Featured

ෆෙඩරල් ඉල්ලන විග්නේෂ්වරන්ගේ යෝජනාව ස්‌වීඩන් ඇමැතිනිය පිළිගනී-වධහිංසා හොයන්න දෙන්නේක් අද එයි

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්‌වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්තෝ සහ වධහිංසා පැනවීම පිළිබඳ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්දෙස්‌ මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයාකට අනුව අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනය කර සිටී.උතුරේ බෙදුම්වාදීන්ගේ ඉල්ලිමකට අනුව මොහුන් දිවයිනට පැමිණේන අතර  උතුරු නැගෙනහිර සංචාරය කිරිම සහ බෙදුම්වාදී කණ්ඩායම් හමුවි තොරතුරු රැස් කිරිම මොහුන්ගේ ප්‍රධාන අරමුණ වි තිබේ.

ඔවුන් දෙදෙනා මැයි මස 07 වැනිදා දක්‌වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර එම කාලය තුළ මැති ඇමැතිවරුන්, රජයේ නිලධාරීන්, විනිසුරුවරුන් නීතිපතිවරයා නීතිඥයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්, යුද්ධය නිසා විපතට පත්වූවන් සහ ඔවුනගේ පවුල්වල සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද අනාවරණය වි තිබේ.

මේ අතර උතුරේ ෆෙඩරල් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කළ යුතු බවට උතුරු මහ ඇමැති ඉදිරිපත් කළ යෝජනාව ස්‌වීඩන් විදේශ ඇමැතිනි මාර්කොට්‌ වොල්ස්‌ඩොන් පිළිගෙන ඇත.ස්‌වීඩන් විදේශ ඇමැතිනිය සමග උතුරු මහ ඇමැතිවරයා පැවැත්වූ සාකච්ඡාවේදී මෙම ෆෙඩරල් යෝජනාව ඇය වෙත ඉදිරිපත් වී තිබේ.මෙම සාකච්ඡාවේදී උතුරේ ජනතාවට යුක්‌තිය අහිමිවී ඇති බවටද විග්නේෂ්වරන් විසින් ස්‌වීඩන් විදේශ ඇමැතිනියට පැමිණිලි කර ඇත.

Margot-Wallström-meet-vigneswaran-01

 

 

 

Top