LNN SPY

40 වසරක දේශපාලන අත්දැකීම් සමග වැඩ කරන්න ….. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC)මුදල් ණයක් නොවේ…. යලි ගෙවිමක් නෑ ….. බොරු පතුරුවා රට විනාශ කරන්න එපා….

Published on: Jul 30, 2019 – ජනාධිපතිතුමනි, ඔබගේ 40 වසරක දේශපාලන අත්දැකීම් සමග එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන සහ සංවර්ධන ආධාර ගැන මනා දැනුමක් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇති බව තමන් විශ්වාස කරන බවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැඩ සටහන සංවර්ධන ආධාර ගිවිසුමක් බවත් ඒ යටතේ ලබාදෙන ඩොලර් මිලියන 480 ක මුදල ඇමෙරිකානු ජනතාවගේ පූර්ණ පරිත්‍යාගයක් මිස ණය මුදලක් නොවෙන බවත් එය කිසිදු දිනක ගෙවිමට හෝ ඒ වෙනුවෙන් කිසිදු ගිවිසුමක් හෝ නොමැති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිස් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් කියා සිටි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන ශ්‍රී ලංකික ජනතාවගේ ආර්ථික වර්ධනයට ඉවහල්වනු ඇතැයි සඳහන් කරන අමෙරිකානු තානාපතිනිය මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ගමනාගමනය සහ ඉඩම් කළමනාකරණය පිළිබඳ ගැටලු විසඳීම බවද මෙම ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන් විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකාවේ නායකත්වයට සහ අනෙක් හවුල්කරුවන්ට වගකියන ආකාරයට ක්‍රියාත්මක වනු ඇති බවද කියා සිටී.

දැනට කොළඹ නගරයේ සහ ඒ අවට පවතින වාහන තදබදය නිසා ඇතැම්විට පිටකොටුව සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට යෑමට ගතවන කාලය අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට යාමට ගතවන කාලයට සමාන වන බව පවසන තානාපතිනිය ගමනා ගමන පහසුකම් නංවාලීමේ ව්‍යාපෘතියෙන් කොළඹ නගරයේ කිලෝමීටර් 250 ක වාහන තදබදය අඩුවී නගරය තුළ ගමනාගනය සඳහා ගතවන කාලය සියයට 40 කින් පමණ අඩුවනු ඇති බව කියා සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් බස් මාර්ග සහ කාලසටහන් ප්‍රතිසංවිධානය වීමෙන් පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කරන විශේෂයෙන්ම දුප්පත් ජනතාවට සහනයක් ලැබෙන බවත් තානාපතිනිය සඳහන් කරයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිදු ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ආයතනයකට පැවරෙන්නේ නැතැයි තානාපතිනිය කියා සිටී.

රජය මගින් දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්ක පහක වර්ග කිලෝමීටර් 46,000 ක් ආවරණය වන පරිදි විස්තරාත්මක සිතියම් සකස් කිරීම වැනි වැඩ සටහන්වලට අදාළව ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වනු ඇතැයි සඳහන් කරන ඇමෙරිකානු තානාපතිනිය එමගින් පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කයක වැසියන්ට තම ඉඩම් ඔප්පු ඩිජිටල් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කොට ඒවා සුරක්ෂිතව තබා ගැනීමට හැකිවනු ඇතැයිද කියා සිටී. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වී ඇති පරිදි නූතන ක්‍රමවේද අනුව ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමද මේ මගින් හැකිවනු ඇති බව තානාපතිනිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇති ලිපිය මෙසේය.

මා මේ ලිපිය ලියනුයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැඩ සටහන සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහ ශ්‍රී ලංකාවට ඒ මගින් ලැබෙන වාසි පිළිබඳව ඔබතුමා විසින් යොමු කොට ඇති සැලකිල්ල පිළිබඳව පැහැදිලි කිරීමටය. අප දෙරට අතර ඇති ද්විපාර්ශවික සබඳතාවයේ විනිවිද බව රැක ගැනීමට එක්සත් ජනපදය කැපවී ඇති බව මූලිකව සඳහන් කළ යුතුය.

සංවර්ධන ආධාර ගිවිසුමක් වන මෙම (MCC) වැඩ සටහන සමෘද්ධිය ළඟා කර දීම සඳහා සකස් කළ එකකි. එය ඔබ අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික වර්ධනයට ඉවහල් වනු ඇත. අප දෙරටේ රජයන් එක්ව වසර ගණනාවක සිටම ශ්‍රී ලංකාවේ රජයෙන් මෙන්ම සිවිල් සමාජයෙන්, ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ බුද්ධිමතුන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාවට ආර්ථීක සංවර්ධනය ළඟා කර දිය හැකි වැඩ සටහනක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉල්ලා සිටින ලදී.

ඉහත සඳහන් පිරිස් විසින් ලබා දුන් යෝජනා මෙම වැඩසටනේ සංවර්ධනය සහයෝගිතා ප්‍රමුඛතා සකස් කිරීමේදී සැලකිල්ලට ගත්හ. එහෙත් ප්‍රමුඛතම අවශ්‍යතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකා රජය විසිනි. රජය මගින් ආරම්භ කොට ඇති වැඩ සටහන් තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමටත් මෙම වැඩසටහන සහය වනු ඇත.

මෙම ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයින් විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකාවේ නායකත්වයට සහ අනෙක් හවුල්කරුවන්ට වග කියන ආකාරයට ක්‍රියාත්මක වේ.

මෙම සංවර්ධන එකඟතාවයේ වැඩ සටහන් නිර්මාණය කොට ඇත්තේ ප්‍රධාන ආර්ථික ගැටලු දෙකක් විසඳීමේ අරමුණින්ය. ඒවා නම් ගමනාගමනය සහ ඉඩම් කළමනාකරණයයි. ගමනාගමනය යටතේ කොළඹ සහ මහනුවර අතර පවතින නාගරික ජනතාවගේ වාහන තදබදය පිළිබඳ අවධානය යොමු කොට ඇත. මෙම වැඩසටහන නිමා වූ පසු නාගරික ජනතාවට පහසුවෙන් සහ ආරක්ෂාකාරීව තම සේවා ස්ථානවලට ළඟාවීමට හැකිවනු ඇත. එසේම කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට අධිවේගී මාර්ගවලට ඉක්මණින් යා හැකි වනු ඇත. පවතින වාහන තදබදය නිසා සමහර විට පිටකොටුවේ සිට දකුණු අධිවේගී මාර්ගයට යෑමට ගාල්ලට යන කාලය වැයවේ. මෙම ව්‍යාපෘතියෙන් කාර්ය බහුල වේලාවන්හි කොළඹ නගරයේ කිලෝමීටර 205 ක වාහන තදබදය අඩුවේ. නගරය තුළ ගමනාගමනය සඳහා ගතවන කාලය 40% පමණ අඩුවනු ඇත. බස් මාර්ග සහ කාල සටහන් ප්‍රතිසංවිධානය වීමෙන් ජනගහණයෙන් අඩක් පමණ වන පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන විශේෂයෙන්ම දුප්පත් ජනතාවට සහනයක් ලැබෙනු ඇත.

එසේම මේ මගින් පිට පළාත්වල වෙසෙන ග්‍රාමීය ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳ පොළට ගෙන ඒමේ හැකියාවද වර්ධනය වේ. කොළඹ වට රවුම් මාර්ගයේ ගමන් කාලය 35% කින් අඩුවේ. මේ මගින් වාහන අනතුරු, මරණ සංඛ්‍යාවද අඩු වනු ඇත. තවද කොළඹ වරායට භාණ්ඩ ප්‍රවාහනය කිරීම කඩිනම් වී ලංකාවේ අපනයන හැකියාව දියුණු කෙරේ.

මෙම එකක් ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිම ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ආයතනයක් වෙත පැවරෙන්නේ නැත. සියලු වැඩ සටහන්වල කළමනාකරණ අයිතිය ශ්‍රී ලංකාව සතුවේ. ශ්‍රී ලංකා රජය මගින් දැනටමත් ආරම්භ කොට ඇති වැඩ සටහන් එනම් දිස්ත්‍රික්ක හතක වර්ග කිලෝ මීටර් 46,000 ආවරණය වන පරිදි සකස් කරනු ලබන විස්තරාත්මක සිතියම්ගත කිරීම වැනි වැඩසටහන් මත ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වනු ඇත. එමගින් පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කයක පුරවැසියන්ට තම ඉඩම් ඔප්පු ඩිජිටල් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලියාපදිංචි කොට සුරක්ෂිතව තබා ගැනීමට හැකිවනු ඇත. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වී ඇති පරිදි නූතන ක්‍රමවේද අනුව ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමට මේ මගින් හැකිවනු ඇත.

ජනාධිපතිතුමනි, ඔබගේ 40 වසරක දේශපාලන අත්දැකීම් සමග එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන සහ සංවර්ධන ආධාර ගැන මනා දැනුමක් ඇත. ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට සංවර්ධන ව්‍යාපෘතිවලට එක්සත් ජනපදය ඩොලර් බිලියනයක් ඉක්මවා ආධාර දී ඇත. ඒවා සියල්ල ප්‍රදාන වන අතර නැවත ගෙවීමක් අවශ්‍ය නොවේ. ඒ ආකාරයටම MCC වැඩසටහන සඳහා ලබා දෙන ඩොලර් මිලියන 480 ඇමෙරිකානු ජනතාව විසින් ලබාදෙන පූර්ණ පරිත්‍යාගයකි. ණය මුදලක් නොවේ. ශ්‍රී ලංකාවට කිසිම මුදලක් නැවත ගෙවීමට මෙම ගිවිසුමෙන් බැඳීමක් නැත.

මා නැවත අවධාරණය කරනුයේ ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික වර්ධනයට මෙම ආධාර ඉමහත් සේවයක් ඉටු කරන බවය. එයින් ඇතිවන්නා වූ අප දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඔබ ධුර කාලයේ වැදගත් ස්ථානයක් ගනු ඇත. එබැවින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පැවතෙන දිගු ඉතිහාසයක් ඇති සංවර්ධන සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කිරීමට MCC ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි.

මේ පිළිබඳව යම් ගැටලුවක් තිබේ නම් එයට පිළිතුරු දීමට කැමැත්තෙන් සිටිමි.

හිතවත් අලෙය්නා බී. ටෙප්ලිට්ස්

තානාපතිනිය.

 

  • The Government of Sri Lanka and MCC together identified weak transport infrastructure and weak land administration practices as two binding constraints to economic growth in Sri Lanka.
  • To address these constraints, the proposed compact consists of two projects: a transportation project and a land project. The total budget for the compact is $480 million.
  • The $350 million transport project has an estimated economic rate of return of 19% and seeks to increase the relative efficiency and capacity of urban and provincial transport infrastructure in the Western, Central, Sabaragamuwa and Uva Provinces.
  • The transport project will upgrade physical roadway networks, modernize traffic systems, and introduce policy and regulatory reforms.
  • These investments will reduce severe traffic bottlenecks, create safer, more reliable public transportation, and lower the transport costs required to connect people and goods with booming markets.
  • The $67 million land project has an estimated economic rate of return of 26% and aims to expand and improve existing Government of Sri Lanka initiatives to increase the availability of spatial data and land rights information. The project will initially focus on districts in the Central, North-Western, North-Central and Eastern Provinces.
  • Land activities will help the Government create an inventory of state lands, modernize methods of valuing lands, strengthen tenure security for smallholders, women, and firms, and digitize deeds records so that they are less vulnerable to damage, theft, and loss.
  • Together, the two projects are projected to benefit 11.3 million people, which accounts for 54% of Sri Lanka’s population.
  • The remaining $63 million will be used to support technical assistance, feasibility and design studies, project administration, and monitoring and evaluation. These funds will help the Government to effectively design, implement, manage, and monitor the compact program.
  • The Government of Sri Lanka will establish a local entity staffed by Sri Lankans to coordinate implementation by the ministries and departments mentioned above. This entity will be accountable to a Sri Lankan Board of Directors comprised of eight government officials and three representatives from the private sector and civil society.


Top