විශේෂාංග

25% කාන්තා නියෝජනය හා විජාතික සැලසුම්…. විජාතික කපටි සූත්තර කාරයන්ට වාසියක් වු බටහිර කාන්තා විමුක්තිවාදය

වර්ෂ 2015 ජනවාරි 8 මෙරට රාජ්‍යබලය ජාතිකත්ව හිතවාදී පාර්ශවයේ සිට විජාතික ගැති ජාතික සතුරු පාර්ශවයට හිතවත් කඳවුර වෙත මාරු වූ පසු ජාතික බලවේග පසුබසින අතර විජාතික බලවේ යම් යම් ජයග්‍රහණ මේ වන විට අත් කරගෙන ඇත. බෙදුම්වාදය නැවතත් ශක්තිමත් වීම මෙලෙස අප කවුරුත් හොඳින් අත්දකින ලද එක් දෙයකි. එහෙත් විජාතික සැලසුම් ක්‍රියාත්මක වන්නේ දෙමළ ජාතිවාදය පදනම් කරගත් බෙදුම්වාදය පැත්තෙන් පමණක්ම නොවේ. ඊලාම් බෙදුම්වාදය විජාතික කුමන්ත්‍රණ වල එක් සංරචකයකි. මේ විජාතික කුමන්ත්‍රණ වල මූලය මේ වන විට යුදෙවු නිරාගමික නූතනත්වය මත පදනම් වන සංස්කෘතික හා මතවාදී ආක්‍රමණයයි. ඉන් පරිබාහිරව සුන්නි මුස්ලිම් ව්‍යාප්තිවාදී ආක්‍රමණයටද මේ වන විට රට ගොදුරු වෙමින් තිබේ. කෙසේ වෙතත් එය දීර්ඝ ලෙස සාකච්චා කළ යුතු බැවින් ඒ ගැන වෙනම කතා කිරීමට අපට සිදු වේ. මේ ලිපිය ලියන්නේ යුදෙවු නිරාගමික නූතනත්වයේ මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයේ බෙදුම්වාදයට අමතර අනෙක් සංරචක ගැන මතක් කර දීමට හා ජාතියේ අවධානය යොමු කරවීමටය. ඉන් ප්‍රධාන එකක් නම් සමාජය විසංවිධානය කිරීම හා පුද්ගල ආත්මාර්ථකාමීත්වය මත ප්‍රජාවන්හි මිනිසුන් අතර ඒකාබද්ධතාවය නැතිකිරීමයි. තවත් එකක් නම් සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කිරීම හා ලිංගික බහුරූපිකත්වයක් බලෙන් ඇති කිරීමයි. මීට අමතරව පාරිසරික වටිනාකම් නොතකා සංවර්ධන ව්‍යාපෘති කිරීමට අනුබල දීම ආදිය ඇත. මේ සියල්ල බෙදුම්වාදයෙන් පරිබාහිරව ඇතත් බෙදුම්වාදය සමග එකට ක්‍රියා කරන ආකාරය කවුරුත් දැක තිබේ.

කෙසේ වෙතත් මේ කරුනු වලින්ද ලිපියෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ පෙර කී සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කිරීමේ හා ලිංගික බහුරූපිකත්වයක් බලෙන් ඇති කිරීමේ විජාතික වැඩපිලිවෙල ගැනයි. මෙය සැබවින්ම කතා කිරීමට සංකීර්ණ දෙයකි. නමුත් මේ ලිපිය තුලින් අප උත්සහ කරන්නේ මේ වැඩ පිළිවෙලෙහි විකාශය, බටහිර සමාජයටම මේ තුලින් කර ඇති හානිය, යුදෙවු නිරාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය හරහා ලොව අනෙකුත් රටවලට කරන බලපෑමත් අපේ රටට මෙය ක්‍රමයෙන් රිංගා කාලයත් සමග වර්ධනය වී අනාගතයට කොඩිවිනයක් වන ආකාරයත් අවසාන වශයෙන් මෙයින් ගැලවීමේ වැඩ පිලිවෙලත් ගැන කෙටියෙන් සාකච්ඡා කිරීමය. බටහිරදී රෝමානු කතෝලික චින්තනය බිඳවැටී විශේෂයෙන් දෙවන ලෝක යුද්ධය අවසන් වන විට පෙරමුණ ගත් යුදෙවු චින්තන ධාරාව තුල යුදෙවු පිරිමින්ගේ සමාජීය කුහකත්වයන්ද පෙරමුණ ගත්තේය. නූතනත්වය ගැන කතා කල මුල් කාලයේ ලිංගික නිදහස ගැන මතවාද සොබාදහමට එකඟව ඉදිරියට පැමිණියත් පසුව කාන්තාවාදය කරලියට එන්නේ යුදෙවු පිරිමින්ගේ කුහකකම් හා මිනිස් අවශ්‍යතා මත සොබාදහම කනපිට ගැසීමේ මනෝ ව්‍යාධිය එකට එක්වයි. මිනිස් ලිංගිකත්වය වටා බැඳුනු දේ ස්ව්භාවයට අනුව ඉදිරියට විකාශනය වන ක්‍රමයක් තිබේ. යුදෙවු පිරිමින්ගේ සමාජීය කුහකත්වයන්ට හා යුදෙවු චින්තනයට මෙයද දිරවාගත නොහැක.

සොබාදහමේ සමතුලිතතා බිඳවට්ටමින් කාර්මික විප්ලවය සමග ඉදිරියට ආ සංවර්ධන සංකල්පය, ලිබරල්වාදය හා නූතනත්වයේ මතවාද වලට සමගාමීව මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය නොරුස්සන කුහක මතවාද පැන නගින්නේ මූලික වශයෙන් කාන්තාවාදය අරටුව කරගනිමින්ය. ස්ත්‍රි පුරුෂ භාවය යනු එකකට එකක් සමරූපී වන දෙයක් සේම ලිංගිකත්වය අනුව පෞරුෂත්වය හා ස්ත්‍රීත්වය අතර සමබරතාවය වැදගත් වනවා මිස කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල ඒ අයුරින් කළ හැකිද නැද්ද යන්න කිසි විටක මිනිස් සංහතියේවත් ජෛව ලෝකයේවත් යහ පැවැත්මට තීරනාත්මක ලෙස බලපාන්නේ නැත. එහෙත් යුදෙවු චින්තනයෙන් ගලා එන කාන්තා විමුක්තිවාදයට අනුව ස්ත්‍රී පුරුෂභාවය එකිනෙක සමරූපී වීම ඇතුළු ලිංගිකත්වයේ සමස්ථ ස්වභාවයම කාන්තාවන්ට වදයකි. ඊට අනුකූල ලෙස ක්‍රියා කිරීමද කාන්තාවන්ට සිදුවන අසාධාරණයක් වේ. බටහිර යුදෙවු කුහක පිරිමින් වැඩි දෙනෙකුගේ සිතීමේ රටාව අනුව කාන්තාවන්ගේ ප්‍රගතිය හා ලෝකයේ දියුණුව වෙනුවෙන් මේ ස්වභාවයට එරෙහිව කටයුතු කළ යුතුය. පිරිමියා විසින් තම පෞරුෂත්වයට හා ලිංගිකත්වයට සමරූපී මෙන්ම එහි ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය පදනමට ගෙන කාන්තාවන් හඳුනා ගැනීමද බටහිර යුදෙවු පිරිමින්ගේ කුහක නිර්මාණයක් වන කාන්තාවිමුක්තිවාදය අනුව වැරදිය. එලෙසම පිරිමියාගේ පෞරුෂත්වයටත් ලිංගිකත්වයටත් සමරූපී ලෙස කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රීත්වය හා ස්ත්‍රී ලිංගිකත්වය නියෝජනය කිරීමට බාධක පැමිණවීම නූතනත්වයේ හා ප්‍රගතියේ නාමයෙන් කළයුත්තකි. හැකිනම් පිරිමි ලිංගිකත්වයට සමරූපී ස්ත්‍රීත්වය හා ස්ත්‍රී ලිංගික ස්වභාවය ආයාසයක් ගෙන හෝ තුරන් කර කාන්තාවන් මානසිකවද පුරුෂකරණය කළ හැකිනම් මේ ඊනියා කාන්තා විමුක්ති සමතැන්වාදීන්ට අනුව එය කාන්තාවන්ගේ විශාල ජයග්‍රහණයක්ද වේ. මේ ක්‍රියාවලියේදී සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබා දීම හා ඊට අනුබල දෙන අනෙකුත් සාධක තව තවත් ප්‍රවර්ධනය කිරීමද කාන්තා විමුක්තිවාදීන්ට වැදගත් වෙයි.

මුලදී වික්ටෝරියා සම්ප්‍රදායන්ට එරෙහිව යම් මට්ටමකට ලිංගිකත්වයේ ස්වභාවය මත පිහිටා ලිංගික නිදහස ගැන සංවාද ඇති වූ යුරෝපය තුල පසුව කාන්තා නිදහස පිරිමි ලිංගිකත්වයට එරෙහිව මෙහෙයවීමේ කුහක උමතුවක් වර්ධනය වුනි. ” කාන්තාවන් පුරුෂයාගේ කාම වස්තූන් නොවේ”, ” කාතාවන් සිටින්නේ පිරිමියාගේ ළමයි වැදීමට නොවේ ” ආදී සටන්පාඨ කාන්තා විමුක්ති සංවිධාන අතර ජනප්‍රිය වීමට පටන් ගත් අතර සමලිංගිකයන් ඇතුළු ව්‍යාකූල ලිංගික හැසිරීම් ඇති පිරිස්ද මේ වටා ශීඝ්‍රයෙන් එක් විය. ලිංගිකත්වය ගැන කුහක අදහස් ඇත්තවුන්ට ලිංගිකත්වයේ ස්වභාවයට පවා එරෙහි ද්වේශසහගත අදහස් වැපිරවීමට කාන්තාවිමුක්තිවාදය කදිම තෝතැන්නක්ද විය. තම ලිංගික ආශ්වාදය සඳහා සුරූපී ගැහැනුන් අවශ්‍ය වෙද්දී ලිංගික කටයුත්තෙන් පසුව කාන්තාවන්ගේ පෞරුෂය හා හපන්කම් ගැන උදම් අනන කුහක පිරිමින් මේ සියළු කටයුතු වල පෙරමුණ ගත්තෝය. මේ ක්‍රියාදාමයෙහි එක් විශේෂත්වයන් වූයේ කාන්තා විමුක්තිවාදීන් පිරිමියාගේ කුහකත්වයන් ලෙස හඳුන්වන යම් ගති ලක්ෂණ ඔවුන්ගේම කාන්තා විමුක්තිවාදී මතවාදයන්හි පැවැත්මට අත්‍යවශ්‍ය කාරනා වී තිබීමයි.

වික්ටොරියා සදාචාර විරෝධී ලිංගික නිදහසේ මතවාද තුලින් දුර්වල වූ බටහිර සමාජයේ පවුල් සංස්ථාව කාන්තා විමුක්තියේ වෛරී මතවාද සමග තව තවත් විනාශවී ගියේය. පවුලේ පියා ගැනත් පීතෲත්වය ගැනත් ද්වේශසහගත මතවාද ඉතා සූක්ෂමව යුරෝපය තුල සමාජගත වන්නේ මේ අතරතුරයි. විෂමලිංගික පුරුෂයා සහ පුරුෂ ලිංගිකත්වය ඉලක්ක කර ද්වේශසහගත අන පනත් හරහා හුදෙක් වෛරය පිරිමැසීමේ නීති රීති සකස් කිරීම මේ සූක්ෂම ක්‍රියාදාමයේ අනෙක් පියවර විය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් කාන්තා අයිතීන් ළමා අයිතිවාසිකම් ආදිය හරහා සාමූහිකත්වය බිඳී ගිය පුද්ගල ආත්මාර්ථකාමීත්වය ඉස්මතු වූ බටහිර සමාජය මේ සියල්ලට ආශිර්වාදයක් වී තිබුණි. සමලිංගිකත්වය පිලිගැනීමට ලක්කර නීතිගත කිරීම, සමලිංගික විවාහ අනුමත කර නීතිගත කිරීම හා සමලිංගිකයන්ට දරුවන් දරුකමට හදා ගැනීමට ඉඩකඩ විවර කිරීම මේ ක්‍රියාදාමයේ ජයග්‍රාහී පියවරක් ලෙස ඉදිරියට පැමිණි අතර දැන් බටහිර සමාජයේ ලිංගික ව්‍යාකූලත්වය හරහා විවිධාකාර විකුර්ති කාමුකයන් උවමනාවෙන් බිහිකිරීම දක්වා මේ කිරියාවලිය ඉදිරියට ඇදී ගොස් තිබේ. බටහිර දේශපාලනය තුල සම්පත් බෙදී යෑම හා පරිභෝජන ගැටළු වලට පමණක් ප්‍රමුඛත්වය දෙන මාක්ස්වාදී වමේ දේශපාලනයද මීට සහයට සිටියේය.

බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය යනු මේ වන විට නීතිමය රැකවරනය යටතේ සමාජ කුහකත්වයන්හි පිහිටෙන් මිනිස් ප්‍රජාවේ යහපත් පැවැත්මට අනිවාර්ය ලෙස තිබිය යුතු ගුණාංග වනසන කොඩිවිනයක් වී තිබේ . මෙය මුලින්ම වින කළේ බටහිරටමයි. බටහිර ලෝකයේ මේ වන විට ජාතිකත්වයන් පවා දුර්වලය. ඒ වෙනුවට ඇත්තේ ජාත්‍යන්තරවාදයකි. කාන්තාවිමුක්තිවාදය හා සමලිංගික පක්ෂපාතී බව ඒ තුල ඇත. මේ වන විට බටහිර බොහෝ රටවල පවුල් සංස්ථාව විනාශ වී ඇත. කාන්තාවාදය අනුව යමින් හදන පියා නොමැති පවුල් තුලින් දිනෙන් දින මානසික අසමබර ව්‍යාකූල ලිංගික චර්යා ඇත්තන් බිහිවේ. සමලිංගිකයන් පවුල් කමින් දරුකමට හදාගන්නා දරුවන් අනාගත සමලිංගික විකුර්ති කාමුකයන් බවට පත් කරති. ඇතැම් රටවල අසාධාරණ කාන්තාවාදී නීති නිසා පිරිමින් වැඩි දෙනෙකු නීත්‍යානුකූල විවාහ කර නොගනිති. දිනෙන් දින විෂමලිංගික වැඩිහිටි පුරුෂයා සහ පුරුෂ ලිංගික ස්වභාවය ඉලක්කකර වෛරී නීති සම්පාදනය හා දැඩි කිරීම සිදු වේ. පියාගෙන් දරුවන් ඈත් කිරීමට හා විෂමලිංගික වැඩිහිටි පුරුෂයා කෙරෙහි කුඩා දරුවන් අතර ද්වේශය ඇති කිරීම ඉතා සූක්ෂමව සිදු වෙමින් පවතී.

ඒ අතරම සිදුවන අනෙක් සිද්ධිය නම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සමලිංගිකයනට සිත් සේ බාල වයස්කරුවන් විකුර්ති කාම අපචාර වලට යොමු කිරීමට ඉඩ කඩ විවර කිරීමයි. පිරිමි දරුවන්ට ස්ත්‍රී ලිංගික අනුකරනයන් හුරු කිරීම හා ගැහැනු ළමුන් තුල පෞරුෂත්ව වර්ධනය හරහා ලිංගිකත්වයේ ස්වභාවයට ප්‍රති විරුද්ධ ක්‍රියාකාරකම් ( Transgender ) කුඩා කල සිට වර්ධනය කෙරේ. අද වන විට ජීව විද්‍යා දැනුම අවියක් කර ගනිමින් ලිංගිකත්වයේ ස්වභාවය උවමනාවෙන් මිනිස් කුහකත්වයන් මත විකුර්ති කර දැමීම බටහිර ඉතා සරුවට සිදු වෙමින් පවතියි. මේ සියල්ලෙන් පවුල හා ප්‍රජනනය දුර්වල වීමත් සමග ජනගහනය පරම්පරාවෙන් පරම්පරාවට අඩු වීම හරහා බෝහෝ බටහිර රටවල ශ්‍රම බලකායද අඩුය. ඒ රටවලට විදෙස් ශ්‍රමිකයන් වැඩි වශයෙන් අවශ්‍ය වීමට හේතු වී ඇත්තේද මෙයයි. මේ විදෙස් ශ්‍රමිකයන් අසල්වැසි සුන්නි අන්තවාදය පැතිරුනු මුස්ලිම් රටවලින් වැඩිපුර පැමිණීමද ඔවුන්ටම ජාතික ගැටළුවක් වී ඇත. මේ වන විට බටහිර රටවල තවත් එක් ප්‍රවණතාවයක් වී තිබෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් වර්ධනය කරන කාන්තාවිමුක්තිවාදී වෛරී ක්‍රියා වලට විකල්පයක් ලෙස එම රටවල පිරිමින්ගෙන් යම්කිසි කොටසක් ඉස්ලාමය වැලඳ ගැනීමයි. එම රටවල මුස්ලිම් ව්‍යාප්තිය ශක්තිමත් වීමට හා සුන්නි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීම අපහසු වීමටද මෙය වක්‍ර හේතුවක් වී තිබේ.

බටහිර රටවල ජාතිකත්වයන් දුර්වල වී ජාත්‍යන්තරවාදය ශක්තිමත් වීමත් යුදෙවු චින්තනය පෙරමුණ ගැනීමත් සමග පැරණි යටත් විජිතවාදයද යුදෙවු නිරාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය පෙරටු කරගත් නව මුහුණුවරක් ගෙන තිබේ. පැරණි යටත් විජිතවාදයෙන් ලොව බොහෝ රටවල බිහි වී සිටින අනුකාරක පරම්පරාවල් හරහා කාන්තාවිමුක්තිවාදය වැනි බටහිර පැන නැගුණු මතවාද රටවල් මතවාදීව ආක්‍රමණය කරමින් ඇත. අපට වැදගත් වන්නේ මේ මතවාදය අපේ රට ආක්‍රමණය කරන අයුරු තේරුම් ගැනීමයි. මෙ බටහිර කාන්තාවිමුක්තිවාදය ගැන තොරතුරු රට තුලට පැමිණ තිබුණද මෙය රාජ්‍ය අනුග්‍රහයෙන් මුල් වරට ස්ථාපිත කළේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලයේයි. කෙසේ වෙතත් රට තුල මේ මතවාදී ආක්‍රමණය සිදු වූයේ ඉතා මන්දගාමීවයි. ඊට හේතුව බෞද්ධ සමාජ පරිසරය තුල මාතෘත්වය හා පීතෘත්වය වැඩි ඇගයීමකට ලක්ව තිබීම හා ස්ත්‍රී පුරුෂ භාවයේ එකිනෙක සමරූපී බව හා සමබරතාවය කෙරෙහි බෞද්ධ සමාජයේ තිබෙන සංවේදී බවයි. කෙසේ වුවත් 1960 ගනන් හා 70 ගනන් වල බිහි වූ බටහිර අනුකාරක උගතුන් විසින් බුදු දහමට හා සිංහල ඉතිහාසයට බටහිර කාන්තාවිමුක්තිවාදී සංකල්ප වැරදියට ආදේශ කර තිබීමෙන් මෙරට නාගරික අනුකාරකයින් අතර මේ මතවාදය යම් මට්ටමකට ජනප්‍රිය වී තිබුණි. එහෙත් මෙය රාජ්‍ය අනුග්‍රහය යටතේ න්‍යායත්මකව මෙන්ම සවිඥ්ඥානිකව රටේ බලෙන් ස්ථාපිත කිරීමට උත්සහ ගනු ලැබුවේ චන්ද්‍රිකා කුමාරතුංග මෙරට ජනාධිපතිනිය වූ සමයේයි. චන්ද්‍රිකා කුමාරතුන්ගට මෙරට වාමාංශික හා ලිබරල් කණ්ඩායම් වල සහය ලැබී තිබීමද එම කටයුත්තට රුකුලක් වී තිබී ඇත. එකල රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර රටවල් කාන්තාවිමුක්තිවාදී වෛරී නීති ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමට රජයට විවිධ බලපෑම් කළද මෙරට සමාජය තුල ඒ කිසිත් ප්‍රායෝගික නොවීම ඔවුන්ගේ පසුබෑමට හේතු වී තිබුණි. චන්ද්‍රිකා පාලනයෙන් පසු එළඹි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුල කොටි පරාජය ඇතුළු ජාතිකත්වයේ ජයග්‍රහන රැසක් අත් කර ගත්තද යුධ ජයග්‍රහණයෙන් පසු කළ යුතුව තිබූ යම් අත්‍යවශ්‍ය කාර්යන් වලට වඩා සංවර්ධන න්‍යායන් මත කටයුතු කිරීම නිසා ජාතික මතවාද වලට ජය ගැනීමට නොහැකි විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද ව්‍යාජ උගතුන්ගේ හා වාමාංශිකයන්ගේ ලනු කෑම තුල විජාතික සංවර්ධන න්‍යායන් සමග බටහිර කාන්තා විමුක්තිවාදයද සූක්ෂමව ඉදිරියටම ඇදුනි. 2015 ජනවාරි 8න් පසුව විජාතික බලවේග වල නියෝජිතයන් අතටම රාජ්‍ය බලය ලැබී ඇති මේ මොහොතේ බටහිර කාන්තා විමුක්තිවාදයද විජාතික ආශිර්වාදය මැද ඊලාම් බෙදුම්වාදයට සමගාමී ලෙස විශාල පිම්මක් පැනීමට සූදානම්ව ඇත.

විජාතික සතුරු පාර්ශවය හැකි සෑම උත්සහයක්ම ගන්නේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය විනාශ කර දැමීමටයි. බටහිර කාන්තාවිමුක්තිවාදය මේ සඳහා ඔවුන්ට තවත් හොඳ අවියක් බව අමුත්තක් නොවේ. මෙවරද ප්‍රගතිශීලී සහ අහින්සක වෙස් මූණ පැලඳ ඉදිරියට පැමිණ තිබෙන මැතිවරණයේ 25% කාන්තා නියෝජනය අන් කිසිවක් නොව බටහිර කාන්තාවිමුක්තිවාදයේ පෙර කී සියළු අංග රට තුල ස්ථාපිත කිරීම ප්‍රායෝගික කිරීමේ මුල් අදියර ලෙස ක්‍රියාත්මක වන රැවටිලිකාර ක්‍රියා සමුදායයි. මෙය මවු සෙනෙහස පෙරට දමාගෙන ගමට යාහැකි වුවත් තේරී පත්වන කාන්තා දේශපාලන චරිත වලට ඉන් පසුව විජාතික මතවාදී ආක්‍රමණිකයාගෙන් ලැබෙන ඉලක්කය හා උපදේශනය වන්නේ බටහිර කාන්තාවිමුක්තිවාදී අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීමය. මෙය කෙලින්ම කළ නොහැකිනම් බටහිර යුදෙවු කාන්තා විමුක්තියේ වෛරී ස්වභාවය සඟවා රැවටිලිකාර ලෙස සූක්ෂමව සිංහල සමාජයටත් පොදුවේ රටටත් යුදෙවු කාන්තා විමුක්ති විෂ එන්නත් කිරීමට උපදෙස් ලැබෙනු ඇත. මෙය කලක් තිස්සේ මෙරට විජාතික බලවේග ශක්තිමත්වන සෑම අවස්ථාවකම දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට සමගාමීව හිස ඔසවන අනෙක් ව්‍යාධියයි. කාන්තා විමුක්තිය ව්‍යාජ අනුකාරක උගතුන් විසින් බුදු දහමට වැරදි ලෙස ආදේශ කර තිබීම තුල මෙහි සැබෑ මුහුණුවර හා ව්‍යාධිජනක බව රටට හෙලි කිරීමද ලේසි පහසු කටයුත්තක් නොවනු ඇත. ඉතා සුක්ෂම හා උපක්‍රමශීලී විජාතික මතවාදී ආක්‍රමණිකයා සිය ආක්‍රමණය කිරීමට මෙරට අනුකාරක ව්‍යාජ උගත් රැල මනාවට මෙහෙයවනු නොඅනුමානයි. මේ 25% කාන්තා දේශපාලනය පටන්ගන්නා මුල් අදියරේ ඇතැම් විට විජාතික කාන්තා විමුක්ති මතවාදී ආක්‍රමණිකයා සිය සැබෑ ස්වරූපය කෙසේවත් නොපෙන්වා බෞද්ධ සමාජය තුලින්ම රැවටිලිකාර ව්‍යාජනයන්ට අවශ්‍ය සංකල්ප, ආදර්ශපාඨ ආදිය සොයා ගනු ඇත. බුදුන්වහන්සේ විසින් භික්ෂුණී ශාසනයක් පිහිටවූයේනම්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස සිවුවනක් පිරිස බෞද්ධ ප්‍රජාව තුල ඇත්නම් කාන්තාවන් දේශපාලනය කිරීමේ වරදක් නැතැයි ව්‍යාජ උගතුන් බුද්ධිමතුන් කියන්නටද බොහෝ ඉඩකඩ තිබේ. දේශපාලනය තුලට පිවිසෙන කාන්තාවන් බටහිර කාන්තා විමුක්ති ව්‍යාධිජනක මතවාදයෙන් සන්නද්ධ කිරීමට සංචාරක හෝටල් හෝ වෙනත් සම්මන්ත්‍රණ ශාලා වල පිටස්තරයන්ගේ සහබාගීත්වයෙන් වැඩමුළු පැවැත්වීම ආදිය සැලසුම්සහගතව සිදුවනු ඇත.

බටහිර යුදෙවු නිරාගමික මතවාදී ආක්‍රමණිකයින් ඔවුන්ගේ ජාත්‍යන්තර එකතුව සමග ලෝකයේ බොහෝ රටවල කාන්තාවිමුක්තිවාදය ප්‍රචලිත කළ ආකාරයට ලංකාව තුල එතරම් සාර්ථකව එම කටයුත්ත කිරීමට අපොහොසත් වී ඇත. හේතුව නම් මෙරට ජන සමාජයේ කාන්තාවන්ට කාන්තාවන් ලෙස ස්ත්‍රීත්වය අනුව සිතීමටත් ක්‍රියා කිරීමටත් අවශ්‍ය නිදහස හා සුරක්ෂිත බව තිබීමයි. ලංකාවේ කාන්තාවන් අති මහත් බහුතරය පිරිමින්ට සමාන ලෙස සිතීමට හෝ පෞරුෂත්වය ආරූඪ කර ගැනීමට කැමැත්තක් නොදක්වති. ලංකාවේ පිරිමින්ද තමන්ට පිරිමි දරුවන් නොසිටියත් ගැහැනු ළමුන් පිරිමි ආරයට හදා ගැනීමට නොසිතති. මවුවරුන්ට ස්ත්‍රීත්වය මත පිහිටා ගැහැනු දරුවන් තමන්ගේ පිළිවෙලට හදා ගැනීමටත් ඔවුන් ගැන ස්ත්‍රීත්වය අනුව තීරන ගැනීමටත් පුළුවන් කමක් ඇත. බටහිර කාන්තා විමුක්ති ආක්‍රමණිකයාට මේ සමාජ හැඩගැසීම් විනාශ කිරීමට අවශ්‍ය වී තිබේ. චන්ද්‍රිකා කුමාරතුන්ග නම් මේ ස්ත්‍රී පුරුෂ මනෝවිද්‍යාත්මක සාධකය අනුව සමාජ හැඩගැසීම් නැතිකර ඊට අසංවේදී පිරිසක් හැදීමට විජාතික බලවේග සමග කටයුතු කළ ආකාරය අපට මතකය. අද වන විට කාන්තා දේශපාලනය පුළුල් කිරීමට විජාතික උපදෙස් මත මේ ඊනියා යහපාලනය කටයුතු කරන්නේ එහි ඉතිරි ටික ආරම්භ කර ඉදිරියට කරගෙන යෑමටය. මවු සෙනෙහස ගමට කියාගෙන රැවටිලිකාර ලෙස පෙරට එන මේ කාන්තා දේශපාලනය නවතින්නේ බටහිර කාන්තාවිමුක්ති වෛරී ඉලක්කය වෙත මෙරට කාන්තාවන් තල්ලු කිරීමෙනි. ඇතැම් විට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ බටහිර කාන්තාවිමුක්තිවාදී අදහස් ඇති කාන්තාවන් කල් තියාම සූදානම් කරගෙන සිටින්නටද බොහෝ දුරට ඉඩ තිබේ. මෙරට ඊලාම් බෙදුම්වාදයට කඩේ ගිය සුනන්ද දේශප්‍රියගේ සොයුරු වන මැතිවරණ කොමසාරිස්ට කාන්තා දේශපාලනය වෙනුවෙන් පෙනී හිටීමට අනවශ්‍ය තදියමක් ඇති බවද පෙනෙන්නට තිබේ. මෙයද රටේ ජාතිකත්වය පැත්තෙන් එතරම් හොඳ පෙරනිමිත්තක් නොවේ.

කාන්තා දේශපාලනය පුළුල් කරමින් පනින්නට යන විජාතික පිම්ම අනෙකුත් ක්‍රියාකාරකම් සියල්ලට බලපානු ඇත. බටහිර යුදෙවු කාන්තාවිමුක්තිය මිනිස් කුහකත්වයන් අවියක් කොට ගෙන මිනිස් ස්වභාවයන්ටම එරෙහිව ක්‍රියාත්මක වෙමින් ඉදිරියට විකාශනය වන්නේ පුරුෂයාගේ ලිංගිකත්වය ඇතුළු සියළු ස්වභාවයන්ට වෛර කරමින් කාන්තාවන්ට ඒ පෞරුෂයම අනුකරණය කිරීමට බල කෙරෙන ආකාරයටයි. විජාතික තක්කඩියා තමන්ට හිතවත් යහපාලන අනුගාමිකයන්ට උපදෙස් ලබා දෙන්නේ කාන්තා දේශපාලනය හරහා ඒ ටික කිරීමට මිස මෙරට ජාතික අවශ්‍යතා මත කාන්තාවන්ට ක්‍රියා කිරීමට ඉඩ ලබා දීමට නොවේ. මෙරට කාන්තාවන්ට රටටත් සමාජයටත් ස්ත්‍රීත්වය මත පිහිටා යම් සේවයක් කිරීමට හා වගකීම් කොටසක් ඉටු කිරීමට දේශපාලනය කිරීමටම අවශ්‍ය නොවේ.

ගම් මට්ටමින් කුලඟන සමිති හරහා වුවද කාන්තාවන්ට මේ ජරා දේශපාලනට වඩා රටට අවශ්‍ය යම් වැඩ කොටසක් කළ හැක. නමුත් විජාතික බලවේග වලට අවශ්‍ය බටහිර කාන්තා විමුක්තිවාදය පෙරදිගද සක්‍රීය කිරීමයි. බටහිර රටවල් ප්‍රමුඛ ඊනියා ජාත්‍යන්තරයට පෙරදිග රටවල ජනගහන වර්ධනය කෙසේ හෝ පාලනය කිරීමට අවශ්‍යය. පෙරදිග රටවල ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම විකුර්ති කර ලිංගික ව්‍යාකූලත්වයක් ඇති කිරීම හරහා ඒ අරමුණ ඉටු කරගැනීමටද විජාතික නූල් සූත්තර කාරයන් සූක්ෂමය. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෛරය ගොඩනැගීම හා පිරිමියාට ලිංගිකව අප්‍රසන්න දේ කිරීම සඳහා කාන්තාවන්ට අනුබල දීම තුලින් ප්‍රජනනය දුර්වල කිරීම යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ ප්‍රධාන අරමුණකි. යුදෙවු චින්තනය බලවත් වීමෙන් පසු මේ මතවාදය බටහිරදී ව්‍යාප්ත කිරීමට බොහෝ යුදෙවු ප්‍රභූ පැලැන්ති වලට අයත් පිරිස් ක්‍රියා කළේ තමන් ඊට අනුගත වීමට වඩා සාමාන්‍ය ජනයාට එය බලෙන් පැටවීමට පියවර ගැනීමෙනි. මේ ව්‍යාධියේ ප්‍රතිඵල බටහිරින් එලිබැස්සේද විෂබීජය වැපිරූ පරම්පරාවට පසු පරම්පරා තුලිනි. මේ විෂබීජය කාන්තා දේශපාලනය හරහා වපුරන්නට විජාතික බලවේග වලින් ලැබෙන උපදෙස් මත වර්තමානයේ ක්‍රියා කරන මෙරට දේශපාළුවන්ද ඔවුන් ඊට අනුගත නොවී සෙසු සාමාන්‍ය ජනයාට ව්‍යාධිය බලෙන් පටවනු ඇත. එය සාර්ථක වුවහොත් මෙරටද වත්මන් පරම්පරාවට පසු පරම්පරා වලින් ලිංගික ව්‍යාකූලත්වයයේ ප්‍රතිඵල එලි බසිනු ඇත. දැඩි විශ්වාසයකින් කිව හැකි කාරනය නම් මේ සියල්ලෙන් අන් කවර කණ්ඩායමකටත් වඩා බැට කනු ඇත්තේ සිංහල සමාජය බවයි.

25% කාන්තා නියෝජනය හරහා දේශපාලනයට එන කාන්තාවන් සියළු දෙනා ස්ත්‍රීත්වය මත පදනම්ව ජාතික අරමුණු වෙනුවෙන් ක්‍රියා කරයි කියා සිතන්නට නොහැකිය. මුල් කාලයේ සැලකිය යුතු පිරිසක් බටහිර කාන්තාවිමුක්තිවාදය වැලඳගනු ඇත. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ මතවාදය සවිඥ්ඥානිකවම අනුගමනය කරන කාන්තාවන් සැලසුම්සහගතව මැතිවරණයට ඉදිරිපත් කරනු ඇත. අනෙකුත් පක්ෂ වලින්ද විශේෂයෙන් වාමාංශික පක්ෂ වලින් යුදෙවු කාන්තාවිමුක්තිවාදී අදහස් කරපින්නාගත් කාන්තාවන් විවිධ මට්ටම් වලින් එක් වන්නටද ඉඩ කඩ තිබේ. මේ කාන්තා දේශපාලනය කලක් යන විට විජාතික උපදෙස් පරිදි සූක්ෂම ලෙස මෙරට සමාජය ලෙඩ කරන්නට පටන් ගනු ඇත. ඇතැම් විට මුල් කාලයේ බටහිර යුදෙවු කාන්තා විමුක්ති අදහස් කෙලින්ම නොදා කරන රැවටිලි කාර ක්‍රියාකාරකම් වලට මුල් තැනක් දෙන්නට විජාතික බලවේග වලින්ම උපදෙස් ලැබීමටත් ඉඩ තිබේ.

මුල් අදියරේ සමාජය රැවටීමේ වැඩ කටයුතු මාතෘත්වයට මුවා වී කරගෙන යනු ඇත. ටික කාලයකදී විජාතික වැඩපිළිවෙලවල් වලින් මොළ හෝදාගන්නා කාන්තාවන් වෙනත් අංශවලින්ද කාන්තා නියෝජනය අඩු යැයි මැසිවිලි නගනු ඇත. ඒ අනුව කාන්තාවන් බහුතරයක් ස්ත්‍රීත්වයට අනුව ගලපා නොගන්නා ක්‍රියාකාරකම් ජනමතයට හා අපේ සමාජයේ සංවේදීතාවයන්ට පිටින් ගොස්, කාන්තාවන්ටද විවුර්ත කර දී පුරුෂ ලිංගිකත්වය පවා පිස්සුවෙන් අනුකරනය කරන කාන්තාවන්ට ප්‍රසිද්ධියේ සමාජය අවුල් කරමින් යකා නටන්නට ඉඩකඩ නොලැබී තියේ යැයි සිතන්නට කිසිසේස්ත් නොහැකිය. බටහිර මතවාද ටිකෙන් ටික මනසට කාවැදුන පසු කාන්තා දේශපාලකවරියන් ලිංග භේදයක් අවශ්‍ය නැතැයි කියමින් පෙර කී කටයුත්තට සමගාමීව ස්ත්‍රී අනුකාරක පිරිමින්ටද අනුකම්පාව ලබා දෙනු ඇත්තේ පිටස්තර බලවේග වල උපදෙස් අනුවයි.

ඉන් පසුවට සිදු වන්නේ සමලිංගිකත්වය පිළිගැන්වීමට අවශ්‍ය ජන මනස හැදීමේ වැඩ කටයුතුය. පලාත් පාලන ආයතන වලින් ඔබ්බට කාන්තා දේශපාලනය පුළුල් වන විට මේ කටයුතු වඩා තීව්‍ර වේ. බටහිර සිදු වූ ලෙසම පුරුෂ ලිංගික ස්වභාවය සාහසිකකරනය හා අපරාධකරනය කිරීමත් ස්ත්‍රී ලිංගික ස්වභාවය අසභ්‍යකරණය කිරිමත් සිදු වනු ඇත්තේ අප සමාජයේ විරුද්ධ ලිංගික ගැලපීම් හා විෂමලිංගික සම්බන්ධතා පසුබැස ව්‍යාකූල සමාජයක් නිර්මාණය වන ලෙසිනි. අවසන් ඉලක්කය සමලිංගික ගැහැනු පිරිමි දෙපිරිසටම නිදැල්ලේ ළමා අපචාර ඇතුළු විකුර්ති කාම අපචාර සිදු කිරීමට ඉඩකඩ විවර කරන අතර විෂමලිංගික වැඩිහිටි පුරුෂයා සහ පුරුෂ ලිංගික ස්වභාවය ඉලක්ක කර ද්වේශසහගත නීති ගෙන ඒමයි. මේ කිසිවක් හිතළු නොව දැනටත් බටහිර රටවල සිදුවී තිබේන දේ බවද අවධාරනය කළ යුතුයි.

මේ විජාතික උගුලෙන් ගැලවීමද පහසු නොවන්නේ කලක් තිස්සේ සිංහල සමාජයට ව්‍යාජ උගතුන් විසින් කාන්තා විමුක්තිවාදය කාවද්දා තිබෙන නිසයි. සියල්ලට පෙර ජාතික මතවාදයක පිහිටා මේ ප්‍රශ්නය තේරුම් ගැනීම අනිවාර්ය වේ. බටහිර නූතනත්වයේ මතවාදී වහලුන් වන ව්‍යාජ උගතුන් බුද්ධිමතුන්ගේ තර්ක හා කුහක මතවාද බිඳ දැමීමට අවශ්‍ය ශක්තිය රටට ආවේනික චින්තනය තුලින් උකහා ගත යුතුය. ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය සමාජය ගැන අපේ මතවාද මත පිහිටා කුහකත්වයේ ව්‍යාජනයන් නොවන සැබෑ වටිනාකම් බල ගැනිවිය යුතුව තිබේ. කාන්තාවන් ස්ත්‍රීත්වය මත පිහිටා කවරදෙයක් කරත් වැරදිය යන මතයේ සිටිමින් ස්ත්‍රීත්වයට බැට දෙන ගොන් කමක්ද මීට කිසිසේත් යෝග්‍ය නොවේ. සැබවින්ම බෞද්ධ සමාජයක ලිංගිකත්වය ගැන තිබිය යුත්තේ එහිදී පෞරුෂත්වය හා ස්ත්‍රීත්වය එකිනෙක සමරූපී වීම හා ඒ දෙකෙහි සමබරතාවය ගැන අවබෝධයෙන් ස්වභාවය සමග කටයුතු කිරීමේ හැකියාව මිස කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල විචාරයකින් තොරව කිරීමේ හැකියාව නොවේ. කාන්තාවන්ට එසේ කිරීමට ඇති හැකියාව බෞද්ධ සමාජයට අනුව දක්ෂතාවයක්ද නොවේ. මේ කරුනු මත පිහිටා පළමුව ව්‍යාජ උගතුන් විසින් බුදු දහමට වැරදියට ආදේශ කර තිබෙන බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදී බේගල් ඉවත් කර විචාරවත් බවක් අපේ සමාජය තුලින් ඇති කර ගත යුතුය. ජාතික මතවාද වල පිබිදීමක්ද ඒ තුලින් ඇති කරගැනීමට හැකි වීම නියතය. මේ අවස්ථාවේ ජාතික සංවිධානත් සිහි කල්පනාවෙ න් ක්‍රියා කිරීම වැදගත් වේ. ව්‍යාජ උගතුන් අනුව යමින් බටහිර කාන්තා විමුක්ති බේගල් ජාතිකත්වයට වැරදියට ගලපාගැනීමද මිථ්‍යාවකි.

වඩා වැදගත් වන්නේ මේ මැතිවරණයේදී කාන්තාවන් පලාත්පාලන ආයතන වලට තේරී පත් වුවත් ඔවුන්ව විජාතික බලවේග වලට හැසිරවීමට තිබෙන ඉඩකඩ ඇහිරීමයි. ඔවුන්ට කාන්තාවන් හැටියට මේ රටටත් සමාජයටත් කිරීමට තිබෙන වැඩ කටයුතු මොනවාද යන්න අපේ ස්මාජය තුලින් අපට ආවේනික මත්වාද මත පිහිටා සංවාදයක් ඇති කළ යුතු වේ. විජාතික කාන්තාවිමුක්ති මතවාද අනුව කටයුතු කිරීමට මෙරට කාන්තාවන්ට පිටස්තර බලවේග වලින් උපදෙස් ලැබීමට ඇති ඉඩකඩ ගැන නිතර අවධානයෙන් සිටිමින් ඒ උත්සහයන් පරාජය කළ යුතුය. මේ ප්‍රශ්න්ය ප්‍රශ්නයක් ලෙස නොදැක විහිළුවකට ගැනීම හෝ ඊට සංවේදී නොවී සිටියොත් ඇතිවන තත්වය භයානක වේ. දැනටත් ඉන්දියාව මේ ප්‍රශ්නයෙන් බැට කයි. අපට සිදු වන්නට යන්නේ එහි අනෙක් හරියයි. මේ ගැන අවධානයක් නොදක්වා ඊට කිසිත් සංවේදී බවක් නොදැක්වීමත් විජාතික කපටි සූත්තර කාරයන්ට වාසියකි. බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ලොව පුරා ජාතිකත්වයන් මෙන්ම රට රටවල සමාජයන් එහෙම පිටින් ලෙඩ කර තිබෙන ආකාරය තේරුම් ගෙන සිටීමත් ඉතා වැදගත් වේ. බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයා රට රටවල ජාතිකත්වයන් දුර්වල කිරීමට යොදාගන්නා ප්‍රධාන අවියක් වන්නේ කාන්තාවිමුක්තියයි. මේ කරුනු හරි හැටි තේරුම් ගෙන බටහිර කාන්තා විමුක්තිවාදය බටහිරටත් ලොව බටහිර නොවන වෙනත් රටවලටත් කර තිබෙන හානිය අවබෝධ කරගනිමින් විජාතික බලවේග වල සියළු උත්සහයන් උපක්‍රමශීලීව ව්‍යර්ත කර දැමීම මේ අවස්ථාවේ ජාතික බලවේග වල මුල් පෙලේ වගකීමක් විය යුතුමය.

බණ්ඩාර දසනායක

Top