ලෝකයා

1,2,3 දන්නේ නැති යහපාලන පොන්සි රැළ

සිගිරියේ පැවති යොවුන් කුමරා තේරීමේ තරගයේදී එහි ප්‍රථම ස්ථානය දිනාගත් තරුණයාට තෙවැනියා ලෙස කිරුළු පැළඳීමට සිදුවිය. ජනපති අගමැති මැති ඇමතිවරුන් මෙන්ම සජීවී රුපවාහිනි විකාශය ඔස්සේ රටම බලා සිටියදී යොවුන් කුමරා ලෙස තේරී පත්වූ එම තරුණයා මෙම වරද පෙන්වා දුන්නේය.

නිවේදකයා සභාවට පැවසු සේ දහස් ගණනක තරුණයන් අතරින් විශේෂ කණ්ඩායමක් යොදවා 2016 යොවුන් කුමරා තෝරාගෙන තිබිණි. එහිදී ප්‍රථම ,දෙවැනි, තෙවැනි තැන් ගත් අයගේ නම්ද කියැවිණි. තුන්වැනියාගේ සිට නම් කියැවිණි. ජාතික තරුණසේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ තුන්වැනියාට හිමි සාටකය තෑගි හා මුදල් පිරිනැමීමයි. නමුත් ඔහු ඒවා ප්‍රථමයාට ලබාදුන්නේය.

තුන්වැනියා ඒ බව කීවේය. එහෙත් ඔහු එය නිවැරදි නොකළේය. යොවුන් කුමරා ලෙස තේරී පත්වූ කොළඹ දිස්තික්කයේ එච් .ජි .පි. නිරෝෂණ ට ජනපති අතින් තෑගී ලැබිණි. ඒ වනවිටත් ඔහුගේ කරේ දමා තිබුණේ තුන්වැනියාගේ ඇති සාටකය යි.

kumara-201643-2 kumara-201643-3 kumara-201643-5

Top