බැදුම්කර මුල්‍ය වංචාව හරහ බිලියන් ගණනින් රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑමට නොදෙවෙනි කූප්‍රකට හොරුන් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ ගෙන්විම මුවාවෙන් රටේ ජනතාවගේ බිලියන් ගණනක් බදු මුදල් වලට කෙලවිමේ උත්සහයන් කිහිපයක්ම අප විසින් අනාවරණය කල අතර ඒ පිළිබඳව රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ අවධානය යොමුවි තිබේන බවටද අපට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

එජාපයේ කුප්‍රකට ආර්ථික ඔස්තාර්ලා සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් රටේ අතලොස්සක් වු වාහන මාෆියාකරුවන්ගේ උවමනාවන් ඉටුකිරිමට බව එම බදු අයකිරිමේ ක්‍රියාවලිය කූට ආකාරයට සකස් කර ඒ තුලින් මාෆියාකරුවන්ට රිසිසේ රිංගා යැමට ඉඩ සලසා දිම නිසා බව තවදුරටත් තහවුරු වෙමින් තිබේ.

මිලියන 20කට අධික බදු මුදල් වංචා කරමින් පසුගියදා ගෙන්වු GTR වර්ගයේ මෝටර් රථය…

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ගජයෙකු වු B.R.J.W. Enterprises (Pvt) Ltd නැමති මෝටර් රථ ගෙන්වා බෙදාහරින ආයතනයේ හිමිකරු වන ධරින් විරසිංහ(Darin Weerasinghe ) නැමත්තා විසින් පසුගිය කලසිමාව පුරාම සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රැසක්ම රජයට ගෙවියයුතු නිසි බදු ගෙවිමකින් තොරව ගෙන්වා ඇති රවීගේ ඇමතිකම අහිමිව් ඇති මොහොතකද Nissan GT-R වර්ගයේ මෝටර් රථයක් සත පහක බදු ගෙවිමකින් තොරව ලංකාවට ගෙන්වා තිබේ.

අදාල Nissan GT-R වර්ගයේ මෝටර් රථය බදු ගෙවිමකින් තොරව නිදහස් කරගෙන ඇති අතර ඒ හේතුවෙන් රජයට අහිමී වි ඇති බදුමුදල් ප්‍රමාණය මිලියන 20ද ඉක්මවා තිබේන බව අනාවරණය වි තිබේ.

රවි කරුණානානයක මුදල් ඇමතිවරයාව සිටි සමයේ එක්සත් රාජධානියේ භාවිතයෙන් ඉවත් කල ජලය පිරිපහදු කර පිරිසිදු පානීය ජලය බවට පත්කරන උපාංගයක් ගෙන්වා රවී ගොනාට අන්දවාගත් ධරින් පසුව එම උපකරණය රැගෙන ගොස් ජනාධිපතිවරයාටද මැජ්ක් පෙන්වන්නට ගොස් ඇනගැනිමෙන් පසුව එම උපකරණයද සමගම වාෂ්ප වි ගිය අයෙකි.

BRJW පුද්ගලික සමාගම හරහා අදාළ උපකරණය ගෙන්වන මුවාවෙන් බදු රහිත වාහන කිහිපයක්ම රටට ගෙන්වු ධරීන් එ වෙනුවෙන් රවිගේ සාක්කුවට මුදල් දැමු බව කවුරුත් දන්නා රහසකි.

ධරින් විරසිංහ කල් ඉකුත්ව එක්සත් රාජධානියෙන් ඉවත් කල වතුර ෆිල්ටරයෙන් රවීව පෙරා ගත් අවස්ථාව …..

මහ බැංකු බැදුම්කර සිද්ධියේ චූදිතයින්ට ද`ඩුවම් කිරීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට භාරදෙන ලෙස ලබන සතියේ ලංකාවට එ්මට නියමිතව ඇති සිංගප්පුරු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමේ හැකියාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඇතැයි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල් පීරිස් මහතා පවසයි.

ඊයේ (17) බොරැල්ල ඇන්. ඇම්.පෙරේරා කේන්ද්‍රයේ එ්කාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුවට එක් වෙමින් මහාචාර්ය වරයා සදහන් කළේ හිටපු මහ බැංකු අධිපතිවරයා නැවත මෙරටට නොපැමිණෙන බව පවසා සිංගප්පූරුවට ගොස් ඇති බැවින් ඔහු ගෙන්වා ගැනීමට මෙය කදිම අවස්ථාව මෙය බවයි.

මේ ආණ්ඩුව පත්වෙලා තිබෙන්නේ ලෝකයට විහිළු සැපයීමටයි. පාර්ලිමේන්තු මන්ත්‍රි මරික්කාර් කියනවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පික් පොකට් ජනාධිපතිවරයෙක් බව. අගමැතිවරයාගේ අනුදැනුමකින් තොරව මේ වචන භාවිත කරන බව කිසිවෙක් විශ්වාස කරනවාද.

කිසිම රටක පාර්ලිමේන්තු ක්‍රමය තුළ කැබිනට් ක්‍රමය තුළ අපි නොදැකපු දේවල් තමයි දැන් දකින්න තියෙන්නේ. ජනාධිපතිවරයා ඔහුගේම කැබිනට් එකේ ඉන්න බෑ කියලා නැඟිටලා යනවා. මේ ආණ්ඩුව ඇයි මේ විදිහට සමඟියක් එකමුතුකමක් නැතුව තියාගෙන ඉන්නේ. මෙතැන තියෙන්නේ යුද්ධයක්. එකට වැඩකිරීමේ හැකියාවක් කිසිසේත්ම නැහැ.

කැබිනට් මණ්ඩලය කුළල් කා ගැනීමත් ප්‍රශ්නයක් නොවෙයි. අනේ‍යාන්‍ය යැපීමයි මේ ආණ්ඩුවේ අඩිතාලම. රවිගේ සහ මහේන්ද්‍රන්ගේ පත්වීම් කළේ තමාගේ විරෝධය මැද කියලා ජනාධිපති කියනවා. අගමැතිට ජනපති බලතල දුන්නාලු. මේක සිරිසේන මහතාගේ පෞද්ගලික බූදලයක් නොවෙයි. අර්ජුනගේ සහ රවිගේ පත්වීම් කළේ ජනාධිපතිවරයා අතින්මයි. මේ කතා කියලා ජනතාව ගොනාට අන්දවන්න බැහැ.

අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකය ඉදිරියේ හෑල්ලු වෙලා. මුදල් ඇමැති කරන දේ ජනාධිපති දන්නේ නැහැ. එතුමා විධායක ජනාධිපති වුණාට කතා කරන්නේ පොඩි බබෙක් වගේ. මේක මුදල් ඇමැතිගේ ආණ්ඩුවක්ද, සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක්ද. රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න මේ අය කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. මේ දෙපළ තනතුරුවල සිටින තුරු රටේ දැවැන්තම හොරකම කළ පුද්ගලයන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා සුදනා වෙන්න දරන මෙම උත්සාහය සාර්ථක නැහැ.

ඉදිරි සතියේ ලංකාවට පැමිණීමට නියමිත සිංගප්පූරු අගමැතිවරයාට මහ බැංකුව සුද්ද කළ අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට භාරදෙන ලෙස ඉල්ලීමක් කළ හැකියි. නමුත් එලෙස කිරීමට ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ කිසිම සූදානමක් නැහැ.

තිස්සමහාරාම කෝන්වැලෑන ග්‍රාමනිලධාරී වසමේ පසුගිය 09වනදා සිදුව තිබෙන සමූහ දූෂණයට සම්බන්ද තරුණයන් තිදෙනා එක්සත් ජාතික පක්ෂයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන අපේක්ෂකයන් විසින් සිය මැතිවරන ප්‍රචාරක කටයුතු සඳහා සෘජුවම දායකකරගත් තිදෙනෙකු බව වාර්තා වේ.

මෙම තරුණයන් තිදෙනා විසින් කෙළසා දැමූ 14 හැවිරිදි බාලවයස්‌කාර දැරිය ගෙලවැලලාගෙන සියදිවි නසාගැනීමට සූදානම්වුවද එය ව්‍යාර්ත කර ඇය රෝහල්ගත කිරීමට ඥාතීන්ට හා ප්‍රදේශවාසීන්ට හැකි වුවත් දින 5ක් පුරා හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද ඇය පසුගිය 15වනදා ජීවිතක්ෂයට පත්විය.

දූෂණයට ලක්‌වූ දැරිය රෝහල් ගතකිරීමෙන් පසු දැරිය දූෂණයට ලක්‌ කළ තිස්‌සමහාරාම ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනා 11 වැනි දින අලුයම යාල රක්‌ෂිතයේ සැඟව සිටියදී ගම්වාසීන් විසින් සොයාගෙන වීරවිල පොලිසියට භාරදී තිබේ. පොලිසිය සැකකරුවන් තිදෙනා තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත. බන්ධනාගාර ගත කෙරුණු තරුණයෝ තිදෙනා ගම්වාසීන්ගේ පහරකෑමට ලක්‌වීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසුවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව යටතේ ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර සිටිති.

මේ වනවිට අනාවරණය වන කරුණු අනුව පසුගිය 09වනදා සන්ද්‍යාවේ ඇගේ පෙම්වතා වන ඊ.ඩී රොෂාන් ඩිලාන ඔහුගේ මිතුරෙකු වන ජී.ජී. ලහිරු ප්‍රසන්න සහ තවත් මිතුරෙකු එක්ව තරුණියගේ නිවස අසළ මත්පැන් පානය කර ඇත. එහි මත්පැන් පානය කර සිටි මෙම තරුණයන් තිදෙනා දැරියගේ නිවස අසලට ගොස්‌ ඇය නිවසින් එළියට ගෙන්වාගෙන වෙනත් තැනකට රැගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌කර තිබේ. පසුව දූෂණයට ලක්‌වූ බාලවයස්‌කාරිය නැවත 10වනදා අලුයම නිවසට ගෙනත් දමා ඇත.

මෙහි නම් සඳහන් ජී.ජී. ලහිරු ප්‍රසන්න නම් තරුණයාගේ පියා ජයසිරි වන අතර ඔවුන් ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෝ වෙති. එක්සත් ජාතික පක්ෂයට මාගම කොට්ඨාසයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය දමා ඇත්තේද මෙම ජී.ජී. ලහිරු ප්‍රසන්නගේ නිවසේ වන අතර නව යොවුන් වියේ පසුවන මෙම තරුණයන් තිදෙනාට මත්පැන් ලැබී ඇත්තේද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගෙන්ම බවද පැවසේ. ඔහු නිතර සිය ආධාරකරුවන්ට මත්පැන් සංග්‍රහයන් ලබා දෙන බවත් පැවසේ.

මෙම දැරියගේ නිවසට පෙරේදා (16) පැමිණ ඇති නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයත් ඔහුගේ අපේක්ෂකයාත් මෙම අපරාධයට සම්බන්ධ නැතැයි පවසමින් රුපියල් 25,000ක මුදලක් එම දැරියගේ ඥාතීන් වෙත ලබාදී ඇත.

කෙසේ නමුත් මේ වනවිට ප්‍රදේශය පුරා කළු කොඩි ඔසවා ඇති අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ප්‍රචාරක කාර්යාලයද ගලවා ඉවත් කර තිබේ. එම අපේක්ෂකයාට ප්‍රදේශයෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේ ඔහු සැඟවී සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

සජිත් ප්‍රේමදාසගේ ගොලයන්ගේ ස්ත්‍රී දුෂණ සම්බන්ධයෙන් අප අවස්ථා කිහිපයකදිම අනාවරණය කලද පොලිස්පතිවරයාගේ නීතිය නැමිල්ල සජිත් ඉදිරියේ දෙකට නැමුනා විනා ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුයේ  නැත.

පහත දැක්වේන්නේ අප විසින් කලින් කරන ලද අනාවරණයන් වේ..

http://198.211.112.164/archives/12731

http://198.211.112.164/archives/12932

http://198.211.112.164/archives/14212

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගෙන සිටින නායකයකු අගමැති ධුරයට පත් කර ගෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී නොමැති එක්සත් ජාතික පක්ෂයේ සහ විපක්ෂයේ තවවත් මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කර ගනිමින් පිරිසිදු සහ අලුත් ජාතික ආණ්ඩුවක් බිහි කළ යුතු බවට ද එම පක්ෂයේ තවත් පිරිසක් ජනාධිපතිවරයාට බල කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වි ඇති බවට ඒජාප ජ්‍යෙෂ්ඨයන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

අවස්ථා ගණනාවක එජාපයේ රනිල් විරෝධි පිළ අගමැතිකමින් රනිල් ඉවත් කිරිම සදහා විවිධ කුමන්ත්‍රණ දියත් කල අතර පසුව මහ බැදුම්කර වංචාව හරහා එම කුමන්ත්‍රණය උග්‍ර කිරිමට එම කණ්ඩායම් සමත් වු බවත් මේ වනවිට අදාළ කණ්ඩායම් හදුනාගෙන ඔහුන් මර්දණය කිරිම සදහා මෙහෙයුම් දියත් කර තිබේන බවද දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කර ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර මත ගැටුම් අති කිරීමේ සැලසුම්සහගත වැඩ පිළිවෙළක් පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් වී ඇති බවත් ඒ සදහා ජනපති සමග මෙන්ම අගමැති සමග සිටින කිහිප දෙනෙකුද කටයුතු කර ඇති අතර සිරස නාලිකා හිමිකරු කීළී මහරාජා එම මෙහෙයුම පසුපස සිටින බවද අනාවරණය වි තිබේ.

පළාත් පාලන මැතිවරණය අවසන් වු වහාම අදාළ කුමන්ත්‍රණකරුවන් සිය තනතුරු වලින් පහකර දැමිමට සහ ඔහුන්ට අදාළව ඇති පැරණි දුෂණ,වංචා චොදනා පදනම් කර ගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමටද එජාපය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

http://198.211.112.164/archives/11273

http://198.211.112.164/archives/13967

http://198.211.112.164/archives/16587

මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ වංචාසහගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය ජනවාරි මස 27 වනදා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය 30වනදා ජනාධිපතිවරයා වෙත ලබාදුන් අතර එහි ඉංග්‍රීසි පිටපත් 26ක් අද (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දී තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ උක්ත වාර්තාවේ නිර්දේශ 30 අතරින් වැදගත්ම නිර්දේශ කිහිපය පහතින් දැක්වෙන අතර එහි එවකට මුදල් ඇමතිව සිටි රවී කරුණානායක, මහ බැංකුවේ එවකට අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු පිරිස සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සඳහන් වේ.

(15) සේවක අර්ථසාධක අරමුදල (EPF) භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ ගනුදෙනුවලදී කටයුතු කර ඇති සැකකටයුතු අවස්ථා ගණනාවක් අප විසින් හඳුනා ගනු ලැබ ඇත.

මූල්‍ය මණ්ඩලය විසින් සිදු කරනු ලබන සියුම් පරීක්ෂාවකදී EPF වෙත සිදුව ඇති සම්පූර්ණ පාඩුව සහ ඊට වගකිව යුතු අය හඳුනා ගැනීමටත් වගකිව යුත්තන්ගෙන් ඒවා ආපසු ලබා ගැනීමටත් කටයුතු කළ හැකි වෙතැයි අපි විශ්වාස කරමු.

(17) 2015 පෙබ. 27 බැඳුම්කර ගනුදෙනුවේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ මැදිහත්වීමේ සෘජු ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජයට සිදුව ඇති, වළක්වාගත හැකිව තිබූ පාඩුව රුපියල් හැටඅටකෝටි අසූහත් ලක්ෂ හැටදෙදහස් එකසියයකි (රු. 688,762,100).

මේ පාඩුවට මහේන්ද්‍රන් මහතා වගකිව යුතුය. මෙය ඔහුගෙන් අයකර ගැනීමට නිර්දේශ කරමු.

(18) මහේන්ද්‍රන් මහතා රුපියල් බිලියන 10,058ක වටිනාකමක් ඇති බැඳුම්කර නිකුත් කරන ලෙසට නියෝග කර ඇති අතර එමගින් සාවද්‍ය ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වෙන්දේසියේදී වැඩි අගයක් ලබා ගැනීමට හැකි වී ඇත. පෙබරවාරි 27 වෙන්දේසියේදී ලාභ ලැබීම සඳහා මහේන්ද්‍රන් මහතා පර්පෙචුවල් සමාගමට අභ්‍යන්තර තොරතුරු (මිල සංවේදී තොරතුරු) ලබාදී ඇත.

මෙලෙස ඉපයූ රුපියල් හැටඅටකෝටි අසූහත් ලක්ෂ හැටදෙදහස් එකසියයක (රු. 688,762,100) මුදල පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකර ගැනීම සඳහා අදාළ පියවර ගත යුතුය.

අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන කොටස් සහ ස්කන්ධ කොටස් ආඥාපනතට අනුව වරදකරුවන් වන බැවින් ඔවුන්ට අදාළ නීතිමය පියවර ගත යුතුය.

(19) මහේන්ද්‍රන් මහතා විසින් සිදු කරන ලද වරද අල්ලස් පනතේ ‘දූෂණය’ ලෙස හැඳින්විය හැකි අතර ඔහුට ඊට අදාළව සහ අදාළ අනෙකුත් නීති යටතේ නඩු පැවරීමට කටයුතු කළ යුතුය.

(21) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම EPF සහ තවත් රාජ්‍ය ආයතනවලට බැඳුම්කර අලෙවිය මගින් රුපියල් අටසිය පනස් දෙකෝටි අනූනවලක්ෂ හැට හතරදහස් හාරසිය අනූ පහයි ශත හැට එකක් (රු. 8,529,964,495.61) උපයාගෙන ඇත. ඒ අභ්‍යන්තර තොරතුරු මගින් සහ වෙළඳපොළ කෘත්‍රීම ලෙස ඉහළ නැංවීම මගිනි.

මෙම මුදල් මහේත‍්‍රාත් අධිකරණයක ලඝු නඩු විභාගයකින් පසු දඩයක් ලෙස අයකර ගත යුතුය.

(24) පර්පෙචුවල් සමාගමට අනුබද්ධ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝෂියේට්ස් සමාගම විසින් ප‍්‍රතිලාභ ලැබූ එවකට මුදල් අමාත්‍ය රවි කරුණායක මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂම විසින් නීතිමය පියවර ගත යුතුය.

(25) ඔහු විසින් කොමිසම වෙත වැරදි තොරතුරු ලබාදීම පිළිබඳව ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සහ අනෙකුත් නීති යටතේ නඩු පැවරිය යුතුය.

(26) මෙම වැරදි සහගත ක්‍රියාව පිළිබඳ තොරතුරු සැඟවීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දුරකථන පටිගතවීම් මකා දැමීමට ගන්නා ලද උත්සාහය හේතුවෙන් අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන දණ්ඩ නීති සංග‍්‍රහයේ අපරාධ වරදක් සිදු කොට ඇති බැවින් ඒ පිළිබඳව නීතිපතිවරයා සහ අනෙකුත් ආයතනයන් විසින් අදාළ පියවර ගැනීමට නිර්දේශ කරමු.

(27) කසුන් පලිසේන විසින් කොමිසම හමුවේ තබන ලද දුරකථන ඇමතුම් පටිගත වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය ඒවා බැවින් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පැවරිය යුතුය.

(28) පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේද එහි ප‍්‍රතිලාභී හිමිකරුවන් වන අර්ජුන් ඇලෝසිස් සහ ජෙෆ්රි ඇලෝසියස්ගේද එහි දෛනික ක්‍රියාවලිය පාලනය කළා වූ අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන වැන්නවුන්ගේද වත්කම්, සමාගම නමින් මහ බැංකුවෙන් ලැබීමට ඇති සියලු මුදල් එයට අයත් වෙනත් බැංකුවල ඇති මුදල්, ජාතික සංවර්ධන බැංකුවේ පර්පෙචුවල් සමාගම සතු කොටස්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් විසින් මිලියන 641,556ක මුදලට අදාළව එහි ප‍්‍රතිලාභී හිමිකරුවන්ට ගෙවන ලද ලාභාංශ අත්හිටු විය යුතු අතර ඒවා ඉවත් කිරීමට ඉඩ නොදිය යුතුය.

(29) මෙම කොමිසමට අදාළව සිදුවූ වියදම් පර්පෙචුවල් ට්‍රෙරෂරිස් සමාගමෙන් අයකර ගැනීමට නිර්දේශ කරමු.

(30) මෙම සිදුවීමේ බරපතළකම සලකා මෙමගින් අපේ ආර්ථිකයට, ජාතියට සිදුවූ අලාභයන් අයකර ගැනීම සඳහා ඉහත මුදල් ආපසු අයකර ගැනීම වෙනුවෙන් තම ව්‍යවස්ථාදායක බලය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය පියවර ගැනීම සුදුසු යැයි අපි සිතමු.

කොළඹ මහ නගර සභාවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැමිණිලි අංක ACC/FC/2016/564 යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ගිවිසුම් ප්‍රකාරව නියමිත දිනට ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වීම මත අදාල කොන්ත්‍රාත්තුකරු විසින් නගර සභාවට ගෙවිය යුතු රුපියල් කෝටි 06කට අධික ප්‍රමාද ගාස්තු අය කරගැනීමට එම සභාව කටයුතු නොකිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුකර ඇති බව සඳහන් කරමින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

රුපියල් මිලියන 869කට ඇස්තමේන්තු කරන ලද කොළඹ නගර සභාවේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ගිවිසුම් ගත දිනට (2015.10.31) අවසන් කර භාරදීමට නොහැකිවීම මත ගිවිසුමට අනුව කොන්ත්‍රාත්තුකරු ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට රුපියල් තුන්ලක්ෂ පනස් හයදහස් එකසිය හැත්තෑ හයයි සත නවයක් (රු. 356,176.09) බැගින් පැමිණිල්ල සිදු කරන කාල සීමාව වනවිට රුපියල් කෝටි 06කට අධික මුදලක් සභාවට ගෙවිය යුතුව තිබියදී ඒ මුදල අය කර ගෙන නොමැති බව සහ එම ටෙන්ඩරය මහ නගර සභාවේ නගරාධිපතිවරයා හා සභිකයින්ගේ යෝජනා ස්ථිරත්වයක් මත සිදුවූ බවට පැමිණිල්ල මගින් දැක්වේ.

කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාද ගාස්තු අයකරගැනීමේ අවශ්‍යතාවය නගරාධිපතිට හා නාගරික මන්ත්‍රීවරුන්ට පෙන්වා දීමට නාගරික කොමසාරිස් හා අදාල නිලධාරින් නිසි පියවර ගෙන නොමැති අතර නාගරික භාණ්ඩාගාරික විසින් පෙන්වා දෙන ලද කරුණුද නගරාධිපතිවරයා හා සභිකයින්ගේ යෝජනා සම්මතයේදී සැලකිල්ලට ගෙන නොමැත.

එතරම් පාඩුවක් සිදුවෙමින් තිබියදීද මෙම ඉදිකිරීම සඳහා තවදුරටත් කල්දීම නොකළ යුතු බවට 2016.02.19 දිනැති නාහ/පාලන/නව.ගො/2016 යන ලිපියෙන් නගර සභාවේ භාණ්ඩාගාරික දක්වා ඇති කරණු කිසිදු නිලධාරියෙකු විසින් සැලකිල්ලට ගෙන නැති බව පෙනේ.

එම කල්දීම එකම කල් දීම නොවන අතර 2015.12.31 දක්වාත් 2016.01.31 දක්වාත් 2016.02.12 දක්වාත් 2016.05.18 දක්වාත් සහ පැමිණිල්ල සිදුකරන කාල සීමාව වනවිටත් ඉදිකිරීම සඳහා කල් දීම් කර ඇති අතර ඒ කල් දීම්වලට සාධාරණ හේතු නොතිබූ බවට පැමිණිල්ලෙහි දැක්වේ.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව රජයේ අමාත්‍යංශ ඇතුළු වෙනත් ආයතනවලට ඉදිකිරීම්වලදී නියමිත මූල්‍ය සීමාව රුපියල් මිලියන 500ක් වන අතර ඉන් ඉහළට බලය ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කෙරෙන ප්‍රසම්පාදන කමිටුවකටය. එබැවින් රුපියල් මිලියන 869ක් වන මෙම ඉදිකිරීම මහ නගර සභාවේම සම්මතය අනුව ඉටු කිරීමට මහ නගර සභාවට බලතල නොමැති බව පෙනේ. 1989.01.20 දිනැති ගැසට් පත්‍රයේ V කොටසේ දැක්වෙන පරිදි “සෑම කොන්ත්‍රාත්තුවක්ම ශ්‍රී ලංකාවේ නීතියට අනුකූල විය යුතුය” යනුවෙන් දක්වා තිබීම අනුව මෙහි ශ්‍රී ලංකාවේ නීතිය ලෙස සලකනු ලබන්නේ රජයේ ප්‍රසම්පාදන උපදෙස්ය. එසේ වුවත් ඒ ගැන නොසලකා මහ නගර සභාවට අසීමිත බලයක් ඇති සේ සලකා ක්‍රියා කර ඇති බව පැමිණිල්ල අනුව පෙනී යන බව දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය උක්ත ලිපිගොනුව මගින් දක්වා ඇත.

තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශනවලට අනුව මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වටිනාකම අනුව සලකනවිට සැලසුම් කිරීම, ප්‍රමාණ බිල්පත් සැකසීම, ටෙන්ඩර්කරුවන්ගේ පූර්ව සුදුසුකම් පරික්ෂා කිරීම ආදියට සති 40ක්ද, ටෙන්ඩර් ලියවිලි ඉදිරිපත් කිරීම හා තෝරා ගැනීමට සති 52ක්ද දිය යුතු අතර ඉදිකිරීම සඳහා පමණක් සති 80ක් ලබා දිය යුතුය. එහෙත් මෙහිදී එම පූර්ව ප්‍රදාන කටයුතුවලට කුමන කාලයක් තිබුනේද යන්න පැහැදිලි නැති අතර ඉදි කිරීමට දී ඇති කාලය සති 28කි. මෙය අසාමාන්‍ය තත්වයක් වන අතර කඩිනමින් ඉදිකිරීමට මිළ ගණන් ඉදිරිපත් කිරීමේදී අධික රේට් මත ටෙන්ඩර් ඉදිරිපත් වන නිසා ඒ අනුව අධික පිරිවැයක් දැරීමට සිදුවේ. එක් අතකින් කෙටි කාල සීමාවකදී නිම කිරීමට වැඩි රේට් මත කොන්ත්‍රාත්තුව භාරගනිමින්ද අනෙක් අතට එම කෙටි කාල සීමාව ඉක්මවා ගොස් සාමාන්‍යයෙන් ගත වන කාලයටත් වඩා වැඩි කාලයක් ගනිමින්ද ක්‍රියා කර ඇති නිසා නගර සභාවට විශාල පාඩුවක් සිදු කර ඇති බවත් කොළඹ මහ නගර සභාව මෙම වංචාවට හසුවී ඇති බවත් එසේම ඒ සඳහා ඉඩ සැලැස්වීමෙන් නගර සභාවේ නගරාධිපති හා අනෙකුත් මන්ත්‍රීවරුන්ද මෙම වංචාවට හවුල් වී ඇති බවත් පැමිණිල්ල සම්බන්ධ මූලික විමර්ශනවලදී දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය නිරීක්ෂණය කර තිබේ.

මෙමගින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති, සභිකයින් හා නිලදාරින් විසින් සිදුකර ඇති වංචා පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා සහ යම් අයථා මුදල් ඉපයීමක් හෝ මූල්‍ය විශුද්ධිකරණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකිරීමට මෙම පැමිණිල්ල දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත 2016.12.26 වන දින යොමු කර තිබුනද මේ දක්වා සිදු කර ඇති විමර්ශනවල ප්‍රගතිය වාර්තා නොවේ.

ලංකා ටෘත්

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි මස 08 දින පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව සිටි කේ. ශ්‍රී පවන් මහතා ඉදිරියේ 2015 ජනවාරි 09 දින සවස් යාමයේ නිදහස් චතුරශ්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන ලදී.

ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් අවස්ථාවේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අවස්ථා 1 හෝ 2ක් නොව බොහොමයකි. ඒ සියලු අවස්ථාවන් වලදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය කිසිත් සිදු නොවුණා ලෙස සිය කටයුතු කරගෙන යාම ජනතාව උපේක්ෂාවෙන් බලා සිටියේ ය.

2015 ජනවාරි 09 දින ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී ඉතා සුළු මොහොතකින් එවකටත් පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් අගමැතිව සිටි දි.මු. ජයරත්න අගමැති ධුරයෙන් ඉවත් කිරීමක් හෝ නොකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42ක ගේ කැමැත්ත තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කර ගත්තේ ය.

ඒ ආකාරයට තමන්ට අභිමත සහ අධිපති පාලන ක්‍රමයක් ආරම්භ කළ ජනාධිපතිවරයා එවකටත් වලංගුව ක්‍රියාත්මකව තිබූ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්  බලාත්මකව වූ 41අ.(1) ව්‍යවස්ථාව අනුව පිහිටුවා තිබූ “පාර්ලිමේන්තු සභාවේ” නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු පත් කර සිටි අගවිනිසුරු මොහාන් පීරීස් මහතා අගවිනිසුරු ධුරයෙන් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයෙන්ද නෙරපා හරිනු ලැබීය. ඉන්පසු “පාර්ලිමේන්තු සභාවේ”නිරීක්ෂණ ලබා ගැනීමක් පවා සිදු නොකර 2015 ජනවාරි 09 දින සවස් යාමයේ නිදහස් චතුරශ්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් ලබා ගත් කේ. ශ්‍රී පවන් මහතාව අගවිනිසුරුලෙස2015 ජනවාරි 30 දින 44වන අගවිනිසුරු ලෙස තමන් ඉදිරියේ දිව්රුම් දීමට සළස්වන ලදී.

ඒ ආකාරයට සිය පාලනය ආරම්භ කළ ජනාධිපතිවරයා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසංශෝධනයෙන් අමාත්‍යවරු සංඛ්‍යාව 30කට සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40කට සීමා කිරීමට හදුන්වාදුන් විධිවිධානය මගහැර යාම සදහා එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාවේ දැක්වෙන “ජාතික ආණ්ඩුව” නම් ව්‍යුහය තනා ගත්තේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කර ගනිමින් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ තනි සහ අනන්‍ය අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට මිස කථානායකවරයාට නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව මෙසේ ය…..*

  1. (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම පිළිබඳ යම් ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීම සඳහා තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේ ය. ඒ අනුව වෙනත් යම් අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක හෝ යුක්තිය පසිඳලීම සඳහා හෝ අධිකරණ කාර්ය නැතහොත් අර්ධ අධිකරණ කාර්ය ඉටු කිරීම සඳහා හෝ නීතියෙන් බලය පැවරී ඇති වෙනත් යම් ආයතනයක හෝ නඩු කටයුත වලදීඑවැනි යම් ප්‍රශ්නයක් උද්ගත වුවහොත් ඒ ප්‍රශ්නය තීරණය කිරීම සඳහා නොපමාව ශ්‍රේෂ්ඨාධිකරණයවෙත යොමු කළ යුත්තේ ය. ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණයක් කරන තෙක් වැඩිදුර නඩු කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයවිසින් විධාන කළ හැක්කේ ය.

 

(2) යොමු කරනු ලැබූ දින සිට මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයවිසින් එම ප්‍රශ්නය තීරණය කොට අවස්ථානුකූලව අවශ්‍ය විය හැකි යම් ආනුෂංගික ආඥා ද කළ යුත්තේ ය.*

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අමාත්‍යවරු සංඛ්‍යාව 30කට සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40කට සීමා කිරීමට හදුන්වාදුන් විධිවිධානය මගහැර යාම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ දැක්වෙන “ජාතික ආණ්ඩුව” යන්න කථානායකවරයා මගින් අර්ථනිරූපණය කරගෙන් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව සීමාකරන විධිවිධානය මගහැර ගියේ ය.

එකී ජාතික ආණ්ඩුව පිහිටුවා දින කීපයක් ඇතුළත එහි නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධව මෙම ලිපියේ කර්තෘ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා සහන අයද සිටියද, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද වලට මුවා වී ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුපත්කර ගෙන තීබීමෙන් එකී නඩු සාර්ථක කර ගැනීමට නොහැකි විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ දැක්වෙන “ජාතික ආණ්ඩුව” යන්න කථානායකවරයා මගින් අර්ථනිරූපණය කර ගන්නවා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129.1 ව්‍යවස්ථාව අනුව “ජාතික ආණ්ඩුව” යන්න කුමක්ද යන්න පිළිබද අර්ථනිරූපණයකට ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා ක්‍රියා කරනු නො ලැබීය.

අමාත්‍යවරු සංඛ්‍යාව 30කට සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40කට සීමා කිරීමට ඇති විධිවිධානය මගහැරයාමට අවශ්‍යව තිබූ හෙයින් “ජාතික ආණ්ඩුව” යන්න සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129.1 ව්‍යවස්ථාව අනුව අර්ථනිරූපණයකට ශ්‍රේෂ්ඨාධිකරණයට නොපැමිණි ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය වසර 06ක්ද යන්න තීරණය කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129.1 ව්‍යවස්ථාව අනුව අර්ථනිරූපණයකට/ මතය විමසීමකට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ ය.

තමන් 2015 ජනවාරි 09 දින පැවති නීතිය අනුව ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ලද හෙයින් එදින සිට වසර 06ක කාලයක් ජනාධිපති ධුරයේ දැරීමට යම් නො හැකියාවක් තිබේද? යන්න ඉන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබුණි.

නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කිරීම….

2015 ජනවාරි 09 දින පැවති නීතිය අනුව ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ලද හෙයින් එදින සිට වසර 06ක කාලයක් ජනාධිපති ධුරයේ දැරීමට යම් නො හැකියාවක් තිබේද? යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ 2018 ජනවාරි 11 වැනි දින සමාලෝචනයට ලක් කළ අතර ඒ අවස්ථාවේ නීතිපතිවරයාගේ තර්කය වූයේ 2015 ජනවාරි 09 දින පැවති නීතිය අනුව සහ ජනවරම අනුව ජනාධිපතිවරයාගේ  ධුර කාලය 2015 ජනවාරි 09 දින සිට ඉදිරියට වසර 06ක් බවයි….

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුත්තේ ය. ජනාධිපතිවරයා සාවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”**

ජනාධිපතිවරයාගේ ධුරකාලය 2015 ජනවාරි 09 දින සිට ඉදිරියට වසර 06ක් බවට නීතිපතිවරයාගේ ස්ථාවරය සමග බරපතල “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක්”හටගෙන තිබුණි. එකී ඉල්ලීමෙන් නීතිපතිවරයා ඉල්ලා සිටින ලද්දේ 2015 මැයි 15 වැනිදිනකථානායකවරයා විසින් සහතිකකරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ විධිවිධාන නොතකා සිටීමට ජනාධිපතිවරයාට හැකි බවත් වසර 06ක් ධුර දැරීමට ජනවරමක් ඇති බවත් ය.

එනම් 2015 මැයි 15 වැනිදින කථානායකවරයා විසින් සහතික කරනලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ 3 වැනි වගන්තිය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පෙර පැවති 30.2 ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති;

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”

යන විධිවිධානය 2015 ජනවාරි 09 දින දිව්රුම්දුන් ජනාධිපතිවරයාට අදාල නොවන බව නීතිපතිවරයාගේ  ස්ථාවරය විය.

2015 මැයි 15 වැනිදිනකථානායකවරයාවිසින්සහතිකකරනලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ ජනාධිපතිවරයාගේ ධුරයට අදාල 3 වැනිවගන්තිය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත 30.2 ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට අදාල නොවන්නේ නම් සම්පූර්ණ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ම ජනාධිපතිවරයාට අදාල වන්නේ කෙසේද? යන ව්‍යවස්ථා අර්බුදය නීතිපතිවරයා විසින් ඇතිකරනු ලැබීය. ඒ අවස්ථවේ ජනතාවට සිහි වූයේ “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව” යන්න ය.

නීතිපතිවරයාගේ එකී ස්ථාවරය සමග 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධුර කාලයට අදාල අවුරුදු 05 සීමාව 2015 ජනවාරි 09 දින දිව්රුම් දුන් ජනාධිපතිවරයාට අදාල නොවන්නේ නම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ජනාධිපතිවරයාට අදාල වෙනත් විධිවිධාන 2015 ජනවාරි 09 දින දිව්රුම් දුන් ජනාධිපතිවරයාට අදාල වන්නේ කෙසේද? යන්න ජනතාවට විසදා ගත ප්‍රශ්නවිය.

එනම්.

  1. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිවයුතුය යන්න;
  2. ජනාධිපතිවරයාට වසර 4 ½ක් යන තුරු පාර්ලිමේන්තුව විසිරුවිය නොහැකි බව;
  3. ජනාධිපතිවරයාගේබලතල, කාර්යසහකර්තව්‍ය සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ දැක්වෙන

 

  1. අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකගත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කිරීම;

 

  1. ස්වාධීන කොමිෂන් සභාවලට සභාපතිවරු සහ සාමාජිකයන් පත් කිරීම

උදා….

 

අ) මැතිවරණ කොමිෂන් සභාව

(ආ) රාජ්‍ය සේවා කොමිෂන් සභාව

(ඇ) ජාතික පොලිස් කොමිෂන් සභාව

(ඈ) විගණන සේවා කොමිෂන් සභාව

(ඉ) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

(ඊ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව

(උ) මුදල් කොමිෂන් සභාව

(ඌ) සීමා නිර්ණය කොමිෂන් සභාව

(එ) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව.

 

  1. පහත ධුර සදහා පත් කිරීම

 

(අ) අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්

(ආ) අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්

(ඇ) අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්.

(ඈ) නීතිපතිවරයා

(ඉ) විගණකාධිපතිවරයා

(ඊ) පොලිස්පතිවරයා

(උ) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්)

(ඌ) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා.

 

  1. ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීම

 

  1. ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරනලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ 7 වැනිවගන්තියමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව ඉවත් කරමින් ආදේශකර ඇති ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති “ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය” යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය වලංගු නොවේ.

මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති නීතිමය තත්ත්වය නම් එවැනි ආකාරයේ ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ නඩු පැවරීමක් (මූලික අයිතිවාසිකම් නඩු) සදහා ජනතාවට අයිතිය පිරිනමා නොතිබූ හෙයින් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ නොහැකියාවක් හටගෙන ඇත.

ඉහත කාරණා සම්බන්ධව සැළකීමේ දී ජනාධිපති ධුරය සදහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අදාල නොවී ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු අනෙක් ක්‍රියා වලංගු වීමට ඇති නීතිමය තත්ත්වය පටලවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් බවට පත්වේ.

මෙවැනි අර්බුද අවස්ථාවක් වළක්වන ඉතා වැදගත් නීතිමය ප්‍රතිපාදනයක් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ සැක දුරුකිරීම සදහා දක්වා ඇති බව නීතිපතිවරයාගේ අවධානයෙන් ගිලිහී තිබුණි. එනම් 49.1.ආ වගන්තිය වන සැක දුරුකිරීම දක්වා ඇති වගන්තියයි.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ දක්වා ඇති 49.1.ආ වගන්තිය මෙසේ ය.

“2015 අප්‍රේල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේ ය”

ඇතිවන්නට ගිය ව්‍යවස්ථා අර්බුදයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැළක්වීම

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ තර්ක පිළිනොගෙන 2015 ජනවාරි 09 දින දිව්රුම් දුන් ජනාධිපතිවරයාට පවා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ ජනාධිපති ධුර කාලයට අදාල වසර 05 සීමාව අදාල බවට සිය අධිකරණ මතය ජනාධිපතිවරයාට දක්වා ඇත.

නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ධුර කාලයට පමණක් ලඝු වී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනත විග්‍රහ කිරීමට ගොස් සිදු කරන්නට ගිය බලවත් දෝෂයක්, ව්‍යවස්ථා අර්බුදයක්ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් වළක්වනු ලැබුයේ ඒ ආකාරයටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති බවයි. එකී ජනතාව සතු පරමාධිපත්‍යය අංග වන ජනතාවගේ විධායක බලය, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය සහ ජනතාවගේ අධිකරණ බලය භාරයක් විලස පිළිවෙලින් ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ විසිනුත් ක්‍රියාත්මක කරන බව ජනතාව නිරන්තරයෙන් සිහි කිරීම ඒ අනුව වැදගත් ය.

මෙවැනිම  ව්‍යවස්ථා අර්බුදයක් එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියක් අතර ඇති වන්නට ගිය අවස්ථාවේ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයද තීරණාත්මක නඩු තීන්දුවක් ජෝන් මාර්ෂල් අගවිනිසුරුවරයා Marbury vMadison, 5 U.S. (1 Cranch) 137 (1803) ලබා දෙමින් එකී ව්‍යවස්ථා අර්බුදය වළක්වනු ලැබීය. එකී නඩුව සම්බන්ධව සිංහල භාෂාවෙන් පුළුල් විග්‍රහයක් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන හෙයින් ඒ සම්බන්ධව මෙහි විස්තර කර නැති බව සළකන්න.

වැඩි විස්තර දැනගැනීම සදහා කියවන්න

20,21ද ජනාධිපතිට ලැබෙන තින්දුව සහ රටේ ජනතාව… “වැටත් නියරත් ගොයම් කානම් කාට කියනුද ඒ අමාරුව

http://198.211.112.164/archives/17161

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)

2018.01.15

Published on: Jan 16, 2018 –  පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙ අදහස කෙලින්ම විමසිමට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් එකගතාවකට පැමිණ ඇති බවත් එම විමසිම කිරිමට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාර කිරිමට තින්දුවක් ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

යහ පාලන ආණ්ඩුව අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ජ්‍යෙෂ්ඨයන් එක්ව කල සාකච්ඡාවකදි මෙම තින්දුව ගෙන ඇති අතර එම විමසිමට ලැබෙන පිළිතුර අනුව වහාම ක්‍රියාමාර්ග ගැනිමට එජාපය සුදානම් බවයි වාර්තා වන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග සංහිඳියාවෙන් යුතුව තවදුරටත් ඉදිරියට යනවා ද නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තනි ගමනක් යනවා ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණයෙන් පසුව තීරණය කළ යුතු බවය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව එම තින්දුව ගැනිම පහසු වනු ඇති බව පෙන්වා දි ඇති එජාප නායකයා මෙම මැතිවරණයෙන් එජාප ඡන්ද ප්‍රතිශතය සියයට 35%කට ආසන්න සංඛ්‍යාවක් දක්වා රැගෙන යැමට හැකි බවත් එම ප්‍රතිපලය අත්කර ගැනිමට හැකි වුවහොත් තනි ආණ්ඩුවක් සැදිම සම්බන්ධයෙන් පක්ෂයට දෙවරක් සිතිමට අවශ්‍ය නැති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රට අභ්‍යන්තරයේ වගේම ඇමරිකාව සහ ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරයේ සහයෝගය ද තිබෙන බවය.

Published on: Jan 16, 2018 –  මහින්දගෙ ආණ්ඩුවෙ හා මෛත්‍රිපාලගෙ ආණ්ඩුවෙ ප්‍රධාන ම වෙනස ඇමතිවරුන්ට ඇති නිදහස පිළිබඳ ව තියෙන්නෙ. මේ දෙදෙනා ම රනිල් වගේ නොවෙයි මහජන මතයට තරමක් හරි ඇහුම්කන් දෙනවා. ඒකත් ශ්‍රී ල නි ප හා එ ජා ප අතර ඇති එක් වෙනසක්. එ ජා පක්‍ෂය බටහිර ඊනියා ජාත්‍යන්තරවාදී සංස්ථාපනයේ පක්‍ෂය. ඔවුන් මූලික ව හිතන්නේ මහජනයා ඔවුන් කියන ආකාරයට වැඩ කළ යුතුය කියා. එසේ වැඩ කරන විශාල පිරිසක් රටේ සිටින බවත් අමතක කරන්න එපා. ළඟ එන පළාත් පාලන මැතිරණයෙනුත් එය තහවුරු වේවි. එහෙත් ශ්‍රී ල නි ප මහජන මතය අනුව තම අදහස් යම් දුරකට හරි වෙනස් කර ගන්න සූදානම්.

මහින්දගෙ ආණ්ඩුවෙ ඇමතිවරුන්ට නිදහසක් තිබුණෙ නැහැ. ඒ කියන්නෙ ඔවුන්ට හොර කමක් දෙකක් කර ගන්න නිදහස තිබුණෙ නැහැ කියන එක නොවෙයි. තමන්ගෙ අමාත්‍යාංශවල වැඩක් කිරීමට නිදහසක් තිබුණෙ නැහැ කියන එක. ඇමතිවරු කිසිම දෙයක් ජනාධිපතිට නොදන්වා කරන්න ගියේ නැහැ. මෛත්‍රිපාලගෙ ආණ්ඩුවෙ ජනාධිපතිට නිදහසක් නැහැ. ඇමතිවරුන් තම තමන්ට ඕන ඕන විධියට වැඩ කරනවා. හොරකනුත් කරනවා. මෛත්‍රිපාල ඇමතිවරුන් කියන කරන දේ දන්නේ නැහැ. ඔහු බොහෝ දේ දැන ගන්නේ ජනමාධ්‍යයෙන් ය කියන එක මුසාවක් වන්න බැහැ. එ ජා ප ඇමතිවරුන් ඔහුට බොහෝ දේ නොකියා ක්‍රියාත්මක කරනවා.

මංගල උදේ සිට රැ වන තුරු තැබෑරුම් ඇරීමටත් ගැහැණුන්ට බීර අරක්කු පෙවීමටත් ගෙන ඇති තීරණය මෛත්‍රිපාල දැන ගෙන තියෙන්නෙ ගුවන් විදුලියෙන්. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඔය ඉන්න උපදේශකයොවත් ඔහුට ඒ බව කියන්නෙ නැත් ද? උපදේශකයො කරන්නෙ අවුරුදු පහ ද හය ද කියලා අධිකරණයෙන් මතය විමසන්නට ලණු දෙන එක ද? ඊළඟ මැතිවරණය තියන්න වෙන්නෙ කාගෙ ජනාධිපතිත්වය යටතේ ද? රනිල් ජනාධිපති වෙන එක වළක්වන්නෙ කොහොම ද?

මෛත්‍රිපාල මංගලගෙ ගැසට්ටුව අවලංගු කරන්න යනවා. ඒත් මෛත්‍රිපාලට ඒක කරන්න පුළුවන් ද? මා මේ කාරණය කියන්නෙ මට වඩා දේශපාලනය දන්න ඇතැම් ජාතිකවාදීන් වගේ මෛත්‍රිපාලගේ කොන්ද ගැන කියන්න නො වෙයි. අද මේ රට වැටී තියෙන දුක්ඛදායක තත්වය ගැන කියන්නයි. හොඳට හරි නරකට හරි මේ ඊනියා ජාතික ආණ්ඩුවෙ සිංහල බෞද්ධකම නියෝජනය කරන්නෙ මෛත්‍රිපාල. ඊනියා ජාත්‍යන්තර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය නියෝජනය කරන්නෙ රනිල් මංගල වගේ අය.

මෙය ඊනියා සම්මුතිවාදී ආණ්ඩුවක් වන්නේත් මේ සංස්කෘතික ප්‍රවාහ දෙක අතර නොගැලපෙන දීගයක් බටහිර හා ඉන්දීය සම්මුතියෙන් ඇති කර තිබෙන නිසා. මේ දීගයේ වඩා බලවත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදයේ ආධිපත්‍යය. මෛත්‍රිපාලගෙ කොන්දට වඩා වැදගත් වන්නෙ මේ ප්‍රශ්නය බව නන්දිකඩාල් ජාතිකවාදීන් අමතක කරනවා. කොහොමටත් ඒ ජාතිකවාදීන් අපට වඩා දේශපාලනය දන්නවා. ඔවුන් ප්‍රශ්න කොන්දට හා ආප්පවලට ලඝු කරන්නෙ ඒ නිසා.

මෛත්‍රිපාලට මංගලගෙ ගැසට්ටුව අවලංගු කරන්න පුළුවන් ද? මේ අවලංගු කතාව බොරු ඡන්ද කතාවක් නො වෙයි. මෛත්‍රිපාල මහජන මතයට කන් දීමක්. බීර මිළ අඩු කරන්න මංගල අයවැයෙන් යෝජනා කරපු එක මෛත්‍රිපාල අවලංගු කළා. එහෙත් එය අවලංගු වුණා ද? මේ අවලංගු කතාවලින් අන්තිමට අවලංගු වන්නෙ මෛත්‍රිපාල කියලා කවුරු හරි හිතනවා නම්, ඒ ගැන සතුටු වෙනවා නම් ඒක වැරදියි. මේ කතාවලින් මහින්දත් අවලංගු වෙනවා. මේ කතාවලින් අවලංගු වන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය. ඒත් නන්දිකඩාල් ජාතිකවාදීන් අපට වඩා දේශපාලනය දන්නවා.

අද වන විට රනිල් ඉවත් කළ යුතුය යන මතය සමාජයට ගිහින්. ඒකට අවුරුදු තුනක් පමණ කාලයක් ගියා. බටහිරයනුත් ඉන්දියාවත් ඒ සමාජගත වීම දන්නවා. මෛත්‍රිපාලත් ජනමතයට කන් දීමට සූදානම්. එහෙත් ඔහුට ඇතැම් රාජපක්‍ෂලාගෙන් අවශ්‍ය සහාය ලැබෙන්නේ නැහැ. ඒ රාජපක්‍ෂලා සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තෙන් හිතන්නෙ නැහැ. ඔවුන්ට පෞද්ගලික කෝන්තර වඩා වැදගත්. මේ සියල්ල මැද අද චන්ද්‍රිකා හා බටහිරයන් ඉන්දියාවත් සමග එකතු වී මංගල අගමැති කරන්න හදනවා.

මංගල කියන්නෙ බුදු පිළිම වහන්සේ නමකගෙ බෙල්ල ළඟින් අල්ලපු මිනිහා. බීර මිල අඩු කරපු මිනිහා. තැබෑරුම් උදේ සිට රෑ වන තුරු අරින්න හදන ගැහැණුන්ට බීර අරක්කු බොන්න පුරුදු කරන්න සූදානම් මිනිහා. ඔහු සිංහල බෞද්ධ විරෝධියෙක්. රනිල් මංගලත් එක්ක එකතු වෙලා සමලිංගික පනත ගේන්න හදනවා. ඇතැමුනට මා ළිං මැඩියකු වෙන්න පුළුවන්, නූතනත්ව විරෝධියෙක් වෙන්න පුළුවන්. ඒත් මා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධයි. මෙරට ඇතැම් ජාතිකවාදීන් ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යටවෙලා.

මෛත්‍රිපාල මංගල අගමැති කළොත් තවත් අවලංගු වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය එමගින් තවත් යටපත් කරනවා. දහනවවැනි සංශෝධනය රාජපක්‍ෂලාට පමණක් නොවෙයි මෛත්‍රිපාලටත් විරුද්ධව ගෙනා එකක්. ඒත් මෛත්‍රිපාලගෙ අයත් මහින්දගෙ අයත් එයට පක්‍ෂව ඡන්දය දුන්නා. සරත් වීරසේකර පමණයි එයට විරුද්ධ වුණේ. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ සංශෝධනය සිංහල බෞද්ධ සංස්කෘතිය අඩපණ කර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය තහවුරු කළ එකක් බව අදවත් මෛත්‍රිපාල තේරුම් ගන්නවා ද? මහින්ද තේරුම් ගන්නවා ද? රනිල් ජනාධිපති වුණොත් ධුර කාලය අවුරුදු කීයකට සීමා වෙයි ද? දහනවවැනි සංශෝධනයෙ 49 1 ඇ වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ද?

ඒ වගන්තියට අනුව 2015 අප්‍රේල් මස අගමැති හා ජනාධිපති ධුර දැරූ අයට ද දහනවවැනි වැනි ව්‍යවස්ථා සංශෝධනය වලංගු වෙනවා. මෙහි අගමැති යන වචනය වැඩකට නැති එකක්. එය එක්තරා ආකාරයකින් නොමග යැවීමක්. මෙහි ජනාධිපති ධුර කාලය වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමතවිචාරණයකින් සම්මත විය යුතු විය යුතුව තිබූ එහෙත් ජනමතවිචාරණයක් නැතිව සම්මත කළ සංශෝධන ඇත් ද? දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සම්මත වුණේ කෙසේ ද? මේ ඊනියා ජාතික ආණ්ඩුව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ ද?

මා මේ සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ සංස්කෘතියට පටහැණි ද කියන ප්‍රශ්නය මතු කිරීමට. මෙරට ක්‍රියාත්මක වන යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය මතක් කිරීමට. මංගල අගමැති කර රනිල් තාවකාලිකව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට සංස්ථාපනය උත්සාහ දරාවි. එහෙත් පසුව රනිල් ජනාධිපති ධුරයට ගෙනේවි. එය වැළැක්විය හැක්කේ මෛත්‍රිපාලට පමණයි. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තිය ලබා දීමට මහින්ද සූදානම් ද? එහෙම නැත්නම් දෙදෙනා ම අවලංගු වෙනවා ද?

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-15

පළාත් පාලන මැතිවරණ අවසන් වු වහාම සිදුකරන අමාත්‍ය සංශෝධනයේදි වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතාගේ මුදල් අමාත්‍යධුරය ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තිරණය කර තිබේන බව එජාප ජ්‍යෙෂ්ඨයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය ඉන්දියාවෙ සිටි මංගල ඇමතිවරයාට කෙලින්ම ප්‍රකාශ කර ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන්ද විමසා තිබේ.

පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මංගලගේ ගැසට් පත්‍රස සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර එම කරුණු දැක්විමද නොතකා ජනාධිපතිවරයා මංගලගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බැණවැදි ඇති අතර “මැතිවරණයෙන් පසුව සිදුකරන අමාත්‍ය සංශෝධනයේදි මංගලගේ මුදල් අමාත්‍යංශ ඉවත් කරන බවද සදහන් කර තිබේ.”

මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ මංගලගේ මුදල් අමාත්‍යංශය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුට පවරා දිමට සුදානමක් ඇති බවයි.

මේ අතර කලුතර අගලවත්තේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන ලෙස මුදල් ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට නියෝග කරන බව ප්‍රසිද්ධියේ කියා සිටියා.

මේ අතර බැඳුම්කර වංචාව හේතුවෙන් රජයට අහිමි කළ මුදල පියවා ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් මෙන්ඩිස් සමාගම පවරා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු සුදානම් කර තිබේ බවද වාර්තා වේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව අදාල බැඳුම්කර නිකුතුව හරහා රජයට රුපියල් මිලියන 11,145 ක පාඩුවක් සිදුව ඇති අතර එය අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අයකර ගත යුතු බව කොමිසම විසින් නිර්දේශ කර තිබේ.

මෙන්ඩිස් සමාගම යනු මෙරට අංක එකේ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන අතර එය අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ව්‍යාපාර අතුරින් ප්‍රධානතම ව්‍යාපාරයකි.

බෝගහගොඩ ඩී.එස්.අයි. (DSI)කම්හලෙන් සිදුව පාරිසරික හානි සම්බන්ධව පාසල් දරුවන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ කටයුතුවල යෙදුණු පිරිසකට පසුගිය (12) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

බෝගහගොඩ දොරපෙ මහ විදුහලට යාබදව පිහිටුවා ඇති මේ රබර් නිෂ්පාදන කම්හල නිසා ගම්වාසින්ට හා විශේෂයෙන් පාසල් දරුවන්ට දැඩි සෞඛ්‍ය හානි ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශවාසින් විසින් කම්හල් බලධාරින්ට සහ දේශපාලන බලධාරින්ට කළ ආයාචනා කිසිවක් ප්‍රතිපලදායක වී නැත. පාසල් භූමියට යාබදව කම්හලින් නිකුත්වන විෂ දුම් නිසා පාසල් දරුවන් ක්ලාන්තව ඇද වැටෙන බවද කාලයක් තිස්සේ ගම්වාසින් ශ්වසන ආබාධවලට ගොදුරුවන බවද ප්‍රෙද්ශවාසිහු චෝදනා කරති. මේ තත්වය ඇතිවන්නට හේතුව ජනාවාසයක පිහිටුවා ඇති රබර් නිෂ්පාදන කම්හල බවට කිසිදු සැකයක් නැති අතර මෙම කම්හලට පරිසර බලපත්‍රයක්ද නොමැතිබව පාරිසරික සංවිධාන පවසති.

කාලයක් තිස්සේ සිදුවන පාරිසරික හානිය නිසා ප්‍රෙද්ශයේ ජල මූලාශ්‍ර භාවිතයට ගැනීමට නොහැකිව ඇති අතර ගම්වාසින්ගේ විරෝධය මැඩපවත්වන්නට කම්හල් හිමිකරුවන් විසින් විවිධ අල්ලස් දීමෙන් පක්ෂපාති පිරිසක් බිහිකරගෙන ඇත. එහෙත් තම ජීවිතවලට මෙන්ම දරුවන්ට බලපාන දීර්ඝ හනි නිසා ප්‍රෙද්ශවාසීන් බහුතරයක් කම්හල ඉවත්කරන ලෙසට ඉල්ලීම් කරන නමුත් එය ඉටුකරන්නට බලධාරින් පියවර ගෙන නැත. ඒ වෙනුවට විරෝධය දක්වනවුන්ට හිරිහැර කිරීම දිගින් දිගටම සිදු වේ. මින් පෙර මෙවැනි විරෝධතාවක් අවසන එම විරෝධතාවයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකුගේ ගෙවත්තට පුපුරන ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගැනීම දක්වා යන ආකාරයෙන් කම්හල් හිමිකරුවන් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර තිබිණි.

පසුව පසුගිය 12 වැනිදා පාසල් දරුවන් සහ ගුරුවරු දැනුවත් කරන්නට කටයුතු කළ පිරිසට මැර කන්ඩායමක් පැමිණ පහරදීම නිසා කිහිප දෙනකු තුවාල ලබා ඇති අතර එක් අයකු රෝහල්ගතකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භකර පසුව එජාපය සමග එක්වු එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමතිවරයකු හෙට අනිද්දාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේම මැදිහත්වීම මත මේ ප්‍රබල ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු විමට සුදානම් වෙමින් සිටින අතර අදාළ එජාප ප්‍රබල ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට අනිද්දා පැවැත් වෙන ජන රැළියකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වනු ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ ප්‍රබලයෙකු මහින්ද පිළ සමග එකතු කර ගැනිම සදහා මේ දිනවල සාකච්ඡා සිදුකරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

Top