි තිබේ.

විඩියෝවෙන් බලා ලිංගික අවයව සම්බන්ධයෙන් තින්දු ගන්න බෑ 

මේ අතර ළමා අපචාර ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චොදනාව එල්ල වන ප්‍රියාන් මැණීක් නැමත්තා තමන්ගේ ලිංගික අවයව සහ විඩියෝවේ පෙනේන අවයව සම්බන්ධයෙන් පරික්ෂණයකට පෙනී සිටිමට සිය කැමත්ත දැක්විම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන ලංකාවේ සුප්‍රකට මහාචාර්ය වරයෙකුගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමේදි ඔහු සදහන් කළේ එම ප්‍රකාශයම සැක සහිත බවයි.

මන්ද පැහැදිලි නොමැති විඩියෝ දර්ශණයක පෙනෙන ලිංගික අවයවක් සහ සත්‍ය ලිංගික අවයවක් පහසුවෙන් පරික්ෂාවට ලක්කර තින්දුවක් ගත නොහැකි විමත් සියල්ලටම වඩා යම් අයෙකු ලිංගික අතවරයක් සිදුකර පසුව ඔහුගේ ලිංගික අවයව වෙනසක් සිදුකර ගැනිමට හැකියාව තිබිමයි. විශේෂයෙන්ම ලිංගික අවයව වල ප්‍රමාණාත්මක භාවය සම්බන්ධයෙන් විඩියෝවක් හරහා නිශ්චිත තින්දුවකට එමට නොහැකි විම ප්‍රධාන හේතුවයි. කෙසේවෙතත් සිරුරේ විශේෂ ලක්ෂණ පමණක් සැසඳීමේ හැකියාව විඩියෝව හරහා සිදුකල හැක.

ප්‍රියාන් මැණික් තම රහස් අවයව පෙන්විමට උත්සහ කළේ ඇයි!

අවුරුදු 06ක දැරියක්ව ලිංගික අපයෝජනයට ලක් කරපු පුද්ගලයෙක් අල්ල ගන්න බැරුව ‌පොලීසිය අසරණ ‌වෙලා ඉන්න ‌කොට, එම පුද්ගලයා ජනාධිපති, අගමැති එක්ක ඉඳලා Photo ගහලා සමාජජාලාවලටත් දානවා… 

http://lankanewsnetwork.org/archives/23297

http://lankanewsnetwork.org/archives/23373

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top