All

Adani නිසා මොදිත් අමාරුවේ වැටේ.. ඉන්දියාවේ නිල නාමිකයා ලෙස ශ්‍රි ලංකාවට අදානි සමූහය යෝජනා කළේ ඇයි?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කුප්‍රකට ගජමිතුරු කළු සල්ලි මෙහෙයවන්නා වන ගෞතම් අදානිගේ Adani Group සමාගමකට ලබාදිමට ගිය සබ්මැරීන් (submarine) ව්‍යාපෘතියක් හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේන බව ඉන්දීය විකල්ප වෙබ් අඩවි පෙන්වා දෙනවා.

ඊට හේතුව වි ඇත්තේ සබ්මැරීන් නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් නොමැති අදානීට අයත් Hindustan Shipyard Limited (HSL) සමාගමට එම ව්‍යාපෘතිය ලබා දිමට කටයුතු කිරිමයි.එම ව්‍යාපෘතියෙ වටිනාකම ඉන්දිය රුපියල් කෝටි 45,000 ක් ඉක්මවන අතර එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවද කොන්ග්‍රස් පක්ෂය චෝදනා කරයි.

කොළඹ වරාය සමග ගිවිසුම් ගත විමට යන ගෞතම් අදානිගේ අදානී සමාගම සහ ඉන්දිය වත්මන් අග්‍රාමාත්‍යවරයා අතර ඉතා සමීප සබඳතාවයන් පවතින අතර අගමැතිවරයා ලෙස මෝදි පත්විමත් සමග ඉන්දියාවේ පලමු පෙළ ව්‍යාපාරිකයා ලෙස අදානි ඉදිරියට ආ අතර එය මෙම ගණුදෙනුව හරහා තවදුරටත් තහවුරු වන බවයි ඉන්දීය විකල්ප වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.

ආරක්ෂක අංශයට අදාළ එම ව්‍යාපෘතිය අදානිගේ සමාගමට ලබා දිමට නොහැකි නිසා අදානිට වාසිදායක වන අයුරින් ඉන්දිය අගමැතිවරයා ආරක්ෂක ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය Defence Procurement Procedure පවා උල්ලංඝනය කර තිබේ.

මේ වනවිට ඉන්දීය නාවික හමුදාව විසින් පිහිටුවන ලද බලගතු කමිටුවක් විසින්ද අදානිට අදාළ ව්‍යාපෘතිය ලබාදිම ප්‍රතිකේෂ්ප කර තිබුනද අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

අදානිගේ සමාගම සබ්මැරීන නිෂ්පාදනය කිරීමට ඉල්ලුම් කර ඇත්තේ \විදුලි බලාගාරයක් පිහිටුවීම හා පවත්වාගෙන යාමේ අත්දැකීම් මත වන අතර එය ආරක්ෂක ගනයේ ව්‍යාපෘති සදහා ගණනය කල නොහැකි අත්දැකීමක් බවයි ඉන්දීය නාවික හමුදාව සිය වාර්තාව හරහා පෙන්වා දි ඇත්තේ.

නැගෙනහිර පර්යන්තය ගැන ඉන්දීයානු පණිවිඩය!

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව එරට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව සදහන් කර තිබේ.

ශ්‍රී ලංකා අදාළ ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවත් විදෙස් ආයෝජකයන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීන්දුවක් ගත් බව ද පෙන්වා දෙන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරන්නේ සියලු පාර්ශව දැනට ඇති ගිවිසුමට අදාළ අවබෝධතා සහ වගකීම්වලට බැඳී සිටින බවයි.

2019 දි අත්සන් කල ගිවිසුම…..

2017 දී එවකට ශ්‍රී ලංකා රජය ජපානයේ සහ ඉන්දියාවේ රජයන් සමඟ ආර්ථික සංවර්ධනය සඳහා පුළුල් සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබු අතර එය දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ භූ-උපායමාර්ගික ගිවිසුමක් බවයි.

කොළඹ වරායේ විශාලතම අන්තර් මහද්වීපික බහාලුම් නැව් හැසිරවීමේ දෙවන ගැඹුරු ජල පහසුකම වන නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) සංවර්ධනය කිරීම සඳහා තවත් ගිවිසුමක් අත්සන් කළේ 2019 වර්ෂයේය.

එවකට ලංකා වරාය, නැව් හා දකුණු සංවර්ධන අමාත්‍ය සාගල ගජේන්ද්‍ර රත්නායක එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ තරංජිත් සිං සන්ධු සහ එවකට ජපානයේ තානාපති අකිරා සුගියාමා මෙහි අත්සන් තබා තිබේ.(අදාළ ගිවිසුමේ පිටපතක් පහලින් අමුණා ඇත.)

ශ්‍රී ලංකාවේ කොළඹ දකුණු වරාය සංවර්ධනය කිරීම සඳහා වූ සහයෝගිතා ගිවිසුමේ පිටපතක් වෙත 2019 මැයි 28 දින අත්සන් තැබු අතර එහි සදහන්ව තිබුනේ

‘කොළඹ දකුණු වරායේ පිහිටා ඇති නැගෙනහිර බහාලුම් පර්යන්තය East Container Terminal (ECT) ක්‍රියාත්මක කිරීමේදී ජපානය සහ ඉන්දියාව පාර්ශ්වකරුවන් වීම විශාල භූ-උපායමාර්ගික වැදගත්කමක් ඇති බවට ආණ්ඩු තුනෙහි මතයයි.’යනුවෙනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 51% ක කොටස් හිමිකාරීත්වය දරන නව පර්යන්ත මෙහෙයුම් සමාගමක් Terminal Operation Company (TOC) පිහිටුවන බවත්, ජපාන හා ඉන්දියානු සමාගම් එක්ව 49% ක කොටස්හි මිකාරීත්වයක් දරනු ඇති බවත් එහි සදහන් විය.

ඒ අනුව කොළඹ වරාය එහි සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන හෙයින්, ජපානය යෙන් හි නම් කරන ලද ණයක් ‘ඉහළ සහන කොන්දේසි යටතේ’ ශ්‍රී ලංකා රජයට හැකි ඉක්මනින් ලබා දෙනු ඇත. TOC සඳහා සහභාගී වන ජපන් සමාගම්, පවත්නා ධාරිතාවය (දැනටමත් අවසන් කර ඇති පළමු අදියර) ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කරනු ලබන ගෙවීම් ආවරණය කරනු ඇති අතර, දොඹකර සහ අදාළ උපකරණ ඉක්මනින් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා යොදා ගැනේ.

‘ඉහළ සහන කොන්දේසි’ යනු වසර 40 ක සේවා කාලයක් සඳහා 0.01% ක වාර්ෂික පොලී අනුපාතයකට ඇමරිකානු ඩොලර් මිලියන 700 කට සමාන්‍ය ණයක් වන අතර එය වසර 40 ක කාලයක් සඳහා ආපසු ගෙවීම පිළිබඳ මූලික දස අවුරුදු කාලයක් හිමිවේ.

කෙසේවෙතත් චීනයට එරෙහිව ඉන්දියාව පෙළගැස්විමේ ඇමරිකානු මෙහෙයුමේ කොටසක් බවට දැන් ලංකාව පත්ව හමාරය.

පලමුව ප්‍රශ්ණය හරියට වටහා ගතයුතුය.දෙන්නේ නැගෙනහිරද? බටහිරද? යන්න ප්‍රශ්ණයක් නොව ප්‍රශ්ණය ඇත්තේ එය පවරන්නේ කවර පදනමින්ද යන්නයි.

නමුත් අපට ඇති ප්‍රශ්ණය නම් ඉන්දීය රජයේ සැබෑ උනන්දුව නම්, ශ්‍රී ලංකාව තුළ චීනය වර්ධනය වෙමින් පවතින තත්වයට එරෙහි වීම නම්, රජය මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ නිල නාමිකයා ලෙස පෞද්ගලික ආයතනික ආයතනයක් වන අදානි සමූහය යෝජනා කළේ ඇයි?

අනිත් අතට අදානිගේ ව්‍යාපාරික කල්ලිය හෙට අසමත් වුවහොත් සහ එය සිය ශ්‍රී ලාංකික ව්‍යාපාරය චීන සමාගමකට විකුණන්නේ නම්, ඒ සඳහා වගකීම භාර ගන්නේ කවුද සහ රටේ භූ-දේශපාලනික හා උපායමාර්ගික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නේ කුමණ උපාය,උපක්‍රමශීලීවවද යන්නයි.

මෝදීගේ ගජමිතුරු කල්ලිය මෙහෙයවන අදානි…..

58 හැවිරිදි Gautam Adani ඉන්දියානු රාජවංශිකයන් අතර දුර්ලභත්වයකි. ඔහු ස්වයං-සාදන ලද මිනිසෙකි, අට දෙනෙකුගෙන් යුත් පවුලක උපත ලැබූ ඔහු, ජෛන ආගම අනුගමනය කළ ඉන්දියානු ආගමක් වන, සශ්‍රීක විශ්වාසයන් අවධාරණය කරයි. මුම්බායි හි දියමන්ති කර්මාන්තයේ වෘත්තියක් අත්හදා බැලීම සඳහා පාසලෙන් අස් වූ පසු ඔහු නැවත සිය නිවෙස් කරා ගියේ නිෂ්පාදන සඳහා ප්ලාස්ටික් ආනයනය කිරීම සඳහා ය. එය ඔහුගේ ව්‍යාපාරයට අඩිතාලම දැමූ ව්‍යාපාරයකි.

කේරළ ප්‍රාන්ත මුදල් ඇමතිවරයා කියා සිටියේ, ත්‍රිවන්ඩ්‍රම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවත්වාගෙන යාම සඳහා වසර 50 ක බද්ද දිනා ගැනීමට Adani “නිර්ලජ්ජිත ඥාති සංග්‍රහයක්” යෙදුනු අතර එක රැයකින් Adani රටේ විශාලතම පුද්ගලික ගුවන් තොටුපල මෙහෙයුම්කරුවෙකු බවට පත්වු බවත් ය.

මුම්බායි හි ආයෝජන විශ්ලේෂකයෙකු Adani සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ.. “මෝඩි 2024 මැතිවරණ දිනයේදී පරාජයට පත් වුවහොත්, “ඔබේ ආරක්ෂකයා අක්‍රීය වුවහොත් ඔබට එම ප්‍රාග්ධනයට ප්‍රවේශය අහිමි වේ.” යනුවෙනි.

ක්‍රෙඩිට් සූයිස් විසින් 2015 දී නිකුත් කරන ලද “හවුස් ඔෆ් ඩෙබ්ට්” වාර්තාවකින් අනතුරු ඇඟවූයේ බැංකු අංශයේ ණයවලින් සියයට 12 ක් සඳහා “severe stress” යටතේ සිටින සමාගම් 10 න් එකක් ADANI සමූහය බවයි. විදේශීය ණය දෙන්නන්ගෙන් ණයට ගැනීම සහ හරිත බලශක්තිය වෙත යොමු කිරීම මගින් අරමුදල් රැස්කිරීමට අදානි සමූහයට හැකි වී තිබේ.

Adani සමූහයේ නැගීම මතභේදයට තුඩු දී ඇති අතර වංචාවේ සිට පාරිසරික අපයෝජන දක්වා චෝදනා එල්ල වී තිබේ. කර්මචයල් පතල් භූමියේ ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පාරිසරික බලධාරීන් නොමඟ යැවීම සම්බන්ධයෙන් වරද පිළිගත් අතර ඔහුට ඩොලර් 20,000 ක දඩයක් නියම විය.

2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම

Top