ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසුරිය යන මහත්වරුන් කොළඹ සුවිශේෂී ස්ථානයක දී පෙරේදා (30) උදැසන රහසිගතව හමු වී විශේෂ සාකච්ඡාවක් කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සම්මුතිවාදී යහ පාලන ජාතික රජය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන ගැටුම්කාරී සහ අර්බූදකරී තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යම් මත ගැටුමක්,විරෝධයක් හෝ අවිශ්වාසයක් ඇති වී තිබෙන්නේ නම් ඒ සියල්ල සමතයකට පත් කර යළි විශ්වාසය සහ සමගිය තහවුරු කිරීමේ අරමුණින් මේ විශේෂ රහස් හමුව සිදුව ඇත්තේ කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවය.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය,සම්ප්‍රදාය,විනය සහ නීතිය තහවුරු කර ආරක්ෂා කිරීමට කටයුතු කරන තමාට කිසිදු ඉදිරි දේශපාලන අරමුණක් හෝ ඉලක්කයක් නොමැති බවත් තමා කිසිවිටකත් පටු දේශපාලනයක නොයෙදෙන බවටත් කතානායක කරු ජයසුරිය මහතා එහිදී අවධාරණය කර තිබේ.

කරු ජයසුරිය මහතා මෙසේ කරුණු පැහැදිළි කර ඇත්තේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඔහු සම්බන්ධයෙන් ද පැතිර යන දේශපාලන ආරංචි නිවැරදි කර ජනාධිපතිවරයාත්,අගමැතිවරයාත්,කතානයකවරයාත් අතර විශ්වාසය වඩාත් තහවුරු කිරීම සඳහාය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යම් ගැටුමක් තිබෙන බවට මතයක් නිර්මාණය වුණොත් ඒ තත්ත්වය හේතුවෙන් විදේශීය යෝජන සහ සහයෝගය ද යළි අහිමි වී රට ආර්ථික වශයෙන් කඩා වැටී දේශපාලන සහ සමාජ අර්බූද මතුවී යහ පාලන අරමුණු බිඳ වැටෙනු ඇතැයි කරු ජයසුරිය මහතා එහිදී පෙන්වා දී තිබේ.

එම කාරණය සම්බන්ධයෙන් ද උද්ගත වී තිබෙන තත්ත්වයෙන් දේශපාලන විරුද්ධවාදීන් ලබා ගන්නා වැසි සහ ඊට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ද එම නායකයින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එමෙන්ම බැඳුම්කර ගනු දෙනුවට ද බරපතළ දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට ද අදාළ ජනාධිපති කොමිසන් සභා වාර්තා සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය වගේම ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන බවට ආරංචි පැතිර යන දෝෂාභියෝගය ආදී කරුණු කාරණා ගැන ද එහිදී සාකච්ඡා කර තිබේ.

(සුජිත් මංගල ද සිල්වා)

ලෝකයේ කලූ සල්ලි සිදු කරන වඩාත්ම අවදානමකට ලක්ව ඇති අති දූෂිත රාජ්‍යන් ලෙස සමස්ථ ආසියාවේම දෙවෙනි රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ.මේ අනුව ලෝකයේ කලූ සල්ලි සුදු කරන ලෝකයේ දූෂිතම රටක් ලෙස නිදහසින් පසු ප්‍රථම වරට අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකරි බලකාය විසින් වාර්තා කොට ඇත.

මේ අනුව කිසිම පිලිගත් ජාත්‍යන්තර ආයතනයක් සමාගමක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ප්‍රථම දෙවරක් සිතා බලනු ඇත. වසර 30 යුද්ධය පැවති රටක් වූ ශ්‍රී ලංකාව ඉතිහාසයේ කිසිම දිනක මෙවෙනි භායනක ආර්ථික අවදානමකට මෙන්ම අපකීර්තියට පත්ව නොතිබුණි.

එමෙන්ම ලෝකයේම මෙවෙනි අවදානමකට ලක්ව ඇත්තේ රටවල් 11 කි. ඒ ලෝකයේ තිබෙන රාජ්‍යන් අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය සාමාජික රටවල් 207 ක් අතරිනි.

අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය යනු 1989 දී පිහිටුවන ලද අන්තර් රාජ්‍ය ආයතනයකි. එහි පරමාර්ථ වන්නේ ජාත්යන්තර මූල්‍ය පද්ධතියේ අඛණ්ඩතාවට මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදය මූල්‍යකරණය සහ වෙනත් අදාළ තර්ජන එරෙහිව නීතිමය, නියාමන සහ මෙහෙයුම් ක්‍රියාමාර්ග ඵලදායීව ක්‍රියාත්මක කිරීම ප්‍රමිති සකස් කිරීම හා ප්‍රවර්ධනය කිරීමයි.

කළු සල්ලි සුදු කරන ” මනී ලොන්ඩරින්” අති සුඛෝපභෝගි වාහන මාෆියාව ……

http://198.211.112.164/archives/16826

http://198.211.112.164/archives/17133

http://198.211.112.164/archives/17218

http://198.211.112.164/archives/103

සිංහල බිල්ලන් සහ ඉංග්‍රීසි ජාතිවාදීවන් රටේ ජනතාවට හංගන ඉතාම වැදගත් ‍දෙයක් තියෙනවා. යහපාලන ආණ්ඩුව එනම් මෛත්‍රී-රනිල් ආණ්ඩුව විසින් සිදු කළ මහ බැංකු මුදල් වංචාව සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරල තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ ලංකාවෙ බහුතර ඡන්දදායකයන්ට බැදුම්කර වාර්තාව කියවන්න බෑ.කියවල තේරුම් ගන්න බෑ.. එනම් බැදුම්කර වාර්තාව මගින් කියල තියෙන දූෂිතයන් සහ වංචාව ගැන සිංහලෙන් කියව ගන්න ලංකාවේ බහුතර ජනතාවට නොහැකි වෙන්න තමයි ඒ වාර්තාව ඉංග්‍රීසියෙන් දුන්නේ….

නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කළ දූෂණ හා වංචා හොයන්න පත් කළ බරපතල වංචා දූෂණ කොමිෂන් වාර්තාව අගේට සිංහලෙන් තියෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කොමිෂන් වාර්තාව අගේට කියවන්න, තේරුම්ගන්න සිංහල ජනතාවට පුළුවන්. ඒ කියන්නේ සිංහල ජනතාව මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එරෙහිව යොදවන්න, සිංහල ජනතාව මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් කළකිරවන්න ඒ වාර්තාව සිංහලෙන් දුන්න. නමුත් රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව සිදු කළ වැරදි සම්බන්ධව සිංහල ජනතාවට සිංහලෙන් වාර්තාව නෑ.

ඒ නිසා මේ කොමිෂන් වාර්තා ඉදිරිපත් කරන්නේ රාජපක්ෂලාට එරෙහිව සිංහල වාර්තා…. රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුවට එරෙහිව ඉංග්‍රීසි වාර්තා…..කොහොමද මේ කොමිෂන් සභා මහත්තුරු සහ කොමිෂන් පත්කරන මෛත්‍රී ජනාධිපති සිංහල ජනතාව අන්දන ඇන්දිල්ල…

මේකට තමයි කියන්නේ ඉංග්‍රීසි ජාතිවාදීන්ගෙයි…සිංහල බිල්ලන්ගෙයි ටිකිරි මොලේ කියලා…..

සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ආකාරයට මහින්ද,ගෝඨා ඇතුලු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කරයිද?

http://198.211.112.164/archives/15052

සම්මුතිවාදී යහ පාලන ජාතික ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 වන තුරු පමණක් පවත්වාගෙන යැමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් මේ තීරණය ගෙන තිබෙන්නේ රටේ උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ග වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායක රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (29) දහවල් පැවැත්වු අතර එහිදි එම තිරණය ගෙන ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී කරන ප්‍රකාශ සහ ඒ හේතුවෙන් උද්ගතවී තිබෙන දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද එහී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

2015 ජනවාරි 8 සහ අගෝස්තු 17 වැනිදා ලබා දුන් ජන වරමට ගරු කර ජනතා අපේක්ෂා ඉටු කිරීම සඳහා නව දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ජනාධිපතිවරයා යටතේ 2020 වන තුරු කෙසේ හෝ සම්මුතිවාදී යහ පාලන ජාතික රජය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බවට ද එහිදී වැඩිදුරටත් තීරණය කෙරිණ.

2017.01.29 දින පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා සහ හෝමාගම සංවිධායක ප්‍රියන්ත හේරත් යන මහත්වරුන් සහභාගි විය.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බරපතල වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ලෙස ප්‍රසිද්ධ කර ඇත්තේ සැබෑ වාර්තාව නොවන බවට මෙන්ම මෙය දේශපාලන උවමනාවෙන් යලි සකසන ලද වාර්තාවක් බවට අපට සාධාරණ සැකයක් තිබෙනවා.   ඇයි අපි එහෙම කියන්නේ?  මේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගෙන් හතරදෙනෙකුම පලපුරුදු විනිසුරුවරුන්.  විනිසුරුවරුන් නිගමනයකට එළැඹෙන ක්‍රම වේදයක් අපි නඩු තීන්දු වල දැක තිබෙනවා.

සාමාන්‍යයෙන් ඕනෑම නඩු තීන්දුවක මෙන්ම බැඳුම්කර වාර්තාවේත් තමන්ගේ නිගමනයට එළැඹීමට හේතු දක්වනවා.  එහි දී නිගමනයට අදාළ සාක්ෂි උපුටා දැක්වීම සිදුකෙරෙනවා . උදාහරණයක් වශයෙන් බැඳුම්කර වාර්තාවේ සිය නිගමනයන්ට එළැඹෙන විට ඒ සදහා පාදක කරගත්ත කාරනා මොනවද කියන එක අදාල තැන්වලින් උපුටා දක්වමින් තමයි ඒ නිගමන වලට එළැඹෙන්නේ.   නමුත් මේ විමර්ශන 34න් එකක්වත් අදාළ නිගමනයට එළැඹීමට බල පෑ හේතු දක්වා නෑ. අපි දන්නවා උගත් නඩුකාර වරුන් කවදාකවත් සාක්ෂි නොමැතිව නිගමනයන් වලට නිර්දේශවලට නියෝග වලට එළඹෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි අපි සාධාරණ සැකයක් ඇතිකරගන්නේ  මේ තිබෙන්නේ විනිසුරු වරුන් අත්සන් කර බාරදුන් වාර්තාව නොවෙයි ජනාධිපති ලේකම් කාර්යාලයේදී යලි සකසන ලද වාර්තාවක් කියලා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තියේ කියනවා යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්වයෙහි ලා හෝ නිල තත්වයේ ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්දයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකල යුත්තේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිධූරය දැරූ පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් විකාශනය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමට නිලධාරීන්ට අනුබල දුන්නා කියන දූෂණ චෝදනාව සහ දූෂණයට අනුබල දුන්නා කියන චෝදනාව යටතේ නඩු පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉඩක් නෑ. 35 (1) වගන්තියෙන් ඒ අවස්ථාව අහුරා තිබෙනවා. නවයපන්තියේ සමාජඅධ්‍යනය විෂය ඉගෙන ගත් දරුවන් පවා මේ ජනාධිපති මුක්තිය කියන එක දන්නවා. නවය පන්තියේ සිසුන් දන්න දේ මේ උගත් විනිසුරුතුමන්ලා නොදන්නවා කියලා කාටවත් හිතන්නට බෑ. ඒ නිසා මේක මේ උගත් විනිසුරුවන් විසින් සැකසූ වාර්ථාව නොවෙයි දේශපාලන වුවමනාවක් මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සකසන ලද වාර්තාවක් කියන සැකය එන්නේ ඒ නිසයි.

පසුගිය ජනාධිපති වරණය සමයේ ස්වාධීන රූපවාහිනියේ පළ කල දැන්වීම් වලට මුදල් අයකර ගැනීමට කටයුතු නොකලායැයි කියලා නිලාධාරීන් තුන්දෙනෙකුට සහ ඒ දූෂණයට අනුබල දුන්නායැයි කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ටත් නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. මෙහිදී අනුබල දීම කියන වරද සිදුවෙන්න නම් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් ස්වාධීන රූපවාහිනියේ කාට හරි කතා කරලා මගෙන් එන දැන්වීම් වලට සල්ලි ගන්න එපා යැයි කියන්න ඕනෑ. කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු වලින් එවැනි නියෝගයක්, ඉල්ලීමක් පිළිබද කිසිම හෙළි දරවක්වක් නැහැ. එහෙමනම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට දූෂණයට අනුබල දීම යටතේ නඩු පැවරිය යුතුයි කියා කොමිසම නිගමනය කරන්නේ කොහොමද?

විදුලි බල මණ්ඩලයත් ස්වාධීන රූපවාහිනිය වගේම 100%ක් රාජ්‍ය ආයතනයක්.  කවුරු හරි විදුලි බිලක් නොගෙවා සිටියොත් විදුලිය විසන්ධි කර ඒ මුදල අය කර ගන්න සිවිල් නඩු පවරනවා මිස දූෂණ චෝදනා නගන්නේ නෑ. ස්වාධීන රූපවාහිනිය කියන්නෙත් එහෙම ආයතනයක්. අනික් අතට මෙම දැන්වීම් ඉදිරිපත් කරලා තිබෙන්නේ ප්‍රචාරක ආයතනයකින් මිස මහින්ද රාජපක්ෂ මැතිතුමන් නෙවෙයි. එම නිසා මුදල් අය කර ගත යුත්තේ අදාළ ප්‍රචාරක ආයතනයෙන් මිස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙන් නෙමෙයි .  මහින්ද රජපක්ෂ මැතිතුමන්ගෙන් හෝ එම දැන්වීම් දැමීමට බාරදුන් අයගෙන් මුදල් අයකර ගැනීම එම ආයතනයේ කාර්යභාරයක්. නමුත් ප්‍රචාරක ආයතනය සම්බන්ධ කර නොගෙන මහින්ද රාජපක්ෂ මහතාව චූදිතයෙක් කර ගැනීම දේශපාලන අරමුණකින් කල දෙයක් විනා උගත් විනිසුරුවරුන් විසින් කළ දෙයක් විදිහට මම නම් දකින් නැහැ.

ජනපති මහින්දගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට නිර්දේශයක් නෑ

බරපතල වංචා කොමිෂන් වාර්තාවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇති බවට අගමැතිතුමා මේ දවස්වල වේදිකාවක් ගානේ කියා ගෙන යනවා. මම එතුමන්ට අභියෝග කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට නිර්දේශ කර  ඇති පිටුවේ අංකය කියන්න. මීට කලිනුත් අගමැතිතුමන් බොරුවක් කිව්වා. එතුමන් කිව්වා රාජපක්ෂ යුගයේ දී බිලියන 4,000ක වංචාවක් සිදු වුණා කියා බැඳුම්කර වාර්තාවේ තිබෙන බවට . මම පිටු 946 ම කියෙව්වත් කිසිම පිටුවක එවැනි නිර්දේශයක් නැහැ.  එසේනම් එය තිබෙන පිටුව කියන්න කියලා මම ජනාධිපිතතුමන්ට සහ අගමැතිතුමන්ට  අභියෝග කලාට පසුව දැන් ඒ කතාව වේදිකාවේ කියන්නේ නැහැ.  දැන් මේ අළුත් කතාව කියනවා. ජනාධිපතිතුමන්නම් කමක් නෑ කියමු.  නීතිඥයෙකු වුණු අගමැතිතුමා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කරන්න බැරි බව නොදැන සිටීම කනගාටුවට කරුණක්.  ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කළ හැක්කේ විශේෂ ජනාධිපති කොමිසමකට.  මේක කරුණු සොයා වාර්තා කරන විමර්ශන ජනාධිපති කොමිසමක්.

ඒ නිසා රටේ දෙවැනි පුරවැසියා ජාතියට විහිළු සපයන්නෙකු බවට පත්වුනොත් ජාතිය විහිළුවක් බවට පත්වෙනවා. ඒ නිසා ගරු අගමැතිතුමනි ඔබතුමන් කියන්න පෙරා සිතා බලන්න යැයි අපි කියනවා. අර පස්දුන් රට ගැන කියපු සිද්ධීය, තොප්පිගල විශාල කැළයක් යැයි කියපු සිද්ධියට පස්සේ දිගු කලක් ඔබ තුමන් කට වරද්දා නොගෙන සිටියත් නැවතත් ඔබ තුමන්ගේ නරක කාලය උදාවෙලාදැයි අපට සිතෙනවා.

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කර මේ වන තුරු කිසිදු වචනයක් කියා නැති බවත් පෙබරවාරි 10 වැනිදා මැතිවරණ දින දක්වා ජනාධිපතිවරයා කියන දැ සම්බන්ධයෙන් තමන් කලබල නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පවසා තිබේ.

රත්නපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සංධාන රැළිය අමතමින් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එකතු වෙනවානම් හෙට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බවට කල ප්‍රකාශය සහ ජනාධිපතිවරයා ගෙවුණු දින කිහිපයේදීම දේශපාලන වේදිකාවේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන් අරලිය ගහ මන්දිරයේ දී අගමැතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා තමා හෝ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර ඍජුව හෝ වක්‍රව දේශපාලන වේදිකාවේ කුමක් කිව්වාද කියා තමා නොදන්නා බව එහිදී පවසා ඇති රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ ඉල්ලක්කය ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බව ද පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් එජාප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව හවුල් ආණ්ඩුවේ සංයුතිය වෙනස් වී රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රබල සාකච්ඡා සිදුවි ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේන බවයි.

අගමැතිවරයා ඉවත් කළ සැණින්, මුළු කැබිනට් මණ්ඩලයම අලුතින් පත් කිරීමට සිදු වීම නිසා නව කැබිනට් මණ්ඩලයක් ද පත් කෙරේ. නව අගමැති වශයෙන් එජාපයේ වැඩි පිරිසකගේ සහයෝගය මෙන්ම ජාත්‍යන්තරයේ අවධානය ද ලබා ගත හැකි අයකු පිළිබඳව යෝජනා වී තිබෙන බවද අප මීට පෙර අනාවරණය කළා.

මෛත්‍රිපාල රැස්වීමක දී කියලා තිබුණා සංධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් අනූහයදෙනා තමන් සමග එකට ඉන්නවා නම් හෙට වුණත් ශ්‍රී ල නි පක්‍ෂ ආණ්ඩුවක් හදනවා කියලා. මෙහි දී ශ්‍රී ල නි පක්‍ෂ ආණ්ඩුවක් කියන්නෙ ශ්‍රී ල නි ප ප්‍රධාන සංධාන ආණ්ඩුවක් වෙන්න ඕන. කාට හරි කියන්න පුළුවන්, නැහැ මෛත්‍රිපාල කියලා තියෙන්නෙ සංධාන ආණ්ඩුවක් නොවෙයි ශ්‍රී ල නි ප ආණ්ඩුවක් කියලා. ඒත් ශ්‍රී ල නි ප විතරක් ගත්තොත් මන්ත්‍රීවරුන් අනූගණනක් නැහැ. අනෙක් අතට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් කියලා පිරිසක් පාර්ලිමේන්තුවෙ නැහැ. ඉන්නෙ සංධාන මන්ත්‍රීවරු, හැබැයි ඉන්නෙ දෙපැත්තක. මෛත්‍රිපාල කියන්නෙ ඔක්කොට ම එක පැත්තකට එන්න කියලා. ජී එල් පීරිස් කියන්නෙත් ඒකම යි. හැබැයි කතානායකගෙ වම්පැත්තට කියලා ජී එල් කියනවා. මෛත්‍රිපාල කතානායකගෙ දකුණු පැත්තට කියලා කියනවා.

මෙය මෛත්‍රිපාලගෙ තවත් රඟපෑමක් කියලා කරුණු දත් පඬියකුට කියන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් බැසිල් හා රනිල් කරන්නෙත් රඟපෑමක් කියලා. ජී එල් කරන්නෙත් රඟපෑමක් කියලා කියන්නත් පුළුවන්. ජනවාරි අටවැනිදාට පසුව ජී එල් මලික් සමරවික්‍රම හම්බවෙන්න ගියා ද? ඒකාබද්ධ විපක්‍ෂෙ තව කී දෙනෙක් ගියා ද? ඔවුන්ට මොකද වුණෙ. පියසිරි විජේනායක එක්ක මෛත්‍රිපාල හම්බවෙන්න විමල් ගියා ද? ගල්ලෙන බිඳපු ගම්මන්පිළට මොකද වුණෙ. හැම තැනක ම තමා ම නොවන තමා රඟපෑම් කරනවා කියලා කියන්න පුළුවන්. මා කලකට පෙර කිව්ව අප ජීවත් වෙන්නෙ ඩීල්ලන්තයෙ නැත්නම් ඩීල්දේශයෙ කියලා. මානව හිතවාදී විද්වතකුට ඕන නම් ඩීල්නාඩුව කියලා කියන්නත් පුළුවන්.

අද රනිල්ගෙ මැතිවරණ ව්‍යාපාරෙ මෙහෙයවන්නෙ මොන සමාගමෙන් ද? ඒ සමාගමේ අධ්‍යක්‍ෂවරු කවු ද? ඒ විද්‍යුත් නාළිකාවක් කියලා මා කියන්නෙ නැහැ. ඒ වුණත් නාළිකා ප්‍රධානීන් ඉන්න වෙනත් සමාගම් තියෙනවා. හෙට දෙරණෙ 360 වැඩසටහනට රනිල් එනවා. මහින්ද හිරු නාළිකාවට යනවා. රනිල් හා මහින්දත් රඟපෑමක ද? නාළිකා ප්‍රධානීන් මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රඟපෑමක් කරනවා ද? මව්බිම සිරස දෙරණ ආදිය දේශපාලනයෙ දී මැදිහත් වන්නේ කොහොම ද? සරත් නන්ද සිල්වගෙ නීති තර්ක කාලෙන් කාලෙට වෙනස් වෙනවා ද? අද ඔහු ඉන්නෙ කොතැනක ද? කරුණු දන්නා පඬියෝ අප දැනුවත් කරත්වා!

මෛත්‍රිපාල 2014 නොවැම්බරයේ දී දරුණුතම වරදක් කළා. පාවාදීමක් කළා. එහි පිටුපස සිටියේ බටහිර හා ඉන්දීය ඔත්තුසේවා. ඒ වගේම ඔහුට යන්නට සලස්සපු අය. ඒත් ඒ නිසා මෛත්‍රිපාල වරදින් නිදහස් වෙන්නෙ නැහැ. ජාතිකවාදී පඬි පෝතකයන් මොනවා කිව්වත් ඔහුට සමාව දෙන්න බැරිකමකුත් නැහැ. අප කැප්පටිපොළට සමාව දුන්නා. ඊටත් ඈත කාලයක ගැමුණු රජුට විරුද්ධ වූ තිස්සට අප රජකම දුන්නා විතරක් නොවෙයි ඔහුට සද්ධාතිස්ස කියාත් ගැමුණුට දුටුගැමුණු කියාත් කිව්ව. එය දෙටුගැමුණු කියලා දැන් කියන්න යන්න ඕන නැහැ. පස්සෙ ගැමුණු රජකම අත්පත් කරගත්තා. එහෙත් කාගෙ හරි බලපෑමක් නිසා සාලියට රජකම ලැබුණෙ නැහැ. ඒ මා හිතන විධියට සාලියගෙ මව නාග හරි අර්ධනාග හරි නොවී යක්‍ෂ වීම නිසා. විහාරමහා දේවිය ඇයට කරුණාව දැක්වූවා. අන්තිමේ දි විහාර මහා දේවියටත් තැනක් නැති වුණා.

අපේ ඉතිහාසයෙ අමනකම් වැරදි වැරදිිවලට සමාවදීම් කොතෙකුත් සිදු වී තිබෙනවා. ඒත් 1818 දී අප ඩොයිලිට හසු වුණා. අප අතර අසමගිකම් වැඩි වෙලා අප සුද්දන්ට අවශ්‍ය විධියට අවසානයේ දී කටයුතු කළා. ඉන්පසු සුද්දන් අධ්‍යාපනය වරප්‍රසාද දීම් ආදියෙන් අපේ සංස්කෘතිය වෙනස් කළා. අද ගැහැණුන්ගේ අරක්කු බීම වෙනුවෙන් ඊනියා මානව හිතවාදීන් නඩු කියනවා. අප කිව්වෙත් ඊනියා සම අයිතිය සඳහා පිරිමින්ට අරක්කු විකුණන එක තහනම් කරන්න කියලා මොනව වෙයි ද? කාට හරි අහන්න පුළුවන් එහෙම කියන්නෙ ලෝඩ් බුද්ධා කියන නිසා ද කියලා. නැහැ බුදුහාමුදුරුවො එහෙම කියලා නැහැ. ඒක සංස්කෘතික කතාවක්. අප ඇහුවොත්ඇහුවොත් අප අරක්කු බොන්නෙ වයින් බොන්නෙ ක්‍රිස්තියානි සංස්කෘතියට එකඟ නිසා ද කියලා මිනිසුන් අපට එරෙහි වේවි. ඊනියා මානව අයිතිවාසිකම් ද සංස්කෘතියට සාපේක්‍ෂ බව පඬියන් හිතන්නෙ නැහැ. ඔවුන්ගෙ මානව අයිතිවාසිකම් තීරණය වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. අද ඇත්තෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්. අප කුඩා කළත් පිරිමිත් අරක්කු බිව්වෙ හොරෙන්.

මියන්මාරයෙ අවුංසාන් සුචී (සුකී) සුද්දන්ගෙ නියෝජිතවරියක් හැටියට ආපසු මියන්මාරයට ගියා. ඇය හමුදාවට හා ථෙරවාද බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කළා. ඇයට සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගයත් ලැබුණා. එහෙත් අද ඇය තම වරද නිවැරදි කරගෙන වෙනස් වෙලා. එය රඟපෑමක් ද කියලා ජී එල්ගෙන් හරි පඬි පෝතකයකුගෙන් හරි අහන්න ඕන. අද බටහිරයන් ඇයට විරුද්ධයි. ඇයට විරුද්ධව ශ්‍රවණ දෘශ්ටි පටි නිකුත් කරනවා. ඒකත් රඟපෑමක් ද? කොහොමටත් රොහින්ජ්‍යා ප්‍රශ්නයෙදි බටහිරයන් ඉන්නෙ මුස්ලිමුන්ගෙ පැත්තෙ. ඔවුන් තම රටවල මුස්ලිමුන්ට විරුද්ධ වෙමින් අපේ රටවල මුස්ලිමුන්ට පක්‍ෂ වෙන්නෙ ථෙරවාද සංස්කෘතියට විරුද්ධ වෙමින්. ඔවුන් කියන්නෙ ථෙරාවාද කියලා. සුද්දන්ගෙ නමක් අපට ගැලපෙන පරිදි උච්චාරණය කළොත් විරුද්ධ වන පඬියන් සුද්දන් තමන්ගෙ උච්චාරණ නීති රීතිවලට අනුව ථෙරාවාද කිව්වට උරණ වන්නෙ නැහැ. සුද්දන් අදින්නෙ වචනයක දෙවැනි ස්වරය. කොහොමටත් මෙයින් පැහැදිලි වෙන්නෙ බටහිරයන්ගෙ ප්‍රධාන සතුරා ථෙරවාද සංස්කෘතිය බව.

ජී එල්ලා කියන්නෙ එ ජා ප හා රනිල් ශක්තිමත් කරලා මෛත්‍රිපාලගෙ කණ්ඩායමට විපක්‍ෂයට එන්න කියලා. මෛත්‍රිපාලගෙ කණ්ඩායම ඊනියා ජාතික ආණ්ඩුවට ගිය එක වැරදියි. ඒත් තවත් අයත් යන්න උත්සාහ කළ බව අමතක කරන්න එපා. අද මෛත්‍රිපාලත් ඔහුගෙ කණ්ඩායමත් කළ වරද නිවැරදි කරගන්න පුළුවන් විපක්‍ෂෙට ඇවිල්ල එ ජා ප ආණ්ඩුවක් හදල රනිල් තවත් බලවත් කිරීමෙන් නො වෙයි. රනිල් ඉවත් කර සංධානයෙ ආණ්ඩුවක් හැදීමෙන්. මෛත්‍රිපාල එවැනි ආණ්ඩුවක් හැදීමට ආරාධනා කරනවා. ජී එල් රනිල් බලවත් කරන්න හදනවා. මා මේ ප්‍රකාශ කරන්නෙ ජනප්‍රිය මතයක් නොවන බව මා දන්නවා. මට ජනප්‍රිය වෙන්න ඕන නැහැ. 1994 දි චන්ද්‍රිකාට විරුද්ධ ව මැතිවරණයට ඉදිරිපත් වුණෙ ජනප්‍රීය වීම සඳහා නොව චන්ද්‍රිකා ජනාධිපතිනිය වීම රටට අහිතකර බව දැකලා. රඟපෑම් කතා ද රඟපෑම් වෙන්න පුළුවන්. අද රටට හිතකර ජී එල් කියන දේ ද මෛත්‍රිපාල කියන දේ ද?

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අලුතෙන් සේවකයන් බඳවා ගනිමින් සිටින බවට ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.මෙම බඳවා ගැනීම් සිදුකරන්නේ පුහුණුව ලබාදෙන මුවාවෙන් වන අතර, පුහුණු කාලය මාස 06කි. පෙර දාතමින් මෙම පත්වීම් නිකුත් කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන) ලලිත් එදිරිසිංහ මහතාගේ අත්සනෙනි.

මෙම පිරිසට දිනකට රුපියල් 500/-කක දීමනාවක් ගෙවනු ලබන අතර, ඔවුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගන්නා බව වාර්තාවී ඇති බව එහි ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

මේ අතර නිවාස සංවර්ධන අධිකාරියේ ස්ථිර සේවකයන්ට වඩා තුන් ගුණයක් පුහුණු සේවකයන් සිටින අතර නිවාස අධිකාරිය මේ නිසා දැඩි මුළ්‍ය අර්බුදයකටද ලක්ව ඇත.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා තම පුද්ගලික දේපලක් සේ සලකා තම දේශපාලන බලය භාවිතා කරමින් පුහුණු සේවකයන් 3500කට වැඩි පිරිසක් බලහත්කාරයෙන් නිවාස අධිකාරිය වෙත යොමුකර ඇති අතර උපාධි පුහුණු ලාභීන්ට රු 1000ක්ද උපාධි නොවන අයට රුපියල් 500ක් ද ගෙවනු ලබයි.

නිවාස අධිකාරියේ ස්ථිර සේවකයන් පවසන්නේ සංවර්ධනය සදහා යොදා ගත හැකි විශාල මුදලක් රජයට මෙමගින් පාඩු කර ඇති බවයි. පසුගිය රජයේ හොරකම් දූෂණ වංචා ගැන කතාකරමින් සජිත් ප්‍රේමදාස මහතාද කරන්නේ රජයේ මුදල් අවභාවිතා කිරීම භවයි නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පවසන්නේ.

එමෙන්ම නිවාස ඇමති සජිත් නිවාස අධිකාරියේ පුහුණුව සදහා යොමුකර හම්බන්තොට තරුණ පිරිස් පසුගිය දිනක නිවාස සංවර්ධන අධිකාරිය භූමිය තුළ 20කට වැඩි පිරිසක් ගංජා සහ මත්ද්‍රව්‍ය භාවිතා කරද්දී අධිකාරියේ සභාපතිතුමාගේ අතටම අසුවී අති අතර ඔවුන්ට දඩුවම් නොදී සභාපතිවරයා අවවාද කර මුදා හැර ඇත. අදාළ සභාපතිවරයා සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ හිතවතෙකු වන අතර අධිකාරියේ සිදුවන දූෂණ වංචා සහ මත්ද්‍රව්‍ය භාවිතය ගැන ඔහු තොරතුරු වසංකරමින් සිටී.

තවද මෙසේ පුහුණුව සදහා යොමු කර ඇති සමහර පිරිස් නිවාස අධිකාරියේ ස්ථිර සේවකයන් පවරන කිසිදු වැඩක් නොකරන අතර උදේ 8ට පැමිණ සවස 04 වන තුරුත් කරන්නේ කල්ලි ගැසී ඕප දූප කතාබස් කිරීම පමණී. අධිකාරියේ ස්ථිර සේවකයෙක් වැඩක් පැවරුවොත් කර දෙන ලෙස කියා ඔවුන් එම වැඩ පැහැර හරින අතර පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට අවවාද කරොත් සජිත් ඇමතිවරයාට SMS මාර්ගයෙන් තමන්ට බැණ වැදුණු බව ප්‍රකාශ කරයි. ඉන් පසුව ඇමති අදාළ නිළධාරිය සම්බන්ධකරගෙන බැණ වැදී ඇති අවස්ථා අපමණ බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පවසන්නේ.

එමෙන්ම පුහුණුව සදහා භදවා ගත් පිරිසගෙන් සියයට 99ක්ම සිටින්නේ හම්බන්තොට පිරිස් වන අතර. නිවාස අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කාර්යාලයේ සේවකයින් පිරී පැවතීම නිසා රාජකාරි කටයුතු කිරීමද අපහසු වී ඇත. සේවකයන් ප්‍රමාණයට සරිලන ලෙස මේස පුටු නොමැති කමින් සංගීත පුටු තරගය මෙන් එක්කෙනෙක් නැගිට ගිය පසු තවත් කෙනෙකුට වාඩි වීමට බලා සිටිය යුතුයි. හම්බන්තොට නිවාස අධිකාරිය තුළ ඇති වී ඇති මෙම තදබදය අඩු කිරීම සදහා රජයේ විශාල මුදලක් වැය කරමින් නිවාස අධිකාරිය පිහිටි භූමියට අල්ලපු ඉඩමේ ඇති ගොඩ නැගිල්ලක්ද බදු පදනම මත පසුගිය දිනක අරගෙන එහි පුහුණු ලාභින් රදවා ඇති බවත් වාර්තා වේ.

මේ අතර පසුගිය දවස සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යංශයට අයත් රාජ්‍ය ඉංජිනේරු සස්ථාවේ වාහනයක්ද මැතිවරණ වැඩ කටයුතු සදහා යොදවා තිබියදී පසුගියදා මැතිවරණ කාර්යාලයක් අසල තිබියදී හමුවිය. මේ පිළිබදවද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති නමුත් නීතිය තවමත් ක්‍රියාත්මකව නැත.

පළාත් පාලන මැතිවරණය අවසන් වු වහාම මහින්ද පිළේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ මන්ත්‍රීධුර අත්හිටුවා ඔහුන් පක්ෂයෙන් නෙරැපීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරණය කර තිබේන අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව මේ වනවිටත් ඊට අදාළ කටයුතු කිරිම සදහා ශ්‍රි ලංකා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මැතිවරණය අවසන් විමත් සමග තෝරාගත් මන්ත්‍රීන් පිරිසක් ඉවත් කර ඒ වෙනුවට මෛත්‍රීට ඉතාමත් සමීප කණ්ඩායමක් පත්කර ගැනිම අරමුණ වි තිබේ.

වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනයට දායකවීම පක්‍ෂ ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීධුරය අහෝසි කිරීමට පවා හැකි වරදක් බැවින් පළාත් පාලන මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස් එසේ කරන්නේ ද යන්න ගැන සොයා බැලිම සදහා වෙනම කණ්ඩායමක් යොදවා තිබේ.

එම කණ්ඩායමේ නිර්දේශ අනුව පළාත් පාලන මැතිවරණය අවසන් විමත් සමග මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගේ අදහස වි තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් පක්‍ෂයක ජයග‍්‍රහණය සඳහා උපකාර කළහොත් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව ක‍්‍රියා මාර්ග ගන්නා බව පසුගියද ශ්‍රිලනිප මහා ලේකම්වරය විසින්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුනා.

ඒ අනුව පලමු වටයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ රංජිත් සොයිසා ඇතුලු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධුරයද අහෝසි කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු සුදානම් කරමින් සිටින බවයි  වාර්තා වන්නේ.

සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සින් ලුන් මහතාගේ හදිසි ශ්‍රි ලංකා සංචාරය පසුපස බැඳුම්කර වංචාවේ දෙවැනි මහා මොළකරු ලෙස හැදින්වෙන සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් බේරා ගැනිම බවට ඒකාබද්ධ විපක්ෂය සැක පලකර සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රගති සමා‍ලෝචන රැස්වීමක් පසුගිය බදාදා උඩුගම්පොළ දි පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ඒකාබද්ධ විප්කෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් වන සිසිර ජයකොඩි, ඩුලිප් විජේසේකර, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි

“බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන දවසෙම සිංගප්පුරුවේ අගමැතිවරයා ලංකාවට ආපු එක ගැන අපිට සැකයක් තියෙනවා. එතුමා ලංකා‍වට ආවේ සිංගප්පූරු පුරවැසියෙක් වෙන අර්ජුන් මහේන්ද්‍රන්ව බේරාගන්න ද කියලා අපිට සැකයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

“ඒකත් ඇත්ත. අපි ඒ ගැන හොයලා බනන්න ඕනේ. ජනාධිපතිවරයා හොරු අල්ලනවා කියලා වේදිකාව දෙවනත් වෙන්න කෑහැහුවට වැඩක් නැහැ රනිල් එයාගේ යාලුවා හොර පාරෙන්ම රටින් පිටකරලා ඉවරයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි

“බැඳුම්කර වංචාව ගැන ආණ්ඩුව කැමැත්තෙන් හොයන්න ගත්තා නෙමෙයි. විපක්ෂයේ හඬ නැත්නම් මේ වංචාව යටයන්න තිබුණා. අපි කෑගහන්න ගත්ත නිසයි ජනාධිපතිවරයාටත් කොමිසමක් දාන්න වුණේ. දැන් නම් මේකට අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය තමයි මුලින්ම මේ ගැන ජනතාව දැනුවත් කළේ”

Published on: Jan 26, 2018 – බැඳුම්කර වාර්තාව ඉදිරියට දමමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එජාප නායකය ඇතුලු එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගටම පහරදිම හේතුවෙන් එහි වාසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අත් වෙමින් පවතින බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා අනාවරණය කර තිබේ.

බුද්ධි අංශ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම 20 % දක්වාද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 38 % දක්වාද අඩු වී තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම 31 % දක්වාද ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම 08 %දක්වාද වැඩි වී තිබෙන බවය.

මේ අතර මේ පළාත් පාලන මැතිවරණයේ දී පාවෙන ඡන්ද සහ අලුත් ඡන්ද දිනා ගැනීමේ වැඩි ශාක්‍යතාවය විපක්ෂයට පවතින අතර ඊට හේතු වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුවේ ඒක හඬක් නොතිබීම සහ එකිනෙකා ඉලක්ක කර ගෙන ක්‍රියා කිරීම හැරුණු කොට සමස්ථ විපක්ෂයට බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමට අසමත්ව සිටීම ආදී කරුණු බව ද බුද්ධි අංශ නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැතිවරයා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය කෙරෙහි ප්‍රහාරාත්මක ස්ථාවරයක සිටිමින් කටයුතු කළත් අගමැතිවරයාගෙන් සහ එම පක්ෂයෙන් ප්‍රතිප්‍රහාර එල්ල නොවන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පාක්ෂිකයින් අතර කලකිරිමක් ඇතිවි ඇති බවයි.

Published on: Jan 25, 2018 – තමන්ට ප්‍රසිද්ධියේම අපහාස වන අයුරින් බැන වැදුන නිතිය හා සාමය අමාත්‍යවරයාගේ ඇමතිකම මැතිවරණය අවසන් වු විගසම ඉවත් කිරිමට ජනපති කටයුතු කරනු ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර තැන තැන කියමින් සිටින බව වාර්තා වේ.

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින් වෙඩි තබනු ලැබීමෙන් එම යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ කතරගම ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය හමුවේ පොලිසිය විසින් ක්‍රියාකල ආකාරය නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායකගේ දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබු අතර

“පිස්සු වැඩ කරන්න එපා. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි මට කතා කරලා මේවා අහන්නේ… මෙහෙම වැඩ කරපුවහම මම කොහොමද උත්තර දෙන්නේ” යනුවෙන් පොලිස්පතිවරයා දැඩි ලෙස විවේචනය කර තිබේ.

පසුව පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකරමින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ “මම කරන්නම්කෝ හොද වැඩක් ඔකුන්ට” කියමිනි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් විසින් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු මිට පෙර අනාවරණය කල අතර ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ට අමතරව පොලිස්සියේ සහ FCID වැනි ආයතන ප්‍රධානින්ගේන්ද ජනපතිට මෙම යෝජනාවම යොමුවි තිබුනා.

මේ අතර පසුගිය සතියේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නිතිය හා සාමය සහ අග්‍රාමාත්‍ය ප්‍රධානී කාර්‍යාල සදහ උග්‍ර මහින්ද වාදින්ව සිට වර්තමානයේ මෛත්‍රීවාදින්ව සිටින දෙදෙනෙකු මාධ්‍ය ලේකම්වරුන් ලෙස පත්කර යවා තිබේ.

http://198.211.112.164/archives/16399

http://198.211.112.164/archives/16476

http://198.211.112.164/archives/16434

Top