Featured

“රනිල්”භාණ්ඩාගාර බැඳුම්කර වංචාකර රටේ ජනතාවගේ කෝටි 5900කට කෙලවු හැටි

මේ වනවිට මුළු මහත් රටම කැළඹීමට හේතුවු  මුලූ මහත් ආර්ථිකයම චංචල කරමින් රජය කෙරෙහිද මහ බැංකුව කෙරෙහිද පැවති විශ්වසනීයත්වය පළුදුකිරීමට හේතුවු මහා බැංකු මුල්‍ය බැඳුම්කර වංචාව පිටුපස ඇති “මහා මොළකරු” කවුරුන්ද යන්න පිළිබඳව පැහැදිලිව නිරූපණය කල හැකිවන පරිදි ඇතිවු භාණ්ඩාගාර බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පහත දෑ රටේ මුළු මහත් ජනතාවම දැනගත යුතු යැයි අදහස් කරමු.

01. අර්ජුන් මහේන්ද්‍රන්ගේ අතීත ක‍්‍රියාකාරකම් මෙන්ම ඔහු පිළිබඳව වාර්තා වු කරුණු සහ ඔහු තුල පැවති හැකියාවේ සීමාවන් පිළිබඳව දැනසිටි සමහර මැති ඇමතිවරුන්ගේ අභියෝගාත්මක විරුද්ධතා මධ්‍යයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අප රටේ පුරවැසිභාවය පවා නොමැති අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ලෙස පත්කලා පමණක් නොව අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්වීම පිළිබඳව ඔවුනගේ විරුද්ධත්වයන් එල්ල නොවීම තහවුරු කරන පරිදි අර්ජුන් මහේන්ද්‍රන්ගේ සියළුම ක‍්‍රියාකලාපයන් සම්බන්ධව වගකීම තමා භාරගන්නා බවට ඔහු විසින් ප‍්‍රකාශ කරන ලදී.

02.විවිධ පාර්ශවයන් විසින් දක්වන ලද ප‍්‍රකාශ හා වාර්තා අනුව අමාත්‍ය මණ්ඩලීය අනු කමිටුවක් විසින් මෙම අහිතකර වු බැඳුම්කර නිකුතුවට දින 2කට පෙර ක්‍ෂණික අරමුදල් අවශ්‍යතාවයක් පිළිබඳව සාකච්ඡුා කල අතර” මෙම සාකච්ඡුාවට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීප මිතුරකු මෙන්ම එ.ජා.ප සභාපති වු මලිත් සමරවික‍්‍රම මහතාද සහභාගි වී ඇත. ඊළඟ දිනයේ හෝ ඊට පසුදින නිකුත් කල යුතු වන බැඳුම්කර වටිනාකම බිලියන 1 සිට 10 දක්වා වැඩි කිරීමට තීරණය කරන ලද්දේ” මෙම සාකච්ඡුාවේදීය මෙසේ අරමුණු කරගත් ක‍්‍රියාවන් මහේන්ද්‍රන් ඇතුළු එම අවස්ථාවට සහභාගිවු අය හැර මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කිසිවෙකු ඒ පිළිබඳව දැනුවත් වී නැත’ එපමණක් නොව එවැනි තොරතුරක් කිසිදු අවස්ථාවකදී වෙළඳපොළට සන්නිවේදනය කර නැත.

03. මාධ්‍ය වාර්තාවන්ට අනුව කෝප් පරීක්‍ෂණයේදී” කෝප් සාමාජිකයෙකු ඉතා දීර්ඝ ලෙස මේ පිළිබඳව ප‍්‍රශ්න කිරීමේදී මහේන්ද්‍රන් විසින් පිළිගන්නා ලද එක් කරුණක් වුයේ ප‍්‍රසිද්ධ බැඳුම්කර නිකුත් කිරීමේදී මේ දක්වා අනුගමනය කරන ලද සෘජු විකිණීම සහ වෙන්දේසි කිරීම යන ක‍්‍රම දෙකේ එකතුව වෙනුවට වෙන්දේසි කිරීමේ ක‍්‍රමය පමණක් අනුගමනය කරන ලෙස උපදෙස් දෙන ලද්දේ රනිල් වික‍්‍රමසිංහ බවයි’ එමඟින් ඔහුට අවශ්‍ය පරිදි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් දී ඇති නිර්දේශයන් අභිබවා කටයුතු කිරීමටත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට ප‍්‍රමාණාත්මක ලෙස ඉහළ අනුපාතයන්ට ලන්සු බාරගැනීම සඳහා උපදෙස් දීමේ හැකියාවත් මහ බැංකු අධිපතිවරයාට ලැබුනු අතර” එමඟින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විිසින් මෙතෙක් අනුගමනය කල ක‍්‍රමවේදය වන ඉතාම අඩු වියදමකින් රජයට මුදල් ඉපැයීමේ ක‍්‍රියාවලිය අවඥාවට ලක්කර ඇත.

04.රනිල් වික‍්‍රමසිංහගේ ඉල්ලීම ඉටු කිරීමේ දැඩි උනන්දුව මත දෙවාරයක්ම මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වෙන්දේසි මැදිරියට ගොස් ඇත්තේ ඔහුට ලැබුනු උපදෙස් අනුව බැඳුම්කර නිකුත් කිරීමේ කාර්යය සම්පුර්ණ කිරීමට වන නමුත්” එමඟින් ඇතිවිය හැකි විශාල අලාභ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය සඳහා ඇතිවන අහිතකර බලපෑම පිළිබඳව කිසිදු සැලකීමකින් තොරවයි. පොළී අනුපාතිකය ඉහළ යාම හේතුවෙන් මේ වන විට රජයට සිදුවී ඇති අලාභය රු,බිලියන 59 ක් ඉක්මවන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති’ මීට අතිරේක වශයෙන්” බැදුම්කර නිකුතුව ඉතා ඉහළ වට්ටමකට යටත්ව නිකුත් කිරීම හේතුවෙන් රු මිලියන 1.000 ක මුහුණත අගයක් සහිත බැදුම්කර වලින් ආසන්න වශයෙන් රු. මිලියන 291 ක අලාභයක් දැරීමට රජයට සිදුවී ඇත’ මෙම දිනය තුළදී නිකුත් කරන ලද බැඳුම්කර වලින් ඉතා විශාල කොටසක බැදුම්කර මහ බැංකු අධිපති මහේන්ද්‍රන්ගේ බෑණනුවන්ට අයිති ප‍්‍රාථමික වෙළඳ සමාගමක් වන පර්පෙචුවල් ටෙසරීස් (පෞද්ගලික) සමාගම වෙත නිකුත් කර ඇත.

05. මෙම අතිවිශාල අලාභය පිළිබඳව කිසිදු සැලකීමකින් තොරව මහ බැංකුව පිළිබඳව වගකීම දරන ඇමතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මේ සම්බන්ධ අඛණ්ඩව දැඩි නිහඩතාවයක් පළකර ඇති අතරම” මෙම අලාභය අවම කරගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැත’ එපමණක් නොව පොළී අනුපාතිකයන් වැඩි කරලමින් ඉතාමත් අපරික්‍ෂාකාරී ලෙස ආර්ථිකයට විශාල අලාභයක් සිදුකරන පරිදි කටයුතු කරන ලද මහ බැංකු අධිපති මහේන්ද්‍රන්ගේ නීතියට පටහැනි වු ක‍්‍රියාකාරකම් පිළිබඳව කිසිදු පියවරයක් ගෙන නැත. මෙහිදී ගැටළුව වන්නේ විශ්වාස කල නොහැකි ආකරයට රනිල් වික‍්‍රමසිංහ යමක් සිදුනොවුනු ලෙස හැසිරීමත් මෙම වංචාසහගත ගණුදෙනුව පිළිබඳව වු සිද්ධිය සම්පුර්ණයෙන්ම නිවැරදි එකක් ලෙස නිරූපණය කිරීමට ඔහුගත් උත්සාහයත්ය මෙම කරුණු වලින් පෙනී යන්නේ මෙම වංචාව පිළිබඳව ඇතිවු තත්ත්වය යට ගැසීම තුළින් ඒ පිළිබඳව කරුණු මහජනතාවගෙන් වසන් කිරීම වුවත් මේ වන විටත් ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම මෙම වංචාව හොඳින් අවබෝධ කරගෙන ඇති අතර… එහි පරිමාණය පිළිබඳව වැටහීමක් ලබාගෙන ඇත.

06. මෙම වංචාවේ අතිශය විවේචනාත්මක කරුණක් වන්නේ…අදාළ ගණුදෙනුව සිදුවී පැය කිහිපයක් තුලදී ලංකා බැංකුව විසින් මහේන්ද්‍රන්ගේ බෑණනුවන්ට අයත් ප‍්‍රාථමික ගණුදෙනුකාර සමාගමක් වු පර්පෙචුවල් ටෙසරීස් පෞද්ගලික සමාගමට රු, බිලියන 13 ක පමණ වු අති විශාල මූල්‍ය පහසුකමක් ලබාදීමයි’ මෙලෙස ප‍්‍රාථමික ගණුදෙනුකරුවෙක් සඳහා ලංකා බැංකුව විසින් මෙතරම් මහා පරිමාණ මුදලක් මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා ලබාදුන් ප‍්‍රථම අවස්ථාව බව ලංකා බැංකුවේ නිළධාරීන් කෝප් කොමසම් සභාවට කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙහිදී මධ්‍යස්ථව සළකා බැලිය යුතු කරුණක් වන්නේ මෙවැනි විශාල ණය පහසුකම් ලබාදීමේදී සාමාන්‍යයෙන් අනුගමනය කරන නිශ්චිත ණයදීමේ කොන්දේසිවලට පටහැනිව විශාල මුදලක් මෙවැනි සමාගමකට ලබාදුන්නේ මන්ද යන්නයි මේ සඳහා අවශ්‍ය පදනම සකස් කරගෙන ඇත්තේ රොනල්ඞ් පෙරේරා වැනි එ.ජා.ප.ට මෙන්ම රනිල් වික‍්‍රමසිංහගේ සමීප හිතවතෙක් වු පුද්ගලයෙක් ලංකා බැංකුවේ සභාපති තනතුරට පත්කිරීමයි.මේ සම්බන්ධයෙන් වු පරීක්‍ෂණ වලදී අනාවරණය කරගන්නා ලද වැදගත්ම සාධකය වුයේ මෙම බැදුම්කර පිළිබඳ වංචාව මෙතරම් ශූර ලෙස නිම කිරීමට හැකියාව ලැබුනේ ලංකා බැංකුවෙන් ලද එතරම් විශාල මූල්‍ය පහසුකම නිසා බවත්” එවැනි පහසුකමක් නොලැබුනේ නම්” මෙම ගණුදෙනුව සිදු කිරීමට ඔවුනට කිසිදු අවස්ථාවක් නොලැබෙන බවත්ය.

07.2015 මාර්තු 11 වෙනි දින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 2 නෙක් විසින්… අල්ලස් හා දුෂණ කොමිසම් සභාවට පැමිණිල්ලක් කරන ලද අතර.. එම පැමිණිල්ලේ සඳහන් වන පරිදි මහේන්ද්‍රන් මත භේදයට පාදකවු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී අනුගමනය කල යුතු සියළු කොන්දේසි උල්ලංඝනය කර ඇති බව සඳහන් විය’ මේ පිළිබඳව පසුව නිකුත් වු මාධ්‍ය නිවේදන මඟින් මහේන්ද්‍රන්ගේ ගමන් බලපත‍්‍රය අත්හිටුවා ඇති බවත්” මූලික විමර්ෂන කටයුතු ආරම්භ කර ඇති බවත්. සඳහන් කර තිබිණි මෙම පැමිණිල්ල පිළිබඳව මේ වන විටත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සාක්‍ෂි ලබාගෙන ඇති අතර… එහි පරීක්‍ෂණ කටයුතු තව දුරටත් පැවැත්වෙන බවත්” දැනගැනීමට ලැබී ඇත’ කෙසේ වෙතත්” ජන මාධ්‍ය හා සමාජ වෙබ් අඩවි අනුමාන කරන පරිදි රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම මහේන්ද්‍රන්ට එරෙහිව ඇති නෛතික ක‍්‍රියාකාරකම් නිසි පරිදි පවත්වාගෙන යාමට යම් යම් බාධාවන් කරන බැව් පැහැදිලිවේ’ මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුතු කරුණක් වන්නේ” රනිල් වික‍්‍රමසිංහගේ එවැනි බාධා කිරීම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් කොමිසමේ එක් සාමාජිකයෙකු නියමිත කාලයට පෙර කොමිසමෙන් ඉවත්වීමයි.

08. මෙම කාල සීමාවේදීම එනම්.. 2015 මාර්තු මාසයේදී රනිල් වික‍්‍රමසිංහ රටම කැළඹීමට පත්කරන ලද මෙම භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රෝඩාවට විරුද්ධව ඇතිවිය හැකි උද්ඝෝෂන හා විවේචන නැවැත්වීමට උත්සාහ දැරූ අතර  මේ සම්බන්ධව බරපතල හානිමය තත්ත්වය සමනය කිරීමේ පරමාර්ථයෙන් ඔහු විසින්ම 2015 මාර්තු මස 17 වෙනි දින ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කරන ලදී’ මෙම ප‍්‍රකාශනයේදී ඔහු විසින් පෙර පැවති පරිපාලනයට වරද පටවාලීමට අසාර්ථක උත්සාහයක් ගත් අතර එහිදී සාවද්‍ය මෙන්ම වැරදිසහගත කරුණු ඉදිරිපත් කර ඇති බව පසුකාලීනව විශ්ලේෂකයින් බොහෝ දෙනෙක් කරුණු අනාවරණය කර තිබිණි. විවේචනාත්මක බැඳුම්කර ගණුදෙනුව සාධාරණීකරණය කිරීමට ඔහු විසින් ගන්නා ලද උත්සාහයන් මෙන්ම මෙම ගැටළුව ඉතා ඉක්මනින් යට ගැසීමට ඔහු විසින් දක්වන ලද ඉතා ගැඹුරුවු කැමැත්ත තුළින් විද්‍යමාන වන්නේ මෙම වංචාව සම්බන්ධව පවතින ඔහුගේ සෘජු සහ පෞද්ගලික සම්බන්ධතාවයයි.

09. 2015 මාර්තු 17 වන දින හෝ ඒ ආසන්නයේදී මෙම භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ පරීක්‍ෂණ කටයුතු පිළිබඳව රාජකාරී මට්ටමෙන් යම් බලපෑමක් කිරීමට පහසුවන ආකාරයට රනිල් වික‍්‍රමසිංහ විසින් එ.ජා.පාක්‍ෂික නීතිඥවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වු කොමිසමක් පත්කල අතර එම අත්තනෝමතික තීරණය නිසා ජනාධිපතිතුමන් විසින් ස්වාධීන කොමිසමක් පත්කිරීමට තිබු බලාපොරොත්තුවද එයින් වලක්වනු ලැබීය’ මෙම කොමිසම පත්කරන ලද දින සිට මේ පිළිබඳව මහජනතාව අතරත්” මාධ්‍ය අතරත් දැඩි අප‍්‍රසාදයක් පළවු අතර ඔවුන්ගේ අදහස වුයේ එවැනි පත්කිරීමක් තුළින් මෙම වංචාව යට ගැසීමට උත්සාහයක් දැරීමේ සැකයක් මතුවී ඇති බවත්” කිසියම්වු ප‍්‍රයෝජනවත් ක‍්‍රියාවක් මෙම කොමිසම තුළින් ඉටු නොවන බවත්ය. කෙසේවෙතත් රනිල් වික‍්‍රමසිංහගේ බලකිරීම මත මෙම කොමිසම විසින් තම වැඩ කටයුතු ආරම්භ කරන ලදී. මෙම කොමිසම විසින් අපේ‍්‍රල් මැද භාගයේදී පිටු 19 ක අසම්පුර්ණ නොවුද” ප‍්‍රමාණවත් ලෙස කරුණු ඉදිරිපත් නොවුද වාර්තාවක් ඉදිරිපත් කල අතර” එමඟින් නිවේදනයට පත් කරන ලද්දේ මහ බැංකු අධිපතිවරයා මෙම භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සඳහා සෘජුවම සම්බන්ධ වී නොමැති බවයි. කෙසේ වෙතත්” මෙම වාර්තාව ඉතාමත්ම කපටි ලෙස සකස් කරමින් භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මෙයට පෙර සාර්ථක ලෙස අත්හදා බලා ක‍්‍රියාත්මක කල එමෙන්ම 2012-2014 දක්වා සෑම බැදුම්කර නිකුතුවකදීම අනුගමනය කරන ලද සෘජුවම බැදුම්කර ලබාදීමේ ක‍්‍රමවේදය පෞද්ගලික නිකුතුවක් ලෙස අර්ථකතනය කරමින් ඒ පිළිබඳව කිසියම් ප‍්‍රමාණයක සැකයක් මතුකර තිබිණි. එම සාවද්‍ය කරුණ බොහෝවිට සඳහන් කර ඇත්තේ මේ පිළිබඳ වු අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට විය හැකිය. එපමණක් නොව එම කරුණ 2015 පෙබරවාරි මස 27 වන දින කරන ලද බැදුම්කර නිකුතුව ඊට පෙර කරන ලද බැදුම්කර නිකුතුවලට වඩා වෙනස් වු සාර්ථක ප‍්‍රතිඵල ලබාදී ඇති නිකුතුවක් බව වඩාත් සතුටකින් ලෝකයාට ප‍්‍රකාශ කිරීමට රනිල් වික‍්‍රමසිංහට අවස්ථාවක් ලබාදෙන ලදී. එලෙස පෞද්ගලික නිකුතුවක් ලෙස අර්ථකතනය කිරීම මහජනතාවගේ අවදානය වෙනත් දිසාවකට යොමු කිරීමට ඉතාමත් සැලකිල්ලෙන් සැලසුම් කරන ලද ක‍්‍රියාදාමයක් බව නිගමනය කල හැකිය’ මෙම ත‍්‍රිපුද්ගල වාර්තාවේ ඇතැම් වැදගත් කරුණුද ඇතුළත් වු අතර. එවැනි එක් කරුණක් වුයේ මෙම සීමාසහිත පර්පෙචුවල් ටෙසරීස් සමාගමේ මිල ගණන් ඉදිරිපත් කිරීමේ රටාව පිළිබඳව මෙන්ම ලංකා බැංකුව විසින් ඒ හා සමාන්තරව අනුගමනය කරන ලද ක‍්‍රියාදාමය පිළිබඳව තව දුරටත් පරීක්‍ෂණයක් කල යුතු බව එහි ඇතුළත් වීමයි’ මෙම අදහස් එම වාර්තාව තුළ ඇතුළත් කරන ලද්දේ ඇතැම් විට එහි තුලනාත්මකභාවය සහ පිළිගත හැකි බාවය පිළිබඳව නිරූපණය කිරීමට විය හැකි වුවත් එම කරුණු පාදකව විරුද්ධ පක්‍ෂයට මෙම ගණුදෙනු පිළිබඳව තව දුරටත් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලූම් කිරීමේ හැකියාව පිළිබද වාසනාව උදාකර දී ඇත.

10. මේ අතරතුර 2015 මාර්තු 27 වන දින පමණ රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එ.ජා.ප.ට ලැදි මෙන්ම එ.ජා.ප සමඟ කුලූපඟ ක‍්‍රියාකාරී යහපාලනය යැයි කියා ගන්නා පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කල අතර” මේ සඳහා එ.ජා.ප. සහ එහි නායකත්වයට සමීපතම නීතිඥයින් දෙදෙනෙකු සහයෝගය ලබාදෙන ලදී’ පිටස්තර ලෝකයාට පෙන්නුම් කරන ආකාරයටත් එහි මුහුණතෙහි නිරූපණය කරන පරිදිත් මෙම ජනතා අයිතිය පිළිබඳව පෙත්සම භාණ්ඩාගාර බැදුම්පත් වංචාවට සම්බන්ධවු මහ බැංකු අධිපතිවරයා සහ ඒ සඳහා සහභාගීවු අනික් පාර්ශවයන් සදහා දඩුවම් ලබාදීම ලෙස පෙන්නුම් කලත්” මේ පිළිබඳව ඉතා සමීප ලෙස පරීක්‍ෂා කිරීමේදී නිරූපණය වන්නේ එම අයදුම්පතෙන් පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු ඉතා මතුපිටින් වු කරුණු වන අතර” ගැඹුරු අධ්‍යයනයක් වු ඒ සඳහා වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට හෝ සාධාරනත්වයක් අපේක්‍ෂා කල නොහැකි තරම් එකක් වු අතර. හුදෙක්ම එය ගොනුගත කරන ලද්දේ පොදු මහජනතාවගේ අවධානය එවැනි පෙත්සමක් ඉදිරිපත් කල බවට යොමු කිරීම පමණකි.
2015 මාර්තු 31 වෙනි දින ඬේලි ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වාර්තාකරණ පරිදි මෙම පෙත්සම හරහා ඉල්ලූම් කරන ලද කරුණ වුයේ ර්‍ණමහ බැංකු අධිපති” නියෝජ්‍ය අධිපති සහ භාණ්ඩාගාර බැදුම්කර ටෙන්ඩර් කමිටුවේ සභාපති සහ රාජ්‍ය ණය අංශයේ අධිකාරිවරයා ඔවුන්ගේ රාජකාරීමය කටයුතු සිදුකිරීමේදී මහජන විශ්වාසය ආරක්‍ෂා වන ආකාරයට කටයුතු නොකල බවට ප‍්‍රකාශයක් කරන ලෙසත් මුදල් මණ්ඩලය විසින් පත්කරනු ලබන නිපුණතා සහිත වෘත්තීය ස්වාධීන පරීක්‍ෂණ මණ්ඩලයක් විසින් රාජ්‍ය ණය කළමනාකරණය සුපරීක්‍ෂණය පිළිබඳ උසාවියේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණයක් කල යුතු බවටත්. පාරදෘශ්‍යභාවය සහ යහපාලනය සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි අනාගත රාජ්‍ය ණය නිකුතු සඳහා නව ක‍්‍රම ක‍්‍රියාකාරකම් රීති හා රෙගුලාසිමය රාමුවක් නිර්මාණය කිරීමට මුදල් මණ්ඩලයට විධානයක් ලබාදෙන ලෙසත්ය.

2015 ජුනි මස 01 දින ඬේලි ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත මගින් ප‍්‍රසිද්ධියට පත් කර ඇති විශේෂ ලියුම්කරුගේ විග‍්‍රහය අනුව 2015 මැයි මස 13 වෙනි දින මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද්දේ හුදෙක්ම ප‍්‍රායෝගික තත්ත්වයක් මත බවත් එහිදී ශ්‍රේෂ්ඨාධිකරනය දක්වා ඇත්තේ ර්‍ණමහ බැංකුව හෝ වෙනත් කිසිදු පාර්ශවයක් විසින් නීති කඩ කිරීමක් හෝ නීතිය උල්ලංඝනය කිරීමක් මෙමගින් සිදුකර නොමැති හෙයින් මෙම පෙත්සම පිළිබඳ නීතිමය කාර්යයන් තව දුරටත් පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවයි. මෙහිදී විනිශ්යකරුවන් විසින් පෙත්සම නිෂ්ප‍්‍රභා කිරීමේදී දැඩි ලෙසම අවධාරණය කර ඇත්තේ නීතිමය දෘෂ්ඨිකෝනය වන හෙයින් ඒ මත තව දුරටත් සළකා බැලීමකින් තොරව අදාළ පෙත්සම නිෂ්ප‍්‍රභා කර ඇත. කෙසේවෙතත් එම තීරණය මගින් බැඳුම්කර ගණුදෙනුවේ පාර්ශවකරුවන් විසින් ක‍්‍රියාකල ආකාරය සාධාරණ බව හෝ එම ගණුදෙනුව තුළින් භාණ්ඩාගාරයට ඉතා ඉහළ පොළී පිරිවැයක් දැරීමට සිදුනොවු බව අදහස් නොකෙරේ. නිෂ්ප‍්‍රභා කිරීම තුළින් නිරූපණය වන්නේ විනිශ්යකරුවන්ගේ අදහස පරිදි තවදුරටත් එම පෙත්සම ඉදිරියට ගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බව පමණි.

විශේෂ වාර්තාකරු තවදුරටත් මෙම නඩුව පිළිබඳව අදහස් දක්වමින් විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වුවද මෙම කරුණට ප‍්‍රස්තුථ වු නීතිමය කරුණු අරමුණු කරගත්තා මිස එහි හරය පිළිබඳව සැළකීමකින් තොරව කටයුතු කර ඇත. තීරණ ගැනීමේදී සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමේදී ඔවුනගේ ආරක්‍ෂාව සඳහා නීතියෙන් සහ පද්ධතියෙන් කිසියම් අනුග‍්‍රහයක් බොහෝවිට ලබාදුන්නත්. එවැනි තීරණ ගැනීමකදී අධ්‍යහාර වන උපකල්පනය වන්නේ ඔවුන් විසින් අවංකභාවය සහ සාමාන්‍ය දැනුම උපයෝගි කර එවන් තීරණවලට එළැඹිය යුතු බවයි. මහ බැංකුව විසින් තම බැඳුම්කර නිකුත් කිරීමේදී පාදක කරගනු ලබන මුලික උපකල්පනය වන්නේ” දැනට පවතින පොළී අනුපාතික මට්ටම් වලට ඉතා දැඩි බලපෑමක් එමඟින් සිදු නොවිය යුතු බවයි’ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එහි ප‍්‍රාථමික අරමුණක් වන අවම පිරිවැයකට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට සමත් සම්පත් සහිත ඒකකයකි. මහා භාණ්ඩාගාරය විසින් රජයේ නියෝජිතයකු ලෙස මහ බැංකුවට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ බලය පවරා ඇති අතර” එමඟින් අපේක්‍ෂා කරන්නේ” වඩාත් විචක්ෂනශීලී ලෙස අවශ්‍ය අරමුදල් අවම පිරිවැයක් සහිතව ලබාගැනීම හා ඒ හා සම්බන්ධිත කටයුතු ඉටු කල යුතු බවයි.

ඉහත වාතාවරණයක් සහිතව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීන්දුව පාදකව මහ බැංකු අධිපති මහේන්ද්‍රන් “වරදකරුවෙක් නොවන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ රජයේ සාමාජිකයින් කිහිප දෙනෙක් අදහස් දක්වමින් මහජනතාව නොමඟ යැවීමට වඩාත් දක්‍ෂ ලෙස අවශ්‍ය කටයුතු කරන ලදී.

11. රනිල් වික‍්‍රමසිංහ විසින් පත්කරන ලද නීතිඥයින් තිදෙනාගේ වාර්තාව ඔහු අතට පත්වුයේ 2015 අපේ‍්‍රල් මස මැද භාගයේ වුවද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2015 මැයි මස මැදදීය. මෙම වාර්තාව පිළිබඳව 2015 ජුනි මස 03 වන දින රනිල් වික‍්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපති මහේන්ද්‍රන් සෑම චෝදනාවකින්ම ර්‍ණනිදහස්” බැව් ප‍්‍රකාශ කරන ලදී. ඒ සමඟම පැවති රජයේ සගයින්ට මෙන්ම තමාගේ හිතවතුන්ට රු’ බිලියන 2700 ක භාණ්ඩාගාර බැදුම්කර පෞද්ගලික ගණුදෙනු ලෙස හිටපු මහ බැංකු අධිපති කබ්රාල් 2012-2014 දක්වා වු කාල සීමාව තුළ නිකුත් කර දී ඇති බවට චෝදන එල්ල කරමින් විවේචනයට භාජනය කලේය. එමඟින් ඔහු උත්සාහ කලේ සිදුවී ඇති මහා පරිමාන භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධව ඔහු වෙත ඒ වන විටත් චෝදනාවක් ලෙස ඉදිරිපත් වී ඇති කරුණු මෙන්ම ඒ තුළින් ඇතිවු පිළිකුල් සහගත අපහාසය වෙනත් දිසාවකට යොමු කිරීමයි. හිටපු මහ බැංකු අධිපතිට විරුද්ධව කරුණු හෙලිකිරීමට යාමෙන් සිදුවුයේ හිටපු මහා බැංකු අධිපති තමා කිසිදු වරදක් නොකල බව ඔප්පු කිරීමට අවස්ථාව ලබා ගැනීම මෙන්ම 2015 පෙබරවාරි 27 දින සිදුවු භාණ්ඩාගාර බැදුම්කර වංචාව පිළිබඳව තමා සමඟ රූපවාහිණී සංවාදයකට එන මෙන් රනිල් වික‍්‍රමසිංහට අභියෝග කිරීමට හිටපු මහ බැංකු අධිපතිට අවස්ථාවක් උදාවීමයි’ කෙසේවෙතත්” මෙම රූපවාහිණී සංවාදය පිළිබඳව රනිල් වික‍්‍රමසිංහගෙන් තවමත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැත්තේ එවැනි කරුණක් සම්බන්ධව විවාදයක් කිරීමට තරම් ඔහු තුළ විශ්වාසයක් නොපැවතීමයි.

12. 2015 මැයි මස 19 දින විරුද්ධ පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේදී මහේන්ද්‍රන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරිණි’ ඒ මත කෝප් අනුකමිටුවක් මඟින් පරීක්‍ෂණයට භාජනය කල මෝසමක් මඟින් සති 2 ක් තුළදී” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායකතුමා විසින් දැනුම් දෙන ලදී’ මේ අනුව 13 දෙනෙකුගෙන් සමන්විත මෙම කෝප් කමිටුව විසින් ඉතා උද්යෝගයෙන් බොහෝ අංශ හරහා පරීක්‍ෂණ ආරම්භ කරන ලදී. කෙසෙ වෙතත්” මෙම වාර්තාව අවසන්වීමට ලංවත්ම එය ප‍්‍රකාශයට පත්වනු වලක්වනු පිණිස රනිල් වික‍්‍රමසිංහ කලබලයෙන් හා අවේගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක‍්‍රියා කරන බව විවිධ වාර්තා මඟින් විවිධ ආකාරයෙන් ප‍්‍රකාශ වුනි’ මේ අතර” ඔහු මෙන්ම ඔහුගේ අනුගාමිකයින්ද විසින් මෙම වාර්තාව ප‍්‍රමාද කිරීමට හැකි සෑම උත්සාහයක්ම දැරීය’ මේ අනුව 2015 ජුනි 26 වෙනිදා මෙම වාර්තාව කථානායකට භාරදීමට ඔන්න මෙන්ම කියා තිබියදී රනිල් වික‍්‍රමසිංහ විසින් ඉතාම සූක්‍ෂම අන්දමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිණිස ජනාධිපතිතුමාව පොළඹවන ලැබීය’ එමඟින් සිදුවුයේ කෝප් වාර්තාව යටි ගැසීමත්” එමඟින් අනුකමිටුව මඟින් සොයාබැලීමට. සවිස්තරව පරීක්‍ෂා කිරීමට තිබු සියළු අවස්ථා නිශ්ප‍්‍රභා කිරීමයි.

මේ සියළු සිදුවීම් වලින් පෙනෙනුයේ මේවා සැලසුම් කිරීමේදී” ක‍්‍රියාත්මක කිරීමේදී මෙන්ම මේවා ඉතා සූක්‍ෂම ලෙස යටි ගැසීමේ හැකියාව ඇති ඉතා ප‍්‍රබල මෙන්ම ඉතා දක්‍ෂ හස්තයක් ඇති බවයි. මෙම සිද්ධිය නිසා යළි ප‍්‍රතිෂ්ඨාපනය කල නොහැකි ලෙසට මහ බැංකුව සතු කීර්තිනාමය මෙන්ම රජයටද විශාල අවමානයකට පත්වීමට සිදුවීමයි.

ඒ අනුව රටේ සහ ආර්ථිකයේ යහපත වෙනුවෙන් මේ පිළිබඳව ඉතා පළල් වු විමර්ෂනයක් පවත්වා සත්‍ය තත්ත්වය රටට හෙළිදරව් කල යුතුවා පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට මීට පෙර කිසිම දිනක සිදු නොවු තරම් ඇතිවු මෙම විශාලතම අපරාධය සැළසුම් කල ඕනෑම අයෙක් ඔවුන්ගේ තරාතිරම නොසලකා සහ ඒ පසුපස සිටි මහ මොළකරු නීතියේ ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කළයුතුවේ.

ඒ අතර 2015 පෙබරවාරි මස 27 වන දින සිදුවු භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳව නිකුත් කරන ලද කෝප් කමිටු කෙටුම්පත් වාර්තාව මෙන්ම ඒ පිළිබඳව පත් කරන ලද කෝප් විමර්ෂන අනු කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙක් විසින් කර ඇති අදහස් දැක්වීමේදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මෙම ගණුදෙනුව සඳහා සම්බන්ධ කිරීමට උත්සාහයක් දරා ඇත.

2015 පෙබරවාරි මස 27 වන දින සිදුකරන ලද උග‍්‍ර මතභේදයකට ලක්වු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණනුවන්ට අයිති සහ ඔහු පාලනය කරන ප‍්‍රාථමික වෙළඳ සමාගම වන පර්පෙචුවල් ටෙසරීස් (පෞද්ගලික)සමාගමේ අධ්‍යක්‍ෂවරියක් ලෙස කබ්රාල්ගේ සහෝදරියක් වන ශිරෝමි වික‍්‍රමසිංහ කටයුතු කරන ලද්දේය යන කරුණ ඒ සඳහා පාදක කරගෙන ඇත. එම කරුණු පදනම්ව කෝප් කමිටු කෙටුම්පත් වාර්තාවෙහි ඇතුළත් කර ඇති එක් නිර්දේශයක් වන්නේ “පෙර කාල වලදීත් පර්පෙචුවල් ටෙසරීස් (පෞද්ගලික) සමාගම විසින් සිදුකරන ලද ගණුදෙනු පිළිබඳවද සම්බන්ධතා අතර ගැටුමක් සිදුව තිබිය හැකි බවය” වන අතර එමඟින් වක‍්‍ර ලෙස නිරූපණය කිරීමට උත්සාහ කරන්නේ පෙර සිටි මහ බැංකු අධිපතිවරයාගේ කාල සීමාවේදී පවා 2015 පෙබරවාරි මස 27 වන දින සිදුවු භාණ්ඩාගාර බැඳුම්කර වංචාව වැනි වංචාවන් සිදුව ඇති බවයි.

මෙම කරුණ පිළිබඳව සත්‍ය තත්ත්වය පහත ලෙස පැහැදිලි කල යුතුවේ…

HDFC බැංකුවේ පෙර සිටි සභාපතිවරිය මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියකු වු නීතිඥ ශිරෝමි වික‍්‍රමසිංහ කිසිදු අවස්ථාවකදී පර්පෙචුවල් ටෙසරීස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවය කර නැති අතර අදාළ සමාගම විසින් කරන ලද කිසිදු ගණුදෙනුවක් හෝ මිල ගණන් ඉදිරිපත් කිරීමක් පිළිබඳව සම්බන්ධවී නැත’ කෙසේවෙතත්” මේ පිළිබඳව සිදුව ඇති අහිංසක පටලැවිල්ලක් හේතුවෙන් හෝ හිතාමතාම කරන ලද කරුණු වැරදි ලෙස ඉදිරිපත් කිරීම කර ඇත්තේ ශිරෝමි වික‍්‍රමසිංහ මෙම භාණ්ඩාගාර බැදුම්කර වංචාවට සම්බන්ධවු පර්පෙචුවල් ටෙසරීස් (පෞද්ගලික) සමාගම මෙන්ම සමූහය තුළ ඇති සමාගම් සියල්ලම අයිති පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්‍ෂවරියක් ලෙස කටයුතු කිරීම නිසා විය හැකිය’ ශිරෝමි වික‍්‍රමසිංහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්‍ෂවරියක් ලෙස 2013 දෙසැම්බර් මස 23 වන දින සිට 2015 මාර්තු මස 09 වන දින දක්වා කටයුතු කර ඇතත් එම මහත්මිය දක්වන පරිදි මෙම කාලච්ෙඡ්දය තුළදී එම සමාගම අධ්‍යක්‍ෂ මණ්ඩල කිසිදු රැස්වීමක් පවත්වා නැති අතර” ඇය සමාගමෙන් කිසිදු මූල්‍ය හෝ වෙනත් ප‍්‍රතිලාභයක් ලබාගෙන නැත එපමණක් නොව ඇයට එම සමාගමේ කිසිදු කොටස් අයිතියක් නැත.

කෝප් කමිටු විමර්ෂනය සඳහා ඉදිරිපත් කර ඇති ලේඛන අනුව අජිත් නිවාඞ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස සේවය කරන ලද කාල පරාසය තුළදී” 2014 සැප්තැම්බර් මස 29 වන දින මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී ඉදිරිපත් කරන ලද රු’මි’ 150 න් රු’මි’ 27 ක ප‍්‍රමාණයක් ලබා ගැනීම පිළිබඳව එක් අවස්ථාවක් හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම පර්පෙචුවල් ටෙසරීස් (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරන ලද මිල ගණන් මහ බැංකුවේ රාජ්‍ය ණය අධ්‍යක්‍ෂවරයා විසින් ප‍්‍රතික්ෂේප කිරීමකට භාජනය කර ඇත’ කිසිදු විවාදයකින් තොරව මෙම සාධකය එවකට සිටි මහ බැංකු අධිපතිවරයා හෝ ඔහුගේ සහෝදරිය හරහා මෙම ප‍්‍රාථමික වෙළඳ සමාගමට සහාය දැක්වීම සඳහා කිසිදු සාවද්‍ය උත්සාහයක් ගෙන නොමැති බව තහවුරු කරයි.

(පහතින් දක්වා ඇති වගු අංක 01 බලන්න) මෙම වගුව පරිදි කිසිදු සැකයකින් තොරව 2015 ජනවාරි අග බාගයේදී මහ බැංකු අධිපති තනතුරට මහේන්ද්‍රන් මහතා පත්වීමෙන් අනතුරුව පර්පෙචුවල් ටෙසරීස් (පෞද්ගලික) සමාගම 2015 පෙබරවාරි මස 27 සිදුකරන ලද අතිශය මතභේදකාරී අසාමාන්‍ය ස්වභාවයේ මිල ගණන් සඳහා සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීම සහිතව ඉතාමත්ම සක‍්‍රීය ලෙස භාණ්ඩාගාර බැඳුම්කර ගණුදෙනුවලට සම්බන්ධ වී ඇති බව නිගමනය කල හැකිය.

ඒ අනුව… අජිත් නිවාඞ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කරන කාල සීමාව තුළදී පර්පෙචුවල් ටෙසරීස් (පෞද්ගලික) සමාගම විසින් සිදුකරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ ගණුදෙනු වලදී ඇල්ම පිළිබඳව ගැටුමක් ඇතිවී තිබිය හැකිය යන කෙටුම්පත් කෝප් කමිටු කෙටුම්පත් වාර්තාවේ සඳහන් කරුණ සත්‍ය කරුණක් නොවනවා පමණක් නොව ඒ සඳහා කිසිදු පදනමක් නැති බව ඉතාමත් පහසුවෙන් ඔප්පු කල හැකිය.

Bondscam_LNW

Top