Featured

70 වෙනි සංවත්සරය සැමරීමට රටක් ඉතුරු වී තිබේද?

වර්තමාන දේශපාලන නායකයන් ශ්‍රී ලාංකික රාජ්‍ය කැබලි කර වෙනම පොලිස් සේවාවන්ද සහිත ප්‍රාන්ත රාජ්‍ය ඇති කිරීමට කඩිමුඩියේ සූදානම් වෙන අතරම යටත් විජිත වාදීන්ගෙන් නිදහස ලැබුවේ ඔවුන් පවා ඉතුරු කර ගිය ඒකීය රාජ්‍ය කැබලි කිරීමට හා රාජ්‍යයට අයත් සියලුම වටිනා දේපොල විදේශිකයන්ට විකිණීමට ද කුමන්ත්‍රණය කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් කියා සිටි.

නිදහස් දිනයේ අරුත දේශපාලන නායකයන්ට ඒත්තු ගන්වමු

2017 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලාංකික අපි යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමේ 69 වන සංවත්සරය සමරන්නෙමු. මේ දිනයේ දී දෙමාපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන් අපට ලැබී ඇති නිදහසේ හා ස්වාධිපත්‍යයයේ අරුත මෙනෙහි කරන ලෙස පාසැල් ළමුන්ට හා තරුණ තරුණියන්ට අවවාද කරනු ලැබේ. නමුත් අද වැදගත් වී ඇත්තේ බාල පරම්පරාවට අපේ නිදහසේ සහ ස්වාධිපත්‍යයේ වැදගත්කම ඒත්තු ගැන්වීම නොව, අපේ දේශපාලන නායකයන්ට අපි ලැබූ නිදහසේ සහ ස්වාධිපත්‍යයයේ වැදගත්කම ඒත්තු ගැන්වීමයි. අපි 69 වන නිදහස් දිනය සමරන්නේ 70 වෙනි සංවත්සරය සැමරීමට රටක් ඉතුරු වී තිබේ දැයි සැකයක් මතු වී ඇති තත්ත්වයක ය.

වර්තමාන දේශපාලන නායකයන් ශ්‍රී ලාංකික රාජ්‍ය කැබලි කර වෙනම පොලිස් සේවාවන්ද සහිත ප්‍රාන්ත රාජ්‍ය ඇති කිරීමට කඩිමුඩියේ සූදානම් වෙන හැටි අපි දකිමු. මෙයට අමතරව 2016 සහ 2017 ජාතික අයවැය තුළින් කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය වැනි කුඩාම ව්‍යාපාරවල සිට අපේ ආණ්ඩුවේ ලොකුම ව්‍යාපෘතිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දක්වා රජයට අයත් සියලුම දේපොළ විකුණා දමන්න යෝජනා කර තිබුණි. හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ වරායන් පමණක් නොව ඒ අවට ඇති විශාල භූමි භාගයන් ද විකිණීමට නියම කර ඇත. අපි නිදහස ලබා වසර 69ක් පිරෙන දිනයේ දී අපේ දේශපාලන නායකයන් තමන්ගෙන් ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, අපි යටත් විජිත වාදීන්ගෙන් නිදහස ලැබුවේ ඔවුන් පවා ඉතුරු කර ගිය ඒකීය රාජ්‍ය කැබලි කිරීමට හා රාජ්‍යයට අයත් සියලුම වටිනා දේපොල විදේශිකයන්ට විකිණීමට ද යන්නයි.

මේ නිදහස් දිනයේ දී අපේ තරුණ පරම්පරාවට වඩා අපේ පාලකයන්ට නිදහසෙත්, ස්වාධිපත්‍යයයෙත්, නිවහල්බවෙත්, වැදගත්කම වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Impressing the importance of independence day on our political leaders

We will be marking the 69th anniversary of our independence from colonial rule on 04 February 2017. This is a day on which parents, elders and teachers impress upon school children and young people the importance of contemplating the significance and value of our independence and sovereignty. Today however the need is not to impress upon the younger generation the importance and significance of our independence and sovereignty, but to impress upon our political leaders the importance and significance of our independence and sovereignty. We celebrate the 69th anniversary of our independence in a situation where it is uncertain whether there would be a country left to celebrate the 70th anniversary.

Present day political leaders are engaged in a feverish quest to dismantle the Sri Lankan state by creating semi-independent provincial administrations with their own police forces and public administration mechanisms. In addition to this the national budgets of 2016 and 2017 have envisaged the sale of virtually every government owned asset from small operations like the Grand Oriental Hotel to the biggest project that our government completed the Norochcholai power plant. Entire free ports, consisting of the harbours in Hambantota and Trincomalee and the surrounding territories have been put on sale. All politicians should ask themselves on this 69th independence day whether we gained independence from colonial rule only to divide the unitary state that even the colonial powers had left intact when they left, into unviable provincial units and to sell every valuable national asset we have, to foreigners?

On this independence day, it is my hope that our political leaders will make an attempt to understand the true meanings of freedom and sovereignty.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද 69වන නිදහස වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

04-02-2017

Top