Anonymous Reporter

8 පන්තියේද ගණීතය අසමත් අධෝ.මුඛ සිරිසේන

රහසින් වත් වංචා දූෂණ නොකරන පිරිසක් ලෙස කැබිනට් මණ්ඩලය කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අම්බ හොරුන්ට හා ජනතා ඡන්දයෙන් ප්‍රතිකේෂ්ප කල අමනයන්ට ඇමතිකම් ලබාදෙමින් කියන කතාව ඇසුනු විට මා හට තෙරුම් ගියේ සිරිසේන යනු ගලේ පැහැරු බළලෙකුට දෙවැනි නොවන බවය.එපමණක් නොව ඔහු ඇත්තටම කතා කරන්නේ අධෝ මුඛයෙන් බවද මේ දින කිහිපය තුලදි තහවුරු වු තවත් කරුණකි.අධෝ මුඛය සමග නිරන්තර සම්බන්ධයක් ඇති ගෙවල සේවලයෙකු වන එස් බී දිසානායක වැනි අසමජ්ජාතියෙකුට සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන ඇමතිකමක්ද දෙන්නට තරම් 8 පමණක් සමත් ජනපති කටයුතු ඒ නිසාම වන්නට ඇත.

සිරිසේන වැන්නේකු ගැන කතා කිරිම නිකරුනේ කාලය කා දැමිමක් යැයි මට සිතේ.දැන් ඔහු ලංකාවේ අඩුම කාලයක් තුල පිරිහිමට ලක්වු ජනපති බවට පත්ව අවසානය…ජනතාවගේ ශාපයට ලක්ව තව නොබෝ දිනකින් ඔහු දේශපාලනයේ අනාථයෙකු විම සක්කරයාගේ පුතා වයිමා පමණක් නොව සිරාගේ පවුලේ පියිවරුන් තිදේනාම පැමිණියද කල නොහැක්කක් බව තහවුරුය.කියවන්න සිරිසේනගේ තාත්තාගේ වැඩ (”උගෙ අම්මා නෙවෙයි මගෙ අම්මා….” අපි අම්මලා දෙන්නෙක්ගෙ….”)

පැරදිච්ච උන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තා මදිවට උන්ට නි.කතානායකම්,ඇමතිකම් ලබාදිමට මෛත්‍රී වැනි අසමජ්ජාතියෙකුට බලය දුන්නේ කවුරුන්ද යනුවෙන් අප අවසන් වශයෙන් ප්‍රශ්ණ කරමු.

ටී.එන්.ඒ. සංවිධානයේ මැතිවරණ ප්‍රකාශනය කරුණු 4 කින් සමන්විතයි. දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය හිමිවන බව, උතුරු නැඟෙනහිර දෙපළාත වහාම නිත්‍ය වශයෙන් එකතු කළ යුතු බව, ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනුවට පෙඩරල් රාජ්‍ය ක්‍රමයක්‌ ඇති කළ යුතු බව සහ ලංකාවේ හමුදාව විසින් සිදුකළා යෑයි කියන යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව එම කරුණු 4 යි.

එම කරුණු වෙනුවෙන් පෙනී සිටින ප්‍රභාකරන්ගේ ගූ කණ ආර්.සම්බන්ධන් වැන්නේකු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කිරිම හරහා මෛත්‍රී ඇත්තටම 8 පන්තියේද ගණීතය අසමත් බව තහවුරු කර තිබේ.මන්ද ශ්‍රීලනිපයේ ආසන 95 ඉතාම පැහැදිලිව ටී.එන්.ඒ. හි ආසන 16 ට වඩා විශාලයි. ශ්‍රීලනිපයේ ආසන 95 න් කිසියම් ප්‍රතිශතයක්‌ ආණ්‌ඩුවට එකතු වුණත් මන්ත්‍රීවරු 55 කට වැඩි ප්‍රමාණයක්‌ විපක්‍ෂයේ වාඩිවෙන බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රීලනිපයේ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරු ප්‍රමාණය පවා ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 16 ට වඩා තුන්හතර ගුණයකින් විශාලයි. එවැනි තත්ත්වයක්‌ තුළ ශ්‍රීලනිපය විපක්‍ෂයෙන් ඉවත් කර එම තනතුර ටී.එන්.ඒ. සංවිධානයට බාරදීම මූලික අංක ගණිතයටත් මහජන මතයටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායටත් සාමාන්‍ය බුද්ධියටත් එරෙහිව යැමක්‌ නිසාය.

ජාතික ආන්ඩුවක් සඳහා ඇමති මණ්ඩලය වැඩි කිරීමට ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්‍ෂව සන්ධාන මන්ත‍්‍රීවරුන් රැසක් ඡන්දය ලබාදී තිබේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඇමති මණ්ඩලය 30කට සීමා විය යුතු වුවද අටවැනි පාර්ලිමේන්තුව ආරම්භයේදීම 19ට පටහැනි යෝජනාවක් සම්මත කර ගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කිරීම විශේෂ කාරණයකි. මේ අනුව කැබිනට් මන්ඩල අමාත්‍ය ධූර සංඛ්‍යාව 48ක් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ද ඇතුළත්ව එම සංඛ්‍යාව 93ක් පමණ වනු ඇතැයි වාර්තා වේ. මේ යෝජනාවට පක්ෂව ඡන්ද 143ක් සහ විපක්ෂව 16ක් ලැබුුනු අතර ඊට පක්ෂව ඡන්දය දුන් සන්ධාන මන්ත්‍රීවරුන් අප පහතින් අනාවරණය කරණුයේ ඔහුන්ගේ දැත් ඔබ වෙත දිගු කිරිමට පැමිණේන විටදි කඩුවක්,මන්නයක්,කැත්තක් හෝ අවම වශයෙන් කොස්ස වත් සුදානම් කර ගැනිම සදහාය.

මහින්ද යාපා, සරත් අමුණුගම, ලසන්ත අලගියවන්න, ටි.බී. ඒකනායක, මොහාන් ලාල් ගේ‍්‍රරු, ගීතා කුමාරසිංහ, මලිත් ජයතිලක, ප‍්‍රියංකර ජයරත්න, දයාසිරි ජයසේකර, පේ‍්‍රමලාල් ජයසේකර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නිමල් සිරිපාල සිල්වා, දුමින්ද දිසානායක, එස්.බි. දිසානායක, ඩග්ලස් දේවානන්දා, මනූෂ නානායක්කාර, සුසන්ත පුංචි නිලමේ, ඩිලාන් පෙරේරා, අරුන්දිාක ප‍්‍රනාන්දු, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, සාරානාත් බස්නායක, නිශාන්ත මුතුහෙට්ටිගම, ෆයිසර් මුස්තාපා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සී.බී. රත්නායක, කෙහෙලිය රඹුක්වැල්ල, නිමල් ලංසා, දුලිප් විජේසේකර, චන්දිම වීරක්කොඩි, රංජිත් සියඹලාපිටිය, තිලංග සුමතිපාල, ජොන් සෙනෙවිරත්න, විජිතමුණි සොයිසා, ඒ.එල්.එම්. හිසුබුල්ලා, ඒ.එච්.එම් ෆවුසි

Top