පසුගිය වකවාණුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක් වී සිටියත්, ජනතාව අපට ලබා දී ඇති මේ විශිෂ්ඨ ජයග්‍රහණ ඉතාමත්ම සාමකාමීව,සංවරයකින් යුතුව, සමරන ලෙස හිටපු ජනාධිපති, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

 

ජයග්‍රහණය සාමාකාමීව භුක්ති විදිමු

 

මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ. අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියළුම ඡන්ද දායකයින්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්‍ෂික බලවේගය වන ඒකාබද්ධ විපක්‍ෂය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉතාමත්ම දුෂ්කර හා පීඩාකාරී තත්වයන් යටතේ මේ ජයග්‍රහණය ලබාගෙන තිබේ.

පසුගිය වකවාණුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක් වී සිටියත්, ජනතාව අපට ලබා දී ඇති මේ විශිෂ්ඨ ජයග්‍රහණ ඉතාමත්ම සාමකාමීව,සංවරයකින් යුතුව, පරාජිත පාර්ශව වලට අගෞරවයක් සිදුනොවන ආකාරයට භුක්ති විදින මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ සියලුම පාර්ශව වලින් මම සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි. අප මේ රටේ ඡන්ද දායකයන්ට උපහාර දක්වන ප්‍රධානම විදිය එය බව කවුරුත් සිහිපත් කළ යුතු වේ.

 ශ්‍රී ලංකාවාසී ජනතාවට ජයවේවා !

 ඔබ සැමට තෙරුවන් සරණයි.

 මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති  

රජය ජනතාවට පොරොන්දු වූ යහපාලනය ක්‍රියාත්මක කළ යුත්තේ විනිවිදභාවයකින් යුක්තවය. රට තුළ යහපාලනය ක්‍රියාත්මක කිරීම පමණක් නොව ක්‍රියාත්මක වන බව පෙනෙන්නටද තිබිය යුතු වුවත් අප රට තුල යහපාලන ක්‍රියත්මක වන බව පෙනෙන්නට නැත. ඉහළම පාලකයාද ,පහලම නිලධාරියාද යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරයි.යහපාලනය ආරම්භ කලයුත්තේ රටේ පාලකයාගෙන්ය.

එහෙත් අප ජනාධිපතිවරයා යහපාලන තුට්ටුවකටවත් මායිම් කරන බවක් පෙනෙන්නට නැත. එසේ චෝදනා කිරීමට සිදුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් යහපාලන පොරොන්දු මහදවල් කඩකර ඇති නිසාය. ජනතාව හැටියට අපට කල හැක්කේ ඒ පිළිබදව අදාල ආයතන වලට පැමිණිලි කිරීමය. නීතියෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති මුක්තියට මුවා වී සිටීමට ඔහුට හැකි වුවත් සිය හෘද සාක්ෂියට මුවා වී සිටීමට හැකිද? යන්න තීරණය කල යුත්තේ ඔහුමය.

අ. මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිලිබද සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට අනුව රටට වූ පාඩුව රුපියල් බිලියන 11 කි. රටට මෙම පාඩුව සිදු කිරීම සදහා වූ සැලැස්මේ මහ මොලකරු අර්ජුන මහේන්ද්‍ර නම් ඔහු මහ බැංකුවේ අධිපති හැටියට පත්කරන ලද්දේ අගමැතිවරයාගේ නිර්දේශයට අනුව වූවත් ජනාධිපතිවරයාය. මෙරට පුරවැසියෙකු නොවන කෙනෙකු මහබැංකුවේ අධිපති කලේ ඇයිද? යන්න ජනතාව ප්‍රශ්න කිරීම සාධාරණය. මක්නිසාද යත් පොළීසියට කොස්තාපල් කෙනෙකු බදවා ගන්නේද ඔහු පිලිබද නිෂ්කාශන වාර්තාවක් ලබාගත් පසුවය. එමනිසා මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීමේ වගකීම ජනාධිතිවරයා විසින් දැරිය යුතුය.

ආ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා හැටියට ඒම අමාත්‍යාංශවල සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා වගකිවයුතුය.

ජනාධිපතිවරයාට හා නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරිම සදහා අපි හෙට දිනයේ සුදානම්ව සිටිනවා.

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

අධිකරණ පොලිසියේ, කාන්තා හා ළමා කාර්යාංශයේ සහ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියේ පැමිණිලි 3 ක්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී පහරදී තර්ජනය කළ බව රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් ඇප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන් කර ඇත.

මොහොමඩ් ශසිල්ට විරුද්ධව, බඩට පහරදී නැවත සාක්ෂි දීමට නොපැමිණෙන ලෙස මරණිය තර්ජනය සිදුකල බවට ෆාතිමා විසින් අධිකරණ පොලිසියේ, කාන්තා හා ළමා කාර්යාංශයේ සහ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියේ පැමිණිලි කර ඇත. මෙම සිදුවීම වහා මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට ගෙන ඒමට කටයුතු කර ඇත. මෙම සිදුවීමෙන් පසුව පැමිණිලිකරුව වහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

යහපාලන රජයේ කාලසිමාවෙන් තුන් වසරක් ගෙවී යන මේ කාලසීමාවේදී, යහපාලන රජයේ රාජ්‍ය ඇමතිවරයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ A. H. M. ෆව්සි ඇමති තුමාට අයත් ව්‍යාපාරයක අධ්‍යක්ෂක වරයෙකු වන වසීර් අහමඩ් මහතා විසින් ඇමති තුමාගේ පව්ලේ උදවිය විසින් තමන් වෙත අපහස කර මරණිය තර්ජන සිදුකළ බවටත්, මේ සම්බන්දව පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරීන් හට ඔවුන්ගේ රාජකාරි සිදුකිරීමට බධා සිදුකර ඇති බවට ප්‍රකාශ කර සිටි.

අහමඩ් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, යහපාලනයේ ගුණත්මකබාවය සහ නිතිය අවතක්සේරුවට ලක්වෙමින් කැළැ නිතිය රජයන සමයක පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන ඔහුට සෑහීමකට පත්විය නොහැකි බවත්, මෙම සංසිද්දියේදී නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා මුහුණපෑ අසරණබාවය ඇසින් දුටුවයින් පසු පොලිසියෙන් මිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

ඔහුගේ නීතීඥවරයා ෆාතිම හෆ්සා (වෙන කිසිවෙකු නොව, ෆව්සි ඇමතිවරයාගේම මිණිබිරිය) නැවත නැවත සිදුවන අසාධාරණයන් සහ තර්ජනය කිරීම් සම්බන්දව වසර දෙකක් තිස්සේ කිහිපවරක්ම පැමිණිලි කළද, එම පැමිණිලි යහපාලන ඇමති A. H. M. ෆව්සි ඇමති වරයාගේ පුතාට සහ දියණියට විරුද්දව පවරා ඇති බැවින් පොලිස් නිලදරින්ට නිතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

ෆාතිම හෆ්සා ඇයගේ මාමා වන නමාස් ෆව්සි විසින් පොලිස් නිළදාරින් හට තමන්ට හා අහමඩ් වෙත සාධාරණය ඉෂ්ට ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී තර්ජනය කර බලපෑම් සිදුකල බවට 2017 ජනවාරි 12 වන දින නාරාහේන්පිට පොලිසියේ පැමිණිලි අංක CIB 179/64 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇත.

ඇයට අනුව OHS හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ කොටස්කරුවෙක් සහ අධ්‍යක්ෂක වරයෙක් වන අගේ හිටපු ස්වාමිපුරුෂය දොස්තර මොහොමඩ් ශසිල් මව්ජූඩ් ඔවුන්ගේ පුතාව රැගෙනයාමට සවස 1.00 ට පමණ අගේ නිවසට පැමිණ ඇත. (උසාවියෙන් නියම කර ඇති වෙලාවට පැය 2ක් පමණ පසුව) එසේ පැමිණ නිවාස ඉදිරියෙන් වහනය ඉවත් කරගත නොහැකි බව පවසමින් OHS හෝල්ඩිංස්හී සම අධ්‍යක්ෂක වසීර් අහමඩ් සමග කලහයක් ඇතිකරගන්න ලදී. අහමඩ්ට වාචිකව නින්දා කිරීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ බඩු පොලේ ගසා අනතුරුව ඇයට (ෆාතිමාට) පහර දී ඇත.

මෙහි විශේෂතම සිදුවීම වන්නේ පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය නිවසේ සිදුවී තිබුණු දෙය සහ ෆාතිමාගේ මුහුණේ සහ ඇගේ තිබුණු තුවාල දුටු නමුත් ෆව්සි ඇමතිවරයාගේ පුතාගේ හා ෆාතිමාගේ මාමා – නාමාස් ෆව්සිගේ බලපෑම් හමුවේ නාරාහේන්පිට පොලිසිය ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරිපත් නොවීමයි.

අහමඩ් පවසා සිටියේ පොලිස්පති පුජිත ජයසුන්දර මැදිහත් වන තෙක් පොලිසිය මෙම සිදුවීම සම්බන්දව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටි බවයි. පසුව අවසානයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක MC 75737/03/17 යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබී ඇත. එසේ තිබියදීත් ඇමතිවරයාගේ පව්ලෙන් වන බලපෑම්වල අඩුවක් නම් සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

දූත සේවය ශිෂ්ඨාචාරය තරම්ම පැරණිය. ධර්මදූත සේවයේ යෙදෙන භික්ෂූන් උදෙසා බුදුරජානන්වහන්සේ විනය නීතියක් පැනවූ සේක . ඒ ජනපද නිරුක්තියට ගරු කල යුතු බවයි. 1961 අප්‍රියෙල් 18 වියනා සම්මුතියේ දූත මන්ඩල පරිශිෂ්ඨයේ 7 වගන්තිය අනුව ආරක්ෂක සම්බන්ධිකාරක තනතුරට තානාපති විනිර්මුක්තියක් හිමිවෙයි. ඒ අනුව මොහු අදාල රටේ නිල අමුත්තකු මෙන්ම විශේෂ වරප්‍රසාද ලත් තැනැත්තෙක් බවට පත් වෙයි. මෙම තනතුර හැදින්වීමේ වඩාත් ප්‍රචලිත පාරිභාෂිතය ඩී.ඒ නම් වෙයි.

ආරක්ෂක සම්බන්ධිකාරකගේ කාර්යභාරය ඒ ඒ රටවල බලය සහ බල ව්‍යාපෘතිය අනුව තීන්දු වන්නකි. උදාහරනයක් ලෙස ගත හොත් ඇමෙරිකාව විසින් රටවල් 139 කට ඩී.ඒ පත් කර ඇත. ඇමෙරිකන් හමුදා කදවරු ලොව් සතර දිග්භාගයම වසා පැතිර ඇත, යුධ නැව් සාගර කලාපයන්හි බලය පතුරා ඇත. චරපුරුෂයන් ලොව සෑම රටකම ක්‍රියාත්මකය. ඔවුන්ට යලිතල සැපයිය යුතුය . ඒ අනුව ඇමෙරිකන් ඩී.ඒ තනතුර යනු පුස් වෙඩිල්ලක් නොව රටට ඵලදායී තනතුරකි.

ආරක්ෂක සම්බන්ධිකාරක (ඩී.ඒ) දුරන්ධරයන් පත්කිරීම ලංකාව වැනි රටකට කෙතරම් ඵලදායිද ? පත් කරන වුන්ගේ රාජකාරිය කවරේද ? මෙම කරුනු ප්‍රශ්න ගත වුවද ඩී.ඒ තනතුරෙහි ඵලදායීතාව ‍රැදෙනුයේ ඔවුන් සත්‍ය ලෙසම ඉ‍ටුකරන කාර්යභාරය අනුවය. ලංකාව ඩී.ඒ කෙනෙකුගෙන් බලාපොරොත්තුවන ප්‍රමුඛ කාර්ය 2 කි

1. 2009 පරාජය කලේ කලේ කොටි ත්‍රස්තවාදීන්ගේ මිලිටරි පෙරමුන පමනි, දේශපාලන පෙරමුන යහමින් ක්‍රියාත්මකය, ලන්ඩන් වැනි සංවේදී ගෝලීය මධ්‍යස්ථාන තීරනාත්මකය . මල්ටි බැරල් වලින් මිලිටරිය පරාජය කලද දේශපාලන පෙරමුන පරාජය කල හැක්කේ මනෝ මූල සංග්‍රාමයකි . අන්තවාදය අන්තවාදයෙන් පෝෂණය නොකොට හීන් නූලෙන් කපා දැමීමට වග බලා ගත යුතුය

2. යුධ අපරාධ චෝදනා වලින් ලත් ජාත්‍යන්තර අපකීර්තිය සමනය කර ගැනීම විදේශ දූත සේවාවල වගකීමය.ඒ අනුව ලන්ඩන් වැනි ලෝක බල කේන්ද්‍ර වල සංයමයකින් යුතුව මල් පාත්ති දැමිය යුතුව ඇත.

අනදෙන රේඛාව අනුව ඩී.ඒ අදාල රටේ තානාපති යටතේ වැඩ කරන පුද්ගලයෙකි . එහෙයින් ලංකාව වැනි විදේශ සේවය කුනුවූ රටක ඩී.ඒ තනතුර කුනුවීයාම නොවැලැක්විය හැක. තානාපතිලා ඩීල් සහ බිස්නස් වලට සීමා වූ කල්හි ඩී.ඒ කෙනෙකුගෙන් වැඩි යමක් බරාපොරොත්තු විය නොහැක. එක්කො ඔහු තානාපතිගේ ඩීල් වලට අත් උදව් දිය යුතුය, නැත්නම් පු‍ටු රත්කරමින් කාලය ගෙවිය යුතුය . මක්නිසාදයත් ඩී.ඒ ට තනිව කල හැකි කාර්යක් නොමැත. ඔහුට කියා කාර්ය මන්ඩලයක් පවා නොමැත. එහෙයින් හදිසි අවස්ථාවක් පැමිනි විගස පු‍ටු රත් කරන මෙවන් නිලධාරීන්ට හොට පැටලීම වීම අරුමයක් නොවේ.

ලොව වැඩිම උද්ගෝෂණ ප්‍රමාණයක් සිදුවන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාල ඉදිරිපිටය.බොහෝ ඇමෙරිකානු තානාපති කාර්යාලවල ත්‍රිවිධ හමුදාවම ආවරණය වනපරිදි ඩී.ඒ ත්‍රිත්වයක් අනුයුක්ත කොට ඇත.නමුත් මේ කිසිදු උද්ගෝෂණයක්දී ඇමෙරිකානු ඩී.ඒ කෙනෙකු සෙනග ඉදිරියට නොපැමිනේ. එසේ නොපැමිනෙන්නේ බය නිසා නොවේ. උද්ගෝෂකයන් ඉදිරියට පැමිනීම හෝ සිය ධජය පෑම වැනි සිල්ලර අයිතම් වලට වඩා ශුක්ෂම රාජකාරියක තිතතින්ම නියලෙන නිසාවෙනි. උද්ඝෝෂකයගේ එකම අරමුන උපරිම ප්‍රසිද්ධියක් ලබා ගැනීමය. බුරන බල්ලන් මෙන් මොරදෙන උන්ගේ ඉදිරියට යාම උන් සොයන ප්‍රසිද්ධියට උඩගෙඩි දීමකි

එදා මුලතිව් කදවුර බිදවැටෙන විට කොටි ඉදිරියට යාමට එකදු බ්‍රිගේඩරයෙකු සිටිය නැත. මුලින්ම පැන ගියේ ඔවුන්න්ය. ඔවුන් පැනගියේ කාලතුවක්කු සහ යුද්ධ ටැංකිද සතුරා අතර පත් කරමිනි. අලිංමංකඩ තත්වයද මීට නොදෙවෙනිය . 2000 වර්ශයේ කොටි නොනවතින ‍රැල්ල ඉදිරියේ මන්කුලම් සිට ඕමන්තෙයි දක්වා කි.මී 52 ක් පසුබැස ගියේ සතුරාට දෙසට එකදු වෙඩිල්ලක් පත්තු නොකරය. මෝටර් සයිකලයෙන් ගිය සෙසු නිලධාරියෙකු බිමට බස්වා උසස් නිලධාරියෙකු පන බයේ පැන ගිය ආකාරය මා ඇසින් දැක ඇත. වෙනතක් තියා රතුපස්වල ගමේ ගෝරියේදී බ්‍රිගෙඩියර් එලියට බැස්සේ නැත, වාහනයක සැගවී සිටියේය

අහඹු ලෙස කඩන් පාත්වූ ගොන් වස්සෙකු බැද මැතිවරන කෙත අස්වැදීමට ගොස් හානි දෙකක් කරගෙන ඇත. කාලයක් තිස්සේ තටමලා හදාගත් සංහිදියා මල් පාත්තියට බරපතල හානියක් සිදුකරගෙන ඇත. අනෙක් පසින් වැලේ වැල් නැතිව සිටි කොටි ඩයස්පෝරාවට නව පනක් ලබා දී ඇත. එදා යුධ සමයේ 10000 පමන දෙමල ජනකායක් ලක් රජයට එරෙහි විරෝධාතාවලට සහභාගී වූහ. ඔවුගේ ‍රැලි මධ්‍යන්හි සිරස්තල විය . නමුත් යුද්ධය අවසන් වූ පසුව ඔවුන් පැවැත් වූ කිසිදු ‍රැලියකට නිසි මාධ්‍ය අවධානයක් ලැබුනේ නැත. ඔවුන්ගේ සංවිධාන ශක්තිය දියාරු වී ගියේය. නමුත් බ්‍රිගේඩියර් සුලි කුනා‍ටුව කැඩි බිදීගිය ඩයස්පෝරාවට යලි එකතුවීමට කූඩාරමක් තනා දී ඇත. ඩයස්පෝරාව ඉල්ලු සිරස්තල ලබාදී ඇත.

තරු නිලධාරීන්ට මුලික කැඩෙට් නිලධාරී පාඨමාලවේ පලමු පාඩම මතක් කරදිය යුතුව ඇත. පුහුනුවේ පලමු පාඩම සිවිල් නීතිය සහ හමුදා නීතිය යන මුලික නීති පද්දතීන් දෙකට යටත්වූ අයෙකුගේ විනයගරුක භාවයයි . විදේශ සේවයකට අනුයුක්ත වූ කලී අදාල රටේ මූලික නීතියටද යටත් විය යුතුය . ජනපද නිරුක්තිය ආරක්ෂා කලයුතුය . හමුදාපතිවරයාට මෙම පාඩම අමතක වීම එක් අතකින් ජාතියේ අවාසනාවකි. අනෙක් පසින් ඔහුගේ අවාසනාවකි. නිසැකවම යථාකාලයේදී මෙම දෙපාර්ශවයම මෙහි ප්‍රතිවිපාක වලට මුහුන දෙනු ඇත .

ලියුම්කරු – කීර්ති රත්නායක

ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර පසුගිදා කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකල යහපාලනය දැන් එම සත්‍ය රටේ ජනතාවට වසන් කිරිම සදහා සියලු පරික්ෂණ යටපත් කල බව අප දැඩි ලෙස අවධාරණය කල අතර වගකිම් සහිතව වාර්තාකරණයේ යෙදේන lankanewsweb.today වෙබ් අඩවිය අදාළ පිපුරුම සිදුකල අයුරු A to Z අනාවරණය කල අතර එම අනාවරණයෙන් පසුව අප වෙබ් අඩවිය ලංකාවේ තහනමට පවා ලක්වුනා.

2016 ජුනී 5 වැනිදා ඉරිදා සවස 5.45ට සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා හැරිම යහපාලන ආණ්ඩුවේ උවමනාව මත සිදුව ඇති අතර ඉතාමත් සැලසුම්ගතව හා සුක්ෂම අයුරින් සිදුකලද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරුගේ දක්ෂතාව මත පැය 48 යන්නට මත්තේන් සියල්ලම අනාවරණය කිරිමට අප සමත් විය.

දැන් වසර දෙකකට ආසන්න වෙමින් තිබියදි කොස්ගම පිපුරුම නිකම්ම පිපුරුමක් නොව ඒ පසුපස යම් කුමන්ත්‍රණයක් දියත් වු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ධාර ආනාවරණය කර තිබේ.

ඔහු කියන ආකාරයට එය රාජපක්ෂලාගේ වැඩකි.එම පිපුරුම කලේ රාජපක්ෂලාද, සිරිසේනලාද, රනිල්ලාද යන්න අපට වැඩක් නැත.අපට අවශ්‍ය වන්නේ සැබෑවටම අප එදා සිට අනාවරනය කල අකාරයට කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බව තහවුරු විමයි.

හැම මගුලටම කඩුව වනමින් ජනාධිපති කොමිෂන් සභා පත්කරන සිරිසේන ජනාධිපතිතුමනි දැන් එලබ ඇත්තේ ඔබේ වාරයයි….අප අප විසින් අනාවරණය කල පිටු 35කට ආසන්න අනාවරණය සම්බන්ධයෙන් තවමත් එලෙසම පෙනී සිටින්නට සුදානම් එදා ද අප පුල පුලා කියා සිටියේ සත්‍ය රටේ ජනතාවට වසන් කිරිම සදහා සියලු පරික්ෂණ යටපත් කලද අප නිරන්තරයෙන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බවයි.

මේ දිගු ලිපිය අවසානයේ අපි ඔබට ඉතා වැදගත් යමක් අනාවරණය කරමු. එනම් “X” අවි ගබඩාවට පිවිසීමට ප්‍රථම ඒ භාර ලුතිනන්වරයා විසින් ලබාදුන් අවි ගබඩාව සම්බන්ධ ඉන්වෙන්ට්‍රිය, තමන් වෙත ලබා දුන් ස්කෑනරයට නිෂ්පාදකයා විසින් යොදන ලද අංකය (Serial Number) සඳහන් ස්ටිකරය සහ තමන් විසින් තම “Pen Drive” වෙත ස්කෑනරය වෙතින් පිටපත් කරගන්නා ලද සියලු දත්ත පිපිරීමට පෙර සුරක්ෂිතව ඉවත් කරගැනීමටද රටින් බැහැර කර ගැනීමටද “X” සමත්වූ බවයි.

අනාගතයේදී නිසැකව බිහිවන, රටට සැබවින්ම ආදරය කරන රජයක් විසින් මේ ඛේදවාචකය පිලිබඳව පවත්වනු ලබන විධිමත් පරීක්ෂණයකදී සහ ඉන් පසුව සිදුකරනු ලබන නඩු විභාගයකදී රජයේ සාක්ෂිකරුවකු ලෙස “X”ද ඉහත කී ලේඛනයන්ද අතිශය වැදගත්ය.

(එම සම්පුර්ණ අනාවරණය පහතින් කියවන්න….)

සාලාව අවි ගබඩාව පිපිරීමේ කුමන්ත්‍රණයේ ඇතුල් කතාව lankanewsweb.today ආරක්ෂක තොරතුරු වාර්තාකරු

http://198.211.112.164/archives/11950

http://198.211.112.164/archives/11152

http://198.211.112.164/archives/11176

http://198.211.112.164/archives/11202

http://198.211.112.164/archives/11094

අද මැතිවරණය සම්බන්ධයෙන් යමක් කිව හැකි අන්තිම දිනය. එය වෙබ් අඩවිවලටත් බලපානවා ද යන්න පැහැදිලි නැහැ. ඒ කුමක් වුවත් විද්‍යුත් තැපෑලෙන් නම් අදහස් ප්‍රකාශ කිරීමට බාධාවක් නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නය වන්නේ විද්‍යුත් තැපෑලෙන් යවන ලිපියක් ඒ ලබන තැනැත්තකුට තමන් කැමති ආකාරයකින් පිටපත් කිරීමට, වෙනත් අයට ඉදිරිපත් කිරීමට හැකි වීම. නීතිය තාක්‍ෂණයට වඩා පසුපසින් ඉන්නෙ.

මා පුවත්පතක දුටුවා එක් අයකු අභියෝග කර තිබෙනවා ජ්‍යොතිෂවේදීන්ට ආධ්‍යාත්මික බලයක් ඇති අයට මැතිවරණ ප්‍රතිඵල ගැන අනාවැකි කියන ලෙස. ඒසේ කළ හැකි අය හිටියත් ඔවුන් ඒ ප්‍රකාශ ප්‍රසිද්ධියේ කරන්නේ නැහැ. සමහර ජ්‍යොතිෂවේදීන් එසේ කරනවා වෙන්නත් පුළුවන්. එහෙත් එසේ කිරීම සුුදුසු නැහැ. ජ්‍යොතිෂය යනු අනාවැකි පළ කරන ශාස්ත්‍රයක් නො වෙයි. එය පුද්ගලයකුට අනාගතයේ දී විය හැකි විපතක් හෝ වෙනත් යමක් හෝ පෙන්නුම් කර සුදුසු පරිදි ක්‍රියා කිරීමට උපකාර කරනවා. ඒ සියලු අනාවැකි සම්භාවිතාවකට යටත්.

ලෝකයේ ඇත්තේ ජ්‍යොතිෂයට බලපාන කරුණු පමණක් නම් මා හිතන්නේ සම්භාවිතාව ඉතා ඉහළ අනාවැකි පළ කිරීමේ හැකියාව ජ්‍යොතිෂය සතු බවයි. එහෙත් දේශපාලනඥයන්ගේ කියුම් කෙරුම් පරිසර වෙනස්වීම් කාලගුණ වෙනස්කම් ආදී කරුණු රාශියක් පුද්ගලයකුගේ ජීවිතයට බලපානවා. එපමණක් නොව ගෙදර එකට වාසය කරන අයගේ ක්‍රියාකාරකම් (ඔවුන්ට ජ්‍යොතිෂය අනුව විය හැකි දේ ආදිය ඇතුළු) ද එහි දී බලපානවා. ඇතැමුන් හඳහනක් බලන විට ගෙදර අනෙක් අයගේ ද හඳහන් ඉල්ලනවා. වෙනත් කරණු ද පුද්ගලයකුගේ ජීවිතයට බලපාන බැවින් ජ්‍යොතිෂයේ අනාවැකිවලට ඇත්තේ තරමක පහළ සම්භාවිතාවක්.

පොල් ගෙඩි පොළොවට වැටීමේ දී බලපාන්නේ නිව්ටන්ගේ හිතළුව පමණක් නො වෙයි. එහෙත් සාමාන්‍යයෙන් පොල් ගෙඩියට වෙනත් කරුණු තීරණාත්මක ව බලපාන්නේ නැහැ. එබැවින් නිව්ටන්ගේ හිතළුව සෑහෙන සම්භාවිතාවක් ඇතිව හරියනවා. එහෙත් තද කුණාටුවක වැටෙන අත්තකට ඒ සම්භාවිතාව හරියන්නේ නැහැ. අනාවැකි කීම පහසු වන්නේ යම් සංසිද්ධියක් එක් හිතළුවකින් විස්තර කිරීමට හැකි අවස්ථාවක.

මැතිවරණය ගැන ජ්‍යොතිෂයෙන් විමසන්න කලින් ඊනියා විද්‍යාඥයන්ට සුදුසු නියැදී තෝරාගෙන සමීක්‍ෂණ මගින් හෝ වෙනත් ආකාරයකට හෝ දත්ත ලබාගෙන ඒ දත්ත මුළු ගහනයට ම බලාපාන සම්භාවිතාව සංඛ්‍යානාත්මක ව කියන්න පුළුවන් ද? ඒ අභියෝගය භාර ගැනීමට ඊනියා විද්‍යාඥයන්ට පුළුවන් ද? ඊනියා විද්‍යාඥයන් යථාර්ථවාදීන් එසේ භාර නොගෙන අනෙක් අයට අභියෝග කිරීම විහිළුවක්. ඊනියා විද්‍යාත්මක ක්‍රමයට අනාවැකි පළ කිරීමට විද්‍යාඥයන් යැයි කියා ගන්නා වාස්තවික යථාර්්ථවාදීන්ට නො හැකි ද? ඔවුන් ජ්‍යොතිෂයට අනාවැකි පළ කිරීමට අභියෝග කරන්නේ තමන්ගේ විධික්‍රමය අසාර්ථක බව දන්නා නිසා විය යුතුයි.

මැතිවරණයේ ප්‍රතිඵල ගැන අපට යමක් කිව හැකියි. ඒ ජ්‍යෙතිෂයෙන් නො වෙයි. ආධ්‍යත්මික ව කරුණු විමසන්නන්ගේත් ආධාරයෙන් හා අත්දැකීමෙන්. පළාත් පාලන ආයතනවල සභාපති තේරීම ඇතැමුන් හිතන තරම් පහසු වන එකක් නැහැ. මා හැම විට ම මැතිවරණයෙන් පසු සිදුවිය හැකි දේ ගැන කියන්නේ එබැවින්.

රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමේ වාතාවරණයක් ඇති වේවි. ඒ සඳහා ඉඩකඩක් තියේවි. එහෙත් එසේ වන්නේ බුද්ධිමත් ව කටයුතු කළහොත් පමණයි. නැතහොත් මෛත්‍රිපාල නැවතත් රනිල් වෙතට යැවීමට කටයුතු සිදුවේවි. එවිට මෙතෙක් කළේ රඟපෑමක් බව කීමටත් ඇතැමුනට අවස්ථාව සැලසේවි.

හුදු හැඟීම් මත ක්‍රියාත්මක නොවී රට ජාතිය ආගම ගැන කල්පනා කිරීමෙන් පමණක් රනිල් ඉවත් කිරීමේ අවස්ථාව සලසා ගන්න හැකි වේවි. මෙය ඩීල් දේශය බව අප අමතක නොකළ යුතුයි. මැතිවරණයෙනේ පසු ඩීල් කාක්කන් ක්‍රියාත්මක වීම වළක්වන්න පුළුවන් වන්නේ හැඟීම් අමතක කර රටේ අනාගතය ගැන සිතුවොත් පමණයි.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-07

බැඳුම්කර වංචාවේ සැකකරුවන් වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්. තේරෙන භාෂාවෙන් කිව්වොත් බැඳුම්කර මාමා සහ බෑනා සිදු කළ තවත් දැවැන්ත වංචාවක් හෙලිදරව් කරන්නයි අපේ මේ සූදානම.මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කිලෝ මීටර් 32 ඉදි කිරීම සඳහා රුපියල් බිලියන 138 ණය මුදලක් ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා. ණය ආපසු ගෙවීමට ලංකාණ්ඩුව අපොහොසත් වුවහොත් කියන පදනමින් එම ණය සඳහා බැංකුව රක්ෂණ ආවරණයක් ලබා ගන්නවා. බොහෝ විට එම රක්ෂණ ගාස්තුව ගෙවන්නේ බැංකුවයි. අවදානම වැඩිවෙලා රක්ෂණ වාරිකය වැඩිනම් ඒක අදාල රටටම ගෙවන්න කියනවා.

යුද්ධ කාලයේ දී මෙම ගාස්තුව ණය මුදලෙන් 5-10%ක් වගේ ඉහළ අගයක් ගත්තා. නමුත් යුද්ධයෙන් පසු අවදානම අඩු නිසා රක්ෂණ ගාස්තුව 2-5% වගේ අගයක් ගත්තේ. නමුත් මෙම ණය මුදල සඳහා ගෙවිය යුතු රක්ෂණ ගාස්තුව 10%ක්. ඒ කියන්නේ රුපියල් බිිලියන 14ක්. සහන පොලියට ජපානයෙන් ණයක් ලැබෙන බව කියමින් ජපාන කොන්ත්‍රාත්කරුවන්ට පමණයි ටෙන්ඩරයට අවස්ථාව දුන්නේ. ඒ නිසාම අසාමාන්‍ය ලෙස මාර්ගයේ පිරිවැයත් ඉහළ ගියා. නමුත් 2% පමණ පොලී ගෙවන්න වෙනවයි කියපු මේ ණය මුදලට 10%ක රක්ෂණ ගාස්තුවක් ගෙවන්න වෙනවනම් ඒ ණය තව දුරටත් සහන පදනමින් ලබා දෙන ණයක් වෙන්නේ නෑ.

මේ ණය ලබා දීමට ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළ ජපාන ටෝකියෝ මිස්ෂුබිසි බැංකුවේ දේශීය නියෝජිතයා තමයි අපි හැමෝම දන්න අර්ජුන් ඇලෝසියස්. සෑම විදේශීය ණයක්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. එහි දී ණය කොන්දේසි හිතකර නම් විතරයි මුදල් මණ්ඩලය අනුමත කරන්නේ. මුදල් මණ්ඩලය කියන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ මාමා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස සභාපති ධූරය දරපු තැන. නමුත් අර්ජුන් ඇලෝසියස් ගෙනා මේ රටට අහිතකර දැවැන්ත රක්ෂණ ගාස්තුවක් සහිත මේ ණය මුදල අනුමත කරන්නේ එයාගේ මාමණ්ඩි අර්ජුන් මහේන්ද්‍රන් සභාපති කම දරන මුදල් මණ්ඩලය විසින් අනුමත කරනවා. මේක බෑනා නියෝජිතයා වෙලා ඉදන් ගෙනාපු ණයක් ය කියන තමන්ට තියෙන බැදියාවේ ගැටුම අර්ජුන්ලා දෙන්නාම හෙළිකරන්නේ නෑ. රටට රුපියල් කෝටි ගණනක දැවැන්ත පාඩුවක් සිදු කරමින් මේ ණය අනුමත වෙනවා. මේ තමයි බැඳුම්කර වංචාවේ දෙවන කොටස. පළමු කොටසේ ප්‍රධාන නළුවන් දෙදෙනාම මේකෙත් ඉන්නවා. ජනාධිපතිතුමනි, බැඳුම්කර වංචාව පිළිබඳ කොමිසමක් පත් කරන්න වසර දෙකක් කල් මැරුවා කිය ඔබතුමාට බරපතල චෝදනාවක් තිබෙනවා. ඒ නිසා අප්ප මාදො අමත පදං කියලා වහාම මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

කසුන් පලිසේනගෙන් උදයට ලිපියක්

බැඳුම්කර වංචාවට අත්අඩංගුවට පත් කසුන් පලිසේනතමන්ගේ නිදහසට කරුණු ලියලා මට ලිපියක් එවා තිබෙනවා. මට වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් මන්ත්‍රිවරුන්ටත් යවන්න ඇති. මොකද ඔබේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෙකුට වී ඇති අසාධාරණයක් ලියා දන්වන වග නම් කියලා තමයි ඒ ලිපිය එවා තිබෙන්නේ. ඒ ලිපිය මම කියෙව්වා විතරයි. නිසි ලෙස අධ්‍යනය කලේ නෑ. නමුත් මේ ගැන හෙලි කලේ නැති නම් කවදා හරි දවසක පලිහේන සමග ලිපි ගනුදෙනු කළා කියලා මට චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. එතකොට මමත් ෆුට්නෝට් කල්ලිය සහ රෑට රෑට දුරකතනයෙන් මුකුළු කළ අය වගේ බැඳුම්කරයෙන් වාසි ලැබූ පිරිස අතරට තල්ලු වෙන්න පුළුවන්.

2018.02.05 දින පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගැනීමට වසරකට අධික කාලයක් ගත කළේ කුමක් නිසා දැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රශ්න කර සිටියි.

ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට කිසිඳු පියවරක් නොගැණුනු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ සෙනසුරාදා(10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කර ගෙන දැයි අකිල විරාජ් කාරියවසම් මහතා විමසා සිටියි.

වසරක් තිස්සේ නොගත් පියවරක් පළාත් පාලන මැතිවරණය කට උඩට පැමිණි පසු ක්‍රියාත්මක කිරීම තවත් එක් දේශපාලන සංදර්ශනයක කදිම නිදසුනක් බවද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

බැදුම්කර හොරු මැති ඇමතිකම් රැක ගනී….අර්ජුන් ඇලෝසියස් අත්තඩංගුවට! යනුවෙන් අප පසුගිය නොවැම්බර් 18 වැනිදා කල අනාවරණය තහවුරු කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය.

කසුන් පලිසේන මහතා වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි ඒ මහතාගේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

පසුගිය සිකුරාදා අධිකරණය කරුණු වාර්තා කරමින් මහ බැංකු භාණ්ඩාගාර සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් යන තිදෙනා සැකකරුවන් ලෙස නම් කළේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතාට 15 වෙනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එදින නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සිදුකළ වැරදි කිහිපයක් හඳුනාගෙන ඇති අතර අභ්‍යන්තර රහස්‍ය මූල්‍ය සංවේදීතාවක් ඇති තොරතුරු භාවිත කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අනුබල දීම ඉන් එක් වරදක් ලෙස හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන දෙදෙනා අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව වෙත ගෙනගොස් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවද වාර්තා වේ.

http://198.211.112.164/archives/16492

රටේ පවතින නීතිය ඔවුන්ට අදාළ නැත. කිසිදු පැමිණිල්ලක් කරන්නට අසාධාරණයට ලක්වූවකුට ‍පොලිසියට යාමට නොහැකිය.සියලු දෙනාට ‍පොලිසියට යාමට තහනම් බවට කර ඇති තර්ජනයට සියලු දෙනා බියය. සියලු දේවලදී තෝරාගත යුත්තේ පාතාල උසාවිය පමණි. මෙයින් පිට යන්නන්ට ලැබෙන දඬුවමද අතිමහත්ය. තම බළකොටුවේ ඕනෑම අපරාධයක් විසඳෙන්නේ පාතාල නීතියෙන්මය. වැල්ලට යන සියලු දෙනා මෙකී පාතාල නායකයාට බයය.

හැඩි දැඩි සිරුරකට උරුමකම් නොකීවද වැල්‍ලේ සියලු දෙනා මොහුට බිය මොහු වටා රැඳී සිටින පාතාල කෙරුමන් නිසාය. අතට පයට පවා හැඩිදැඩි තරුණයන් විස්සක් රැඳී සිටින්නේය. පාතාල කෙරුමා කන්නට වාඩි වුණ විට අත හෝදන්නේ කෙනෙකුය. අත ඔසවාගෙන සිටින්නේ තවෙකෙකි. කෑම කෑමෙන් පසුව අතසේදීමේ සිට සියලු කරුණු කාරණා සිදුවන්නේද මෙකී ගෝලයන්ගෙන්මය.

ඒ තරමටම ඔහු බලවත්ය. මෙකී පාතාල උසාවිය සොයා අප යන්නේ මෝදර රොක්හවුස් කඳවුර පසුකරමිනි. මෝදර ධීවර වරාය පිහිටා ඇති මෝදර වැල්ල අප ඉහත කී පාතාල නායකයාගේ බළකොටුවය. මෝදර වැල්‍ලේ බළකොටුවට පැමිණ මෙකී පාතාලයේ කිසිවකු අත්අඩංගුවට ගත නොහැකිය. එවැනි වැටලීමකට ‍පොලිස් ජීප් රථයක් ගිය විගස ‍පොලිස් ජීප් රථය වට කරන්නට ගම් පිටින් මිනිස්සු පිරෙන්නේය. මින් බහුතරය පාතාල කල්ලියට බියෙන් ජීවත් වන අහිංසකයන්ය. මෙකී බළකොටුවේ චණ්ඩියා වැල්‍ලේ සුරංගය.

වැල්‍ලේ සුරංගට පිටින් යන්නට කිසිවකුට නොහැකිය. ඒ සුරංග මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට කියන මිල මුදල් බලය හරහා ගොඩනැගෙන පාතාල බලය නිසාය. ඕනෑම අයකුට දුකේදීත් සැපේදීත් වියදම් කරන නිසා වැල්‍ලේ සුරංග වටා මෝදර වැල්‍ලේ සියලු දෙනා අකැමැත්තෙන් වුව එක්වන බව පැහැදිලිය. ආරක්ෂක අංශවල බොහොමයක් තම අවශ්‍යතා සඳහා මාළු ඉස්සෝ ගන්නට වැල්‍ලේ සුරංග සොයා එන නිසා සුරංගට ඒ පැත්තෙනුත් ආරක්ෂාවක් හා රැකවල් ලැබෙන්නේය.

මෝදර වැල්‍ලේ පාතාල උසාවියේ නඩු අසන ආකාරය ගැන සොයන්නට මෝදරට ගිය අප කණ්ඩායමට සිහිපත් වූයේ මීට පෙර මෙවැනිම පාතාල බළකොටුවකට ආරක්ෂක රැකවල් මැද රහසිගතව ගොස් තොරතුරු ලබාගත් ආකාරයයි. ඒ මාලිගාවත්තේ ඇපල් වත්තටය.

මීට වසර කිහිපකට පෙර මාලිගාවත්ත, ඇපල්වත්තේ තිබුණේද මෙවැනිම නීතියකි. මාමාස්මි නමැති ප්‍රබල පාතාල නායකයා ඇපල්වත්තේ පාතාල උසාවිය පවත්වාගෙන ගියේය. මෙහි නඩු ඇසුවේ මාමාස්මිගේ මවය. ඇපල්වත්තේ කිසිදු පැමිණිල්ලක් ‍පොලිසියට යැවීම තහනම්ය. ‍පොලිසියේ පැමිණිලි කරන්නන්ට ලැබුණේ දැඩි දඬුවම්ය. ඒ නිසා සියලු පැමිණිලි කෙරුණේ මාමාස්මිගේ පාතාල උසාවියේය.

මෙහි විශේෂත්වය වූයේ ඕනෑම නඩුවක් වසර ගණනක් ඇදෙන්නට නොදී එක් දිනෙන් විසඳාලන්නට කටයුතු කිරීමය.ඇපල්වත්තේ මාමාස්මිගේ පාතාල උසාවිය ශරියා නීතිය අනුව ක්‍රියාත්මක වූ දැඩි දඬුවම් පවා ලබා දුන් එකක් වූයේය. වරෙක මාමාස්මි ගැන තොරතුරු සෙවූ යුද හමුදාවේ කෝකියකුව ඇණ ගසා වධ දී කපා කොටා ඇළකට දමා තිබුණේද මාලිගාවත්තේ පාතාලයේ පාතාල උසාවියේ තීන්දුවක් මතය. ඒ මාලිගාවත්ත මුස්ලිම් පාතාලයට එරෙහිව ඔත්තු සැපයූ චෝදනාවටය.

‍පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි මෙහෙයුම්වලදී මාමාස්මි මරුමුවට පත්වීමත් සමග මාලිගාවත්තේ පාතාල උසාවියට තිත තැබුණේය.මාලිගාවත්ත පාතාල උසාවිය මෙන් ක්‍රියාත්මක මෝදර වැල්‍ලේ සුරංගගේ පාතාල උසාවිය ගැන සොයා යද්දී අපට අනාවරණය වූයේත් මෝදර වැල්ලට කලක් වෙනම නීතියක් ක්‍රියාත්මක වී ඇති වගය.

කෙසේ වුවද කොළඹ උතුර භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතා මෝදර වැල්‍ලේ පාතාලය ඇතුළුව මෝදර, මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශවල ක්‍රියාත්මක පාතාල කණ්ඩායම්වලට එරෙහිව මෙහෙයුමක් අරඹන්නේ ‍පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ලද අත්දැකීම් පෙරටු කරගෙනය.

‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරු මෙම මෙහෙයුම් සඳහා අවස්ථාව උදා කර දී ඇත්තේද අපරාධ රැල්ල හිස එසවීම නවත්වාලන්නටය.

මේ අනුව වැල්‍ලේ සුරංගගේ දකුණු අත වූ බිල්ඩර් හෙවත් රූකාන්ත මෝදර, ඩිලාසල් මුහුදු වෙරළේදී ජීව අත්බෝම්බයක් සමග කොටු කර ගන්නේ මෝදර ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සුජීව අපරාධ විමර්ශන අංශයේ ‍පොලිස් පරීක්ෂක කදිරංග ඇතුළු කණ්ඩායමක් ඇරඹූ මෙහෙයුමකදීය.

බිල්ඩර් රූකාන්ත අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇරඹි මෙහෙයුමේදී බෝර දොළහේ තුවක්කුවක් සොයා ගත්තේද අපරාධ රැල්ල සඳහා තබාගත් අවි ආයුධ අතරින් වූ එකක් ලෙසය.

වැල්‍ලේ සුරංගගේ බලපරාක්‍රමයෙන් ඔපවත් වූ මෝදර වැල්‍ලේ පාතාලය දෙකඩ වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇරඹී මෝදර වැල්‍ලේ ද්වන්ධ සටනේදී අවි ආයුධ රැගෙන බියගැන්වීමේ සිද්ධීන්වලට බිල්ඩර් රූකාන්ත කොටු කෙරුණේය.

මෝදර වැල්‍ලේ පාතාල බලය දෙකඩ වන්නේ වැල්‍ලේ සුරංග ළඟට සිටි මෝදර සාරංග වැල්‍ලේ සුරංග සමග දෙකඩවී යාමත් සමගය. සාරංග යනු පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙස කලක් නමක් රැන්දූ කුඩු ලාල්ගේ යටතේ ක්‍රියාත්මකවූ රූබන්ගේ මත්කුඩු ජාවාරම් මෙහෙයවන්නා වූයේය. රූබන් ප්‍රංශයේ සිට මෙරටට එවන මත්කුඩු හා කේරළ ගංජා ජාවරම මෙහෙයවන්නාය. මැ‍ලේසියාවේ සිටින තරුණ යුවළක් යොදවාගෙන මෙම ජාවාරම රූබන් ප්‍රංශයේ සිට මෙහෙයවන බව බුද්ධි අංශ ද එළිකරගෙන ඇත.

සාරංග ලංකාවේ සිටින රූබන්ගේ ජාවාරම් මෙහෙයවන්නා වූයේය. කුඩු ලාල්ගේ ඇවෑමෙන් කරළියට එන රූබන්ගේ ජාවාරම මෙහෙයවූ සාරංගට වැල්‍ලේ බලය අහිමිවන්නේ වැල්‍ලේ සුරංගගේ සටන නිසාය. සුරංගගේ ගෝලයා ලෙස සිටි සාරංග බෙදීයන්නේ කුඩු ප්‍රශ්නයක් නිසාය. මෙම ගැටුමට සාරංගව වැල්‍ලේ දණගැස්සවූ ප්‍රශ්නයක් මුල් කරගෙන මෙම ගැටුම හටගෙන තිබුණේය.මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස සාරංග කොටි ගාමිණිගේ නිවසක නවාතැන් ලබන්නේ කොටකුමාර, රිමිසාන් දෙදෙනාගේ රැකවල් මැදය.

මේ සමග සාරංග තමන්ට එරෙහිව කරළියට ඒවි යැයි සුරංග බියවී රැකවල් තරකර ගත්තේ කොයි මොහොතේ හෝ සතුරා ඉක්මන් වේයැයි සිතූ නිසා විය හැකිය.මෙම සටන අතරේ දෙපැත්තේම හිතවත්කම් පෑ වැල්‍ලේ ප්‍රදීප් දෙපාර්ශ්වයම සමග කටයුතු කළද වැල්‍ලේ ඇතිවූ ගැටුමත් සමග ඔහු දුවන්නේ වැල්‍ලේ ප්‍රදීප්ට ද මෝදර වැල්ල අතැර දමා යන්නට සිදුවීමෙනි.

තම පවුලටත් වැල්‍ලේ සුරංගගෙන් එල්ලවූ තර්ජන හමුවේ ප්‍රදීප් සැඟවෙන්නේ මට්ටක්කුලිය අලිවත්තේ බිල්ඩර් ක්‍රිෂාන්ත නමැති පාතාලයකුගේ නිවසකය. සුදු වෑන් කල්ලිවලින් පැහැරගනු ලැබූ බිල්ඩර් ක්‍රිෂාන්ත නමැත්තාගේ නිවසේ ප්‍රදීප් නවාතැන් ගත්තේ සුරංගට එරෙහිවය.

මේ සමග ප්‍රදීප්ට එරෙහිව ක්‍රියාත්මක වන්නට සුරංග යොදවන්නේ මාකඳුරේ මධුෂ්ගේ කල්ලියය. ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ්ගේ කල්ලියට වැල්‍ලේ සුරංගගේ කල්ලිය එකතුව තිබුණේ අංගොඩ ලොක්කා හරහාය. අංගොඩ ලොක්කා සමග කළුතර එතනමඬලදී කඩුවෙල සමයං ඝාතනයට යොදවා ගත් වෙඩික්කරුවකු වූ මාතර ලොක්කාව කොළඹට කැඳවන්නට වැල්‍ලේ සුරංග කටයුතු කරන්නේ ප්‍රදීප්ගේ ප්‍රතික්‍රියාවකට බියෙනි.
මහරගම ප්‍රකාශ් නමැති පාතාලයා වැල්‍ලේ ප්‍රදීප් සොයා පිටත්කර යවන්නේ මාකඳුරේ මඳුෂ් විසින් මාතර ලොක්කාට දුන් නියෝග මතය. මහරගම ප්‍රකාශ්ගේ දුරකථනයට ඉමෝ දුරකථන ඇමතුමක් ගෙන වැල්‍ලේ සුරංග සමග තිබෙන ආරවුල නැවත්වූවේ නැති නම් මරා දමන බවට තර්ජනය කරන්නේ මාතර ලොක්කාය.

මාකඳුරේ මධුෂ්ගේ කුඩු ජාවාරම මෙහෙයවන්නකු වන මාතර ලොක්කාගේ කොළඹ ජාවාරම මෙහයවන්නේ සුරංගය. සුරංගට මාකඳුරේ මධුෂ්ගේ සබඳකම හැදෙන්නේ අංගොඩ ලොක්කා මගිනි. පාතාල ලොව නමක් රන්දා මරණය උරුමකරගත් ප්‍රින්ස් කොලම්ගේ රත්රන් සංචිතය බාරව සිටි රියැදුරු සෆාරි සමන්ත මාර්ගයෙන් අංගොඩ ලොක්කා සුරංගව හමුවන්නේය.

මේ අයුරින් බලවත්වන මෝදර වැල්‍ලේ පාතාලය දැන් සැරසෙන්නේ දේශපාලන බලය අල්ලන්නටය. මේ සඳහා වැල්‍ලේ සුරංග තෝරාගත්තේ ක්‍රිෂ්ණාගේ පක්ෂයෙන් තරග කරන හිටපු පාතාල නායකයකුගේ පුතුන් දෙදෙනා කරළියට ගෙනෙන්නටය. ස්වාධීන කණ්ඩායමකින් තරගවදින මේ පුතුන් දෙදෙනා කරළියට එන්නේ කොළඹ එජාප ලැයිස්තුවෙන් එක් පුතකු තරග කරන්නට ගොස් නම කැපීයාමත් සමගය.

කලක් පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස නමක් රැන්දූ මාලිගාවත්තේ ලාල් මෙකී දේශපාලන සටනට තම පුතුන් දෙදෙනා එවන්නේ සමාජය ඉදිරියේ ඇතිවූ කළු පැල්ලම මකාලන්නටය. මාලිගාවත්තේ ලාල් නමින් ඉතිහාසයේ කළු පැල්ලමක් සේ නමක් පටබැන්දූ ඔහු රටින් පනින්නේ තමන් ගමන්ගත් ජීප්රථය කොළඹ සමාජ ශාලාවක් ඉදිරිපිටදී අබිරහස් රිමෝටි බෝම්බයකින් පුපුරායාමෙන් පසුවය. එම බෝම්බය පුපුරායද්දී ‍පොලිස් නිලධාරියකු ද ජීප්රියේ සිටි බව එවකට හෙළිවිය.සුදු වෑන් කල්ලිවලට බියෙන් රටින් පැනගත් ඔහු යළිත් කරළියට එන්නට යන්නේ පුතුන් දෙදෙනා දේශපාලනයට තල්ලුකරමිනි.

වව්නියාවේ කේරළ ගංජා සමග හසුවී නිදහස ලැබූ ක්‍රිෂ්ණාගේ පක්ෂයට මෙකී පුතුන් දෙදෙනා යොදන්නේ එජාප කොළඹ ලැයිස්තුවෙන් කැපීයාම නිසාය.මෝදර වැල්‍ලේ සාරංග ලාල් හා රූබන් සමග හිතවත්කම් පෑවද මේ වනවිට වැල්‍ලේ සාරංග පසෙකලා වැල්‍ලේ සුරංග සමග සබඳකම් පවත්වන්නට පටන්ගෙන ඇති වග බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වන්නේ සුරංග පැවැත්වූ මැතිවරණ රැස්වීම් සමගය.

මෝදර වැල්‍ලේ බලය පෙන්වන සුරංග මෝදරවැල්ලට පාතාලයේ හිටපු ගෝඩ්ෆාදර්ගේ පුතුන් දෙදෙනා ගෙනවිත් ඡන්ද සටන උණුසුම් කිරීමත් සමග මෝදර ඡන්ද සටන උණුසුම් අතට හැරී ඇත.කොයි මොහොතේ හෝ අළුයට ගිනිමෙන් ඇති මෙකී සටනේ ප්‍රතිඵල වෙඩි වරුසාවකින් අවසන් වීමේ අවදානමක් දැන් තිබෙන්නේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

2015 වසර ආරම්භ වන්නේ “යහපාලන”රජය බිහි වීමෙනි. එහි ආරම්භක සිය දිනයේ වැඩ සටහන අතරතුර හරියට ම එහි පනස් වන දින බැඳුම්කර මගඩිය සිදුවිය. (2015 පෙබරවාරි 27)එම බැඳුම්කර සිද්ධිය හදිසියේ ම පාර්ලිමේන්තුව විසුරුවාලීමට හේතු විය. (2015 ජූනි) ගෙවී ගිය හය මස තුළ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකි.

01 රනිල් වික‍්‍රමසිංහ අගමැති විය. එම සිදුවීම තවමත් ප‍්‍රහේලිකාවකි. එසේ සිදුවූයේ පාර්ලිමේන්තුවේ බලය, තුනෙන් දෙකක බලය, මහින්ද රාජපක්ෂ සතුව තිබියදීම ය.එම පත්වීමට පාර්ලිමේන්තුව තුළ අභියෝග යක් ලක් නොවීම එම ප‍්‍රහේලිකාවයි. ඒ වන විට, රනිල් සතුව තිබූයේ මන්ත්‍රී ආසන 42 ක් පමණ ය.

02 දෙවන අනපේක්ෂිත සිදුවීම, පරාජිත ජනාධිපති අපේක්ෂක, ජයග‍්‍රාහකයා වෙත තම පක්ෂයේ නායකත්වය හදිසියේ පිරිනැමී ම.

03 තුන්වන අනපේක්ෂිත සිදුවීම, ජනාධිපතිවරණයේ සංවිධායක බැසිල් රාජපක්ෂ හදිසියේ රටන් පැන යාම.

04 හතර වන අනපේක්ෂිත සිදුවීම, හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවාලීම, මහ මැතිවරණයක් අපේක්ෂා කළ ද විසුරුවා හැරීම පිටුපස ක්‍රියාත්මක වූයේ ”කෝප් ” කමිටු මුල් වාර්තාවයි. අප‍්‍රකාශිත ඩිව් ගුණසේකර ”කෝප්” කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වලක්වාලීමයි.

05 පස්වන අනපේක්ෂිත සිදුවීම, මහ මැතිවරණ ප‍්‍රතිඵල යයි. කිසදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි තත්ත්වයකි. 2015 ජනවාරි 08 වැනිදාට පෙර, යහපාලනයේ පුරෝගාමීන් මුල දී අපේක්ෂා කළ ආකාරයට සැලසුම් කළ ආකාරයට සිදුවීම් පෙළ ගැසුනේ නැත. ආපසු හැරි බලන විට, යහපාලනයට පාදක වූ දුෂණය ම අපේක්ෂිත වැඩ සටහන ක්‍රියාත්මක කරලීමට බාධකයක් විය. බාධකය වූයේ බැඳුම්කර මගඩි යයි. (මහා දුෂණය) යහපාලන රජය, පළමු දින පනහ තුළ දී ම දුෂණයට ම ගොදුරු විය.

මෙම බැඳුම්කර මගඩිය ණය උගුලට බද්ධ වූ සාධකයකි. එහි දේශපාලන ආර්ථිකය පරීක්ෂණයට ලක්කිරීම වෙන මම ව්‍යායාමයකි. එය පසුවට තබමු.

ඉහතින් දැක් වූ එක් අනපේක්ෂිත සිද්ධියක් වන පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට තුඩුදුන් ක්‍ෂණික හේතුව වශයෙන් අප‍්‍රකාශිත ඩිව් ගුණසේකර ”කෝප්” කමිටු වාර්තාව බව ඉවෙන් දැනුන ද සාක්ෂි ඉදිරිපත් වී නොතිබුණි.

පසුගියදා ”ඉරිදා දිවයින” (2018. 01. 14) පත‍්‍රයෙහි පළ වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරියගේ හෙළිදරව්වෙන්,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතු වූයේ ඩිව්. ගුණසේකරගේ අප‍්‍රකාශිත ”කෝප්” කමිටු වාර්තාව බව පැහැදිලි වී තිබේ. ඔහු උපන් ගෙයි ම යූ. එන්. පී කාරයෙකි. වත්මන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණගෙ මාමණ්ඩි යයි. ඔහු කවදත් කෙළින් කියන කරන ඍජු පුද්ගලයෙකි. ඔහු ඉදිරිපත් කර තිබුනේ ප‍්‍රබල ලිඛිත සාක්ෂි ය. ඒ කෙටියෙන් මෙසේ ය.

”අප‍්‍රකාශිත මුල් කෝප් කමිටු වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂ එදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වූ නාගහවත්ත මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබීම අලූත් සාක්ෂියකි.

එය නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජෙනරාල් සහ ඇටර්නි ජෙනරාල් වෙත යොමු කර තිබූ බව අනාවරණය වී ඇත. සොලිස්ටර් ජෙනරාල්ගේ මතයේ හැටියට එම බැඳුම්කර මගඩිය අපරාධ නීති සංග‍්‍රහයේ හැටියට අපරාධයකි. එහෙත්, ඇටර්නි ජෙනරාල්වරයාගේ (හිටපු) මතයට අනුව සිවිල් නීති උල්ලංඝණයකි. ලිපිගොනු දෙකකි. 187/161/2015 (අපරාධ) සහ CF/08/2015 (සිවිල්) ලිපි ගොනු ක්‍ 187/161/2015 විවෘත කරනු ලැබුවේ සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් ය. ලිපිගොනු CF/08/2015 විවෘත කරනු ලැබුවේ හිටපු නීතිපති නොහොත් ඇටර්නි ජෙනරාල් යුවන්ජා විජේතිලකයි. විජේතිලක මහතා විසින් විවෘත කරනු ලැබූ ලිපිගොනුව ”රහස්‍ය” ලිපි ගොනුවක් වශයෙන සනිටුහන් කරනු ලැබ තිබුණි. ලිපිගොනු ව භාර සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක් බව ද වර්ණකුලසූරිය මහතා ප‍්‍රකාශ කරයි. දැන් මේ ලිපිගොනු දෙක ම අතුරුදහන් වී ඇත.

හේමන්ත වර්ණකුලසූරිය මහතා තවදුරටත් මතුකර ඇත්තේ මුල කෝප් කමිටුවේ සාමාජිකයෙකු වූ සුජීව සේනසිංහ කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතාට එරෙහිව පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනට පසු දින ම කොළඹ දිසා අධිකරණයේ වාරණ නියෝගයක් ලබා ගැනීමයි. එම වාරණය වූ කලී, අප‍්‍රකාශිත ”කෝප්” වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීම වාරණයට ලක් කිරීමකි. මෙහි දී වරප‍්‍රසාද කඩකිරීමක් පිළිබඳ චෝදනාවක් දපාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ද භාර දී තිබුණි. සුජීව සේනසිංහ මහතා අප‍්‍රකාශිත ”කෝප්” වාර්තාවට බිය වූයේ ඇයි? එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුජීව සේනසිංහ සහ රෝසි සේනානායත විරුද්ධ වූ බව දැන ගන්නට තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පමණක් සෑහීමට පත් නොවී දිසා අධිකරණය සහ පාර්ලිමේන්තු මහ ලේකම් වෙත වාරණ සහ වරප‍්‍රසාද තහනම් නියෝ පැතුවේ ඇයි? මෙය පිටුපස ක්‍රියාත්මක වූ බලවේග මොනවාද? ”කුඩු කෑ විත්තිය” හෙළිදරව් වීම වලක්වාලීම ද? රහස් පොලිස් වාර්තාව වලක්වාලීමට බැරිව නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අස්ථාන ගතවීම නිසා, විමර්ශන අතරමග නැවතුනි.” දෙවන ”කෝප් ” වාර්තාවට ”පාදක සටහන්” තැබීම සඳහා ”කෝප්” කමිටුවේ

දමිළ ජාතික සාමාජිකයෙකු ඉවත් කොට ඒ වෙනුවට යළි සුජීව සේනසිංහ මහතා පත් කළේ ඇයි? දෙවන වාර්තාව පිටවීමට ඔන්න මෙන්න කියාය තිබිය දී පත්කරනු ලැබූ සුජීව සේනසිංහ මහතා, හර්ෂ ද සිල්වා මහතා සමඟ ඇමෙරිකාවට පිටත් කොට ඉහළ ම මට්ටමේ වෘත්තීමය උපදෙස් අනුව ”දෙවන කෝප් කමිටු” වාර්තාවට ”පුට්නෝට්” නොහොත් ”පාද සටහන්” තැබුව ද දැන් අනාවරණය වී තිබේ. ඇමෙරිකාවේ, හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ, ”චිකාගෝ ආර්ථික විද්‍යා ගුරු කුලයට” අයත් බැඳුම්කර විශේෂඳයින්ගේ උපදෙස්වලට අනුව තැබූ එම ”පාද සටහන් ” විශේෂඥ මත වශයෙන් හඳුන්වා දෙනු ලැබේ.

බැඳුම්කර කොමිසමේ විනිසුරුවන් බැඳුම්කර විශේෂඥයින් නොවන බවට යූ. එන්. පීයේ අමාත්‍යවරුන් දැන් කියා සිටින්නේ ඉදිරියේ දී පවරනු ලබන නඩුවල දී ඇමෙරිකානු විශේෂඥයින් ආනයනය කිරීමේ අපේක්ෂාවෙන් විය හැකි ය. ”හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” යන කියමනක් ව්‍යවහාරයේ ඇත. ඉදිරියේ දී දැක ගත හැකි අප‍්‍රකාශිත දේ තව තවත් හෙළිදරව් වනු ඇත.

දැන් යූ. එන්. පී ”පුට්නෝට්” කල්ලිය. උත්සාහ ගන්නේ බැඳුම්කර කොමිෂන් සභාවේ විනිසුරුවන් අපහාසයට හා හාස්‍යයට ලක්කිරීම ය. විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට පහර එල්ල කිරීමයි. ”කොප්” කමිටු දෙක ම හාස්‍යයට ලක් කිරීමයි. අන්තිම තුරුම්පුව වී ඇත්තේ කොමිෂන් සභාව පත් කළ ජනාධිපතිට එරෙහි ව නැගී සිටීමයි.

2018 ජනවාරි 12 වානිදා පාර්ලිමේන්තුවේ දී සිදු වූ අප‍්‍රසන්න සිදුවීම පිටුපස කි‍්‍රයාත්මක වූයෙය් ද ”පුට්නෝට්” කල්ලියේ උපක‍්‍රමයකි. ඊට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කෙළින් ම සම්බන්ධ විය. බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නේ 2017 දෙසැම්බර් 30 වැනිදා ය. ගත වූ එක් සතියකි. ජනාධිපතිවරයා එම වාර්තාවේ අඩංගු නිර්දේශයන් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ජනතාව හමුවේ තැබූ එම වාර්තාව පාර්ලිමේන්තුවට සහ නීතිපතිට යවන බව ප‍්‍රකාශයට පත් කළේ ය. මේ අතර වාර්තාව වහාම එළි දක්වන ලෙස ඉල්ලීම් කිහිපයක් විය. ඒ සඳහා මාධ්‍ය සංදර්ශනද විය. ඒකාබද්ධ විපක්ෂය, ජේ. වී. පී. ය සහ රවි කරුණානායක ඒ අතර විය. මෙම උත්සාහය ප‍්‍රශ්නය දේශපාලනකරණය සඳහා දැරූ උත්සාහයක් ලෙස අපි දකිමු. එම තත්ත්වය රනිල් වික‍්‍රමසිංහ තම උපරිම වාසිය සඳහා යොදා ගැනීමේ කැත උත්සාහය පාරා වළල්ලක් වූ බව දැන් කිව හැකිය. පාර්ලිමේන්තුව වෙත වාර්තාව එන තෙක් ඉවසා සිටීමට ආණ්ඩු පක්ෂයට මෙන් ම විපක්ෂයට ද බැරි හේතුව කුමක්ද?

මේ අතර 2018 ජනවාරි 15 වැනිදා සඳුදා ”ද අයිලන්ඞ්” පත‍්‍රයේ පළ කර ඇති සත්‍ය මූර්තිගේ දේශපාලන ලිපිය කෙරෙහි අවධානය යොමු කරලීම අවශ්‍ය ය.පාර්ලිමේන්තුවේ ”කාලගෝට්ටිය” සිදුවූයේ 2018 ජනවාරි 12 වැනිදා දහවල් ය. ජනවාරි 13 දා නමින් ”ද අයිලන්ඞ්” පත‍්‍රය වෙත සත්‍ය මූර්ති හදිසියේ ලිපියක් සපයන්නේ ඇයි?

”සත්‍ය මූර්ති” නමින් ඉන්දියාවේ චෙන්නායි සිට ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මාධ්‍යවේදියා එම ලිපිය සපයන්නේ ජනවාරි 13 වැනිදාම ය. ඔහු ප‍්‍රශ්න කිහිපයක් මතු කරයි. ඒවා සංක්ෂිප්ත ව මෙසේ ය.

x ජනාධිපති සිරිසේන හොඳපොලිස්කාරයෙකු වෙන්න හදනවා. රනිල් වික‍්‍රමසිංහ සහ යූ. එන්. පීයේ ඇමැතිවරු නරක පොලිස්කාරයින් ද?

x කෝ සාමූහික වගකීම?

x බැඳුම්කර කොමිසම පත්කරනු ලැබුවේ අගමැති නොවිමසාය

x බැඳුම්කර කොමිසමේ අඩංගු දේ රටට හෙළිදරව් කළේ, අගමැති නොවිමසා ය.

x වාර්තාව පාර්ලිමේන්තුවට එවන බව කියා එය ඉටු කළේ නැත. අගමැතිවරයා දුෂ්කර තත්ත්වයට පත්කළා.

x එක ගෙයි කන ආණ්ඩුවක් මෙසේ ගෙන යෑමට හැකිද?

x ජනාධිපති ධුර කාලය විමසා ශ්‍රේෂ්ඨාධිකරණ ඇමතුවේ අගමැති නොවිමසා ය. එසේ කිරීමට හදිසි වූයේ ඇයි? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්
තත්ත්වය පැහැදිලි ව තිබිය දී එය තේරුම් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ හදිසිය කුමක්ද?

දැන් යූ. එන්. පීයේ කෙළින් ම මතු කරන ප‍්‍රශ්න මුලින් ම විවෘත ව මතුරනු ලැබුවේ සත්‍ය මූර්ති ය. මොහු යූ. එන්. පීයේ නවත ම උපදේශක ද? එසේත් නැත්නම්,ඇමෙරිකාවේ වුවමනාවන් ඉටුකරන මාධ්‍යවේදියෙක් ද?

එම ලිපිය ”ද අයිලන්ඞ් ”පත‍්‍රයේ ම (රජයේ නොවන) පළ කිරීම ද විමසිය යුතු ප‍්‍රශ්නයකි. බැඳුම්කර මගඩිය දේශපාලන අර්බුදයක් කරා වර්ධනය වූ හැටි ගත වූ වසර තුනේ දේශපාලනයෙන් දැක ගත හැකිය.

”හොරා හොරා, කවුද හොරා, කවුද හොරා , රනිල් හොරා, කවුද හොරා මහින්ද හොරා ” සටන් පාඨ ඔස්සේ පාර්ලිමේන්තුව අද ඛේදවාචකයක් බවට පත්ව ඇත. යහපාලනය කෙළවර වන හැටි මුළු ලොව ම බලා සිටී. මෙතැන සැඟ වී ඇති ප‍්‍රශ්නය, දුෂණය පිළිබඳ ප‍්‍රශ්න යයි. ලොව පුරා පැතිරෙමින් තිබෙන මෙම පිළිකාව අද සමාජ ව්‍යයසනයකි.

දේශපාලන, ආර්ථික පැතිකඩෙන් බැලූ කළ මෙය නව ලිබරල්වාදයේ තර්කානුකූල වර්ධනයකි. ණය උගුල බැඳුම්කර මගඩිය,දුෂණය ආදී සියලූ ව්‍යයසනයන් ගලා එන්නේ නව ලිබරල්වාදය සහ ඊට අනුරූප ව ගොතනු ලැබූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළිනි.

බැඳුම්කර මගඩියේ දේශපාන ආර්ථිකය ගැඹුරින් නොවිමසා නිවැරදි නිගමනයන් ට එළඹීම පහසු නොවේ. විපක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රශ්නයේ සැබෑ ස්වභාවය නොසොයා අඳුරේ අතපත ගාන බව පමණක් කිව හැකිය. මතු පිටින් පෙනෙන හැම ප‍්‍රශ්නයක් ම දේශපාලනයට ලක් කරමින් සිටිනවා මිස, ප‍්‍රශ්නයේ ස්වභාවය දෙස එබී බලන්නේ වත් නැත.

විශේෂ වාර්තාකරු

Published 2018/02/02- සෞඛ්‍ය ඇමතිවරයාගේ බිරිද වන සුජාතා සේනාරත්න හෙවත් “චූටි තරුව”ගේ සිඟිති දේශපාලනය නිසා එක්සත් ජාතික පක්ෂයේ බල කනු බවට පත්ව තිබේන බේරුවල ආසනය මෙවර පරාජය විමට බොහෝ දුරට ඉඩ ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.තමන්ට සමීපතම අපේක්ෂකයන් දිනවීම සදහා ඇය ගෙන යන මෙහෙයුම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වි තිබේ.ඇයගේ කල්කිරියාව මේ වනවිටත් අප්‍රසන්න වී ඇති අතර බේරුවල පැවති රැස්වීමක ද ඇයට ගල් මුල් ප්‍රහාර පවා එල්ල වී තිබේ.

ඇය හීනමානයෙන් පෙලෙන චරිතාංග නිළියක් වන ඇය සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙසද කටයුතු කරනු ලබයි. බේරුවල ප්‍රදේශයේ මැයව හදුන්වන්නේ ” චූටි තරුව ලෙසිනි. ඒ මන්දයත් මැය ඇමතිවරයාට වඩා ඉහලින් සිටින බව පෙන්වමින් අමුතුම ආකාරයේ හීනමානයකින් පෙලෙන බවයි. ඇමතිවරයාටත් වඩා ඉහළින් තමන් සිටින බව සෑම තැනකම කියමින් යන සුජාතා බේරුවල ආසනයේ ඡන්ද රැස්වීම් වලට යන්නේද සුපිරි ආකාරයටය. ඒ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේය .

කළුතර පොලිසියේ නිළධාරින් සහ බේරුවල පොලිසියේ නිලධාරීන් 8 දෙනෙකු වන අතර සිවිල් ඇදුම් සහ නිළ ඇදුම් වලින් ආරක්ෂාවට යොදවා ඇත . මීට අමතරව සෞඛ්‍ය ඇමතිට අනුයුක්ත කර ඇති පොලිස් ඇමති ආරක්ෂක කොට්ඨාශයේ නිළධාරීන් දෙදෙනෙකුද සුජාතා තම ආරක්ෂාව වෙනුවෙන් ලබා ගන්නේ තමන්ට සෞඛ්‍ය ඇමතිට වඩා මරණ තර්ජන ඇති බවට මවා පාමිනි . බේරුවල ජනතාව පවසන්නේ සුජාතා, ඇමතිට වඩා ඉහළින් බව පෙන්වීමට මහත් වෙහෙසක් දරන බවයි.

මෙහි හොදම දේ නම් යහපාලනය රජය බලයට එමින් පැවසූවේ අමාත්‍යවරයකුට භාවිතා කළ හැක්කේ පරිවාර රථ දෙකක් බවයි. නමුත් සුජාතා පරිවාර රථ 4ක් භාවිතා කරන අතර පොලිස් බයික් එකකුත් ඊට ඉදිරියෙන් ගමන් කරන්නේ ඇමතිටත් වඩා උඩින් ගොසිනි .බේරුවල ආසනය මෙවර පරාජය වුවහොත් පරාජය වන්නේ සුජාතාවගේ සිඟිති දේශපාලනය නිසා බව ජනතාව පවසයි. ඇයගේ කල්කිරියාව මේ වනවිටත් අප්‍රසන්න වී ඇති අතර බේරුවල පැවති රැස්වීමක ද ඇයට ගල් මුල් ප්‍රහාර පවා එල්ල වී ඇත.

මොවුන් මේ විනාශ කරනු ලබන්නේ අහිංසක දුප්පත් මිහිහා දහදිය මහන්සියෙන් ගෙවන බදු මුදල්‍ ය. මෙවන් තුච්ඡ ක්‍රියා වලට නැවත ගෙවීම මේ භවයේදීම සිදු වෙන බව ඒකාන්තය. ඇමති බිරින්දෑවරුන්ගේ අමනෝඥ ක්‍රියා නිසා රවී වැටුණු අමාරුවේ දෙවැන්න රාජිත වැටීම වැඩි ඈතක නොවන බවය.

Top