Published on: Jan 24, 2018 – පොහොට්ටුව සියයට 51ට වැඩි ඡන්ද ප‍්‍රමාණ්‍යක් ගෙන ස්වාධීනව පළාත් පාලන ආයතන පිහිටුවන බවට වු බුද්ධි අංශ වාර්තා දැකීමෙන් පසුව පිස්සු වැටුණු ආකාරයකින් කතා කරනවා යැයි එ්කාබද්ධවිපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එ් මහතා මෙසේ පැවසුවේ ඊයේ (24)බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා මෙසේද පැවසීය.

මේ මැතිවරණයේදී පක්ෂ පුද්ගලයෝ පදනම් කර ගෙන ඡන්දය දෙනවා වෙනුවට ගම්වල ජනතාව සූදානම් වෙන්නේ ආණ්ඩුව හා ආණ්ඩු විරෝධි කණාඩායම් හැටියටයි. ආණ්ඩුවේ කොටස් ලෙස එක්සත් ජාතික පක්ෂ්‍ය , මෛතීී‍්‍ර පිල, රනිල් පිල , දෙමල සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය සිටිනවා. යහපාලන ආණ්ඩුවේ වැරදිවලට විරුද්ධව පාර්ලිමේන්තුවේ හඩ නගපු එකම පිල එ්කාබද්ධ විපක්ස්‍ය. එ්කට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ස මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත පොහොට්ටුව විතරයි මේ මැතිවරණයේදි ඡන්දයට ඇවිත් තියෙන්නේ. මේකෙදි මේ රටේ පහුගිය අවුරුදු තුනේ ජනතාවට උසුලාගත නොහැකි බඩු මිලක්, ලැබෙන මුදල ජිවත් වෙන්න ප‍්‍රමාණවත් නැහැ.හාල්පොල් එළවලූ තුනහප ගන්න ගියාම 80%කින් මිල වැඩි වෙලා. දරුවෝ පාසල් යන දෙමව්පියෝ මේ තත්ත්වය නිසා අසරණයි.

රටේ ජාතික ආරක්සාව කඩා වැටිලා. උතුරේ මහ ඇමැතිවරයා ප‍්‍රකාශ සම්බන්ධයේන මේ ආණ්ඩුව කටයුතු කලේ නැහැ. ජනාධිපතිතුමාම මිට කාලයකට පෙර කිව්වා උතුරේ එල්. ටී. ටී. ඊ කි‍්‍රයාකාරකම් ඇරඹී ඇති බව. ජාත්‍යනන්තර සහාය දිනාගත්ත නායකයෙක් ඉන්න අවස්ථාවක පිටරටවල ප‍්‍රභාකරන්ගේ මුහුණ දාලා සල්ලි එකතු කරනවා. දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරු බහුතරයක ටෙලිෆෝන් එකේ ප‍්‍රභාකරන්ගේ පින්තූරය තියෙනවා. ජාතික ආරක්ෂාව බිද වැටිලා ආර්ථිකය කඩන්වැටිලා, රාජ්‍ය සේවාව විනාශ වෙලා. විශ‍්‍රාම වැටුප් නතර කරලාත සමෘධ්දි සහනාධාරය කපා හරින්න පියවර අරන් . මැතිවරණයෙන් පස්සේ ඛණිජ තෙල් මල ඉහළ නංවන්න තිරණය කරලා. ජනතාවමේ දේවල් ගැන තේරුම් ගෙනයි දැන් සිටින්නේ. මේ නිසා එක්සත.ජාතික පකක්ෂයට , මෛතී‍්‍ර පිලට, ජනතාවිමුක්ති පෙරමුණට සහාය දීපු ගම්වල ජනතාව පොහොට්ටුව එක්ක එකත වෙලා. මේ තත්ත්වය නිසා රටේ ජනාධිපතිවරයා පිස්සු වැටිලා වගේ බැනගෙන කතාකරන ආකාරයයි අපි දකින්නේ. එතුමා කතා කරන්නේ දුසණයට විරුද්ධ බව කියමින්. ජනාධිපතිතුමා බොරු කියලා බලයට ආපු කෙනෙක්. ලැමබෝ ගිනි කාර්, රත්තරන් අස්වයෝ, ජනාධිපති වියදම් වගේ දේවල් කියලා බලයට ආපු කෙනෙක්. හොරු රකින්නේ ජනාධිපතියි.

මහ බැංකු බැදුම්කර කොමිෂමේ සාක්ෂි පුවත්පත්වලින් ගිහින් එ් සිද්ධීය ගැන ජනතාව හොදින්ම දන්නවා. 2015 පෙබරවාරි මාසේ ඞීව. ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල්ව රකින්න බව එතුමා කිව්වා. මේ දෙපාරම සුළූතරයක් හිටපපු කෙනෙක්ව අගමැති කළා. බුද්ධි අංශ තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙන බව දැනගෙන දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වේ අගමැතිකම නොදී ඉන්නම බව කිව්වා. මහ බැංකු අධීපතිවරයාට අවස්ථා දෙකකදීම පත්වීම දුන්නේ ජනාධීපතිවරයා. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කරපු අය වෙනුවටෙ වෙන අය දාන්න හදන බවට තොරතුරු තියෙනවා.

කොළඹ නුවර අධීවේගී මාර්ගයට අපි ඇස්තමේන්තු කළාට වඩා 60%ක් විතර වැඩි වෙලා.මංතීරු ප‍්‍රමාණය අඩුවෙලා. කණුඋඩ යන්න තිබුණු පාර පස් පුරවලා හදන්නයි සූදානම් වෙන්නේ. එහෙම වුනොත් ගම්පහ දිස්ති‍්‍රක්කයේ විශාල ප‍්‍රමාණයක් වතුරෙන් යට වෙලා පරිසර හානියක් වෙනවා. එ් වගේම කෘෂිකර්ම අමාත්‍යශ ගොඩනැගිල්ලේ පදිංචි නොවී විශාල මුදලක් වැය කරනවා. අනිත් පැත්තෙන් පොහොර සහනාධාරය කපලා දාලා. මේවා මුදල් අවභාවිතා නෙවෙයිද?

ඌවේ මහ ඇමැති විදුහල්පතිනියක් දණ ගැස්සූ කාරණය. එය ආරක්ෂා කරන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු කටයුතු කරන බව පේනවා. පැය ගානක් ඇතුලත ඇප ලැබුණා. අපේ කාලේ ගුරුවරයෙක් දණ ගැස්සුව පුද්ගලයෙක්ව උසාවි දාලා බන්ධනාගාරගත කළා. සිද්ධි දෙකේ වෙනස පේනවානේ. එ් විතරක් නෙවෙයි අපි ඔහුට නාමයෝජනා දුන්නෙත් නැහැ. අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරයකුත් ලැබිලා. එ් වුනාට මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා රූපවාහිනියේ කතාකරන්නේ දුෂණයට විරුද්ධව.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ අලූත් පරපුරට ගහපු කෙනා අද එහේ සංවිධායක. කාන්තාවන් 100ක් දුෂණය කර එය සැමරූ කෙනා ශී‍්‍ර ලනිප සංවිධායත. සීයෙන් පළවෙනිදා මැතිවරණයට තරග කරනවා. මහින්ද රාජපක්ස මහතාගේ කාලේ වැරදි කළා කියලා කට්ටිය අද ඉන්නේ කාලගද. මෛතී‍්‍රපාල මහත්තයා ළග. හොරකම කරන අයට රැකවරණය ලැබෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්නිසා ශී‍්‍ර ලංකා කාරයෝ විදියට අපිට තියෙන්නේ කණගාටුවක්. හැම මැතිවරණයදිම හොරු අල්ලනවා කියලා අගමැතිගෙන් ඉල්ලනාව හොරු රකින්න හයිය දෙන්න කියලා. මේ මැතිවරණ කලේ දෙන්නා එක්ක රග දක්වන්නේ නාට්‍ය්‍යක්. ගම්වල එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එකට කටයුතු කරනවා. නමුත් පොහොට්ටුව 51%ට වැඩි ඡුන්ද අරන් ස්වාධිනව පළාත් පාලන ආයතන පිහිටුවනවා. මේ ගැන බුද්ධි අංශ තොරතුරු ලැබුණාට පස්සෙ තමා ජනාධිපතිවරයා මේ විදියට හැසිරෙන්නේ. වටෙන් වටෙන් ගිහින් අන්තිමට රාජපක්ෂ ලගට එන්නේ. රාජපක්ෂ භීතිකාවකින් රටේ ජනතාවව ගොනාට අන්දන්නේ නැතුව වැඩපිළිවෙලක් සකස් කරන එක හොදයි.

Published on: Jan 23, 2018 – මැතිවරණ සමයේ බෙදා දීමට සූදානම් කර තිබියදී මිනුවන්ගොඩ පොලීසිය විසින් සීල් තබන ලද ගෑස් ලිප් තොගයක් හොර පාරෙන් එළියට ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගබඩා කර තිබෙන ගෑස් ලිප් තොගයක් මැතිවරණය ඉලක්ක කරමින් බෙදාදීමට සුදානම් වන බවට ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසිය එම ගබඩාව පරීක්ෂා කර තිබේ.

ඒ වන විට එහි ගබඩා කර තිබූ ගෑස් ලිප් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණු අතර පොලීසිය කළ විමසීමේ දී එහි සිටි පුද්ගලයන් කියා ඇත්තේ මෙම ගෑස් ලිප් ව්‍යාපාරික වුමනාවක් සඳහා ගෙන එන ලද බවය.

‍මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි තමන්ගේ අනෙක් ගබඩාව වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බව එම පුද්ගලයන් කී පසුව පොලීසිය ගෑස් ලිප් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා දී පසුව එම ස්ථාන දෙකටම සීල් තබා ඇත.

මෙම ගෑස් ලිප් මිල දී ගෙන ඇත්තේ ආසන සංවිධාකවරයා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී ලැබුණු මන්ත්‍රී ප්‍රතිපාදනවලින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

2014 වසරේ ප්‍රතිපාදනවලින් මිල දී ගත් මෙම ගෑස් ලිප් මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි සහගත තත්ත්වයක් උදා කර ගැනීමේ අරමුණෙන් බෙදාහැරීමට සැලසුම් කර තිබී ඇත.

ව්‍යාපාරික වුවමනාවකට ගෙන එන ලද බව කියා පොලීසිය නොමඟ යවමින් ගෑස් ලිප් තොගය මැතිවරණයට පෙර මුදා ගැනීමට සංවිධායකවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වී තිබේ.

සිංගප්පූරුවේ සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඕනෑම මොහොතකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි නීතිපති ජයන්ත ජයසූරිය පවසයි.

අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලාංකික පුරවැසියකු නොවුවද, සිංගප්පූරු ජාතිකයකු ලෙස සිටියද ඔහුව අත්අඩංගුවට ගැනීමට වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවත්නා නීති රාමුව ප්‍රමාණවත් බවද එම නීතියට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද නීතිපතිවරයා පවසයි.

විදේශීය සංචාරකයකු ශ්‍රී ලාංකික නොවන පුද්ගලයකු මෙරට තුළ අපරාධයක් කළහොත්, ශ්‍රී ලංකාවේ නීතියට පටහැනිව කටයුතු කළහොත් ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බවද ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට අදාළව ශ්‍රී ලංකා නීතිය හැරදැමිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එවන ලද බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශන කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වෙත භාරදී ඇති බවද ඔවුන් එය විමර්ශනයෙන් අනතුරුව සිවිල් හා අපරාධ අංශ වෙත ලබාදීමට නියමිතව ඇති බවද ඉන් අනතුරුව හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ ඔහුගේ බෑනාට එරෙහිව කුමන ආකාරයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද යන්න පිළිබඳව විමසා බලන බවද නීතිපතිවරයා පවසා සිටියි.

සියලු කරුණු සහ සාක්ෂි නඩු පැවැරීමට පෙර පරීක්ෂාවට ලක් කිරීමට සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට කොපමණ කාලයක් ගතවනවා දැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවද පවසයි. කෙසේ වුවද නීතිමය ක්‍රියාදාමය ඉක්මනින් ඉටුකිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස සැලකිල්ලට යොමු කර කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්‍ෂ, හුදු විරෝධකල්පික උද්ඝෝෂණකරුවන්ගේ දේශපාලන පක්‍ෂ බව නිවෙදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

 

යහපාලන විපක්‍ෂයේ භූමිකාව

මේ රටේ යහපාලන ආණ්ඩුවක් මෙන්ම යහපාලන විපක්‍ෂයක්ද තිබේ. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එජාප කතානායකවරයා මන්ත්‍රීවරුන් 50කට වඩා සිටි ඒකාබද්ධ විපක්‍ෂය, විපක්‍ෂයේ කොටසක් හැටියට පිළිනොගෙන, මන්ත්‍රීවරුන් 16 ක් සිටින දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායකකම පිරිනැමුවේය. මන්ත්‍රීවරුන් 6ක් සිටිනජනතා විමුක්ති පෙරමුණට විපක්‍ෂයේ ප්‍රධානසංවිධායක තනතුර ලැබුණේය. මේ අනුව සෑම වසරකම යහපාලන ආණ්ඩුවේ අයවැයට විරුද්ධව ඡන්දය දෙමින්, පාර්ලිමේන්තුව ඇතුළෙත්, පිටතත් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන ඒකාබද්ධවිපක්‍ෂය, විපක්‍ෂයේ කොටසක් නොවන ලෙසත්, සෑම වසරකම යහපාලන අයවැයට පක්‍ෂව ඡන්දය දෙමින් පාර්ලිමේන්තුව ඇතුලේත් පිටතත් ආණ්ඩුවට පක්‍ෂව කටයුතු කරන දෙමල ජාතික සන්ධානය ප්‍රධාන විපක්‍ෂය හැටියටත්යු.එන්.පී කතානායකවරයා විසින් සලකනු ලබයි. මෙවැනි විකෘත්තියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදාක අපි අත්දැක නැත.

2015 ජනාධිපතිවරණයෙන්පසු රට පාලනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයටත් ඉහලින්“ජාතික විධායක සභාවක්” පිහිටවූ විට ජවිපෙ හා දෙමළ සංධානය එම සභාවේ ප්‍රධාන කොටස්කරුවන් විය. එයත් සමඟම යු.එන්.පී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරාජය වූ ආණ්ඩුවේ සාමාජිකයන් දඩයම් කොට සිරගත කිරීම සඳහා පිහිටුවන ලද ඊනියා “දූෂණ විරෝධී කමිටුව” තුළද ජවිපෙට හා දෙමළ සන්ධානයට කැපී පෙනෙන කාර්යභාරයක්  හිමිවිය.එම දූෂණ විරෝධී කමිටුවේඅංගයක් හැටියට පිහිටවනු ලැබූ “හදිසි වැටලීම් ඒකකය” ක්‍රියාත්මක වූයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුද්ගලික අධීක්‍ෂණය යටතේය. ඒ අනුව යහපාලන ආණ්ඩුවේ මුල් දවස්වල ජවිපෙ සාමාජිකයන් පොලීසියේකාර්යභාරයසියතට ගෙන පරණ ආණ්ඩුවේ වැරදි සෙවීමට ආණ්ඩුවේ මෙන්ම පුද්ගලික ආයතනද වැටලුවේය.

 

මේ ක්‍රියාදාමයට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීම තුළින් විධිමත් භාවයක් ලබාදෙනු ලැබූ පසුත්, එම නව පොලිස් ඒකකය පාලනය කළ කමිටුවේ සාමාජිකයන් හැටියට ජවිපෙ හා දෙමළ සන්ධාන නායකයන්ද දිගටම ක්‍රියා කලේය. විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ හැටියට ජනතාව ඉදිරියේ පෙනී සිටිමින් රඟපෑමක් කරන අතරම මේ  පක්‍ෂ දෙක පසුගිය අවුරුදු තුන මුලුල්ලේ යහපාලන ආණ්ඩුව විසින් ගෙන තිබෙන සෑම ප්‍රජාතන්ත්‍ර  විරෝධී ක්‍රියාවකටම සහයෝගය දක්වා තිබේ. 2017 අගෝස්තු මාසයේදී ව්‍යවස්ථාවට මෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලටද පටහැනිව පලාත් පාලන ඡන්ද නීතිය වෙනස් කිරීමට ජවිපෙ හා දෙමළ සන්ධානය ආණ්ඩුවට සහයෝගය දක්වන ලදී. ඒ අවස්ථාවේදී සිදුවූයේ එවක පැවති පලාත් පාලන ඡන්ද නීතියේ තිබුණු සුලු තාක්‍ෂණික දෝෂ ගණනාවක් නැවැරදි කිරීමට ගැසට් කරන ලද පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී නව සංශෝධන විශාල ප්‍රමාණයක් එක් කිරීමෙන් සම්පූර්ණයෙන්මඅලුත් ඡන්ද ක්‍රමයක්  හඳුන්වා දීමයි.

පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට තුන්වන කියවීමේදී සම්මත වූයේ දෙවනි කියවීමෙන් පසු ඇති වූ විවාදයේදී සාකච්ඡා වූ පනත් කෙටුම්පත නොවේ.මේ ආකාරයට හඳුන්වා දෙනු ලැබූ නව පලාත් පාලන ඡන්ද ක්‍රමය ප්‍රසංශා  කරමින් එය ජනතාව ඉදිරියේ සාධාරණීකරනය කලේ ජවිපෙ මන්ත්‍රීවරුන්ය. එමෙන්ම 2017 සැප්තැම්බර් මාසයේදී පලාත් සභා ඡන්ද ක්‍රමයද වෙනස් කොට පලාත් සභා ඡන්දයද කල් දමා ගැනීමට අණ්ඩුවට පාර්ලිමේන්තුවේ අවශ්‍ය වූතුනෙන් දෙකේ බලය ලබා දුන්නේද ජවිපෙය. මේ අවස්ථාවේදීද සිදුවූයේ පලාත් සභා වල කාන්තා නියෝජනය වැඩි කිරීමට හඳුන්වා දී තිබූ පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී විශාල සංශෝධන ප්‍රමාණයක්ගෙන ඒමෙන්සම්පූර්ණයෙන්ම අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමයි.

පසුගියදා යහපාලන ජනාධිපතිවරයා තම ධූර කාලය අවුරුදු 5 සිට 6 දක්වා වැඩිකර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂය හැටියට තනතුරු හොබවන දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ  පෙනී නොසිටීමෙන්ද ඔවුන් සැබවින්ම සිටින්නේ ආණ්ඩුව පැත්තේ යැයි නැවත වතාවක් රටට ඔප්පුකර පෙන්වීය. වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ- දෙමළ සන්ධාන ඡන්ද වලින් පත් කරගත් අයෙක් බවද අපි අමතක නොකළ යුතුය.

1971 සිටම ජවිපෙ අරමුණ වී ඇත්තේ රටේ පාලනය සම්පූර්ණයෙන්ම  ව්‍යාකූල කොට තමන්ට බලය ලබා ගැනීමට හැකි තත්වයක් ඇති කර ගැනීමයි. 1971 දී අලුත් ආණ්ඩුවක් බලයට පත්වී මාස 9ක් ඇතුළත ආයුධ සන්නද්ධ  කැරැල්ලකින් එම ආණ්ඩුව බලයෙන් පහ කිරීමට උත්සාහ කිරීම තුළින් ඔවුන්තරුණ ජීවිත 10,000ක් බිල්ලට දුන්නේය. 1987 – 89 සමයේදී, අද පවතින පලාත් සභා ක්‍රමය හඳුන්වාදීමට  එරෙහිව නැවත වතාවක් සන්නද්ධ අරගලයක් දියත්  කර තරුණ ජීවිත 60,000කට අධික ප්‍රමාණයක් බිල්ලට දුන් ජවිපෙ අද යහපාලන ආණ්ඩුව ගෙන ඒමට සැරසෙන රට ෆෙඩරල් ඒකක නවයකට කඩන නව ව්‍යවස්ථා යෝජනාවලියට කිසිදු විරෝධයක් දක්වන්නේ නැත. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ මේ ආකාරයට රට කැබලි කිරීමෙන් ඇතිවන අරාජිකත්වය ප්‍රයෝජනයට ගෙන ජවිපෙට බලය ඩැහැ ගැනීමට හැකිවෙන වාතාවරණයක් නිර්මාණය කර ගැනීම විය හැක.

1971 හා 1987– 89 සමයේදී සන්නද්ධ කැරළි තුළින් දේශපාලන බලය ඩැහැ ගැනීමට ජවිපෙ කළ උත්සාහයන් වලදී,ඡන්ද පැවැත්වීම තහනම් කොට ඡන්දපොලට ගිය ඡන්ද දායකයන් බුරුතු පිටින් ඝාතනයකරන ලදී. රාජ්‍ය පරිපාලනය කඩාකප්පල් කිරීමේ අටියෙන් ග්‍රාම සේවක නිලධාරීන් ඇතුලු රජයේ සුළු නිලධාරීන් සිය ගණන් ඔවුන් මරා දමනලදී. ප්‍රවාහන  පද්ධතිය කඩාකප්පල් කිරීමේ අටියෙන් ප්‍රවාහනසේවකයන් සිය ගණන් ඝාතනය කරන ලදී. රටේ නීතිය ක්‍රියාත්මක වීම නැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් ඝාතනය කරන ලදී. තම ත්‍රස්ථ ව්‍යාපාරය සඳහා ආයුධ එකතු කිරීමට ඔවුන් හමුදා කඳවුරු වලට පහර දුන්නේ, මුලු යුද හමුදාවම 1987කොටි සංවිධානයට එරෙහිව වඩමාරච්චි මෙහෙයුම සඳහා යොමුකොට තිබෙන අවස්ථාවකය. ඔවුන් දේශපාලන බලය ඩැහැගැනීම සඳහා කළ අරගලයේදීසන්නද්ධ හමුදා සාමාජිකයන් මරා දැමුවා පමණක් නොව කොටි සංව්ධානයවත් නොකල ආකාරයට සන්නද්ධ හමුදා සමාජිකයන්ගේ පවුල් වල සාමාජිකයන්ද ඝාතනය කලේය.

1987 – 89 ජවිපෙ දෙවන කැරැල්ල සමයේදී එහි ප්‍රධාන නායකයන් සිටියේ වෙනත් ගරිල්ලා සංවිධාන වල නායකයන් මෙන් කැලෑ වල නොව ධනවත් ව්‍යාපාරිකයන් හා ඉඩම් හිමියන් හැටියට වෙස් වලාගෙන සුඛෝපබෝගී ජීවති ගත කරමිනි. මේ සඳහා ඔවුන් මුදල් සොයා ගත්තේ බැංකු මංකොල්ල කෑමෙන් හා මහජනතාවගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීමෙන්ය. ජවිපෙ මන්ත්‍රීවරුන් මේ රටේ ඉපදී සිටින අවංකම, අහිංසකම දේශපාලඥයන් හැටියට රඟපාන හැටි පමණක් දැක තිබෙන අලුත් පරපුර ඔවුන්ගේ බිහිසුණු යටගියාවගැන කිසිවක් දන්නේ නැත. අද නිල විපක්‍ෂ නායකත්වය දරණ දෙමළ ජාතික සන්ධානයද, අවසන් මොහාත දක්වාම කොටි ත්‍රස්තවාදීන්ට සහයෝගය දැක්වූ දේශපාලන පක්‍ෂයක් බවද අපි අමතක නොකල යුතුය.

ජවිපෙ හා දෙමළ සන්ධානය වැනි දේශපාලන පක්‍ෂ නෛයිසර් ගිකව කතාවට දක්‍ෂ වුවත්, පරිපාලනයේදී අසමත්ය.2004–2005 සමයේදී ජවිපෙට චන්ද්‍රිකාකුමාරතුංග ආණ්ඩුව යටතේ බලගතු අමාත්‍යංශ හතරක් ලැබුණු  අතර ඉන් එකක් වූයේ කෘෂිකර්මඉඩම්,වාරිමාර්ග හා පශුසම්පත් අමාත්‍යංශයයි. එහි ඇමතිවරයා අනුරකුමාර දිසානායක වූ අතර නියෝජ්‍ය ඇමතිවරයා වුයේ බිමල් රත්නායකය. 2005 ජනවාරි 4 වන දා උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අංක 05/0036/039/002 දරණ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ දිසානාක ඇමතිවරයා විසිනි. අවුරුදු පනහක පමණ කාලයක් මුලුල්ලේ විවිධ ආණ්ඩු යටතේ සාකඡ්චා වෙමින් පැවති උමා ඔය ව්‍යාපෘතිය මගේ ආණ්ඩුව විසින් ක්‍රියාවට  නංවන ලදී.

2014 දෙසැම්බර් අවසානයේදී මගේ ආණ්ඩුව පරාජය වීමට දින කිපයකට කලින් උමා ඔය ව්‍යාපෘතිය සඳහා ඉඳිකරමින් පැවති උමං මාර්ගයක් තුළට ජලය කාන්දු වීමට පටන් ගත්තේය. මගෙන් පසු බලයට පත් වූ වැඩ බැරි ආන්ඩුව මේ ගැන නිසි කලට නිසි පියවර නොගැනීම නිසා ජල කාන්දුව වැඩිවී පලාත පුරාම භූගත ජලය අඩුවී ගොඩනැගිලි හා වගාවන් වලටද හානි සිදුවිය. මේ ආකාරයට උමා ඔය ව්‍යාපෘතියේ ගැටලු ඇති වූ විට ජවිපෙ කළේ මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමන් කල කාර්යභාරය ජනතාවගෙන් වසන් කරමින් ඇඳ යටට රිංගාගෙන මේ සියලුම ප්‍රශ්න ඇති වූයේ මගේ ආණ්ඩුව විසින් උඩරට ජල සම්පත් දකුණට හැරවීමට ගත් උත්සාහය නිසා යැයි ජනතාවටකීමයි.

ජවිපෙ ඇමතිවරයෙකු විසින් මුලපුරන ලද එකම මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘතිය  වෙනුවෙන් පෙනී සිටීම තියා එයටඔවුන් මුලපුරපු බවවත් පිලිගැනීමටආත්ම ශක්තියක් නැති,සුලු ගැටලුවක් මතුවුවත් වහාම ඇඳ යටට රිංගා ගන්නා පක්‍ෂයකට රටේ සංවර්ධනයක් ඇතිකල හැකිද?උමං හෑරීමේදී අනිවාර්යෙන්ම එයට ඉහලින් ඇති භූගත ජලය උමඟ තුළට කාන්දු වේ. මෙය වැලැක්වීමට උමඟ හාරන අතරම එය සීල් කල යුතු වේ.මේ වන විට උමා ඔය ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් අදාල උපකරණ ගෙන්වාගෙන ජල කාන්දුව පාලනය කර ඇත. සංවර්ධනව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ගැටලු නිරන්තරයෙන්ම ඇති වේ. පරිපාලකයන්ගේ කාර්යභාරය වන්නේ එවැනි ගැටලු ඇතිවූ විට විසඳුම් ලබාදීමය. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය වකවානුව පුරාම නැවත නැවතත් ඔප්පුකොට ඇත්තේ ඔවුන්ට කතා පැවැත්වීමට දක්‍ෂතාවයක් තිබුණත් වැඩ කිරීමට දක්‍ෂතාවයක් නැති බවයි. ඔවුන් විසින් දියත් කරන ලද සන්නද්ධ කැරළි අසාර්ථකවී,තරුණ ජීවිත 70,000 කට අධික ගණනක් නැති වූයේද මේ නිසාය. අසාර්ථක කැරළිකරුවන්ට සාර්ථක පරිපාලකයන් විය හැකි යැයි සිතන්නේ කවුද?

2001 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව සමඟ සම්බන්ධතාවයක්ඇතිකර ගැනීමෙන් පසු 2002 දී ජවිපෙට මුල් වතාවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීමට හැකි විය. 2006 දී මගේ ආණ්ඩුවට සහයෝගය දෙමින් සිටින සමයේ ඔවුන්ට නැවත වතාවක් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනා ගැනීමට හැකි විය. නමුත් 2011 දී අපෙන් වෙන්වීමෙන් පසු ඔවුන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පරාජය වී තුන්වන තැනට ඇද වැටුනේය.ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්‍ෂ, හුදු විරෝධකල්පික උද්ඝෝෂණකරුවන්ගේ දේශපාලන පක්‍ෂ වේ. 2004–2005 කාලය තුළදී ජවිපෙ අමාත්‍යංශ හතරක් පාලනය කිරීම, දෙමළ ජාතික සන්ධානය උතුරු පලාත් සභාව පාලනය කිරීමට සමාන විය. වැඩබැරි යහපාලන ආණ්ඩුවක් මෙන්ම වැඩබැරි යහපාලන විපක්‍ෂයක්ද මේ රටේ තිබෙන බව සියලුම ඡන්ද දායකයන් අවබෝධ කර ගැනීම වැදගත්ය. මේ යහපාලන පාර්ශව  දෙකම ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ යුතුවේ.

 

 මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

මගේ මූලික විෂය, එහෙමත් නැත්නම් මා වඩාත්ම ප්‍රිය කරන විෂය දැනුමයි. දැනුම යනූ කුමක් දැයි දැන ගැනීම මගේ අභිලාෂයයි. මේ සියලු දැනුම් බොරු බවත් ඒ අතර පට්ටපල් බොරු තිබෙන බවත් මා කලක සිට කියනවා. මේ බොරු බොරු බව පසක් කර ගැනීම, බුද්ධියෙන් තර්කයෙන් නොව, නිවන් අවබෝධය ලෙස මට සිතෙනවා. එතෙක් අපට බොරුවේ ජීවත් වන්න සිදු වෙනවා. මා නමින් ඇති සංකල්පයත් (මම) බොරුවක්. එහෙත් මේ බොරු ප්‍රතික්‍ෂෙප කළ යුතු යැයි මෙයින් ගම්‍ය වන්නේ නැහැ. මේ බොරු අතර මුසාවාද තිබෙනවා. ඒ බොරු විශේෂයක්. අප පන්සිල් ගන්නා විට මුසාවාද කීමෙන් වැළකීමේ සික්ඛාපදය සමාදම් වෙනවා. අප සාමාන්‍යයෙන් බොරු කියා කියන්නේ මුසාවාදවලට. එබැවින් මා බොරු යැයි කියන දේ බොහෝ දෙනා වැරදියට හිතා ගන්නවා.

මා අනෙක් විෂය සියල්ල ම පාහේ ගැන උනන්දුවන්නේ එහි දැනුම් ගැන කියන නිසා. ඒ සියල්ල ගැන ලිවීමට අවශ්‍ය වුවත් මේ දිනවල දේශපාලනයෙන් ඒ සඳහා ඉඩක් ලැබෙන්නේ නැහැ. අදත් මට දැනුම ගැන සාධාරණ ව (පොදුවේ) කතා කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ හඳුන්නෙත්තිගේ විශේෂිත දැනුම ගැන යමක් ලිවීමට තිබෙන නිසා. ඇතැමුන් කියන විධියට හඳුන්නෙත්ති කලකට පෙර ජ වි පෙරමුණෙන් ඉවත් වෙන්න හිටියා. එහෙත් ඔහුට ග්‍රහ (ගෘහ) බලපෑම් නිසා ඉවත් වීමට හැකි වී නැහැ. කොහොමටත් ඒ දැනුම ගැන මට සහතික වෙන්න බැහැ.

හඳුන්නෙත්ති ඊයේ පෙරේදා රැස්වීමක කියා තිබුණා බැඳුම්කරයට ප්‍රධාන වරදකරු මෛත්‍රිපාල කියා. ඔහුගේ නිගමනය පදනම් වන්නේ අර්ජුන් මහේන්දූන් පත් කරනු ලැබුයේ මෛත්‍රිපාල විසින් වීම මත. මෛත්‍රිපාල නම් කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමට තමන් විරුද්ධ වූ බවයි. එහෙත් හඳුන්නෙත්ති පෙන්වා දෙන්නේ මහේන්ද්‍රන් පත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලෙස මෛත්‍රිපාල විසින් බවයි. රනිලගේ/රවිගේ නිර්දේශය මත පදනම් වුවත් පත්වීම කර ඇත්තේ මෛත්‍රිපාල. නිරදේශ හැමවිට ම නිර්දෝෂ නොවන බව මෛත්‍රිපාල දැන හිටින්න ඇති. එහෙත් ඔහු නිර්දේශය පිළිගෙන ඒ අනුව ක්‍රියාත්මක වී තියෙනවා. එබැවින් හඳුන්නෙත්තිට අනුව වරදකරුවා වෙන කිසිවකු නොව මෛත්‍රිපාලයි.

එහෙත් ජනාධිපතිට මුක්තිය තිබෙන බැවින් ඔහුට විරුද්ධව නීත්‍යානුකූල ව ක්‍රියා කරන්න බැහැ. එසේ නම් කළ යුත්තේ කුමක් ද? මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙන් ඉවත් වී රනිල්ට දොර විවෘත කිරීම ද? හඳුන්නෙත්තිලාට අවසානයේ දී අවශ්‍ය වන්නේ රනිල් බව පැහැදිලියි. ඔවුන්ට අනුව බැඳුම්කරය පිළිබඳ ව රනිල්ට වරද පැටවෙන්නේ නැහැ. මෙහි දී අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. හඳුන්නෙත්ති කෝප් කමිටෙුව් සභාපති. ඔහු ඒ තනතුරට පත් කෙරුණේ රනිල්ගේ ඕනැ කමට. එහෙත් පත් කෙරුණේ පාර්ලිමේන්තුවෙන්. අනුර කුමාර විපක්‍ෂයේ සංවිධායක වූයේත් ඒ අයුරින්. රනිල් නොවන්නට ඔවුන්ට ඒ තනතුරු නැහැ.

මෙරට විවිධ නිකායවල විවිධ පාර්ශ්ව තියෙන ආකාරයට ආණ්ඩුවේත් විවිධ පාර්ශ්ව තියෙනවා. ඒ පාර්ශ්ව අතර ජ වි පෙ පාර්ශ්වයත් එකක්. දෙමළ සංධානය තවත් පාර්ශ්වයක්. මෛත්‍රිපාල කණ්ඩායමත් එක් පාර්ශ්වයක් පමණයි. අද මෛත්‍රිපාල පාර්ශ්වය තනියම කටයුතු කරනවා. හඳුන්නෙත්තිලා ඒ පාර්ශ්වයට පහර දෙමින් රනිල් ආරක්‍ෂා කරනවා. හඳුන්නෙත්තිගේ කෝප් වාර්තාවෙන් ද රනිල් ආරක්‍ෂා කෙරුණා. ඩිව් ගුණසේකර වාර්තාවෙන් එසේ නොකෙරුණු බවයි මගේ වැටහීම.

අද වෙන කොට රනිල්ගේ රෙදි ගැල වී ගොස්. අර්ජුන් මහේන්ද්‍රන් පත් කරනු ලැබුයේ ජනාධිපති ලෙස මෛත්‍රිපාල විසින් බව ඇත්ත. එහෙත් මහේන්ද්‍රන් එතැනට ගෙනාවේ රනිල්. මෛත්‍රිපාල එකල රනිල් කියන දේ පමණක් නොවෙයි චන්ද්‍රිකා කීියන දේත් පිළිගත්තා. දැනුත් චන්ද්‍රිකා කියන දේ පිළිගන්නවා. මෛත්‍රිපාල අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා පමණක් නොව ඩිව් ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න තිබිය දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ රනිල් මෙන් ම මහේන්ද්‍රන් ආරක්‍ෂා කිරීම සඳහා. ජ වි පෙ ඒ අවස්ථාවේ දී මෛත්‍රිපාලට විරුද්ධ වූයේ නැහැ. ඔවුන් ද සතුටු සිතින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිගත්තා.

අද රනිල් හා එ ජා පක්‍ෂය ද කියන්න සූදානම් වන්නේ මහේන්ද්‍රන් පත් කරනු ලැබුයේ මෛත්‍රිපාල විසින් බවයි. ඒ රෙදි ගැල වී ඇති රනිල්ට රෙදි ඇන්දවීමට. හඳුන්නෙත්ති කරන්නේත් එයයි. ආණ්ඩුවේ ජ වි පෙ පාර්ශ්වයට අද දී ඇති රාජකාරිය හෙවත් රනිල්කාරිය වී ඇත්තේ රනිල්ට රෙදි ඇන්දවීමයි. ඒ අතර ජ වි පෙ රනිල් කෙනිත්තීමකුත් කරනවා ජනතාවට පේන්න.

හඳුන්නෙත්තිලාගේ තරකය එහි තරකානුකුල අන්තයට ගෙන ගියොත් බැඳුම්කරයට වරදකරු වන්නේ හැට දෙලක්‍ෂයක ජනතාවක්. එයට හේතුව මොන යුග පෙරළිකරුවන් හිටියත් ඔවුන් පිටුපස මොන ඔත්තුසේවා හිටීයත් මෛත්‍රිපාල පත් කිරීමට ඡන්දය දී ඇත්තේ හැට දෙලක්‍ෂයක ජනතාවක්. ඒ අතර ජ වි පෙ නායකයන් මෙන් ම පාක්‍ෂිකයන් ද අනුගාමිකයන් ද හිටි බව එකල ජ වි පෙ නායකයන් කළ කතා බහෙන් පැහැදිලි වෙනවා. එසේ නම් මෛත්‍රිපාල පත්කර ගැනීමෙන් ජ වි පෙ නායකයන් ද ඇතුඵ හැට දෙලක්‍ෂයක ජනතාවක් අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමේ ක්‍රියාවලියට සහභාගි වී තියෙනවා. එයට අමතර ව ජ වි පෙ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේ දී හා කෝප් කමිටුවේ රනිල් ආරක්‍ෂා කිරීම මගින් මහේන්ද්‍රන් ආරක්‍ෂා කර තියෙනවා. මහේන්ද්‍රන් පත් කිරීමේ දී හා ආරක්‍ෂා කිරීමේ දී වඩාත් ම කාර්යක්‍ෂම ව රනිල්කාරිය කර ඇත්තේ හා කරන්නේ අනුර කුමාර හා හඳුන්නෙත්ති බව පෙනී යනවා.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-20

Published on: Jan 20, 2018 –  කරු මේ දවස්වල රනිල්ට 11වැනි වතාවටත් පිහියෙන් අනිමින් සිටින බව වාර්තා වේ. අගමැති සිහිනය දෙවරක්ම බොඳකරගත්, පක්ෂ නායකත්ව සිහිනය වාර ගණනාවක්ම බොඳකරගත් කරු දැන් යලිත් අගමැති සිහිනය දකිමින් සිටින අතර  ඒ සඳහා මෛත්‍රී ජනපති අගමැතිකම වෙනස් කිරිමට කටයුතු කරන්නේ නම් ඒ  මුලට තමන්ගේ නම දමා ගැනිමේ කුමන්ත්‍රණයක.

පසුගිය දින කිහිපයකම අගමැති රනිල් සහ මෛත්‍රී අතර ඇතිවෙමින් තිබු විරසකය පසුපස සුපිරි හෝටල් සංකීර්ණයක සිට ක්‍රියාත්මක වු කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වු අතර එහි තවත් එක් පියවරක් ලෙස අද දහවල් සිට මිරිගම පිහිටි කතානායක කරු ජයසුරිය මහතාගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදි අවධාරණය කර ඇත්තේ වත්මන් අගමැතිවරය ඉවත් කර නව අගමැතිවරයෙකු පත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් ඒ සදහා තිබේන එකම විකල්පය බවට කරූ පත්කිරිම මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේ.

පැය ගණනක් පැවැති එම සාකච්ඡාව සදහා රනිල් විරෝධි සජිත් පිළේ කිහිප දෙනෙකුද සහභාගි වි ඇති අතර රනිල්ගෙන් පක්ෂ නායකත්වය ගලවා ගැනිම සදහා 2015දි ශ්‍රිලනිප මහ ලේකම්වරය මහින්දගෙන් ගලවා පොදු අපේක්ෂකයා බවට පත්කර අද වනවිට ශ්‍රිලනිපය දෙකඩ කල අකාරයටම රනිල්ගෙන් එජාපය ගලවා එජාපය දෙකඩ කිරිමෙන් පසුව සජිත් -කරු වටා පක්ෂය එකරාශී කිරිම පහසුවෙන් කල හැකි බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

2005දී මහින්ද ජනාධිපති වෙලා ජාතික ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න එන්න කියලා කරුට ලියුමක් යැවු අතර කරු එදා ද හිතුවේ චන්ද්‍රිකා එක්ක ගහපු ගේම මෙදා මහින්ද එක්ක ගහන්න පුළුවන් වනු ඇති බවයි.ඒ අනුව යූ.ඇන්.පී. එකේ කොටසකුත් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවේ අගමැති වෙන්න කරු සැලැසුම් හැදු අතර අන්තිමේදී වැඩේ හරි යයි කියලා හිතලා 17 දෙනකුත් අරගෙන ආණ්ඩුවට ගියේය. ඒත් මහින්ද කරුට අගමැතිකම දුන්නේ නැත.

“මේ ඓතිහාසික මහා පුදබිම මේ බුදුන්වහන්සේගේ දේශය. මම මේ කියන්නේ සත්‍යයක් සැබෑවක් මිස බොරුවක් අසත්‍යයක් නොවෙයි. මම ගෙදර ගිහින් කතා කරලා කීවා මේ ප‍්‍රශ්නත් එක්ක මේ ගමන යන්න බැහැ නේද අපි ආණ්ඩුව වෙනස් කරමු කියලා ජනක ඇස්වලින් කඳුළු හළාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. මට කිව්වා ඔබතුමා මුහුණ දෙන දේවල්, ප‍්‍රශ්න, ගැටලු ගැන මම හරි වේදනාවෙන් ඉන්නේ කියලා. මම එදා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා දවස් 42 න් තමුන්නාන්සේලා දන්නවා. ඒ ආණ්ඩුව හැදුවේ ඇයි ?”යනුවෙන් පසුගිය (13) පස්වරුවේ දඹුල්ල ගම්උදා ක්‍රිඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත කල ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (ඉරිදා) ලංකාදිප පුවත් පතේ සංවාදයකට එක්වෙමින් ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා ප්‍රකාශයක්  කර තිබේ.

2015 දි මහින්ද රාජපක්ෂ විරෝධය අවුලන්න ඔබත් විශාල වශයෙන් දායක වුණා. දැන් මොකද හිතෙන්නේ?

“මම දැක්කා ජනාධිපතිතුමත් දඹුල්ලෙදි කියලා තිබුණා. ඔය කතාව. දැන් එතුමා ජනාධිපතිනේ. එතකොට මිනිස්සු පිළිගත්තේ එතුමා කියන කතාව. දැන් මමත් 25 වැනිදාට ඕකට උත්තරයක් දෙනවා. මගේ ගෙදරට ඇවිත් ඇඩුවේ කවුද කියලා දන්නේ මම. එතුමාට මම කිව්වා ප්‍රශ්න තියනවා. ඔබතුමාටත් ප්‍රශ්න තියනවා. හැබැයි අපිට යූ. එන්. පී එකත් එක්ක එකතු වෙන්න බෑ. ගිහිල්ලා එකතු වෙන්නේ යූඑන්පී එකත් එක්ක නම් ඊට වැඩිය හොදයි මේක කියලා. අපි හිටියේ එහෙම තැනක නැත්නම් අපිට යන්න තිබුණා. ගියා නම් මොකද අද, සදා සොත්ථිනේ? එහෙනම් ඉවරයිනේ අද, අද අපි කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා. අද මට කොන්දක් තියනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට හරි ප්‍රශ්නයක් ආවාම කෙලින්ම කිව්වා. ඇහුවේ නැති වුණාම තද වුණාම දොස් කිව්වා. ඒක වරදක්ද? මගේ දිස්ත්‍රික්කයේ මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. මම ඉඩම් ඇමති. ඌ ගහනවා අර ඉඩම් ඔප්පු වල ඌගේ ෆොටෝ එක ඒක වැරදියිනේ. මම ඒක ගිහින් කිව්වා. එතකොට තරහා යන්නේ නැද්ද? ඉඩම් ඇමතිට තරහා යන්නේ නැද්ද? එතකොට ඒ දේවල් වෙනකොට අපි කෑගැහුවා. ඒවා නතර කළා නම් මහින්ද මහත්තයා තාම ජනාධිපති”

ජනපති රැළියේ කල කතාව…

“මම ආණ්ඩුවෙන් එළියට යන්න සතියකට කලින් පොළොන්නරුවේ ගෙදර යන ගමන් කුරුණෑගල පහු කරලා මම දුරකතනයෙන් කතා කරලා ඇහුවා ජනක ගෙදර ඉන්නවා ද කියලා. කතා කරපු ගමන් ඔව් සර් මම ඉන්නවා කිව්වා. මම කීවා මම ගෙදර යන ගමන් මම එනවා කියලා. ජනක ඔයා කාලයක් තිස්සේ මට කීවා වැඩපිළිවෙළකට යමු කියලා. ඒවාගේම ඔයා මට කීවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කේන්දරය ඔයා බලලා කේන්දරයේ තියෙන දේවලුත් මට කිව්වා. ඒක නිසා මම යන ගමන් ඔයා හම්බ වෙන්න එනවා කියලා කිව්වා. ආණ්ඩුවෙන් එළියට යන්න සුමානයයි. එදා එතුමාගේ පවුලේ සියලු දෙනාම දඹුල්ලේ ගෙදර හිටියා.”

“මේ ඓතිහාසික මහා පුදබිම මේ බුදුන්වහන්සේගේ දේශය. මම මේ කියන්නේ සත්‍යයක් සැබෑවක් මිස බොරුවක් අසත්‍යයක් නොවෙයි. මම ගෙදර ගිහින් කතා කරලා කීවා මේ ප‍්‍රශ්නත් එක්ක මේ ගමන යන්න බැහැ නේද අපි ආණ්ඩුව වෙනස් කරමු කියලා ජනක ඇස්වලින් කඳුළු හළාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. මට කිව්වා ඔබතුමා මුහුණ දෙන දේවල්, ප‍්‍රශ්න, ගැටලු ගැන මම හරි වේදනාවෙන් ඉන්නේ කියලා. මම එදා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා දවස් 42 න් තමුන්නාන්සේලා දන්නවා. ඒ ආණ්ඩුව හැදුවේ ඇයි ?”

Published on: Jan 20, 2018 –  ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 23 දා කොළඹට කැඳවා තිබේන අතර එහිදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුන නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රිලනිපයේ සමාජිකත්වය ගෙන් වෙනත් පක්ෂයක් සමග එක්ව් සිටින මන්ත්‍රිවරුන් සදහා චොදන පත්‍ර යොමුකිරිම සදහා තින්දුවක් ගන්නා බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ එම පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රට පුරා පක්ෂය සංවිධානය කරමින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් විය යුතු බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව අතහැර විපක්ෂයට ගොස් විපක්ෂයේ බලය ඇල්ලිමට කටයුතු කලයුතු බවත් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් විසින් යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට සුදානමක් ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩුව කර ගෙන යන්න එක්සත් ජාතික පක්ෂයට ඉඩදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් විපක්ෂ නායකකම ගෙන දේශපාලනය කරමින් මේ කාලය ඇතුළත පක්ෂය ගොඩනැගිය යුතු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ විපක්ෂයට යන්නේ නම් විපක්ෂ නායක ධුරයට නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ ඩබ්ලියු ඩී ජේ සෙනෙවිරත්න මහාතා පත් කළ යුතු බවට ද එම ජ්‍යෙෂ්ඨ නායකයින් ජනාධිපතිවරයා හමුවේ යෝජනා කර තිබේ.

ජාතික ආණ්ඩුව අවසන්-මෛත්‍රී පිළ විපක්ෂ නායකකම ගනී…ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මකයි යනුවෙන් අප 2016 දෙසැම්බරයේදි අනාවරණය කල අතර එම වාර්තාව පහලෛන් කියවන්න…

http://198.211.112.164/archives/14724

මා විසින් අයුතු ලෙස උපයාගත් දේපල ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව ජන්ද කාලයේදී අලුත්ම උත්සාහයක නිරතව ඇත. මා විසින් වසර 32 ඇතුලත, නීත්‍යනුකූලව එතෙරදී උපයන ලද විදේශ විනිමය, ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශ ගිණුම් වල (NRFC) තැන්පත් කර ඇති අතර එම විදේශ මුදල් උපයෝගී කරමින් මෙම දේපල මිලදීගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග අනාවරණය කරනවා.

 

හිටං හුටං ආණ්ඩුවේ දඩුවම් මන්දිරය දේපල උදුරා ගත්තත්, රටට සත්‍යය එළිවි හමාරයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට ගෙන්වා තමාව දණ ගැස්වු බවට පසුගියදා එම සිද්ධියට මුහුණ දුන් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය අද(19) පිළිගනු ලැබිය.

ඌව ප්‍රධාන අමාත්‍යවරයාගෙන් සහ පළාත් අධ්‍යාපන ලේකම්වරියගෙන් එල්ල වු බලපෑම් හමුවේ දණ ගැස්සීමේ සිද්ධිය අනාවරණ කිරීමට නොහැකි වු බව ඇය අද හඬා වැලපෙමින් පවසා සිටියේය.

බොහෝ දේ ඉතා ඉක්මණින් සිදු වෙන කාලයක්. සමහර වෙලාවට මට හිතෙනවා පෙරහැර ඊයේ ගිහින් ඉවර වුණා ද කියලත්. එහෙම නොවේවා කියන එකත් පෙරහැර කෙළවර කිරීමට අවස්ථාව ලැබේවා කියන එකත් මගේ පැතුමයි. ඒ ප්‍රාර්ථනාව පෙරදැරි කර ගෙන මේ ලිපි ලියනවා. ප්‍රාර්ථනාවක් කොහොමටත් හොඳයි. බුදු බවත් ප්‍රාර්ථනා කරන්න ඕන.

අදත් සමහර පඬියන් හා පඬි පෝතකයන් කියන්නේ රනිල් හා මෛත්‍රිපාල රංගනයක යෙදෙනවා කියලා. ඒ පෙබරවාරි පළාත් පාලන ආයතන මැතිවරණය මුල් කර ගෙන. බැඳුම්කර වාර්තාව ඒ රංගනයේ කොටසක් කියලා ඒ අය කියනවා. වාර්තාවෙන් අගමැති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් වී නැහැ. එහෙත් වාර්තාවේ අගමැති ගැන සඳහන් වෙනවා. වාර්තාවෙන් අගමැති නිදොස් කරත් නැහැ. නිදොස් නොකරත් නැහැ. මින් මතු ඒ ඒ අය තමන්ට අවශ්‍ය අන්දමට අගමැති සම්බන්ධ වාර්තාවේ සඳහන් කරුණු අර්ථකථනය කරාවි.

රනිල් අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීම, ඔහු ගැන විශ්වාසය තැබීම, පාර්ලිමේන්තුවේ මහේන්ද්‍රන් ගැන ප්‍රකාශ නිකුත් කිරීමේ දී ඔහු ගැන විශ්වාසය තැබීම, මහේන්ද්‍රන් ගැන ගත යුතු පියවර නොගෙනීම ගැන වාර්තාවේ සඳහන් වුණත් නිර්දේශ කිසිවක් ඉදිරිපත් නො කෙරීමෙන් වාර්තාව විවිධ අර්ථකථනවලට භාජනය වේවි. රවි කරුණානායක ගැන එසේ නොවෙයි. යම් යම් කොන්දේසි යටතේ නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. අර්ජුන්ලා ගැන කොන්දේසි විරහිත ව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

රනිල් මෛත්‍රිපාල විරසකය ඇති වුණේ බැඳුම්කරය නිසා නො වෙයි. මෛත්‍රිපාල මුල දී බැඳුම්කරය ආරක්‍ෂා කළා. ඒ ඔහු ජනාධිපතිකමට පැමිණි කාලයේ. ඔහු ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න තිබිය දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එකල පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණේ සංධානයට. රනිල්ට හිටියේ මන්තත්‍රීවරු හතළිස් ගණනයි. එහෙත් සංධානයත් අඩුම තරමෙන් රනිල්ට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ නැහැ. ඩිව් ගුණසේකර වාර්තාව නැතිව වුවත් රනිල්ට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්න තිබුණා. ගෙනාව නම් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් නැති ව සිටි රනිල් පරදිනවා. එදා සංධානය මෛත්‍රිපාලට විරුද්ධ වීම මිසක් රනිල්ට විරුද්ධවීමක් කළේ නැහැ. සංධානයට අවශ්‍ය වූයේ මෛත්‍රිපාල පැරදවීම පමණයි. අවසානයේ දී ඩිව් ගුණසේකර වාර්තාව ඉදිරිපත් නොකිරීම පිළිබඳ මා අධිකරණය ඉදිරියට ගිය බව අද මට දේශපාලනය තේරෙන්නේ නැතැයි කියන පඬි පෝතකයන් දන්නේ නැහැ. සංධානයේ දේශපාලනඥයන් කිසිවකු නඩුව ගැන කිසිවක් මගෙන් ඈසුවේ නැහැ.

මෛත්‍රිපාල මුල දී රනිල් සමග සිටි නමුත් ක්‍රමයෙන් ප්‍රතිපත්ති ප්‍රශ්න ඇති වුණා. කොහොමටත් මෛත්‍රිපාල කණ්ඩායම සිංහල බෞද්ධ මතයට කන් දෙනවා. රනිල් ජාත්‍යන්තර ක්‍රිස්තියානි ආධිපත්‍යයේ ලංකා නියෝජිතයා. මංගල බටහිරයන් වෙනුවෙන් ඔහුගේ අග සෙනෙවියා. (රනිල් ඉවත් කරන්න සිදු විණි නම් බැරි තැනක දී ඔවුන් මංගල අගමැති කරන්න හිටියා.) මෛත්‍රිපාල හා රනිල් අතර භේදය ක්‍රමයෙන් වැඩි වුණා. ඒ අතර ජන විරෝධයකුත් පැන නැගුණා. මෛත්‍රිපාල බැඳුම්කර කොමිසම පත් කළා. පඬි පෝතකයන් එය රඟ පෑමක් ලෙස අර්ථදැක්වුවා. එහෙත් පසුව මහින්ද ජී එල් වැන්නන් ද පිළිගත්තා රනිල් හා මෛත්‍රිපාල අතර විරසයක් ඇති බව. එසේ වුවත් ඔවුන් ඒ විරසකය මගින්වත් රනිල් ඉවත් කිරීමට කටයුතු කෙළේ නැහැ. ටික කලකට පෙර ජී එල් හා කෙහෙළිය සමගාමී ලැයිස්තුව ඉවත්කර ගන්නා බවට ලිපියක් ද දුන්නා. මහින්ද ඒ බව දැන සිටියේ නැද්ද? දයාන් ජයතිලකලා එහි දී දුන් උපදෙස් මොනවා ද? පඬි පෝතකයන් හිතනවාට වැඩි දෙයක් දේශපාලනයේ සිදු වෙනවා.

මෛත්‍රිපාල රනිල් විරසකයේ උච්ඡතම අවස්ථාවක් පසුගිය දා අමාත්‍ය මණ්ඩලයේ උද්ගත වුණා. එය පෙබරවාරි මැතිවරණය උදෙසා කළ රඟපෑමක් කියා පඬි පෝතකයන් සිතනවා. එහි දී ද ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධ ව නැගී සිටියේ නැහැ. මෛත්‍රිපාල බලයට පත් වුණේ එ ජා ප ඡන්දයෙන්. මේ ඊනියා ජාතික ආණ්ඩුව බලයට පත් කෙරුවේ බටහිරයන් ඉන්දියාව මෙන් ම මහින්ද. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්න යැයි අප කොතෙකුත් කියද්දී මහින්ද මෛත්‍රිපාලට එරෙහිව එයට ඡන්දය දීමට සලස්වා තුනෙන් දෙකේ අනුමැතිය ලබා දුන්නා. එදා පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණේ මහින්දගේ කණ්ඩායමට. මහින්ද මෛත්‍රිපාලට පක්‍ෂ සභාපතිත්වය ලබා දීමට නොදෙවෙනි වරදක් එහි දී කළා.

මෛත්‍රිපාලට විශාල ජන බලයක් නැහැ. ඔහුට විරුද්ධව ජාත්‍යන්තර හා විවිධ බලවේග ඉන්නවා. ඔහුට පඹයා, පෙන්දා, කොන්දක් නැත්තා ආදී වශයෙන් නිග්‍රහ කර හරියන්නේ නැහැ. මහු ඊනියා පොදු අපේක්‍ෂකයා වී කෙළේ තදබල වරදක්. එහෙත් ඔහු එතැනට පත් කෙළේ කවු ද යන්නත් අප අමතක කළ යුතු නැහැ. ඔහුට අර බලවේග සමග සටන් කිරීමට ශක්තිය ලබා දිය යුතුයි. අවාසනාවකට ඔහුට පොහොට්ටුවෙන් ඒ ශක්තිය ලබා දෙන්නේ නැහැ. මා හිතන්නේ ඔහු තමන්ට තනිව යා හැකි උපරිම තැනට ගොස් ඇති බවයි.

ඔහුට විරුද්ධව අද නව පරපුරේ ගැහැණුන් අරක්කු බොන්න, විකුණන්න අවසර ඉල්ලා උසාවි යනවා. මේ නව පරපුරට නව අදහස් නැහැ. ඔවුන් දන්නේ බටහිර අදහස් අනුකරණය කිරීම පමණයි. එහෙම නැත්නම් බටහිර විධියට කටහඬ සකස් කරන්න උත්සාහ කිරීම. ඒ නව අදහස් නොවෙයි. බටහිරයන්ගේ ඉඳුල් කැමක් පමණයි. නැහැ පිළුණු මස් කෑමක් පමණයි. අද මෙරට ප්‍රශ්නය අප සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටිනවා ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා ද යන්නයි. රනිල් හා නව පරපුර පෙනී සිටින්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය වෙනුවෙන්. ගැහැණුන්ට අරක්කු බොන්න නිදහස ඉල්ලන්නේත් ඒ ආධිපත්‍යය වෙනවෙන්. බ්‍රේස්ලට් චුවිංගම් දෙන්න කතා කළෙත් අරක්කු පොවන්නෙත් සම ලිංගික පනත් ගෙනෙන්නෙත් ඒ ආධිපත්‍යය වෙනුවෙන්. මේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීම උගත් කමේ ලක්‍ෂණයක් ලෙස නිවට උගතුන් සලකනවා. සමලිංගික රාගයට ආදි යක්‍ෂ හෙළයන් කීවේ පීතල රාගය කියායි. ඊනියා ජාතිකවාදීන් බොහෝ දෙනා පෙනී සිටින්නේත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය වෙනුවෙන්.

සිංහල බෞද්ධ ජනතාව නියෝජනය කරන කොටස් පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ කුළල් කා ගැනීම නිසා රනිල් බලවත් වෙනවා. අද රනිල් ඉවත් කිරීමට නොහැකි නම් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව, එට්කා, රාජ්‍ය සම්පත් විකිණීම, රණවිරුවන් දඩයම් කිරීම ආදිය තව තවත් බලසම්පන්න වෙනවා. ඊනියා කම්කරු පංති අරගල ගැන කතා කර වැඩක් නැහැ. ඒවා කෑම දිරවා ගැනීමට, පාළුව මග හැරීමට කරන කතා පමණයි. රනිල් 2020 දී නොව පෙබරවාරියෙන් පසු ජනාධිපති කිරීීම ගැන ඇතැම් එ ජා පාක්‍ෂිකයන් කතා කරනවා. එසේ රනිල් ජනාධිපති කළ හැක්කේ මෛත්‍රිපාල ඉවත් කිරීමෙන් පමණයි. මෛත්‍රිපාලට ඉල්ලා අස්වීමට කියන ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරුන් තමන් රනිල්ට ජනාධිපති වීමට ඇති එකම බාධකය ඉවත් කිරීමට කටයුතු කරන බව දන්නේ නැහැ.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-18

බැඳුම්කර වංචාව පසුබිමේ අගමැතිවරයාගේ භූමිකාව….(කොමිෂන් සභා වාර්තාවේ 26 වැනි පරිච්ෙඡ්දය ඇසුරින්)

අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් තමන් 2015 ජනවාරියේ ඩුබායිහි සේවය කරමින් සිටි බවත් තමාට අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් දුරකතන ඇමතුමක් ලැබුණ බවත් මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙසත් තමන්ට ආරාධනා කරන ලද බවත් ප‍්‍රකාශ කළේය.

මේ තත්වය තුළ අගමැතිවරයාගෙන් ඔහු මහේන්ද්‍රන් මහතාට මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස ආරාධනා කරන ලද්දේ දැයි විමසන ලදුව ඔහු ”ඔව්, ඒක ඇත්ත. 2015 ජනවාරියේ මම ඔහුට ආරාධනා කළා” යැයි අගමැතිවරයා පැවසීය. අගමැතිවරයා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයා වූ අතර මහ බැංකු පැවතියේ එම අමාත්‍යංශය යටතේය.

මූල්‍ය නීති පනත 12(1) අනුව මහ බැංකුවේ අධිපතිවරයා පත්කළ යුත්තේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි. මහේන්ද්‍රන් මහතා එවකට මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත සහ / හෝ මහ බැංකුව භාර ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයා වශයෙන් අගමැතිවරයාගේ නිර්දේශ මත පත්කරන ලද්දේ දැයි කොමිසම විමසන ලදී.

අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

”2015 ජනවාරියේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මහ බැංකුවේ අධිපති ධුරය සඳහා මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු බවට ආණ්ඩුව තුළ පොදු එකඟතාවයක් තිබුණා. මම මේ යෝජනාව මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡුා කළා. ඔහු මහේන්ද්‍රන් මහතා වඩාත්ම සුදුසු පුද්ගලයා බවට එකඟ වුණා. ඒ අනුව මගේ එකඟතාවය සහිතව මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයාට මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු යැයි නිර්දේශ කළා. ඒ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කළා.”

මහේන්ද්‍රන් මහතා උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වුවද 2015 වසරට පෙර සිංගප්පූරු ජනරජයේ පුරවැසිභාවය ලබාගෙන තිබුණි. එබැවින් මහ බැංකු අධිපති ධුරය භාරගන්නා අවස්ථාව වන විට මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවීය. 2015න් පසුවද ඔහු ශ‍්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන නොතිබිණි.

මෙම තත්වය තුළ කොමිසම අගමැතිවරයාගෙන් විමසා සිටියේ මහ බැංකු අධිපති ධුරයේ වගකීම් දැරීම සඳහා ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු සුදුසු වන්නේද යන්නය.

ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ පැවසීය.

“පත්කරනු ලබන මොහොත වන විට මහේන්ද්‍රන් මහතා ලංකාවේ පුරවැසියෙකු නෙමෙයි. එහෙත් ඔහු උපතින් ශ‍්‍රී ලාංකිකයෙක්. ඔහු කොළඹ පදිංචිවී සිටින දෙමව්පියන් බැලීම සඳහා නිතිපතා පැමිණීමට පුරුදුව සිටිනවා. ඒ වගේම ඔහුට ශ‍්‍රී ලංකාව ගැන බලවත් උනන්දුවක් හා සම්බන්ධතාවයක් පැවතුණා… ”

“මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලාංකිකයෙකු නොවීම මහ බැංකු අධිපති ධුරයට පත්කරනු ලැබීමට නුසුදුසුකමක් හෝ නීතිමය බාධාවක් නෙමෙයි. මහ බැංකුවේ පළමු අධිපතිවරයා වූ ජෝන් එක්ස්ටර් ද ඇමරිකානු පුරවැසියෙක්. එංගලන්ත බැංකුවේ වත්මන් අධිපතිවරයා වන මාර්ක් ජෝෂප් කාර්නේ බ්‍රිතාන්‍යයේ ජාතිකයෙක් නෙවෙයි, කැනඩා ජාතිකයෙක්.”

1949දී එවකට ලංකා මහ බැංකුවේ (Central Bank of Ceylon) අධිපති ධුරයට ජෝන් එක්ස්ටර් මහතා පත්කර තිබුණේ වෙනස් පරිසරයක් තුළයි. 1949 අංක 58 මූල්‍ය නීති පනතේ ප‍්‍රධාන කර්තෘ ද වන ඔහු එය සම්මත කරනු ලැබීමෙන් පසු අධිපති ධුරයට පත්කරනු ලැබ තිබිණි. එය ලංකාවේ පවතින වත්මන් තත්වයන් සමඟ සමපාත වන්නේ යැයි අපි නොසිතමු. එසේම 2013දී එංගලන්ත බැංකුවේ අධිපති ධුරයට පත්කරනු ලැබීමෙන් පසු මාර්ක් කාර්නේ මහතා තමන් කැනඩා පුරවැසිභාවය දරන අතරම බ්‍රිතාන්‍යය පුරවැසිභාවය සඳහා අයදුම් කර ඇතැයි ප‍්‍රකාශ කළ බව ප‍්‍රකට කරුණකි.

මේ තත්වය තුළ ගැටලූව වන්නේ, මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපති ධුරයට පත්කරනු ලැබීම වැළැක්වීම සඳහා ඔහු ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවීම නීතිමය බාධාවක්ව නොතිබීම නොවේ; ශ‍්‍රී ලංකා පුරවැසියෙකු නොවන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කරනු ලැබීම ඥානවන්ත ක‍්‍රියාවක් ලෙස සැලකූවන් විසින් ගන්නා ලද ‘වැදගත් තීරණයක්’ වීමය.

2015ට පෙර මහ බැංකුව පැවතියේ මුදල් අමාත්‍යංශය යටතේය. 2015දී මහ බැංකුව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට ගනු ලැබිණි.මෙම තීරණය විධායකය විසින් ගන්නා ලද්දක් වන අතර අපගේ විෂය පථයෙන් මුළුමනින්ම පරිබාහිරය.

අනතුරුව කොමිසම අගමැතිවරයාගෙන් විමසුවේ මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් පර්පර්චුවෙල් ටෙ‍්‍රෂරීස් නම් ප‍්‍රාථමික ගැනුම්කාර සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂවරයා බව දැන සිටියේද යන්නය. එසේම මෙම තත්වය මහ බැංකු අධිපතිවරයා ලෙස මහේන්ද්‍රන් මහතාගේ රාජකාරී ඉටුකිරීමේදී ලැදියාවන් අතර ගැටුමක් ඇති කිරීමේ ඉඩක් ලෙස පවතින බව දැන සිටියේ දැයි කොමිසම අගමැතිවරයාගෙන් ඇසීය.

පිළිතුරු වශයෙන් අගමැතිවරයා කීවේ ඇලෝසියස් මහතා පර්පර්චුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂවරයා බව තමන් දැන සිටි බවයි. ඔහු මෙසේද පැවසීය.

“මහේන්ද්‍රන් මහතාට මහ බැංකු අධිපති ධුරය පිරිනමද්දී ඇලෝසියස් මහතාට පර්පර්චුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වන ලෙසටත් සමාගමේ ව්‍යාපාරික කටයුතුවලදී කිසිදු ලෙසකින් මැදිහත් නොවන ලෙසටත් මම දැඩිව කියා සිටියා. එසේම මම ඇලෝසියස් මහතාට සමාගමේ ඔහුගේ සියලූම කොටස් අයිතියෙන් ඉවත්වන ලෙසටත් නිර්දේශ කළා. මේ බව මම මහේන්ද්‍රන් මහතාට සහ ඇලෝසියස් මහතාට යන දෙදෙනාටම දැනුම් දුන්නා. ඒ අනුව ඇලෝසියස් මහතා ජනවාරි මාසයේ ප‍්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් සහ අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වුණු බව මට දැනගන්න ලැබුණා. එසේම හැකි ඉක්මනින් කොටස් හිමිකාරිත්වයෙන්ද ඉවත්වන බවද මට දන්වා සිටියා. මේ පිළිබඳව මා විමසා සිටි අවස්ථාවේ ඇලෝසියස් මහතා සමාගමේ කිසිදු ව්‍යාපාරික ක‍්‍රියාකාරිත්වයක නිරත නොවුණු ඇතැයි මහේන්ද්‍රන් මහතා මට නැවත නැවතත් සහතික කර කියා සිටියා”…

2017 නොවැම්බර් 20 කොමිසම විසින් අගමැතිවරයාගෙන් අර්ජුන ඇලෝසියස් මහතා අඛණ්ඩව පර්පර්චුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයෙන් පරම හිමිකාරිත්වය සහිත පර්පර්චුවල් කැපිටල් හෝල්ඩිංග්ස් ලිමිටඞ් ආයතනය සහ පර්පර්චුවල් කැපිටල් ආයතනයේ කොටස් හිමිකරුවෙක් සහ අධ්‍යක්ෂවරයා ලෙස සිටින බව දන්නේ දැයි විමසා සිටි අවස්ථාවේ අගමැතිවරයා තමා එම කරුණ නොදැන සිටි බව කියා සිටියේය…

ලැබැඳියාවන් අතර ගැටුමක් ඇතිවිය හැකිවීම පිළිබඳව මහේන්ද්‍රන් මහතාගෙන් විමසුවේ දැයි කොමිසම අගමැතිවරයාගෙන් විමසීය. අගමැතිවරයා මෙසේ කීය. ”බෑනා ප‍්‍රාථමික බැඳුම්කාර සමාගමක් සමඟ සබඳතාවයක් තිබෙන බැවින් ලැබැඳියාවන් අතර ගැටුමක් ඇතිවිය හැකි යැයි මම බොහෝ අවස්ථාවල මහේන්ද්‍රන් මහතාට දැනුම් දුන්නා. ඇලෝසියස් මහතා සමාගමේ ක‍්‍රියාකාරිත්වයක නියැලෙන්නේ නැතැයි මහේන්ද්‍රන් මහතා මට නැවත නැවත සහතික කර කිවුවා. ඒ නිසා මම ලැබැඳියාවන් අතර ගැටුම්කාරී තත්වයක් පැන නොනගින බවට විශ්වාසයකින් සිටියා…”

කොමිසම ලෙස අප අදහස් කරන්නේ තමාට දුන් පොරොන්දුවලට අනුව මහේන්ද්‍රන් මහතා සැබැවින්ම කටයුතු කරන්නේද යන්න ස්වාධීනව තහවුරු කර ගැනීමට අගමැතිවරයා විසින් විචක්ෂණශීලී ක‍්‍රියාමාර්ගයන් ගත යුතුව තිබූ බවය.

2015 පෙබරවාරි 27 දින පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මහේන්ද්‍රන් මහතා වෙන්දේසියට මැදිහත් වූ බවට චෝදනා ගණනාවක් එල්ල වූ අවස්ථාවේ අගමැතිවරයා මෙම කරුණ සොයා බැලීමට ත‍්‍රිපුද්ගල ‘පිටිපන කමිටුව’ පත්කළේය.

ජ්‍යෙෂ්ඨ සහ ප‍්‍රකට නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුත් ‘පිටිපන කමිටුවේ’ සාමාජිකයින් රජයේ සුරැකුම්පත් සහ රාජ්‍ය ණය වැනි සාපේක්ෂ සංකීර්ණ විෂය පථයක් පිළිබඳව තාක්ෂණික දැනුමක් හෝ ප‍්‍රායෝගික අවබෝධයක් සහිත වූවන් නොවූ බව කොමිසමේ අදහසයි. මෙම කමිටුවට තමන් පරීක්ෂාවට ලක් කරන්නා වූ කරුනේ තාක්ෂණික හා ප‍්‍රායෝගික පැතිකඩ පිළිබඳව දැනුම සහ අත්දැකීම ඇති සාමාජිකයින් සිටියේ නම් පරීක්ෂණ කමිටුව කාර්යක්ෂම විය හැකිව තිබූ බව කොමිසම අදහස් කරයි.

අගමැතිවරයා විසින් 2015 මාර්තු 17 පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලද ප‍්‍රකාශයේදී අගමැතිවරයා මහේන්ද්‍රන් මහතා පෙබරවාරි 27 දින පැවැති බැඳුම්කර වෙන්දේසියට මැදිහත් නොවූ බව කියා තිබිණි. එහෙත් මහේන්ද්‍රන් මහතා සහ මහ බැංකු නියෝජ්‍ය අධිපති සමරසිරි අගමැතිවරයාව හිතාමතාම නොමග යවා ඇති බවත් බැඳම්කර වෙන්දේසිය පිළිබඳව සත්‍ය තත්වය වෙනස් කළ තොරතුරු අගමැතිවරයාට ලබාදී ඇති බවත් අපට පෙනී යයි.

පාර්ලිමේන්තුවේ දිග හැරුණු සිදුවීම් පිළිබඳව කිසිදු මත දැක්වීමක් හෝ නිගමන දීමට බලාපොරොත්තු නොවන අපි අගමැතිවරයා මහේන්ද්‍රන් මහතා සහ නියෝජ්‍ය අධිපති සමරසිරි විසින් තමා වෙත දෙන ලද සංක්ෂිප්ත සටහන සහ වාර්තාව මත විශ්වාසය තබා යම් ප‍්‍රකාශයක් කිරීමට 2015 පෙබ. 27 දින මහබැංකුවේ සිදුවූයේ කුමක්ද යන්න ස්වාධීනව තහවුරු කරගත යුතුව තිබූ බව විශ්වාස කරමු.

‘පිටිපන කමිටු’ වාර්තා පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසියේදී කිසිදු අක‍්‍රමිකතාවයක් සිදු නොවූ බව වාර්තා කරද්දී මහේන්ද්‍රන් මහතා (ඔහු පිටිපන කමිටුවේ පරීක්ෂණ අවසන් වන තෙක් නිවාඩු ලබා සිටියේය)වාර්තාව ලබාදීමෙන් පසු කිසිදු අක‍්‍රමිකතාවයක් සොයා ගැනීමට අසමත් වූ නිසා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නැවතත් වැඩ භාරගත්තේය.

දැනුම සහ අත්දැකීම ඇති සාමාජිකයින් සහිත කමිටුවක් හෝ වෙනත් ව්‍යූහයක් විසින් මෙම පරීක්ෂණය මෙහෙය වූයේ නම් මෙම තත්වය වෙනස් විය හැකිව තිබුණේ යැයි අපි සිතමු…

තමන්ගේ සාක්ෂිය තුළ අගමැතිවරා පැවසුවේ මෙම කරුණ පාර්ලිමේන්තුව අතට පත්වීමෙන් පසු (කෝප් කමිටුව) ඒ පිළිබඳව තමන්ට වැඩිදුර කි‍ ක්‍රියාමාර්ග ගත නොහැකි වූ බවය.

මහේන්ද්‍රන් මහතාට එරෙහිව අක‍්‍රමිකතා සහ සාවද්‍ය චේතනා පිළිබඳව කිසිවක් සොයා ගැනීමට ඒ වනතෙක් නොහැකිවීම නිසා මහේන්ද්‍රන් මහතා 2016 ජුනි 30 ඔහුගේ ධුර කාලය අවසන් වන තෙක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු නැවත පත් නොකෙරිණි.

බැඳුම්කර කොමිෂම් සභා වාර්තාවේ 848-855 පිටු ඇසුරිනි.

Top