LNN SPY

2020දි යහපාලනය අවසන්…. එජාප අවසන් තීන්දුව ගනී

සම්මුතිවාදී යහ පාලන ජාතික ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 වන තුරු පමණක් පවත්වාගෙන යැමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් මේ තීරණය ගෙන තිබෙන්නේ රටේ උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ග වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායක රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (29) දහවල් පැවැත්වු අතර එහිදි එම තිරණය ගෙන ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී කරන ප්‍රකාශ සහ ඒ හේතුවෙන් උද්ගතවී තිබෙන දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද එහී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

2015 ජනවාරි 8 සහ අගෝස්තු 17 වැනිදා ලබා දුන් ජන වරමට ගරු කර ජනතා අපේක්ෂා ඉටු කිරීම සඳහා නව දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ජනාධිපතිවරයා යටතේ 2020 වන තුරු කෙසේ හෝ සම්මුතිවාදී යහ පාලන ජාතික රජය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බවට ද එහිදී වැඩිදුරටත් තීරණය කෙරිණ.

Top